සඳැස් / නිසඳැස්

රහසක් හෙම කීවාද හිරු රැස්

Off

විකසිත ‘‘අරුණෝද අසිරිය‘‘
කොයිබින්ද මේ මුදු සුමුදු නිල
ඇස සිහිල රන්දන…

පය පාමුළ ම
අපුල කුණු දිය ඇල
එතැන ම පල් වෙන…

හාත්පස අවුලුවන
කාක උන්මාදය
කසල මලු විසුරන…

හරහට වැතිර රළු සිල්පර
හූ තියන් ඔච්චටම
දුව යන යකඩ ලදරම
පීලි පන්නන
යන අතක් නොදැනම…

සතර මහ අපායේ
පිල්කඩ හිඳ ගෙනම
මෙතරම් මුදු සිනිඳුවට
හිනැහෙන්නෙද කෝම
මෝනිං ග්ලෝරි මල් වැල…

රහසක් හෙම කීවාද
හිරු රැස්
කප්පරක් කටුක දුක් මැද
එකම එක සිනාවක්
ඇති වග

ජීවිතය අස්වද්දන…

http://tharurasi.blogspot.co.uk/2015/10/blog-post_27.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල