ප්‍රහසන, විශේෂ

චන්ද්‍රිකාව කඩා වැටීම බටහිර කුමන්ත්‍රණයක් – Satellite falls is a western conspiracy

Off

නුදුරේදි ලංකාවට කඩා වැටීමට නියමිත චන්ද්‍රිකාව, බටහිර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව ජාතික නිදහස් පෙරමුණේ බුද්ධි අංශ මගින් බොහෝ කළකට පෙර තහවුරු කරගෙන ඇත. මේ පිළිබඳ මුලින්ම කරුණු අනාවරනය වී ඇත්තේ රාජපක්ෂ පාලන සමයේදීමය.
මුලින්ම ජනාධිපති ආරක්ෂක අංශ වෙත තොරතුරු ලබා දුන් ජෝතීර්වේදී සුමනදාස සමරසිංහ මහතා සඳහන් කොට ඇත්තේ චන්දිකාවකගෙන් මහින්දට අනතුරු සිඳුවිය හැකි බවයි. බුද්ධි අංශ විසින් සුමනදාසයන්ගේද සහභාගීත්වයෙන්, ජනධිපති තුමා සමඟ පැවති රැස්වීමකදී ඔහු නැවතත් මේ අනතුරු ඇඟවීම කරනාතුර ජනාධිපති තුමා පවසා ඇත්තේ, ‘ඕකී කොහේද මට කෙලවන්නේ”.. මම ඕකිට ඔළුව උස්සන්න බැරි වෙන්න ඇරලා තියෙන්නේ” කියායි.

එහෙත් අධ්‍යාත්මවේදි චන්ද්‍රසිරි බන්ඩාරයන් සඳහන් කොට ඇත්තේ, මේ චන්ද්‍කාව ඒ චන්ද්‍රිකාව නොවන බවත්, මෙය කක්ෂ ගත කොට ඇති චන්ද්‍රිකාවක් බවත්, එහි ඉලක්කය මහින්ද රාජපක්ෂ අතිගරු ජනාධිපති තුමා බවත්, වහාම මේ ගැන සොයා බලා කටයුතු කරනා ලෙසත්ය.
බටහිර කුමන්ත්‍රණ ගැන ශාශ්ත්‍රපති උපාධියක් ඇති විමල් වීරවංශ මහාචාර්වරයා ප්‍රමුඛ විද්වත් මඩලයකින් යුත් කමුටුවක් මේ සඳහා පත් කරණු ලබන අතර, සාර්ථක රහස් ඔත්තු සේවා මඟින් සමීක්ෂණය කොට පිරිනමනු ලබන වාර්ථාවේ සඳහන් වන්නේ, ඇමරිකාව මෙම චන්ද්‍රිකාව කක්ෂ ගත කොට ඇති බවත්, බරක් ඔබාමාට අතට අත් දුන් අවස්ථාවේ, මහින්ද රාජපක්ෂගෙන් ලබාගත් ඩී ඇන් ඒ මෙහි අඩංගු බවත්, ඇමරිකාවට විරුද්ධව යුද්ධ ප්‍රකාෂ කරනා ඕනෑම මොහොතක, මෙය කෙලින්ම ඔහු සිටිනා ස්ථානය එල්ල කර කඩා වැටීමට සැලසුම් කර ඇති බවත්ය.

සදාම් හුසේන් මෙන්ම, මුවම්මර් ගඩාෆිද ඝාතනය කොට ඇත්තේ චන්දිකා තාක්ෂණය ඔස්සේ බවත්, තව දුරටත් මේ වාර්ථාව මගින් හෙලි කරනාතර. මෙම චන්ද්‍රිකාව වහාම විනාශ කල යුතු බවටද, එය කඩා වැටීමට සැලැසුම් කලහොත්, ඉන් ආරක්ෂා වීම සඳහා ඉතා ශක්තිමත් බංකරයක් ඉඳිකල යුතු බවද, එම වාර්ථාවේ තව දුරටත් සඳහන්ව තිබී ඇත.


වහාම ක්‍රයාත්මක වූ ජනාධිපති තුමා, පැරණි රජගෙදර, ආරක්ෂාකරි බංකරයක් ඉඳිකිරීමට උපදෙස් ලබා දෙන අතර. අජටාකාෂගාමි රෝහිත රාජපක්ෂගේ මූලිකත්වයෙන්, චීන රජය සමඟ එක්ව, මෙම චන්ද්‍රිකාව උඩු ගුවනේදීම විනාශ කිරීම සඳහා මිසයිලයක් කක්ෂ ගතකිරීමටද උපදෙස් දී ඇත. එම ක්‍රියාන්විතය සාර්ථක වූවද ඇමරිකාව විසින් එහි කුඩා කොටස් පවා එල්ල කර ඇත්තේ ලංකාව දෙසට බව පසුව සොයා ගන්නා ලදි.

කක්ෂගත චන්ද්‍රිකාවේ ප්‍රහාරයට මූලිකත්වය දීම හේතුවෙන්, ගොරගොල්ලේ චන්ද්‍රිකාවගෙන් එල්ල වීමට නියමිත් ප්‍රහාරයන් පිළිබඳ බුද්ධි අංශයන්ද අමතක කොට දැමූ අතර, වයිබර් තාක්ෂණය ඔස්සේ එල්ලවූ ප්‍රහාරයෙන් මහින්ද රාජපක්ෂ මහතා සුනු විසුනු වී ගියේය.

මේ පිළිබඳ විශේෂඥ දැණුමක් සහිත විමල් වීරවංශ මහතා දිවයිනෙන් පිටත් වීමට යන්නේ, යහපාලන ආන්ඩුවෙන් ඇමරිකාව වෙත කල ඉල්ලීමක් අනුව, එම කොටස් වෙනස් දිසාවකට යොමු කොට ඇති බව වත්මන් බුද්ධි අංශ මගින් ඔහුට දන්වා නොතිඹූ බැවිනි.

බින් ලාඩන්ට පසු ඇමරිකාවට එරෙහිව සිටිනා බලවත්ම සතුරා විමල් වීරවංශ මහතා බව මෑතකදි පෙන්ටගනය විසින් වාර්ථා කොට තිබිනි.

mathalan

http://maathalan.blogspot.co.uk/2015/10/satellite-falls-is-western-conspiracy.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල