කාලීන සංවාද

විභාග ,අධ්‍යාපනය සහ අනවශ්‍ය කථාවක් – කොමෙන්ටු පෝස්ටුවක්

Off

ඔමාගේ ලිපිය කියෙව්වම මට වක්කඩ කැඩුවා වාගේ එක එක අදහස් මතක් වේගන මතක් වේගන ආව. ගොඩක් දවස්වලට වෙන්නේ ඒ හිතෙන දේවල් එහෙම්මම හිතෙන්න ඇරලා, ලොකුවට ඔලුව ඇතුලේ සංවාදයක් ගොඩනගලා ආයෙත් ඔලුව නමාගෙන ඔෆිස් වැඩක් කරන එක උනත් මම මේ පාර හිතුවා ඒ මොහොතේම ලියල දන්නා ඕනේ කියල මට හිතෙන දේවල්. නැත්තම් මේ දැන් හිතෙන දේට වඩා සමහර දේවල් ( පොඩි පොඩි සරල තර්ක මිසක් මුලික තර්ක නෙවෙයි) ටික වෙලාවකින් වෙනස් වෙන්න පුළුවන් මටත් පුදුම හිතෙන විදියට.

ඕමා ලියලා තිබ්බ ගලායාමට අනුවම මමත් ලියාගෙන යන්නම්.

මුලින්ම එයාගේ අවධානයට ලක්වෙලා තිබ්බේ ළමයින්ගේ බාහිර ස්වරුපය. ඇත්තටම බැලුවම ලංකාවේ ඉස්කෝලේ ළමයින් කුඩුවේ දාල හදන චිම්පන්සි වගේ. මමත් ඒ කාලේ එහෙම හිටිය නිසා මට මතකයි. නමුත් මගේ මතය නම් ළමයෙක්ට ඉස්කෝලෙකට යුනිෆෝම් එකක් ලැබෙන එක වටිනවා වෙනත් ඇඳුම් වලට වඩා ( ලංකාවේ හැටියට). ඒකෙන් ළමයා හඳුනාගන්න ලැබෙනවා පහසුවෙන්. ලංකාව වගේ රටක ළමයි නිදහසේ හැදෙනවා අඩු හින්දා ඒ ක්‍රමයට පිටින් යන්න ගියොත් ඉතින් වැඩේ කොයිල් වෙන්න ඉඩ තියෙනවා. නමුත් මගෙත් අදහස ළමයාගේ යුනිෆෝම් එක උනත් පොඩි පොඩි වෙනස්කම් එක්ක තිබ්බොත් හොඳයි. කොටින්ම සමහර ඉස්කෝලවල ටයිපටි හිරකරගෙන ඉන්න එක වදයක්. ඊට වඩා සරල යුනිෆෝම් එකක් ලැබෙනවා නම් වටිනවා.

අනිත් දේ තමයි එක එක ෆැෂන් කරන එක. එතැනදී නම් මමත් හිතන්නේ එහෙම නොකලාට කමක් නැහැ කියලා. එක හේතුවක් තමයි ඉස්කෝලවල ඇති-නැති පරතරය ඒකෙන් ( ලංකාවේදී) ඉස්මතුවෙන්න පුළුවන් නිසාත් එයින් අනවශ්‍ය ප්‍රවනතාවයක් ඇතිවෙන්න පුළුවන් නිසාත්. ඕමා ඒ ගැන කියලා තිබ්බ, මට ඕනේ කලේ එය තහවුරු කරන මගේ අදහසත් ලියල දාන්න.

ෆෝන් සම්බන්ධයෙන් නම් මගේ මතය අහසට පොලව වගේ. මම කියන්නේ ෆෝන් ඇත්තටම ළමයින්ට ඕනේ නැහැ. ඒ වෙනුවට වර්බල් කමියුනිකේෂන් ඉතාම වැදගත් කියලා. හදිසි පණිවිඩයක් හරි තොරතුරු හුවමාරුකිරිල්ලකට ඇරුනුවිට දුරකතනක් ළමයින්ගේ විතරක් නෙවෙයි වැඩිහිටියන්ගේ පවා මානුෂික සම්බන්ධතා මැද්දට එනවා. සමහර වෙලාවට ‘ඕනේ නම් මට කෝල් කරන්නේ නැතෑ’ කියල හිතන දරුවන් දෙමවුපියන්ට නොකියාම එලියට යාම උනත් සැලකියයුතු මට්ටමක තිබෙනවා.

ගුරුවරු වට්ස් ඇප් භාවිතා කරලා කරන සංවාද හොඳයි, ඊට වඩා වටින්නේ වර්බල් කමියුනිකේෂන් කියලයි මම හිතන්නේ. ‘පහසුව’ කියන දේ උනත් නොදැනීම අපිව අපෙන් ඈත් කරනවා කියලයි මට හිතෙන්නේ. ලංකාවට මෙය එතරම් ප්‍රයෝගික නැහැ. එක ප්‍රභල හේතුවක් තමයි කාගේත් තියෙන නොහික්මුණ භාවය. ඒ කියන්නේ මොකක් උනත් අවභාවිතා කරන්න තමයි වැඩිපුර පෙළඹෙන්නේ. ළමයාගේ සිට වැඩිහිටියා දක්වා පෙනෙන්නට තිබෙන්නේ එයයි. ඒ හින්දා කිහිප දෙනෙක් එකතු කරන ගොම වලින් කිරි කළයම නැතිවෙන්න තියෙන ‘බය’ මගේ තුලත් තියෙනවා.

විභාග ගැන නම් ඉතින්……
විභාග තිබේ එක හොඳයි. තියන විදිය තමයි නරක.

කොටිම්ම බලන්න ඔමා කියන විදියට, තමන්ගේ ආසන්නතම ඉස්කෝලෙට තමයි ළමයි යන්නේ. ලංකාවේ එහෙමද? පුළුවන් තරම් දුර, තරු පන්තියේ ඉස්කෝලයක් තමයි හොයන්නේ. ඉතින් ඉස්කෝලේ බස් එක තියා ත්‍රීවිල් එකක්වත් එන්නේ නැති ඩොටේ ගෙදර ඉඳන් ලමයව ඒ ඉස්කෝලෙට යවන්න මාර කට්ටක් හැමෝම කන්න ඕනේ. ඉස්කෝල බස් නම් ඔය තියෙන්නේ. නමුත් ඒවා ප්‍රමාණවත් මදි.

විභාග ගැන නම් මට හරියටම වචනයක් කියන්න අමාරුයි. ක්‍රමේ හොඉන්ද නැති බව දන්නවා. නමුත් මට යෝජනා කරන්න තියෙන ක්‍රමේ එක්ක මගෙත් කාලෙන් කාලෙට මතගැටුම් එනවා. දැනට නම් මට හිතෙන්නේ continuous assessment විදියට විභාග පවත්වනවා නම් හොඳයි කියල. හැබැයි ඉතින් මම වගේ ඔහේ ඉඳල විභාග ලියන උන්ට අබ සරණ වෙන්න ඉඩ තියෙනවා.

ඔය මොනවා කිව්වත් ගිරවුන් ලෙස ඉගෙන ගන්න උන් ලකුණු වැඩියෙන් ගන්න තියෙන ඉඩ ලංකාවේ අහුරන්න බැරි, ඒ ජාතියෙන් තමයි ප්‍රශ්න අහන්නෙත්. කොටිම්ම ඔය පොඩි දරුවන්ගේ විෂයන් උගන්නනකොට රබර් ඇට , මදටිය ඇට වගේ දේවල් පවා හඳුනාගන්න ඕනේ උනත් ඕවා අහටවත් දැකලා නැතුව, පින්තුර වලිම්ම ඉගෙනගන්න ළමයින් ඉන්නවා. ඉතින් ඒවායේ පරමාර්ථ ඉෂ්ඨවෙනවාද කියන එක ප්‍රශ්නයක්.

ඉස්කෝලෙන් පස්සේ හමුදා පුහුණුවක්? හික් හික්… ලංකාවෙත් කාලයක් ඔය ප්‍රින්සිපල්ලට දුන්නේ හමුදා පුහුණුව. මොකද උනේ? මට මතකයි ඒ දවස්වල ඕසෙට බුලට් වැල් කරේ දාගත්ත ගුරුවරු කියමින් ඇති පදම් බෙරිහන් දුන්නා. හමුදා පුහුණුව කිව්වම වෙඩි තියෙන එක විතරයි කියලමයිනේ හිතන්නේ. එහෙම හිතන මිනිස්සු, නිකමට හිතන්න තමුන්ගේ ළමයා එහෙම පුහුණුවකට යවනවා කිව්වම ( කොටිම්ම සෙල්ලම් පිස්තොලයක්වත් ළමයින් නොදෙන) , අම්මෝ.. ආණ්ඩු පෙරලෙයි එක රැයින් ! අර ස්වේච්චා වැඩේ නම් මමත් උඩින්ම එකඟයි. ළමයින් පොඩි කාලේ ඉඳලම එහෙම දේවල් වලට යවන්න ඕනේ. අඩුම තරමේ රජයෙන් මැදිහත්වෙලා හරි. මොකද එතරම්ම මිනිස්සු අනුන් ගැන අසංවේදීයි!

අර අන්තිමට කිව්ව ළමයාගේ අම්මගේ, ලංකාවේ වර්ෂන් එක මම කියන්නද?

(ඕමා අර ලමයි එක්ක උන්නා දැක්ක කියල කිව්වා ගමන්)
වටපිට බලමින්, මුනත් කළු කරගෙන
මොරාන්ගේ සිංහල අම්ම: “ආනේ.. ඇත්තද… අපේ ළමයාගේ පිස්සු වැඩනේ.. හි හි හි… ඔය විනොදෙට කරන්නේ. මම ඔන්න ඔහේ යන්න ඇරියා. සල්ලි වැඩක් නැහැනේ අනේ. නේද?”
ඔමා : “අඃ ”
මොරාන්ගේ සිංහල අම්ම: ” එයා දැන් අර ******* (පොෂ් රෙස්ටුරන්ට් එකක් ලු ඈ ) මැනේජ්මන්ට් ට්‍රේනි යනවනේ. ඔක්කොම ඉන්නේ ඉන්ටනැෂනල් ස්කුල්ස් වලින් අවුට් වෙච්ච ඩිසන්ට් කට්ටිය අනේ. එයාගේ පොකට් මනි වලට ඕනේ ගාන එයා හොයාගන්නවා. ඔයා දන්නවද එයා පලවෙනි සලරි එකට කට්ටිය ඔක්කොම පර්ටියක් දැම්ම අනේ හිල්ටන් එකේ. පාර්ටි එකට ගත්ත ගවුමම තිස්දාහක්. අපි ඉතින් එයාට කාර් එක දීලා තියෙන හින්ද කැමති වෙලාවක යන්නත් පුළුවන් නේ. අනේ.. එදා එය එහනොට පාන්දර තුනයි මෙයා…. ඉස්සර වගේ නෙවෙයි හරි බිසී..”
ඔමා : “යන්නං ඇන්ටි…”
මොරාන්ගේ සිංහල අම්ම: ” එයාව අපි යුකේ යවන්නවා අනේ.. මෙහෙ ඉඳල වැඩක් නැහැනේ… එහෙ ගිහින් ඩිග්රි එක කම්ප්ලිට් කරලා….”
ඔමා : “යන්නං ඇන්ටි… බායි.. පරක්කු වෙනව ”

බීප්…. බීප්….

 

http://upekshad.blogspot.co.uk/2016/01/blog-post_57.html

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල