කාලීන සංවාද, විශේෂ

අය වැය සමග පොල්කිරි

Off

අය වැය ගැන මං දාපු පහුනු පෝස්ට් එකට පවුද්ගලික අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඇති පදම් ගර්හාවට ලක්වුණා. ඒ දිසාපති තාත්තාගෙන් කාපු බත් අමතකදැයි අහලයි. ඉතින් වදේ අමතක නැති නිසා නොවෙන්නම් මේ ලියන්නේ. මේ ප්‍රතිඤාර අනුව මං මේ කල්පනා කරමින් හිටියේ පුලු පුලුවන් හැටියට අපේ දිසාපති තාත්තායි එයාගේ යාලු මහදැන මුතු අමාත්‍යංශ ලේකම් අංකල්ලායි ගෝල රොතුයි හොරකම් කොරන හැටි ටික ටික හරි විස්තරාත්මකව ලියන්න කියලයි.අට පාස් ඇමති මාමිලා වගේ නෙමෙයි මේගොල්ලෝ ටිකක් ඊට වඩා ඉගෙන ගෙන තියන හින්දා ගහන මාටියා පාරවල් ඉතින් ගහන්නේ මාට්ටු නොවෙන්නනේ.

ඒ විස්තර ටිකක් පස්සට තියලා ආයිත් අය වැයට යනවානම්, හැමදාම වගේ මෙදා පොටෙත්,ඇමති මාමිලාගේ බිස්නස් වලට කරුමාන්ත වලට ලාබ වෙන විදියට වැඩේ ගොඩදාන්.හරි ඉතින් වැරද්ද වැරැද්ද වැරද්දම වුනත්, මල්මිස් නම් මේක ඒ හැටි ගනන් ගන්නැහැ. අනික ඉතින් ඔය යන්තර සුත්තර වෙනදාට වගේ හොරෙන් පිට පාරෙන් වඩම්මවන්නැතිව අයවැයෙන්ම කෙලින්ම බද්ද පන්නලා ගෙන්වන එකත් මදැයි.

ගොඩාක් අයට ගොඩාක් රිදිලා තියෙන්නේ වාහන වලට කෙලවපු එකට. මහින්ද මාමිගේ කාලේ කොලේම වාහන ගෙන්වන එක. ඇයි බැසිල් මාමි එයා චුටි කර්මාන්තවලට අත කියලා ගෙනාපු බටු වාහන වලින් ඇත්තටම මිනිස්සු කරන්නේ මොනවද අම්මේ ඒ චුටි කර්මාන්ත කෙරුනනම් ඉතින් ඇමරිකාවත් කැලේ. ඇයි මහින්ද මාමිලා බෙදාපු බයිසිකල්. ඉතින් මංදා ඒ ගෙන්නපු ගෙනිල්ලේ හැටියට ලංකාවට තවත් වාහන ඕනය! අනික ඉතින් මහගස් කපන කොට පොඩි පැලත් යටවෙනවා තමයි. වාහන පර්මිට් ගැන කියනවනම් මේක මහ ජරාම ජාවාරමක්. කවුරුත් දන්නවනේ කොච්චර කොහේ වාහන වික්කත් මිනිස්සු වැඩියම වාහන ගේන්න එන්නේ කන්ද උඩරට රාජධානියට. මේ අපේ පොඩි අයියගේ යාලුවෙක්ගේ සේ්ල් එකක් තියනවා ඒ අයියා හරිම හොදයිි අපේ ගෙදර එද්දි අනිවාර්යෙන්ම චොකලට් පෙට්ටියක් කේක් ගෙඩියක්වත් චුටි මල්මිට අරන් එනවාමයි. එයාලා කරන්නේ මෙහෙම. අර වෙළද පලේ ලක්ෂ 150 ක් විතර වෙන වාහනේ පර්මිට් එක හම්බෙන මාමි ගන්නේ ලක්ෂ 70 කට විතර. රාජ්‍ය සේවකයින්ට කොහේද ලක්ෂ 70 ක්. මන්ත්‍රි මාමි කෙනෙක්ට මාස් පඩියවත් ලක්ෂයක් නැහැ මං හිතේ. ඉතින් අර යාලු අයියා තමා අර 70 ත් දෙන්නේ. 70 ම නමෛයි ඉතින් තව ඊට වැඩිපුර විස්සක් තිහකුත්. පර්මිට් මාමිලාට ඒ ගානෙන්, ඇත්තටම ඒ අයට ඕනටත් වඩා හොද වාහනයක් අරන් පොඩියට ගෙයක් දොරක් නැතිනම් කැලේ පැත්තකින් තේ වත්තක් ගන්න, එහෙම නැතිනම් දුගේ කසාදේ ජයට කාලා දැවැද්දකුත් දෙන්න හොදටම ඇති. අර යාලු අයියානම් පාරේ යන ඕන ටිකක් වැඩි ගානක වාහනයක්, ඔය අහවලාගේ පර්මිට් එකට ගත්තු අහවලා පදින වාහනය කියන්න දන්නවා.
මහින්ද මාමිටත්. තව ලොකු ලොකු මාමිලාටත් රාජ්‍ය සේවකයන්ට අලුත් මාමිලා සලකන්නැහැ කියලා ගොඩාක් දුක හිතිලානේ. ඉතින් ඔය මාමිලාට ඔච්චරම දුක නම් ඒ ගොල්ලන්ගේ පුද්ගලික බිස්නස් කරන තැන්වල රස්සාවල් ඒ අයට දෙන එකනේ ඇත්තේ. ඒකනම් මේන් කියලා කරයි. හහ් අපට පින් පඩි දෙන්න බැහැ.අපට ඕනා වැඩ කරන්න පුලුවන් මිනිස්සු ඒවට ඉන්ටව් බෝඩ්වලදි නම් කතාන්දර ගොඩාරියයි. වැඩ කරන්න ගියාමත් නීති ගොඩාරියයි. ඒ අයගේ තැන්වලට හොද අයව දාන් රොඩ්ඩන්ව එවනවා ලියුමක් එක්ක මෙන්න මුව ගනින් කියලා. දැන් මාමිලත් ඉතින් !

ආ පිටිකිරි ගාන අඩුකලා කිවුවම තව දෙයක් මතක් වුනා. මේක නම් මුදල් නොගෙවා ප්‍රචාරය කරන දැන්විමක්. මගේ අති ආදර සමපෝෂ හදන මන්චි කොම්පැනියෙන් ඕන්. දියර පොල්කිරි හදනවා ඒකේ නම “සේරා“ . ගාන කෝමද දන්නැහැ. පොල්කුඩ්ඩ පොල්වතුර පොල්කට්ට සේරම එක එක විදිවලින් විකුනන්න පුලුවන් නිසා ගාන අඩු ඇති. සුවර් එකට කිරි ටික මිරිකලා අරන් අර හවායන් කුකිස් බිස්කට් එකට දානවා ඇති. ඇයි අර මැදට පොල් දාලා වටේට චොක්ලට් ඔතලා හදන ට්‍රොපිකා එකට දාන පොල් කුඩු. ඉතින් එක පොලෙන් කොච්චරක් හම්බකරනවද .එහෙම සාදාරන ගානක් නෙමෙයිනම් අනේ දෙවියනෙ තවත් කොම්පැනියකින් පොල්කිරි හදත්වා. සිංහල කෑම ඉවිල්ලේ එපාම කරපු කාලේ වැඩියම නාස්තිවන වැඩේ ඔය පොල් ගාලා දාලා මිරිකලා මිිරිකලා අඹරලා දැමිල්ලනේ.ෂිහ්! ඒ වගේම ඔය වැඩේට කම්මැලි මං වගේ කාලකන්නි ආදේශක විදියට කිරි පිටි දාන එකත් ජාතික අපරාදයක්නේ.

ඒ වගේම අලුතෙන් “මිල්කෝ“ කියලා කිරිපිටි පැකට් එකක් ඇවිත් තියෙනවා. මේකේ මිල රුපියල් 295 යි. එයාට පුලුවන්නම් ඇයි අනික් අයට බැරි. ආරියශිලා වික්‍රමනායක මාමිගේ පැල්වත්ත කිරටත් වඩා මේක ලාබයි. රස නම් කෝමද ද්නනැහැ. බොන්න බැරිනම් අර සේරා ගනන් වැඩි වගේනම් දියකරලා හොද්දට හරි දාන්න බැරිය.

මේ තරම් චුටි රටකට මේතරම් ගුවන්තොටුපලවල් හදන්න මේක රාවනාගේ කාලේද මන්දා!

http://malmihi.blogspot.co.uk/

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල