අතීතකාමය

සුන්දර බදුල්ලේ ඈත පිහිටි සීතල ගම්මානය

Off

සුන්දර බදුල්ලේ ඈත පිහිටි සීතල ගම්මානයකි. හෙල්මළු ආකාරයට සැකසූ සරු කුඹුරු යායකින් වට වූ උස් කන්දකි. කදු මුදුනේ සරල නිදහස් නිවස්නකි. පහල කුඹුරු වෙත ජල බස්නාවකින් යුතු පිරිසුදු සීතල දිය හඩ නගමින් ගලා බසින දොලකි.
කදු මුදුනේ ගිණි මැලයකි. රාත්රී නමය පසුව සද එළිය විසිරී ඇත. දිවා කල වැසි ඇද වැටී පහත කුඹුරු තීරු යාන්තමට වැසි ජලයේ ගිලී ඇති සේය. සීතලින්, සුවදින් යුතු පිරිසිදු සුළග දසත හමා යයි. ගිණි මැලය වටේ කොල්ලන් රැලකි. ගානකට රත් වී ඇත්තේ මුත් වදන් පෙළහර අරුත්බරය. නිදහස් රැයකි. අදහස් ගලනුයේ වාන් දමමිනි.
මචo මට මේ හදිස්සියෙ මාර කේස් එකක් මාට්ටු උනානේ.
හැහ්. කියහන් බලන්න.
නෑ මo මේ කල්පනා කලේ අපි මෙච්චර වෙලා මෙතන හිටියා. මෙච්චර කන් අඩි පැලෙන සීන් එකක් මේ අවට වෙලත් අපිට යන්තම් වත් දැනුනේ නෑනෙ.
මොකද්ද උනේ? $#
යකෝ හද වැටිලා පහල කුඹුරට !
හික්. බොට පිස්සුද හිවලෝ. යකඩෝ එහෙනම් සද්ද බද්ද නෙමෙයි. ලෝකෙ හෙල්ලෙයිනෙ.
ඒකම තමයි මාත් කියන්නෙ. අපිට නිකම්වත් දැනුන් නෑනෙ. වස ලැජ්ජයි බo.
කතාව ඇත්ත. අර තියෙන්නෙ හද; පහල කුඹුරෙ රන් තැටියට දිලිසි දිලිසි. බලපන්කො ඉතින් අපිත් පින් කලානෙ හැබෑටම මෙච්චර ලගට හද බලා කියා ගන්න.
අම්මට හුඩු! යකෝ හද කුඹුරට වැටිලනම් අහවල් එකක්ද අර අහසෙ බැබළි බැබළි තියෙන්නෙ බොල?
හැමෝම උඩ බලති. බලාපොරොත්තු කඩ වීමකි. තව අඩියක් ගසා කතා කල යුතු බැරෑරුම් සoකල්පයකි.
රායිට් මෙහෙමයි. දැන් මට අවස්ථාව ලබා දෙන්න මහතුනි මේ සoකීර්ණ පුරස්නය විග්රහ කිරීමට. චන්දරයා යනු ගෝලාකාර වස්තුවකි. ජීවයක් ඇති දැයි යන්න තවමත් තහවුරු කර නැත්තේ මුත් පර්යේෂණ සිදුවෙමින් පවතී. සූර්යයාගේ ආලෝකය හේතුකොට ගෙන ආලෝකමත් වී අප පෘතුවිය වටා භ්රමනය වෙමින් ක්ෂීරපථයේ පරිභ්රමනය වෙමින් පවතී. මගේ දැනුමට අනුව විග්රහ කරනවා නම් සිදු වී ඇත්තේ අජඨාකාශයේ සිදු වූ යම්කිසි අලකලoචියක් හේතු කොට ගෙන හද දෙකට මැද්දෙන් කැපී එක පළුවක් අනවරත පරිභ්රමනයේද අනෙක් පළුව අපට පහළින් ඇති කුඹුරු යායට වැටීමයි. ප්රශ්න තියනවද?
කට්ටියම රිලවා නැතිවූ අහිකුණ්ටිකයන් සේ අන්දොස් වී බලා සිටිති.
ප්රශ්නයක්මත් නෙමෙයි මට තියනව පොඩි අවුලක් ලිහා ගන්න.
කියපo බලන්න.
නෑ මo මේ කල්පනා කොලේ මචo. හදේ හාවො දෙන්නෙක් හිටියද කියල. හොදට බලපන් අහසෙ හදෙත් හාව ඉන්නවා. අර බලපන් කුඹුරෙ හදෙත් හාව ඉන්නවා. මේක වෙන්න පුළුවන් කෙළියක්ද ඕයි.
හ්ම්. ඉතාම වටිනා පුරස්නයක්. මම හිතන්නෙ හදේ හාවො දෙන්නෙක් ඉන්ට ඇති මයෙ හිතේ. පොඩි කාලෙ දහම් පාසලේදි සස ජාතකේ උගන්නපු ගුරුන්නාන්සෙට අමතක වෙලා එක හාවෙක් ගැන විතරක් කියන්න ඇති.
ඉතිo ආයිබොවන්ඩ අපිත් මෙච්චර කාලයක් දැක්කෙ එක හාවයි නොවැ.
හරි බොලව්. එක හාවෙක් හදේ අපිට පේන පැත්තෙ. අනිත් හාව අනිත් පැත්තෙ.
හැක් හැක්. හොද වෙලාවට හාවියොම දෙන්නෙක්ම ඇදල තියෙන්නෙ.
උඹ කොහොමෙයි ටක්කෙටම කියන්නෙ හාවියොම දෙන්නෙක් කියල. ඇයි හාවයි හාවියි වෙන්න බැරිද? හාවොම දෙන්නෙක් වෙන්නත් පුළුවන්නේ බොල බූරු පුතෝ.
මලාට එහෙම වෙන්න බෑ. හාවයි හාවියෙකුයි නම් ඔහොම දෙපැත්තට වෙලා ඉන් නෑ. පවුල් පන්සල් වෙලා ලමයි බමයි හදාන ඉදියි. හාවොම දෙන්නෙක් නම් අනිවා රෑට පොඩි ෂොට් එකක් ගහන්න සෙට් නොවී ඉදීද?
හාවියො දෙන්නා ඉතින් ගණන් උස්සගෙන, දෙන්න දෙපැත්ත බලාගෙන ඇති අනිත් එකී ඉස්සෙල්ල කතා කරයි කියල.
ඉතාම උත්කෘෂ්ඨ තර්කයක් මචo මට හරිම සතුටුයි. ඒක නෙමෙයි උඹලට මතකද අර සිප්සයුරෙ ක්ලාස් එකේ හිටපු සිරිමාවෝ එකේ හාවි?
අනේ මේ විකාර කතා නොකර හිටපo. බයිට් කන එවුන් හිමිහිට කාපල්ලා තව ඉතුරු වෙලා තියෙන්නෙ ඇපල් විතරයි.
තිළිණ හිරිපිටිය

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල