කෙටි කථා

සර්පයාගේ කොලම 6

Off

සර්පයා, වන දෙව්ලිය හා සාපය

සර්පයන්ට ඒ කාලේ කතා කරන්නට බැරිය. දවසක් සර්පයාට වන දේවතාවියක් හමුවිණි. මේ දේවතාවිය සර්පයාට සාප කළේය. සාපය නම් සර්පයා හිතන දේවල්, සර්පයාට දැනෙන දේවල් තනියම හිත් පොජ්ජ පල්ලේ හංගන් ඉන්නේ නැතිව අනෙකුන්ටත් ඇසෙන්නට කියන්නට පුලූවන් වෙන්නය කියාය.
එදා සිට සර්පයාටත් කතා කරන්නට පුළුවන් වුණේය.

මේකෙන් පහු සිදුවූයේ මාරම එකකි. සර්පයා හිතුවේය. ඒ හිතන ඒවා කියුවේය. එහෙත් ඒ හිතන ඒවා කිව්වේ විතරක් නොවේය හිතුවේද කියන වචනවලින්මය. ඒත් කිව්වාම කියන්න බැරි වෙච්ච ,වචන නැතිවෙච්ච ඒවා සෙම අමාරුවකට උතුරේ කාරම් බැ`දී තිබෙන කලක මෙන් තැවරි තැවැරී තිබුණේය. කියා ගන්න බැරිවෙච්ච ඒවා පමණක් නොවේය හිතාගන්න බැරි වෙච්ච ඒවාත් ඒසේමය. හිත් පත්ලේද කාරම් බැ`දී මෙන්ම තිබුණේය. උගුරේ ඇනී තිබුණු කට්ටක් මෙන් තිබුනේය. හැමදාම කෙවි කෙවී පැරි පෑරී තිබුනේය.

අන්තිමේ කොච්චර කතා කළත් සර්පයාට ඕනේ දේ නම් නොකියවුනේමය. අනෙකා වෙන එකක් හිතා ගත්තාම සර්පයා පැහැදිළි කළේය. එකතු කළේය. නිවැරදි කළේය. ඒත් අන්තිමේ එකම සන්තෑසියමය. ඒ නිසා හැමදාම කතා කරන්නට සිදුවිය.
දවසක් සර්පයාට මුගටියෙක් මුණ ගැසුනේය.

ඒ වෙනකන්ම සර්පයා වන දෙව්ලියගේ සාපයේ බරපතලකම වටහා ගෙන නොවුන්නේය. නමුත් මේ මුගටියා සමග ගොඩ නැගුණු කතිකාවතින් පසු සර්පයාට සහලෝලා උණත් ගැණිනි. වන දෙව්ලිය වන දෙව්ලියක්ද සැබැවින්ම නම් යක්ෂණියක්දැයි යන්න ගැන සර්පයාගේ හිත් පොජ්ජ හෝන්දු මාන්දුව එකෙල මෙකෙල විය.

සර්පයා හ`ඩ අවදි කළ සැණින් සර්පයාගෙන් පිට වුණේ සර්පයාගේ හ`ඩ නොවේය. මුගටියාගේ කටහ`ඩය. හ`ඩ අවදි කරන්නට දෙයක් නොවුනේය. හිත අවදි කළද ඒ සැණින් ඒ හිතද සර්පයාගේ නොවුනේය. මුගටියාගේ වූයේය. මෙය වැටහුණු සැණින් සර්ප ශරීරය මුකුලිතව හේබා ගියේය. එසැණින් උහු මුගටියා ආරම්මණයට ගත්තේය. මුගටියා කතා කළේද සර්පයාගේ වචන මිස මුගටියාගේ වචන නොවේ. උගේ සිත බලන්නට විදිහක් සර්පයාට නොවුනේය: සර්පයාට තමාගේ හිතවත් බලා ගත නොහෙන කොට ……?

සර්පයා සුරුස් ගා කතිකාවේ එළිමහනින් සිය තුඹස තුළට වැදුනේය.

සර්ප සිත මඥ්ඥංය. උහුට විෂ්ණු දෙවියන් බට කොල කෑ හැටි සිහි විය. විෂ්ණු දෙවියන් බටකොල කෑයේ සෙනසුරු අපලෙටය. සර්පයාටද සෙනසුරු අපලය ලබා ඇත. උපන්දා සිටය. ඒත් ඒක ගෙවෙන පාටක් නම් නැත. මාසෙ මාරු වෙනවා හේ ගිරහයන් මැරු වුනත් අපලයන් නම් එහෙම්මමය.

සර්පයා මියෙම්වා රැකෙම්වායි කියා තුඹසින් එළියට වුත් වට පිට බැලූයේය. ඒ බලනා ස`ද සර්ප තෙම අ`දු කොල යායක් දුටුවේය. උහු කොනක සිට අ`දුකොල කාගෙන කාගෙන යන්නට විය.

අඳුකොල යායම කෑ සර්පයා යළි තුඹසට වැද නින්දට වන්නේය.

සිහිනෙන් මෙන් ඔහුට සේකරගේ කටහ`ඩ ඇසුණේය..

‘ගත වූ තුන් දිනකුත් අඩ දින තුළ
මූර්ජාව සිටියෙය තොප.
මූර්ජාව පහ වූ විට
තොපට මෙසේ සිතෙන්ට ඇත. ’

මූර්ජාව පහ විය එහෙත් සර්පයාට කිසිවක් නොසිතුනේය. සිතෙන දේවල්වලට සර්පයා බිය විය.

සිතිවිලි යනු මුගටින් යැයි නම් සර්පයාට සිතුනේය.

සංසාරේ හැමදෙයක්ම විපර්යාස වී අවුලක් මෙන් සර්පයාට දැනුණේය.

‘අපි දෙන්නා වෙනස්. මං ඔයාට ආදරෙයි. කවදාවත් කවුරුවත් මට මේ විදිහට ආදරේ කරලා නෑ. ඒත් අපි දෙන්නා වෙනස්. මං තනිව ඉන්න ආසයි. මං තනියෙන් හැදිච්ච කෙනෙක්. ඔයා එහෙම නෙමෙයි.‘

ඇගේ කටහඬ සර්පයාට ඇසුනේය.

‘ඔව්. අපිට වෙන කෙනෙක් වෙන්න බෑ. ඒ නිසා අපිට එකට ඉන්නත් බෑ.’

සර්පයා කීවේය.
‘ඔව්. ඉතින් අපි දෙකට ඉමු.’

ඈ කීවාය.

‘ හැමෝම යාන්තමට සැහැල්ලූවට ගන්න දේවල් ඇයි ඔයා ද`ඩු අ`ඩුවක් වගේ තදට අල්ල ගන්නෙ?’

රෝස මලක් වන් මුහුණක් අති සර්පයාගේ මනෝ වෛද්‍යවරියගේ කටහඬ උගේ චර්ම පටහ පටලය මත ප‍්‍රකම්පනය විය.

‘ඇයි ඔයා හැමදේම කෑලිවලට කඩ කඩා බලන්නෙ? ඒකෙන් සතුටක් ලබනවද?’
ඈ නැවත ඇසුවාය.

සර්පයා දෙකට ඉන්නට සිතා ගත්තේය.

සර්පයා පෙනය ඔසවා හීන් සීරුවේ හුඹස් කට දෙසට හැරෙව්වේය. ඉන් ආ එළියෙන් සර්ප දෑස් නිලංකාර විණි. යළිත් ඒ මැදින් යම් යම් හැඩ රටා පෙනෙන්නට වන්නේය.

හුඹස් කට ඉදිරියේ වන දෙව්ලිය සිටගෙන හුන්නේය. ඇය සිතන දෙය සර්පයාට හැ`ගුනේය. ඇය කතා නොකරයි. ඇය කතා කරන්නේ නොමැත්තේ මන්දැයි සර්ප සිත විපිළිසර විණි. සර්පයාට කටහ`ඩ දුන් මේ වන දෙව්ලිය ගොළුය. ඒ මන්ද?

සර්පයාට කාරණේ තේරෙන්නට ගත්තේය. ඇයට කතා කරන්නට හැකි වී නම් ඇයට වන්නේද ඇය කළ සාපයෙන් තමාට වූ දෙයම නොවේදෝහෝයි සර්ප සිතට නැගුනේය.

කසින් කස් බෝවෙන්නා මෙන් බසින් බස් බෝවෙන්නේ ඇයිදැයි සර්පයාට වැටහුණේය. දෙබසින් දුක වැඩි වන්නේ මන්දැයි උහු පසක් කොට ගත්තේය.

බස යනු විෂබීජයකි. ඉන් උගුරු ආසාදනය වේ. එතැන් සිට උගුරේ කට්ටක් ඇණුනු මෙන්, උගුරේ කාරම් බැඳුනා මෙන්, කෙතරම් උගුර පෑදුවත් කෙතරම් කැස්සත් පහව නොයන යමක් සේ පෑරි පෑරී කෙවි කෙවී තිබෙනා යමක් සිත් පතුලේ අනන්ත ගැඹරේ ඉතිරිවේ. ගැහැණියක ළ`ග සියළු පුරිස් සතුන් සොයන කිසිදා හමු නොවනා මායාමය රන්¥ලි රජස් රොන සේ ඒ සංසාරයේ අනන්තයට සෑම මොහොතකම ගසා ගෙන යයි.

මුගටියා හුඹස් කටින් ඔළුව ලා සර්පයාට මෙසේ කීවේය.

‘සර්පයෝ උපාධි නිබන්ධනයක් තියනවා ලියන්න.’
‘වචනෙකට රුපියල් තුනායි.’
සර්පයා කීවේය.

කේ.කේ.සමන් කුමාර

උපුටා ගැනීම – http://www.lankadaily.lk/

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල