සාහිත්‍ය කළා විචාර

නුගේගොඩ සොමිය හා මහින්දාගමනය –අැරියැයි අපිට නොසිතෙන මහ රජාණෝ…………………….

Off

නුගේගොඩ සොමිය පට්ට ටොපික් එකක් වී ඇත. මේ ගැන එක එකා, එක එක පැත්තෙන් බලනවාය. මාතලන් මේ ගැන නොලියන්නේ මන්දැයි කියා, බොහෝ දෙනෙක් විමසා සිටිනවාය. නුගේගොඩ සොමිය ගැන බොහෝ දෙනෙක් බොහෝ දේ ලියා ඇත. සොමියට පට්ට සෙනඟක් ආවේය. ඒය බොරුවක් කියා කාටවත් කිව නොහැක. ඒ ආවේ රැලිය ඕගනයිස් කල දේශපාළණ අනාතයන් වෙනුවෙන් නොව, මහින්ද රාජපක්ෂ නම්, මාධ්‍ය විසින් ගොඩ නැගූ “බොල් පිලිමය” වෙනුවෙන්ය.

රැලියට ජනම් එක ගෙනාවේ, ඉලෙක්සොන් එකට සිලෝන් ටකරන් බස් වලින් ගෙනාපු සිස්ටොම් එකටමය. එකම වෙනස, මෙවර පැමිනියේ සිලෝට් ටකරන් බස් නොව, බස් ගැමුණුගේ බස් වීමය. අනෙක් කරුණ, බස් එකට ගෙවන්න වීමය. මේ බස් වලට ගෙවීම් හා කලින් පරිදිම බත් පැකට්, ගල් බෝතල්, සප්ලයි එක දුන්නේ, සිරි ලංකා ආන්ඩුවෙන් බාර් ලයිසන්, රෙස්ටුරන්ට්, බ්‍රොතල් හවුස්, බඩු ඉස්පොට්, ඒ සී රූම් ගෙස්ට් හවුස්, ලීගලයිස් කසිප්පු පොට්, මල් පොට් හා කුඩු ඉස්පොට් හදාගත්ත උන්ය. කුඩා පරිමානයේ කළු සල්ලි කාරයන්ය. මහ එවුන් වියදම් කරන්නේ දේශපාළණ අනාතයන් වෙනුවෙන්ය. (රවීගේ වෛර බදු, ඔවුන් ආන්ඩුව කෙරේ කලකිරීමට, හේතූ වී ඇත.)

මහින්ද රාජපක්ෂ පාළණය තුල පොන්නයන් ලෙස ජීවත්ව, ලැබෙන දෙයින් සතුටුව මේ රට විනාශ කිරීමේ කාර්යයට උපරීමයෙන් දායකත්වය දැක්වූ, ගොබ්බ දේශපාළකයන්, ලුම්පන් පන්තියේ කළු සල්ලි වලින් පිස්සු නැටූ ව්‍යාපාරිකයින්, මාධ්‍යවේදීන් මෙන්ම රට උලා කෑම. මව්බිම බේරාගැනිම ලෙස දුටු අම්බ ගොන් හරකුන්ට නැවතත් අවශ්‍ය ඇත්තේ මහින්ද රාජපක්ෂ සිංහසානයේ වඩා ඉන්දවීමය.

ඒ සඳහා. එදා මෙන්ම අදටත් මහින්ද වන්දනාවේ යන මාධ්‍යවේදින් මෙන්ම, මාධ්‍යයන්ගේද කිසිම අඩුවක් නැත. අළුත් ආන්ඩුව වෙනුවෙන් කඩේ යන උන්ද, රාජපක්ෂවරුන්ට විරුද්ධව ලියන්නට කියන්නට කොන්දක් නැතිව එහෙට මෙහෙට ඇඹරෙමින්, කක්කා නාපු පොඩි උන් මෙන් සිටින්නේය.

එහෙත්, මහින්ද ගැන, රාජපක්ෂවරුන් ගැන කතා කිරීමට කොන්දක් නැති ගොබ්බ මාධ්‍යවේදියෝ, ලැබූ නිදහසින් උපරීම ප්‍රයෝජන ගෙන, මෛත්‍රිපාල ජනපති මෙන්ම, එජාපය ප්‍රමුඛ ආන්ඩුවේ දින් 100 යේ වැඩ සටහන පුක උඩ දාගෙන විවේච්නය කරමින් සිටී. මෙතනදි අප සලකා බැලිය යුත්තේ, දින 100 යේ පොරොන්දුව දුන්නේ කව්ද යන්නය. එම පොරොන්දුව දුන්නේ මෛත්‍රිපාල සිරිසේන මිස රනිල් වික්‍රමසිංහ නොවේ.

එහෙත් අහක යන කුණු ගොඩ රනිල් බලෙන්ම ඔළුවේ තියාගෙන යන්නේ ඔහුගේ මහත්මා කම නිසාද, එහෙම නැත්නම් උපන්ගෙයි ගොන් කම නිසාද කියා හිතා ගන්නා එක, ඔහේලාට අයිති වැඩක්ය. පොරොන්දුව දුන්න උන්නැහේ, කඩා පාත් උන පිනේ මහිමෙන්, දඹදිව වන්දනාවේ යනවාය. තිරුපති යනවාය. එයා හිතන්නේ ලංකාවේ ජහ මනයාට තිබෙනා ළොකුම කේස් එක සිකැරට් පැකට් එකේ කැන්සර් පොටෝ දාන එකයි, සංසාරේදි ගේන්නේ නැති ඖෂධ පනතයි කියලාය.

කොන්දක් නැති පොන්නයන් මෙන් උන් ඇමති මණ්ඩලයක ඉටු කර ගත නොහැකිවූ කාර්යයන්, විධායක බලතල ලැබීත්, මාසයකුත් දින දහයක් ගතවීත් කර ගන්න බැරි, පර්සනැලටි ප්‍රශ්ණයක් හේතුවෙන් මිස වෙන කිසිම හේතුවක් නිසා නොවේ. අම්මට සිරි ලංකාව වැනි ගොබ්බ හරක් වෙසෙන රටක්, දින 100 ක් තුල වෙනස් කළ හැකියයි සිතනා සියළුම උන් හරක්ය. මෙහෙම පොරොන්දු ජනතාවට දෙන උන්, මොළේ කළඳක් හෝ නොමැති මැටි මෝල්ලුය.

මහින්ද රාජපක්ෂ චරිතය, මිනිසුන්ගේ සිත් වලින් මකා දැමීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. විශේෂයෙන් ගම්බද අහිංසක ජනතාවගේ සිත් තුලින් මහින්දව ඉවත් කිරීම සුළු පටු කාරණයක් නොවේ. ඔහු අදටත් ලංකාවේ ජනප්‍රියම දේශපාලුවාය. සුළු ජාතින්ගේ ඡන්ද හා යම්කිසි අජ්ජාපනයක් ලත්, සිතන්නට හැකි පිරිසක් රටේ වාසනාවට ඔහුට එදිරිව ක්‍රියා කලා විනා, බහුතරයක් මට්ට මෝඩ හරකුන් සිටිනා රටක, ඔහු තවමත් ජනතා වීරයාය.

සිරි ලංකා නිදහස් පක්ෂයේ නාකි පඩංගු ඇරෙන්නට, අනික් උන් සියල්ලම ඉන්නේ මහින්දගේ අතේය. උන් මැදමුලන වන්දනාවේ නොගියද, සිතින් පතන්නේ මහින්ද ළඟ දනින් වැටී ජීවත් වීමය. කට්ටේ සොමිය දී ඇති දැඩි කල හොඳ කුක්කන් එහෙමය. උන් ස්වාමියට කීකරුය. දනින් වැටී ජීවත් වීම උන්ට අමා මහා නිවන් සුව මෙනි. මන්ද, මහ හෝරා බිලියන් ගනනින් හොරකම් කරනා විට, කුක්කන්ට මිලියන් ගනනින් හොරකම් කිරීමේ වරම තිබෙන නිසාය.

යහ පාළණ තුල එවන් අවස්ථාවනට ඉඩක් නැත. අනෙක, අද උන්ට බලයකුත් නැත. බලයක් නොමැතිව දින 30 – 40 ක් ගෙවී ගියා පමණි. හොරා කාපු කෑම කෙසේදැයි කියා මුන් අඬනා ඇඩිල්ලෙන් පෙනෙනවාය. හොඳම උදාහරණය, මහින්දගෙන් පට්ට කුණුහබ්බ ඇසූ, නියම බල්ලෙක් ලෙස ජීවත්වූ, මහින්දගේම ආසනයේ අමනවීරයා නගනා හඬය. අනාථ මිනිසුන්ගේ පුනරුත්තාපනය කෙසේ වෙතත්, ඌ නම් නොම්මර එකට පුනරුත්තාපනය වූයේය. “අපි කෑවා ඇති…., දැන් ඕන නම් වටලප්පමක් විතරක් කන්න පුළුවන්…” කිව්වේ නිකමට නෙමේය. උගේ අවංකත්වය වෙනුවෙන්, අපි එවන් හරකුන්ට අපේ හිස නමා ආචාර කළ යුතුය. අඩු ගානේ මේ ආන්ඩුවට එහෙම කෑවා කියන එකෙක්වත් අල්ලා ගන්නට බැරිය.

මහින්ද වීරයා වන්නේත්, සිරිසේනලා, නිමල් සිරිපාලලා ගොබ්බයන් වන්නේත්, මේ කාරනයේදිය. සැටලයිට් බලයේ සිටිනා විටද මහින්ද පොරක්ය. කොහේදෝ යන පිනකින් සැටලයිට් මහ රැජිණ වූවාට, එජාපයට විරුද්ධව ගේම ගැසූ වීරයා වූයේ, උද්ඝෝෂණ විරෝධතා කල මහින්දය. යුද්ධයෙන් ඔහු මේ රට ගලවාගත් මහ රජානෝ විය. එහෙත් සිරිසේනලා, නිමල්ලා කියන්නේ මහින්ද ආන්ඩුව තුල හුන් බලු කුක්කෝය. වීරයා ජීවත්ව සිටියදී, බලු කුක්කන් පස්සේ යෑමට, මිනිසුන්ට අවශ්‍යතාවයක් නැත.

මහින්ද අගමැති අපේක්ෂකයා කරනවාද නැද්ද කියා තීරණය කළ යුත්තේ සිරිසේන ජනපති හා සිරිපාල විපක්ෂ නායකයාය. හදිසියේ හෝ මහින්ද අගමැති අපේක්ෂකයා කොට පැරදුනහොත්, සිරිපාලගේ විපක්ෂ නායක කමට කෙලවෙනවාය. දිනුවොත්, සිරිපාලගේ අගමැති සිහිනේට කෙල වෙලාම යනවාය. එතකොට දින 100 අස්සේ කොන්ස්ටිටුයුෂන් එක චේන්ජ් කොරලා තිබුනොත්, ආයේ බලවත් වන්නේ මහින්දය. එසේ නොකර තිබුනොත්, අනිවාර්යයෙන් මහින්ද මෛත්‍රිට දෝෂභියෝගේ ගේනවාමය. එවිට නැවත ජනපති වන්නේ මහින්ද රාජපක්ෂය. ඊට පස්සේ ඉතින් මේ රට නැවතත් අලි බබා සහ කම්බ හොරු සෙට් එකටම යනවාය.

ඡන්ද ලැයිස්තුවක් වත් හදාගන්න බැරි, සිරි ලංකා නිදහස් පක්ෂේ ජාතික සංවිධායක උන්නැහේ කියලා තියෙන්නේ, නුගේගොඩ සොමිය එජාපයට රතු එලියක් කියලාය. අපිට ඒ දේශපාළණ ළදරුවාට කියන්න තියෙන්නේ, නැවතත් පොන්නයන් ලෙස ජීවත් වීමට කැමති නම්, මහින්ද උන්නැහේ අගමැති අපේක්ෂකයා කොරන්න කියලාය. එජාපයට කෙල උනාට අවුලක් නැත. මක් නිසාද යත් අවුරුදු 20ක් පරිප්පු කාපු උන්ට තව දුරටත් පරිප්පු කන එක සුළු දෙයක් නිසාය.

නුගේගොඩ සොමියේ, රජගෙදර රිලවා කියපු කතාව බොහෝ වටිනවාය. කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ කියා තිබෙන්නේ, කට කහනවාට නොවේය. ඌ කිව්වේ මේ තියෙන්නේ “අපායේ ඉන්ටව්ල්..” එක කියලාය. සහතික ඇත්තය. යම රජ්ජුරුවෝ මැදමුලනේ ගිමන් හරිති. රැස්වීම පවත්වා, මඩ ගැහුවා හොඳටෝම ඇති කියා තවමත් තගරිය දාති. යම පල්ලෝ, පිස්සන් කොටුවෙන් පැනපු පිස්සෝ මෙන්, මොර දෙමින්, ජාතිවාදය පතුරමින්, ඉන්ටවල් එක ඉවර වෙන්නේ කොයි වෙලාවේද කියා බලාගෙන සිටිති.

කාළකන්නි දේශපාළුවෝ, ඕන මළහත්තිලව්වක් කර ගත්තාට අපට අවුලක් නම් නැතිය.

ඒත් අප නම්, නැවතත් අපායේ ජීවත් වීමට නම් කැමතිම නැත.

-http://maathalan.blogspot.co.uk/2015/02/nugegoda-meeting-return-of-mr.html

අායෙත් ඒයිද අපෙ රට කෑ ඒකාණෝ
බැසිලුයි ගෝඨා රට කරවන කදාණෝ
නාමල් සරන ලැම්බෝගිනි රථාණෝ
අැරියැයි අපිට නොසිතෙන මහ රජාණෝ…………………….

–කුරුටු ගෑ ගී පවුර

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල