විවිධාංග

නෙළුම් යායේ මාසික ත්‍යාගය සහ සම්මානය

4

නෙළුම් යායෙන් මාසික ත්‍යාගයක් දෙන බවට අප විසින් ගිය මස නිවේදනය කළෙමු. ත්‍යාගයේ පිරි නමන මුදල් ප්‍රමාණය පිලිබඳ සුළු ප්‍රශ්න ඇති වූ බැවින් ඒ වෙනුවට ග්‍රන්ථ හෝ වෙනත් ත්‍යාගයක් ප්‍රධානය කිරීමටද තීරණය කළෙමු. ඇසළ මස සඳහා අපේ මුල්ම ත්‍යාගය ප්‍රදානය කිරීමට තෝරා ගත්තේ කුරුටු ගෑ ගී පවුර බ්ලොග් අඩවියටයි.
ඇසළ (ජූලි) මස පළවූ තුෂාර විතාරණ ගේ හිතේ සෙනෙහස පේන්නෑ පුත තුවක්කුව එය වහනවා බ්ලොග් කවි පෙළ ප්‍රමුඛ කොට එම මස පළවූ ලිපි පෙළ සඳහා මේ සම්මානය පිරි නමන්නෙමු. කුරුටු ගෑ ගී පවුර අඩවිය බ්ලොග් කරුවන් කීප දෙනෙකුගේ සාමුහික ප්‍රයත්නයකි. එසේම ඔවුන් විසින් අනිකුත් බ්ලොග්කරුවන් සඳහා සින්ඩියක් ද එම මාසයේම දියත් කල බවද නිරික්ෂනය කළෙමු.

මේ සඳහා අප රුපියල් 2500 කට ආසන්න වටිනාකමකින් යුත්, ඔවුනට අවශ්‍ය පොත් කීපයක් පිරි නැමීම සඳහා තෝරා ගත්තෙමු. එසේම ඔවුන් මුදල් අඩු දරුවෙකුට පොත් පත් රැගෙන දීමේ සුදානමකින්ද සිටිති. වසර ගණනක සිට බ්ලොග් ලියන කුරුටු ගෑ ගී පවුර බ්ලොග් අඩවියට ඉදිරියටත් සුවිශේෂ නිර්මාණයන් කිරීමට අපේ සුභ පැතුම් පිරි නමමු.

නිකිණි (අගෝස්තු) මස සඳහා අප තෝරා ගත්තේ අහසෙන් එන්න බ්ලොගයයි. එයින් මේ බ්ලොග් ලිපියට (එක පොතක් දෙදෙනෙක්) වඩා අවධානයක් දෙන්නටද අපට අවශ්‍ය බව සඳහන් කරමු.

දෘශ්‍යබාධිත සහෝදරයෙකු විසින් ලියන මේ බ්ලොගයේ දෘශ්‍යබාධිත පිරිස් සඳහා නිපදවා ඇති ඩේසි ඩිජිටල් තාක්ෂණ ක්‍රම වේදය ඇසුරින් පොත් ශ්‍රවණ මාධ්‍යයක් ලෙස කියවිය හැකිය.

“අහසෙන් එන්න ” ලියන බ්ලොග් මහතා තමන්ට ත්‍යාගය ලෙස අප දෙන මුදලින් අධ්‍යයන පොදු සහතික පත් උසස් පෙළ විභාගයට පෙනී සිටින තවත් දෘශ්‍යබාධිත සිසුවෙකුට  විෂය නිර්දේශයට අවශ්‍ය පොත් එකොළහක් පමණ  රැගෙන  පරිත්‍යාග කරන ලෙස  අපට දන්වා එවා ඇත. ඒ අනුව ඒ මහතා දන්වා එවන සිසුවෙකුට එම පොත පත ලබා දීමට පියවර ගන්නෙමු.

මාස දෙක තුනක සිට පවත්වා ගෙන යන “අහසෙන් එන්න” බ්ලොගයේ කසුන් නයනජිත්ටද ඔහුගේ බ්ලොග් අඩවිය ඉදිරියට ගෙන යාමට අපේ සුභ පැතුම් පිරි නමන්නෙමු.

එසේම ලබන 2016 මාර්තු මාසයේ පැවැත්වෙන දෙවන වාර්ෂික නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙලේ මුලික වටය සඳහාද මේ බ්ලොග් අඩවි වල නම් ඉදිරිපත් කෙරෙනු ඇත.

 

ලියන්න ලියන්න තවත් ලියන්න.

Related Posts

4 Comments

  1. කුරුටු ගෑ ගී පවුර September 9, 2015 at 4:01 am - 

    මුලින් ම මේ ත්‍යාගයට අපිව තෝරාගෙන අපේ බ්ලොග් ගමන දිරිගැන්වීම ගැන ඔබලා ස්තූතියි.. දෙවනුව බ්ලොග්කරුවන් වෙනුවෙන් මේ සිදු කරන්නා වූ සහයෝගය දිගින් දිගටම පවත්වා ගැනීමට ඔබට ශක්තිය ලැබේවා යැයි පතමි…..

    ජයවේවා
    කුගෑගීප

    • editor September 10, 2015 at 9:22 pm - 

      ස්තුතියි

  2. කසුන් නයනජිත් September 10, 2015 at 2:25 am - 

    බ්ලොග් කරුවන්ට අත දෙන නෙලුම් යාය යන නම මා ඇසුවේ බ්ලොග් ලිවීමටත් පෙර ය. නමුත් මාස දෙකක් තුල මේ බ්ලොගයට නෙලුම්යාය අත දෙතැයි මම නොසිතුවෙමි.

    නෙලුම්යාය සියලු සහෝදරයන්ට ස්තුති වන්ත වන අතර මෙවන් යහපත් දේ කරන්නට ෂක්තිය ලැබේවායි ප්‍රාර්තනා කරමි.

    කසුන් නයනජිත්

    • editor September 10, 2015 at 9:41 pm - 

      බොහොම ස්තුතියි

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල