විද්‍යා හා තාක්ෂණ

වයස්ගත වීමත් සමග බලපාන මානසික සෞඛ්‍ය ගැටලු.

Off

වයස්ගත වීමත් සමග පුද්ගලයාගේ මානසික සෞඛ්‍යද පිරිහේ.යම් යම් මානසික ව්‍යාකූලභාවයන් මේ සමග ඇතිවන්නට පටන් ගනි.ඒ අතරින් බහුලවම දැකිය හැක්කේ විෂාද තත්ත්වයයි.දිගින් දිගටම දොම්නස් බවින් යුතුව සිටීම,කලකිරීම,ශෝකි බව, ඒවැනි තත්ත්වයන් දිගින් දිගටම පැවතීම මෙහි ලක්ෂණයන්ය.සාමාන්‍ය වැඩකටයුතු කෙරෙහි උනන්දුවක් නොදක්වන තරමට මෙය වර්ධනය විය හැකි අතර ජීවත් විමට වඩා අපේක්ෂා කරන්නේ මරණයයි. වෙහෙස නොවුවද නිතර වෙහෙස කාරි බවක් දැනිය හැක.එනිසාම පුද්ගලයා උදාසීන කෙරේ.තමන් කිසිඳු වටිනාකමක් නොමැත්තකු සේ හැඟි යා හැක.නිරන්තරයෙන්ම අසුභවාදි ආකල්ප ගොඩනගනු ලබන අතර අසරණ බවක් ආරූඪ කරගනි.නින්දෙහි අක්‍රමවත් බව,නින්ද නොයාම දැකිය හැක.කුසගින්න දැනුනද කෑම අරුචිය ඇති විය හැක.මෙහි දක්වා ඇත්තේ ප්‍රධාන ලක්ෂණ කිහිපයක් පමනක් වන අතර මෙයට අමතරව තවත් ලක්ෂණ දැකිය හැක.වයස්ගත් වීමත් සමග ඇතිවන විෂාද තත්ත්වය පිළිබදව අවධානය යොමු කිරිමේදි එවැනි තත්ත්වයක් ඇතිවීම කෙරෙහි බලපෑ හැකි හැකි කරුණු කිහිපයක් දැකිය හැක.එනම්

ඒකාකාරි ජීවන රටාවක් ගෙවා තිබිම.
තෘප්තිමත් ජීවිතයක් ගෙවා නොතිබීම.
තරුණ වයසේ යම් යම් අමිහිරි සිදුවීම් නිරන්තරයෙන් මතකයට නැගීම.
සෞඛ්‍ය තත්ත්වය පිරිහී යාමත් සමග ඇතිවන දොම්නස.
තමාගේ කටයුතු කර ගැනීමට නොහැකි විමෙන් ඇතිවන දොම්නස
නිරන්තරයෙන්ම රෝගාබාධ වලින් පීඩාවට පත්වීම.
සමාජීය තත්ත්වයන් අහිමී වී හුදකලා වීම.
මූලික අවශතා සපුරා ගැනීමට නොහැකිවී ජීවිතය දුෂ්කර වීම.
දරුවන්ගේ පවුලේ අන් අයගේ අවධානය නොලැබුනු විට ඇතිවන දොම්නස.

මේ ආකාරයෙන් ජීවිතය පිළිබදව කලකිරීමක් ඇතිවන ජීවත් වීම එපා වන ඕනම කරුනක් මෙයට අදාල විය හැක.මෙය පාලනය කිරිම සඳහා ඖෂධ ප්‍රතිකාර මෙන්ම මානසික ප්‍රතිකාරද එකසේ වැදගත්ය.

ප/සු

මාසයක් පැමීනීමට නොහැකි වූ හෙයින් නත්තලට මෙන්ම 2016 නව වසරට සුභ පැතීමට නොහැකි විය.ප්‍රමාද වී හෝ සුභ පැතුම් එක් කරමි.

http://manomandira.blogspot.co.uk/2016/01/blog-post.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල