විද්‍යා ප්‍රබන්ධ

දමනය (පස්වන කොටස)

Off

‘දමනය’ යනු බස්සිගෙ නවාතැන බ්ලොග් අඩවියේ යශෝධා සම්මානි ප්‍රේමරත්න සොයුරිය විසින් කොටස් දෙකක් වශයෙන් ලියා පළකරන ලද කෙටිකතාවකි. එබැවින් කතාවේ පූර්ණ අයිතිය ඇය සතුවේ. පසුව දමනය මුල් කතාවේම දිගුවක් ලෙස තවත් කොටස් දෙකක් ඉවාන් පවුලූෂා සහ තුශානි විසින් ඔවුන්ගේ බ්ලොග් අඩවිවල ලියා පළකරන ලදී. එහි පස්වන කොටස වෙනත් කෝණයකින්, විද්‍යා ප්‍රබන්ධයක් ආකාරයට ලිවීමට සිතුවෙමි. මෙයින් කතාවේ රසයට හා ගලායෑමට හානියක් වී ඇත්නම් සමාව ඉල්ලා සිටීමට ද කැමැත්තෙමි.
දමනය (හතරවන කොටස) – පුංචි කැකුළු මල්
________________________________________________________________
අවට පරිසරය පුරාම පැතිරී ඇත්තේ පාළු මූසල බවකි. කුරුල්ලෙකුගේ හඬක් හෝ ඕක් ගසක අතු සුළඟට සැලෙන හඬක් වසර ගණනකින් මෙහා ඇසී නැත. ඒ වෙනුවට නිහඬතාවය බිඳිමින් වරින්වර ඈතින් නැගෙන්නේ පුපුරා යන ෂෙල් වෙඩිවල හඬ ය. නොනවත්වා ක්‍රියාත්මක වන මැෂින් තුවක්කුවල හඬ ය.

මේ මළානික, එහෙත් බියජනක පරිසරය තුළ බැලූ බැල්මට ඊට නොගැලපෙන යමක්ද පිහිටා තිබේ. තැනින් තැන පිහිටි ගරා වැටුණු නිවාස හා මිය යමින් ඇති සිල්වර් බර්ච් ගස් අතරින් පෙනෙන්නේ සරුසාර රෝස මල් වගාවකින් වට වුණු, තරමක් විශාල නිවෙසකි. නිවෙසෙහි අඳුරු සෙවණැලිවලට මුවා වී ආයුධ සන්නද්ධ හමුදා භටයන් කිහිපදෙනෙකු සිටින බව පෙනෙන්නේ වඩාත් හොඳින් නිරීක්ෂණය කරන්නෙකුට පමණි.

“ඔහේට හොඳටම විශ්වාසද මේකෙන් ඔය කියන තරම් දේවල් කරන්න පුළුවන් කියලා?”

ඇඩොල්ෆ් හිට්ලර් ගැඹුරු ස්වරයෙන් ඇසීය. ඔහු මේ මොහොතේ සිටින්නේ රෝස වගාවට යටින් පිහිටා ඇති භූගත නාසි පර්යේෂණාගාරයක් තුළ ය. දිගු මේසය වටා හිට්ලර් සමග අසුන්ගෙන සිටින්නේ SS හමුදාවේ සහ ගෙස්ටාපෝ පොලීසියේ උසස් නිළධාරීන් කිහිපදෙනෙකි. පිරිසේ කතාබහට අමතරව පසෙකින් රේඩියෝවක් ද ක්‍රියාත්මක වෙමින් ඇති නිසා කාමරය තුළ ඝෝෂාකාරී බවක් පැතිරී තිබේ.

විශාල තිරයේ සටහන්ව ඇති සමීකරණය දෙස බලා සිටි ආචාර්ය ඇබිගේල් හිට්ලර් දෙසට හැරුණේය.

“එහෙමයි උතුමාණෙනි. ඇත්තටම මේ අමුතු උපකරණය අපිට හම්බවුණේ අල්ලගත්ත යුදෙව් මහාචාර්යවරයෙක්ගෙ පෞද්ගලික කෞතුකාගාරයක තිබිලා. මිනිහා අවුරුදු ගාණක් තිස්සේ ඊජිප්තු ශිෂ්ටාචාරය ගැන පරීක්ෂණ කරපු කෙනෙක් කියල තමයි කියන්නෙ. අපිට මිනිහ එක්ක ටිකක් කතා කළා නම් මේක ගැන වැඩිදුර තොරතුරු දැනගන්න ඉඩ තිබුණ, ඒත් අපි හොයල බලනකොටත් මිනිහව ඕෂ්විට්ස් වධ කඳවුරට ගෙනිහින්.”

SS නිළධාරියෙකුගේ කට කොණට සිනහවක් නැගුණි.

“මම දන්නෙ නෑ මේක කොහෙන් ආපු, මොකකට හදපු දෙයක්ද කියල. නමුත් අපිට පුළුවන් වුණා මේකෙ මූලික සැකැස්ම අවබෝධ කරගෙන, අපිට ගැලපෙන විදියට පොඩි වෙනස්කම් කිහිපයක් කරලා අපේ පරිගණක පද්ධතිවලට සම්බන්ධ කරන්න. මම හිතනවා තවදුරටත් මේක දියුණු කළොත් අපිට මේ තාක්ෂණයෙන් සතුරු හමුදා සම්පූර්ණයෙන්ම අපේ පාලනය යටතට ගන්න පුළුවන් වෙයි කියල. හැබැයි අපිට තව කාලය අවශ්‍ය යි.”

මෙතෙක් වේලා පසෙකට වී බලා සිටි ආචාර්ය බියට්‍රිස් අසල තිබූ ලෝහමය බඳුනක් විවෘත කොට රවුම් හැඩැති කණ්නාඩි කිහිපයක් දෑතට ගත්තාය.

“ඔබතුමාල සූදානම් නම් අපි කැමතියි අපේ පර්යේෂණවල ප්‍රගතිය ඔබතුමන්ලාට පෙන්නන්න. කරුණාකරලා මේ කණ්නාඩි දාගෙන මාත් එක්ක එන්න. මේ උපකරණය රහසිගතව තියාගන්න අවශ්‍ය නිසා අපි පර්යේෂණාගාරය පුරාම විශේෂ තීන්ත වර්ගයක් ආලේප කරලයි තියෙන්නෙ. ඒ තීන්ත පේන්නෙ මේ කණ්නාඩි වල තියෙන විශේෂිත කාචවලට විතරයි. කණ්නාඩි භාරව ඉන්න අපි හතරදෙනෙක් ඇරෙන්න පර්යේෂණාගාරයේ ඉන්න වෙන කිසිම කෙනෙක් මේ පද්ධතිය ගැනවත්, මේක පිහිටවල තියෙන කුටිය ගැනවත් දන්නෙ නෑ.”

ආචාර්ය බියට්‍රිස් පෙරමුණ ගත්තාය. කණ්නාඩි පැළඳගත් පසු අඳුරු නිල් පැහැයෙන් දිදුලන්නට ගත් පටු කොරිඩෝර අතරින් පිරිස ඉදිරියට ඇදුණහ.

“මට නම් තාමත් විශ්වාස නෑ ඕකට ඔච්චර හරියක් කරන්න පුළුවන් කියල. ජර්මානුවො තමයි ලෝකෙ ඉන්න දක්ෂම විද්‍යාඥයො. තමුසෙලට හොයාගන්න බැරිවුණ තාක්ෂණයක් යුදෙව්වෙක් ළඟ තියෙන්න පුළුවන් ද?”

නිහඬතාවය බින්දේ හිට්ලර් විසිනි.

ඊට පිළිතුරක් නොදී දැවැන්ත දොරක් ඉදිරියේ නැවතුණු ඇබිගේල් දොරට යම් විශේෂිත ක්‍රමයකට තට්ටු කරන්නට වූයේය.

‘ඩ්‍රම් පට් පට් ඩ්‍රම් පට් ඩ්‍රම් පට්’

යාන්ත්‍රික හඬක් නගමින් දොර විවර විය. කහ පැහැති ප්‍රතිදීප්ත ආලෝකයෙන් එළිය වුණු ශාලාවට ඇතුළු වුණු හිට්ලර් සහ පිරිස දුටුවේ සිවිලිමේ එල්ලා ඇති විශාල පළිඟුමය ගෝලයක් සහ ඊට සම්බන්ධ වූ දැවැන්ත පරිගණක පද්ධති කිහිපයකි.

________________________________________________________________

මුල්ලුවක් අතින් ගත් යුදෙව් සේවකයෙක් නිවෙසින් පිටතට පැමිණියේය. මදකට එකතැන නැවතී සිටි ඔහු ඊළඟ නිමේෂයේදී සිහිවිකල්ලෙන් මෙන් ඒ මේ අත කැරකෙන්නට විය. කිහිපවරක් උඩ පැන, අසල තිබූ රෝස ගසකින් මලක් කඩාගත් ඔහු වියරුවෙන් එහි පෙති කඩා ඉහිරවන්නට වූයේය. නිවෙස මුරකරමින් සිටි සොල්දාදුවන් භීරාන්තව බලා සිටිද්දී අත තිබූ මුල්ලුවෙන් රෝස ගස් සිටුවා තිබූ පෝච්චිවල පසට ඇනගෙන ඇනගෙන ගියේය. ඊළඟ මොහොතේ මුල්ලුව අමෝරාගත් යුදෙව්වා අසල සිටි හමුදා භටයෙකු වෙතට පැන්නේය.

කන් බිහිරි කරවමින් වෙඩි හඬක් නැගිණි. ඈතින් ඇසෙන ෂෙල් හඬ මොහොතකට යටපත් වී ගියේය.

“හඃ හඃ හඃ හා..!”

පොළොවෙන් අඩි සියයක් පමණ යට සිට හිට්ලර් නැගූ වියරු සිනා හඬ මියගිය සේවකයාටවත්, තවමත් දුම් දමන රයිෆලය ඉදිරියට දිගු කරගෙන සිටි හමුදා භටයාටවත් ඇසුණේ නැත.

________________________________________________________________
මෙතෙක් මිනිසුන්ගෙන් පිරී තිබුණු සාකච්ඡා කාමරය දැන් හිස්ව ගොසිනි. එහෙත් තවමත් ගුවන් විදුලි යන්ත්‍රය ක්‍රියාත්මක වෙමින් තිබේ.

“මිත්‍ර හමුදා සහ සෝවියට් හමුදා ඉතා වේගයෙන් ජර්මන් බලප්‍රදේශ අත්පත් කරගනිමින් සිටිති. ස්ටාලින්ග්‍රාඩ් සටන ජයගැනීමෙන් ඔද වැඩුණු සෝවියට් හමුදා තව තවත් වේගයෙන් ජර්මානු SS හමුදා සංහාරය කරමින් සිටී. මේ තත්ත්වය අනුව තවත් මාස කිහිපයක් ඇතුළත හිට්ලර්ට අන්ත පරාජයක් අත්වීම නොවැළැක්විය හැක්කකි.”

________________________________________________________________
කාලය වේගයෙන් ගෙවී යයි. යුධ ගිනිදැල්වලින්, ලෙයින් හා දුක් අඳෝනාවන්ගෙන් වැසී තිබුණු පරිසරය ඒ වෙනුවට නිල්වන් ගහකොළින්, අලංකාර නිවාසයන්ගෙන් හා ප්‍රීතිමත් එහෙත් කාර්යබහුල මිනිසුන්ගෙන් පිරී යමින් පවතී. සියල්ල වෙනස් වද්දී වෙනස් නොවී තවදුරටත් එලෙසම පවතින්නේ එක්තරා නිවසකුත්, ඒ වටා පිහිටි සරුසාර රෝස වගාවකුත් පමණි.

________________________________________________________________
“ඔයාට ඒක කියන්නම වෙනවා.” මෙලීසා විසල් කරගත් දෑසින් ජෝෂුවාගේ මුහුණට එබුනාය.
http://beyond-the-galaxy.blogspot.co.uk/2015/10/SubjugationPart5.html#sthash.tJkNBnvC.dpuf

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල