සංචාරක හා ඡායාරුප

කියුබාව ගැන කීමට ප්‍රථම – නැගෙනහිර ජර්මනියේ නිවෙස්

Off

කියුබාව ගැන ප්‍රථම ලිපියෙන් මා කීමට උත්සාහ කලේ කියුබාවේ වෙනස්වීම සඳහා පදනම වැටුනේ මින් අවුරුදු ගණනකට පෙර මිස දයාන් ජයතිලක හෝ වත්පොතේ (මෙය රසිකලොජි ගෙන් උපුටා ගත් වචනයකි, ෆේස්බුක් යන්න මින් අදහස් වේ.) තිබූ කළු ඇමෙරිකානු ජනපති කෙනකු හා ලතින් ඇමෙරිකානු පාප් තුමෙකු හිටියාට නොවන බවයි. වෙරෝනාහි දී හමුවූ යහළුවෙකු කිවේ කැස්ත්‍රෝ දැන් රාජකීය දෛවඥයා කර ඇති බවයි.
රාවුල් කස්ත්‍රෝ වසරකට පමණ පෙර සිට කියුබානුවන්ට තමන්ගේ නිවෙස් මිලට ගැනීමට, විකිණිමට, බදු දීමට මෙන්ම කුලියට දීමටද අවස්ථාව උදා කර දුනි. මින් උදම් වැටුණු එක්තරා බීබීසී (සිංහල අංශය නොවේ.) වාර්තාකාරයෙකු ලීවේ කියුබාව ප්‍රාග්ධනය එකතු කිරීමට ඉඩදී ධනවාදයේ අඩිතාලම දමා ඇති බවයි. මේ අතර මගේ තවත් මිතුරෙකු මම “සමාජවාදී ගම ” ගැන ලීයූ ලිපිය ගැන විමසමින් නැගෙනහිර ජර්මනියේ එවැනි නිවෙස් තිබුනා දැයි විමසීය. බොහෝ අය සිතා සිටින්නේ නැගෙනහිර ජර්මනිය සමාජවාදය යටතේ ෆ්ලැට් හෙවත් තට්ටු නිවාස සමුහයක් පමණක් තිබූ රටක් ලෙසය. මෙය යම් පමණකට සත්‍ය මුත් එම තට්ටු නිවාස බොහොමයක් ඇත්තේ නගර බදවය. ඒවා සමාජවාදී හෝ ධනවාදී ඕනෑම රටක ඇත.

පහත පින්තුර බෙන්ස්හවුසන් නමැති තුරින්ගියා ප්‍රදේශය ඇති ගමක නිවාසය. දැන් ජර්මනියේ වුවත් වසර 25 කට කලින් මෙය නැගෙනහිර ජර්මන් ගමකි. මේ නිවෙස් අලුතින් තීන්ත ගා පිළිසකර කර තිබෙන මුත් (ජර්මන්වරු මෙය නිතර කරති ) සාදා තිබෙන්නේ බොහෝ කලකට පෙරය. මේවා සමාජවාදී (යයි කිවූ) නැගෙනහිර ජර්මනිය තිබූ කාලයේ සිටම පැවත එයි. සමහර නිවෙස් ඊටත් වඩා පරණය. සමාජවාදී ජර්මන් රජය ඒවා රජයට පවරා ගත්තේ නැත. ඒවායේ මුල් අයිතිකරුවන් හෝ ඔවුන්ගේ දරුවන් තවමත් මේ නිවෙස් වල ජිවත් වෙති.
මා පින්තූර රාශියක් ගත්තේ මේ බොහෝ වැසියන්ට තමන්ගේ ම නිවෙස් තිබූ බව කියන්නටය. සමාජවාදී හංගේරියාවේ, යුගෝස්ලාවියාවේ (ස්ලවේනියා – ජිජැක් , සර්බියා , බොස්නියා ආදී රටවල් ) චෝකොස්ලවේකියාවේ මේ තත්වයම පැවතුනි. අයිතිකරුවන් මියගිය හෝ සොයා ගත නොහැකි නිවෙස් රජයට පවරා ගැනුනි.
මේ අනුව කල්පනා කලයුතු වන්නේ කස්ත්‍රෝ මෙය නොකළේ මන්ද යන්න හා රවුල් කස්ත්‍රෝ තමන්ට බලය ලැබූ ගමන් මෙවන් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කලේ ඇයිද යන්නත්ය.

මෙය දෙවන ලෝක යුද්ධයට කලින් තිබු නිවසකි. (පැරණිතම නිවසක් )

http://kolambagamaya.blogspot.co.uk/2015/08/blog-post.html

 

Related Posts

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල