විශේෂ, සාහිත්‍ය කළා විචාර

නෙළුම් යාය බිනර මස ත්‍යාගය

Off

බිනර (සැප්තැම්බර්) මස ත්‍යාගය තෝරා ගැනීමට ඉතාමත් අපහසු කරුණක් වුන බව කිව යුතුයි. දේශකයා විසින් අම්මා කියා ලස්සන කවි පෙළක් නිර්මාණය කරලා තිබුන. උපේක්ෂා ගේ බ්ලොගයේ ඉතාම සුන්දර කෙටි කතාවක් (කවදාද ඒ වැහි වහින්නේ නොදනිමි) මාස දෙකක් තිස්සේ ඇදී යනවා. ඒක නම් තවම ඉවර නැහැ. නිදහස් සිතුවිලි බ්ලොගයේ පටන් ගත්තොත් දිගටම නොනවත්වා කියවන්න හිතෙන පරිවර්තනයක් යනවා. වෙලාවක් තියෙනවා නම් ගිහින් බලන්න. අනිකුත් බ්ලොග් වලත් ඉතාමත් හොඳ නිර්මාණ රාශියක් පලවෙන බව කිව යුතුයි.

අපි හිතුව පසුගිය මාසය සඳහා මේ කවි පෙළ තෝරා ගන්නට. එම කවි පෙළ තිබෙන්නේ මෙතන.
http://madhumadhavi135.blogspot.co.uk/2015/09/blog-post_8.html

අපි කවුරුත් දන්නා මධු මාධවී රස සරණියේ. අපි හැමෝම කියවෙලා හිනා වෙන උපහාසාත්මක කොමෙන්ටු පල කරමින් හොඳ සුහදතාවයකින් වඩා බර නැති සාකච්චා යන මේ බ්ලොගයේ මෙවැනි සවේදී කවි පෙලකුත් පල වුනා. අවස්ථා දෙකක් සංසන්දනය කරමින් විවාදයට තුඩු දෙන මාතෘකාවක් සාකච්චා කරන කවි පෙළක්. පටන් ගන්නේ මෙහෙමයි.
එදා…

අපිනම් හැඬුවෙමු….
මුළු හදවතින්ම
තෙත් නොවූවත් දෑස
තෙත් බැවින් හදවත
ඒ සිඟිති සිරුරට
දැනුන කිසිදා නොදැනුණු
ගිනියම් ඊයමක රිදුමන්
අපේ සිතටත් දැණුනි

ඒ වගේම මේ බ්ලොගයේ තව දුරටත් උපහාසය සහ විනෝදය පිරි කවි පෙළවල් ලියවෙනවා. මධු මාධවී තවත් බ්ලොගයකුත් පටන් ගෙන තිබෙනවා. මට පෙනෙන හැටි කියා පළවෙන්නේ එම බ්ලොගයේ යන ජීවන් අත්දැකීම් ටිකක්. ඉතින් අපි හිතනවා නෙළුම් යායේ බිනර මස ත්‍යාගය හිමි වන්නේ එම අඩවියට කියා.

එසේම කෙටි දැන්වීමකුත් කරන්න කැමතියි. වැඩ අධික කම නිසා මාතලන් සහ කල්‍යාණ මිත්‍ර (සුමිත්) බ්ලොග් සංසදයේ ඉදිරි වැඩ කටයුතු සඳහා සහභාගී වෙන්නේ නැහැ. ලබන අවුරුද්දේ මැදින් මස පැවැත් වෙන සම්මාන උලෙළ සංවිධානය කිරීමට උදව් කරන බව දන්වා තිබෙනවා. මේ සඳහා බ්ලොග් සංසදයේ සභාපති හා ලේකම් මෙන්ම කාරක සභාවක් ලෙස කටයුතු කිරීමට කැමති බ්ලොග් කරුවන්ට ආරාධනා කරන්න කැමතියි. මේවා වැටුපක් ලැබෙන තනතුරු නම් නොවේ. එකතුවී සම්මාන උළෙල සංවිධානය කිරිමට මෙන්ම අනෙකුත් වැඩ කීපයක් සඳහා කිසියම් සංවිධානයක් අවශ්‍ය වීම නිසා තමා මේ ආයාචනය කරන්නේ. කැමති අය මේ ලිපිනයට දන්වන්න.

editor@nelumyaya.com
editor@lankanewsweb.con

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල