විශේෂ, හයිකු හා කෙටි කවි

කෙටි කවි!!!! (1)

Off

1
ප්‍රමාද ද වූ කාර්යාල සේවකයා

නගර ගානේ
වෙලාව බෙදන
කෝච්චිය
මට දුන්නේ
එපාම කරපු
වෙලාවක්
2
සුද්දය

හැඩට ගෙනා
අලුත් කොස්ස
කිලුටු වෙලා
හොද හැටියට

කිලුටු වෙලා
තිබුන ගෙදර
හැඩට හිදී
හොද හැටියට
3
පැණි තිබ්බම කරදරේ

ලස්සන
මල් මත
සමනලයා
බමරා
පැණි කුරුල්ලා
ඉවරයක් නෑ
කරදරේ
4
මිනිස්සු

හීන් හඩ
පුදුම ඔබරිය
හරිම කරුණාව
ඔපිසියට…
ගෙදරට..???
5
ඇම ගිලීම

කවිකමට ආලය කරන්න
කවියාට ආලය නොකරන්න

-දේශකයා

http://deshakaya.blogspot.co.uk/2015/11/blog-post.html

 

අතුරු කවි –

මිත්‍ර වර්ණ (සබරේ ඇනෝ)November 6, 2015 at 3:49 PM
පැණි තිබ්බම කරදරේ

ලස්සන
මල් මත
සමනලයා
බමරා
පැණි කුරුල්ලා
ඉවරයක් නෑ
කරදරේ
පත්තර මල්ලිNovember 6, 2015 at 9:38 PM
කැකුළු මල නිසා නොතලා
යන්ට යමි …
දේශක යාNovember 8, 2015 at 12:26 PM
6
හිර මැදිරියේ නීතිය

පුංචි තව්
විද්ද උන්
දිනපතා කති
වීර විකුම්
ලොකු තව්
විද්දවුන්ගෙන්

Praසන්னNovember 6, 2015 at 4:04 PM
//හැඩට ගෙනා
අලුත් කොස්ස
කිලුටු වෙලා
හොද හැටියට//

හෝදාලා
ගනිං කොස්ස
කම්මැලිකම
පැත්තක කොට

සින්දු ඇනෝNovember 6, 2015 at 4:24 PM
“මම නුඹ කඩා බිඳ දමා
අලුතින් නිර්මාණය කරමි”යි
කවියා සමාජයට කීය.

එබසට සමාජයට හිනා ගියේය.

“මම නුඹ කඩා බිඳ දමා
අලුතින් නිර්මාණය කරමි” යි
සමාජය කවියාට කීය.

(මහගම සේකර )

තෙලිදිය වාඩියNovember 6, 2015 at 4:17 PM
කාලය මොටද හරිහැටි කලමණා නැති
කොස්ස මොටද පිරිසිදුවට ගෙදර හැඩි
පැණිය මොටද සමනල් බමරුන්ට නැති
අාලය මොටද කවිඳුන් හට උරුම නැති

සින්දු ඇනෝNovember 6, 2015 at 4:26 PM
දවසේ කරදර කර උඩ
ගෙට ඇවිදින් ගෙයි පිල උඩ
මූදේ කර වටක් ගිලී ඉර හිනැහෙන්නේ
සසර දුකට මේ හැටි ඇයි
අපි ලතැවෙන්නේ..

හෙන්දිරික්කා මල් පිපේවි
පන්සල් ගණ්ඨා වැදේවි
රෑන ගිරවු හිනාවෙවී ගෙදර ගියාවේ
ඉගිලෙන්නට බැරි අපටත් ත‍ටු මැවුනාවේ..

බණ්ඩි පැටව් මඟට ඒවි
උන් අම්මා පිලට ඒවි
හිස් අත් දෙක කියන කතා
රස දැනුනාවේ
අග හිඟකම් මුතු වැස්සේ අප තෙමුණාවේ..

දවසේ කරදර කර උඩ
ගෙට ඇවිදින් ගෙයි පිල උඩ
මූදේ කර වටක් ගිලී ඉර හිනැහෙන්නේ
සසර දුකට මේ හැටි ඇයි
අපි ලතැවෙන්නේ..

ගායනය : ගුණදාස කපුගේ
සංගීතය : ගුණදාස කපුගේ
පද රචනය : ලූෂන් බුලත්සිංහල
සින්දු ඇනෝNovember 7, 2015 at 9:39 AM
කන්තෝරු වේ අලුත් කොස්සක් කඩන්නට හදන
පැණි රස කාලා තණමල් රේණු ගොඩක් ගසන …………..
Reply

කල්‍යාණ මිත්‍රNovember 6, 2015 at 4:54 PM
1. කෙටි කවි

මොකට ලියනවද
දිගට දිගට..
මෙහෙම කියවෙනකොට
ඔක්කෝම එක මිටට..

2. කම්මැලි කවි

උදාහරණ ඕනිද
කම්මැලිකමට..
බලහන් දේශකයාගේ..
බ්ලොග් ලිවිල්ල..

පත්තර මල්ලිNovember 6, 2015 at 9:43 PM
බ්‍රා එකේ පටියට
කප් සයිස් හරියට
තියල මහලා තිතට
මෙන්ඩා ඇරියා ඒව පිටරට
Praසන්னNovember 7, 2015 at 11:44 AM
ඊට පසු හවසට
ගහල අඹ මූ ජොලියට
කීව බං බල්ලට
මචං කියලා ඇත්තට
මනෝ මන්දිරNovember 7, 2015 at 7:30 PM
ප්‍රසාට හා පත්තරයට
අඹ නොදුන් තරහට
හදමින් කවි රසකොට
මඩ ගහයි මුන් මෙන්ඩට
දේශක යාNovember 8, 2015 at 12:31 PM
කන්තෝරුවේ
මේස උඩ
හැම තැනම
කෝං පිට්ටු
අල්ලයි
එකෙක්
කෙට්ටු..

සොමි යාNovember 6, 2015 at 7:08 PM
බිත්තියේ ගහපු මාරයා
නගන ටිකි ටිකිය
සී සී මිසිගේ හුරතලය
පොත නෑනේ දැන් දාන්න
අන්ගුලිමාලයෝ ඔපිස් වරෙන්
මගේ ඇඟිලිත් කපා ගනින්
එතකොට සී සී මිසිගේ මේකප් දැක්කම හිතෙනවා

ළඟ පැපොල්
දුර ඇපල් කරන
දාඩියට දියනොවන
කෙමිකල්
පොටි තට්ටුව

පරිකල්පනNovember 6, 2015 at 7:55 PM
/*
හැඩට ගෙනා
අලුත් කොස්ස
කිලුටු වෙලා
හොද හැටියට

කිලුටු වෙලා
තිබුන ගෙදර
හැඩට හිදී
හොද හැටියට
*/

කුරුටු ගෑ ගී පවුරNovember 6, 2015 at 9:42 PM
දේශකයාගේ කවිය

දේශනයක් තියාගන්න
වෙලාවක් නැතුවුණාම
දේශකයා ලියපු
———– කවිය…………………….

හිස්තැන් පුරවාගන්න…..

DudeNovember 7, 2015 at 12:11 AM
දිග වැකියක් ලියනවා
කෑලි වලට කඩනවා
එක යට එක ලියනවා
කවියක්යයි කියනවා
දේශක යාNovember 8, 2015 at 12:39 PM
ඔයා කියන්නේ මං එහෙම ලිව්ව කියලද?? හැක්

මං එහෙම
කරයි කියා
කියනවද
ඔයා..
හැක්..
DudeNovember 7, 2015 at 11:41 AM
මේ මොකක්ද දෙයියනේ
මේක හරිම හයියනේ
දන්නෙ නැද්ද ඇයි අනේ
දේශකයගේ කයියනේ.

JPNovember 7, 2015 at 12:49 PM
කොටට කොටේ
යාන්තමට
කවර වෙන්න
සබ්ජෙක්ට් එක
ලැජ්ජාව පැත්තකින් තියලා
බලන්න හිතෙනවා
තව සැරයක්
GimhaniNovember 7, 2015 at 1:20 PM
කවියාට ආලය
නොකර කොහොමද
මේ වගේ කවි
ලියනකොට 😀
දේශක යාNovember 8, 2015 at 12:46 PM
ලියුවාට කවි
හිතුවාද
සොඳුරු යැයි
කවියට මුවා වූ
ජීවිතය.්‍
ගිලින්ඩෙපා
ඇප..

හැක්..

රාජ්November 7, 2015 at 1:58 PM
නරකම
නැත
උඹෙ
කවිකම

බස්සි (Yash)November 8, 2015 at 4:43 PM
.
පිනි තිතක
සැඟවි ලෝකයකි
බිඳෙන සුළු!

^ හයිකුවකි

Priyanthi HansamaaliNovember 8, 2015 at 10:08 AM
5
“කවිකමට ආලය කරන්න
කවියාට ආලය නොකරන්න”

කවියාට නොව
කවියට
පෙම් බඳිමි
රහසින්
මගේ හිතටත්

 

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල