නව ව්‍යවස්ථාව, විශේෂ

ව්‍යවස්ථා සංශෝධනයට යෝජනා 2

1

ව්‍යවස්ථා සංශෝධනයට යෝජනා 1

අද පෝස්ට් එකෙන් ව්‍යවස්ථා සංශෝධනයට කෙළින්ම සම්බන්ධයක් නැති වුණත් සමාජයේ තිබෙන විශාල ප්‍රශ්ණ සහගත අංශයක් වන අධ්‍යාපන ක්ශේත්‍රයේ වැඩි වියදමක් නොමැතිව කරන්න පුළුවන් දේවල් ටිකක් ගැන ලියන්නම්. මේවත් බ්ලොග් කරුවන් ඉල්ලන ඉල්ලීම් වලට ඇතුලත් කර ගත්තට පාඩුවක් නම් වෙන එකක් නැහැ.

පාසැල් වලට ළමුන් බඳවා ගැනීමට විනිවිද භාවයෙන් යුත් ක්‍රමයක්

අද රටේ තියෙන ලොකු ප්‍රශ්ණයක් තමයි පාසැල් වලට ළමයින් ඇතුලත් කරගැනීමේදී මුදල් නිසා සහ දැන ඇඳුණුම් කම් නිසා එවන් දේවල් අඩු අයට වෙන අසාධාරණය. මේ සඳහා තාක්ෂණයෙන් විසඳුමක් දීම අපි හිතනවාට වඩා පහසුයි. මෙම යෝජිත ක්‍රමය ආරම්භ කළ යුත්තේ ළමයාට අවුරුදු පහ පිරීමට ආසන්නයේ නොව අවුරුද්ද පිරෙන විටයි. මව්පියන් කළ යුත්තේ ළමයාගේ විස්තර සහ අයැදුම් කරන පාසැල් සහ පදිංචි ලිපිනය අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ කරුණ සඳහාම පිහියුවනු ලබන වෙබ් අඩවියකට ඇතුලත් කිරීමයි. අන්තර්ජාල පහසුකම් නැති අයට අදාල ප්‍රාදේශීය සභා කාර්‍යාල වල නොමිලේ සහ සුළු මුදලක් ගෙවා එය කරදීමට ඉදිරිපත්විය හැකි තරුණ ව්‍යවසායකයින් හරහා එසේ විස්තර ඇතුළු කල හැකිය. අදාල පාසැල් විසින් ඔවුන්ට ඇතුළුකර ගතහැකි ළමයින් සංඛ්‍යාව අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම්දිය යුතු අතර එම සංඛ්‍යාව අඩුම වශයෙම් පෙර වසරේ ඇතුලත් කරගත් සංඛ්‍යාවට සමාන හෝ වැඩි විය යුතුය.

හැම අයැදුම් කරුවකුටම අංකයන් ලැබෙන අතර පටිගත කරන සහ ස්වාධීන අය නිරීක්ශණය කරන අහඹු තෝරාගැනීමේ ක්‍රමයක් (ලොතරැයි දිනුම් අදින ආකාරයේ යන්ත්‍රයකින්) එක් එක් පාසැලකට තොරාගන්නා සිසුන් නිර්ණය කළ හැක. එම තෝරාගැනීම් වෙබ් හරහා ප්‍රසිද්ධ කලවිට ඒවාට විරුද්ධතා දැක්වීමට කාලයක් දිය යුතුය. මෙහිදී බොරු ලිපිනයන් දීම සහ බොරුවට පැමිණිලි කිරීම යන දෙකම දඬුවම් ලැබිය යුතු වැරදි වනු ඇත. බොරු ලිපිනයක් දී ඇති අයකු හසු වුවහොත් එම දරුවා ලැබුණු පාසැලේ ලැයිස්තුවෙන් ඉවත් කර වෙනත් ඉඩ ඉතිරිවී තිබෙන පාසැලකට අනුයුක්ත කරනු ඇත.

මෙසේ තෝරාගැනීම් ළමයින් අතර සුහදව හුවමාරු කරගත හැකි විය යුතුය. උදාහරණයකට ජාතික පාසැලක් ලැබුණු දුප්පත් දරුවකුගේ දෙමව්පියන් මුදලක් ලබාගෙන එය හුවමාරු කරගැනීම සිදුවිය හැක. මෙවිට එම මුදල් යන්නේ දුප්පත් පවුලකට මිස අතරමැදියෙකුට හෝ විදුහල්පතිවරයෙකුට නොවේ. වකුගඩු විකුණාත් මුදල් සොයන දුප්පතුන් සිටින විට මෙවන්නක් ‘විකුණා’ මුදල් ලබා ගැනීම වරදක් නොවන බව මගේ හැඟීමයි. එසේ මාරු ලබා ගැනීමට කැමති අයට ඔවුන්ගේ ඉල්ලීම් අමාත්‍යාංශ වෙබ් අඩවියට ඇතුළු කර හැකි වන අතර සුහද මාරු සඳහා දරුවන් දෙදෙනාගේම මව්පියන් අත්සන් කර එවන අයැදුම්පත් අමාත්‍යාංශයට එවීමෙන් ඒවායේ නිරවද්‍යතාවය තහවුරු කරගෙන එම මාරු ක්‍රියාත්මක කරනු ඇත. මෙම ක්‍රමයෙන් ළමයාට අවුරුදු 2 හෝ 3 පිරෙන විට ඔහුට ලැබෙන පාසැල තීරණය වන අතර අදාල පාසැල්ද තමන්ට ඇතුලත් වන ළමයි සංඛ්‍යාව ආදිය කලින් දැනගෙන සිටීමෙන් ඒ සඳහා සූදානම් විය හැක.

ඉල්ලුම්කාර දෙමව්පියන්ගේ ජංගම දුරකථන අංක හරහා අංකය, ළමයාට ලැබුණ පාසැල, සහ වෙනත් තොරතුරු ලබා දිය හැක.

5 වසර ශිශ්‍යත්වයේදී වැඩිපුරම ලකුණු ලබන ළමයින් ගෙන් 30% ඉහල මට්ටමේ පාසැල් වලට යොමු කිරීමත්, අඩුම ලකුණු ලබන 30% පහල පාසැල් වලට යොමුකිරීමත් බුද්ධිය අනුව අදාල පාසැල් වලට අනුයුක්ත වීම සිදුවේ.

ටියුෂන් ප්‍රශ්ණයට විසඳුම

අධ්‍යාපන ක්ශේත්‍රයේ තිබෙන තවත් විශාලම ප්‍රශ්ණයක් තමයි ටියුෂන්. බොහොම මුදල් තියෙන අය ගෙදරටම ගෙන්නගෙන ටියුෂන් ගන්න අතර බොහෝ දෙනෙක් පොදු අමතර පන්ති වලට යනවා. දුප්පත්ම පාසැල්වල සහ පවුල් වල අයට මේක අමාරු දෙයක්. ඒවගේම නගර වල අයට හොඳ පන්ති තිබුණත් සමහර අයට ලොකු වියදමක් දරන්න වෙනවා ටියුෂන් පන්ති තියෙන නගර වලට එන්න. මේකට විසඳුමක් දෙන්න ක්‍රම දෙකක් යෝජනා කරන්න පුළුවන්.

පළමුවෙනි එක තමයි මීට පෙර වසරේ හෝ ඊටත් පෙර වසරේ දිස්ත්‍රික්කයක උසස් පෙල විභාගයෙන් ඉහළම ප්‍රතිඵල ගත්ත ලමයි යොදවාගෙන ඒ දිස්ත්‍රික්කයේ හැම පාසැලක්ම ආවරණය වෙන ලෙස පාසැලේම පාසැල් වෙලාවෙන් පසුව (සහ සති අන්ත වල ) අමතර පන්ති පැවැත්වීම. උදාහරණයට රසායන විද්‍යාවෙන් හොඳ ප්‍රතිඵල ගත්ත දිස්ත්‍රික්කයේ ලමයි 10 දෙනෙකුට පාසැල් 30 ක විතර පන්ති පවත්වන්න පුළුවන්. කුඩා පාසැල් වල අය ලඟ තියෙන ලොකු පාසැල් වලට ගෙන්වාගන්නත් පුලුවන්. ඒ අයට යම්කිසි ගෙවීමක් අමාත්‍යාංශයෙන් ගෙවල මෙවැනි දෙයක් කළොත් දුප්පත් ලමයින්ට ලොකු සේවයක් වෙන්න පුළුවන්.

උසස් පෙල හොඳම ප්‍රතිඵල ගන්න අය ගුරු වෘත්තියට නො ඒම නිසාත් ගුරුවරු උසස් පෙල ලියල ගොඩක් කාලයක් නිසාත් මෙම ළමයින්ට විභාගය සමත් වෙන්න ඕන දැනීම දෙන එක ටීචර්ලට වඩා පහසු වෙයි. මේ ටීචර්ලට වඩා ළමයි ලඟකදි විභාගයට මුහුණ දීල හොඳ ප්‍රතිඵල අරගෙන තියෙන නිසා ටියුෂන් වෙලඳුන්ට වඩා විභාග උපක්‍රම වගේ දේවල් සහ අදාල ගුරුවරු කවර් නොකරපු විභාගයට අවශ්‍ය දේවල් කවක් කිරීමෙන් උසස් පෙළ විභාග වලට ඉන්න සිසුන්ට වැදගත් සේවයක් කරන්න පුළුවන්.

ජාතික පාසැල් අවට කුඩා පාසැල් ජාතික පාසැල් සමඟ ඒකාබද්ධ කිරීම

ජාතික පාසැල් අවට (උදාහරණයකට කිලෝ මීටරයක් ඇතුලත තියෙන ) කුඩා පාසැල් ජාතික පාසැලේ අංශ ලෙස වෙනස් කිරීම. උදාහරණයකට කොට්ටාව ධර්මපාල විද්‍යාලය අවට කුඩා පාසැල් ‘කොට්ටාව එකනමක් විදුහල’ සහ ‘කොට්ටාව තවනමක් විදුහල’ කියල දෙකක් තියෙනවනම් ඒ දෙක ධර්මපාල විද්‍යාලය ‘X” පාර ශාඛාව (X Road Campus) වගේ. එවිට ඒ පාසැල් සියල්ල ධර්මපාල විද්‍යාලය යටතේ පාලනය විය හැකියි. කුඩා පාසැල් අංශ වලට උප විදුහල්පති වරු පත්කරල ප්‍රධාන විදුහලේ විදුහල්පති යටතේ පාලනය වන විශාල පාසැලක් කරන්න පුලුවන්.

ඒවගේම ධර්මපාල විද්‍යාලයේ විද්‍යාගාර එහෙම තියෙනවනම් විද්‍යාගාර අවශ්‍ය විශයන් ධර්මපාල විද්‍යාලයේත් වානිජය වගේ විෂයන් එහෙම නැත්නම් ප්‍රාථමික පන්ති අනික් පාසැල් වලට මාරු කරන්න පුළුවන්. ඩෙස්ක් පුටු ආදිය වැඩිපුර තියෙන තැන් වලින් අඩු තැන්වලට, ගුරුවරු, ක්‍රීඩා පිට්ටනි ආදී පහසුකම් එම විද්‍යාල සමූහයටම පාවිච්චි කරන්න පුලුවන්. අද එම විද්‍යාලයේ සිසුන් 3,000 ක් ඉන්නවනම් ඒක සිසුන් 5,000 ක් වගේ වෙයි. ඒවගේම බාලාංශ පන්තිවලට ඒ විශාල ජාතික පාසැල් වලට බඳව ගන්න පුළුවන් ගාණත් වැඩිවෙයි. මේ විදිහට ටික ටික එකතු කරගෙන ගියාම ඔක්කොම ඉස්කෝල ටික ජාතික පාසැල් වෙයි. මේකෙ ලොකු වාසියක් තියෙනවා. උදාහරණයකට ධර්මපාල විද්‍යාලයේ තියෙන විද්‍යාගාර වගේ පහසුකම් ඒ විද්‍යාලයේ ඉන්න පොඩි ළමයින්ට වැඩක් නැහැ. ලොකු ළමයි ඉන්න සමහර විද්‍යාල වලට විද්‍යාගාර නැහැ. අද ප්‍රවාහණය එහෙම ඔය පාසැල් ක්‍රමය පටන්ගත්තට වඩා ගොඩක් දියුණු නිසා ප්‍රධාන පාසැලක් කිලෝ මීටර් 5 – 6 වටේ තියෙන පොඩි පාසැල් කීපෙකින් සමන්විත වුනාට ප්‍රශ්ණයක් වෙන්නෙ නැහැ.

සියළුම උසස් අධ්‍යාපන අවස්ථා සාධාරණ ලෙස බෙදීම

උසස් පෙලින් පසුව රජයේ විශ්ව විද්‍යාල වලට නොතේරෙණ සිසුන් ගෙන් යම් දැනීමක් ඇති දෙමව්පියන් හිතවතුන් සිටින අය රජයේ අනිකුත් උසස් අධ්‍යාපන ආයතන වලට ඇතුල්වේ. මෙහිදී එතරම් දැණුම් තේරුම් නැති දෙමව්පියන්ගේ දරුවන්ට අසාධාරණයක් සිදුවේ. ශ්‍රී ලංකා නීති විද්‍යාලය, ජර්මන් ටෙක් සහ අනිකුත් කාර්මික විද්‍යාල, දේශීය වෛද්‍ය විද්‍යාල, හෙද විද්‍යාල, ගුරු විද්‍යාල, එච්.එන්.ඩී.යී වැනි උසස් අධ්‍යාපන පාඨමාලා ආදී සියළුම රජයේ වියදමින් පවත්වාගෙන යන ආයතන වලට බඳවා ගැනීම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම හරහා විශ්ව විද්‍යාල බඳවා ගැනීම් සමඟම සිදු කිරීමෙන් මෙය වළක්වා ගත හැක. උසස් පෙල සමත් සිසුන්ට අයැදුම් කල හැකි විශ්ව විද්‍යාල (උසස් අධ්‍යාපන ආයතන ) ලැයිස්තුවට මෙම ආයතන ඇතුලත් කිරීම එතරම් ප්‍රශ්ණ සහගත දෙයක් වීමට ඉඩ නැත. මේ සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම උසස් අධ්‍යාපන ප්‍රතිපාදන කොමිසම ලෙස නම් කිරීම කළ හැක. වඩාත් හොඳ විසඳුම නම් මෙම උසස් අධ්‍යාපන ආයතන විශ්ව විද්‍යාල වලට අනුබද්ධ කිරීමයි.

දුරස්ථ අධ්‍යාපනය

විද්‍යාගාර විෂයයන් නැති අංශ වල එනම් වානිජය, ගණකාධිකරණය, ආදී විෂයයන් වල උපාධි විභාග සඳහා බාහිර අපේක්ෂකයන්ට පෙනී සිටීමට ඉඩ සැලසීම. අද පවතින තාක්ෂණ දියුණුව නිසා ඊමේල් මඟින් යූටියුබ් වීඩියෝ මඟින් දේශණ, සටහන් ලබා දීමෙන් විද්‍යාගාර පහසුකම් අවශ්‍ය නොවන අංශ වල දුරස්ථට ඉගෙනීමට අති විශාල සිසුන් ප්‍රමාණයක් බඳවා ගැනීමට විශ්ව විද්‍යාල හැකියාව ඇත. දිනෙන් දින දියුණුවන ඉන්ටෙර්නෙට් පහසුකම් ආදිය ලංකාවේ පවතින මෙම ප්‍රධාන ප්‍රශ්ණයට විසඳුමක් ලෙස යොදාගත හැක. ලිඛිත පරීක්ෂණ වලින් සමත් වන දුරස්ථ සිසුන්ට, වයිවා පරීක්ශණයකින් සහ ප්‍රායෝගික පරීක්ශණයකින් පසුව එම උපාධියම ලබාදීමට නොහැකීවීමට කිසිම හේතුවක් නොදකිමි. මෙය සිසුන්ටද සමාජයටද වියදම් සහ අපහසුකම් අඩු ක්‍රමයක් වේ. සමහර විට ඡන්ද දෙදාහේ පසුගාමී පක්ශයේ ආධාරකරුවන් පමණක් මෙම ක්‍රමයට විරුද්ධ විය හැක.

 

http://lankanian.blogspot.co.uk/2016/01/2_26.html

AnonymousJanuary 26, 2016 at 8:12 PM
“අද පෝස්ට් එකෙන් ව්‍යවස්ථා සංශෝධනයට කෙළින්ම සම්බන්ධයක් නැති වුණත්…….” යනුවෙන් ඔබ විසින් මුලදීම පෙන්වා දුන්නත් එය ව්‍යවස්ථා සංශෝධනයට කෙලින්ම සම්බන්ධ වැදගත් අංශයක් ලෙස සලකා අධ්‍යාපනය යන්න වැදගත්ම අංශයක් ලෙස අවධාරනය කරමින් බලගැන්විය යුත්තක් බව මගේ අදහසයි. පවතින ගැටළු දෙස බැලූ විට ඒවාට අතරගම පිළියම් යෙදවිම අසාර්ථක උත්සාහයක් විය හැි බව සිතන්නෙමි. රජයක් මූලිකවම සැලකිල්ල යොමු කළයුත් යුතු පළමු අංශය අධ්‍යාපනය යයි දෙවන අංශය ? එය ද අධ්‍යාපනයයි. තෙවන අංශය …..? එයද අධ්‍යාපනයයි. යනුවෙන් පැවසීම අන්තවාදී සිතවිල්ලක් බවට අදහස් පළවිය හැකියි. එහෙත් මම එම අන්තයේ තරව සිටින්නෙක් වන්නෙමි. ඔන්න මගේ යෝජනා කිපයක් අධයාපනය සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම පිණිස පිළිගත් අධ්‍යාපනඥයන්ගෙන් සැදි පූර්ණ බලතල සහිත ජාතික අධ්‍යාපන කොමිසමක් පත් කළයුතුය. අධ්‍යාපන අමාත්‍යංශයක් තිබේනම් එහි හැම විටම ලේකම් වරයා විය යුත්තේ පිළිගත් අධ්‍යාපනඥයෙක් ලෙස සැලකෙන අයෙකි. ඔහු අවම වශයෙන් අධ්‍යාපනය සම්බන්ධ දර්ශනපති උපාධියක් ලැබූවකු විය යුතුය. පළාත් අධ්‍යාපන ලේකම් වරුන් හා අධ්‍යක්ෂවරුන් විය යුත්තේ ද අවම වශයෙන් අධයාපනපති උපාධියක්වත් සම්පූර්ණ කළ අයෙකු විය යුතුය. අධ්‍යාපන පරිපාලන සේවයට බඳවාගන්නා සියල්ලන්ම අධ්‍යාපනපති උපාධිය සහිත අය විය යුතුය. බොහෝ ගුරුවරුන් අධ්‍යාපනය ගැන දැනසිටියත් දැනට සිටින අධ්‍යාපන පරිපාලකයන් දන්නේ සහ සලකන්නේද AR එක සහ FR එක ගැන පමණි. යන්න ගුරු ක්ෂේත්‍රෙයන් නැගෙන චෝදනාවකි. ඒ අනුව හැඩ ගැසෙී ඇති ගුරුවරයාද කාර්යාලයක ලපිකරුවකුගේ තත්වයට පත්ව ඇත. ඔවුන්ගේ ප්‍රධානම කටයුත්ත 7.30 ට පෙර පැමිණ බව සටහන් කිරීම සහ 1.30 ට පිටවීම සටහන් කිරීම සහ අද්‍යාපන කාර්යාලයට යැවිය යුතු වාර්තා ලිවීම බව ගුරුවරුන්ම පවසති. ළුන්ට ඉගැනවීම යනු බොහෝ දෙනකු කරනු ලබන අතිරේක කටයුත්තකි. ඇතැමෙකු යෙදෙන පුණ්‍ය කටයුත්තකි. එවැන්නක් ප්‍රධානීන්ගේ ඇගයීමට ලක් වන්නේ ඉතාම කලාතුරකිනි. පරිපාලකයන් විසින් අවංකව කරන ඇගයීමකට ඒවා කිසිදිනක ලක් නොවේ.

ඇණයා Nut ManJanuary 26, 2016 at 9:35 PM
ඉයන් මම හිතන්නේ ප්‍ර‍ධාන පාසල් වර්ග තුනක් තිබුනාම ඇති, පළමුවැන්න ජනගහනයට සමානුපාතිකව පිහිටි සාමාන්‍ය පාසල්, නිශ්චිත භූමි වර්ග ප්‍ර‍මාණයක ජීවත්වන සියළු දරුවන්ට අධ්‍යාපනය ලබා දීම එම පාසල් වලට බාරයි, දෙවැන්න සුවිශේෂ දක්ෂතා සහිත සිසුන්ට සඳහා අධි ශ්‍රේණියේ පාසල්, මෙම පාසල් වලට තරඟ විභාග වලින් පමණක් සිසුන් බඳවාගැනිම සුසුසුයි, මෙම පාසල් වලට තේරෙන ආර්තික අපහසුකම් ඇති සියල්ලට පූර්ණ ශිෂත්ව රජය මඟින් ලබාදීම ඉතා වැදගත්, ආදිශීෂ්‍ය හෝ පාසලට ඇති සමිප භාවය මත මෙම පාසල් වලට සිසුන් ඇතුලු නොකළයුත්යයි මම සිතනවා. තුන් වැන්න පෞද්ගලික පාසල්, දැනට ප්‍ර‍සිද්ධ සුපිරි පාසල් පෞද්ගලික පාසල් බවට පත් කිරීම සුදුසු බවයි මම හිතන්නේ.

Related Posts

1 Comment

  1. ප්‍රදීප් මංගල January 29, 2016 at 9:17 am - 

    AnonymousJanuary 26, 2016 at 8:12 PM

    (මම ලිපියට සම්බන්ධ මාගේ අදහස් සහ යෝජනා අදාල ලිපියේ ඇතුලත්ව ඇත)

    Anonymous මේ කරුණු සමග මම එකග නොවෙමි, එයට ප්‍රධාන හේතුව වනුයේ පරිපාලනය යනු වෙනම විශයක්වන බැවින් සහ අධ්‍යපනයේ සිටින සේවකයින් පාලනය කිරීම සදහා අධ්‍යාපනය පිලිබදව දැනුමක් සහිත නිලධාරින් සිටිමට වඩා අවශ්‍යවන්නේ පරිපාලනය පිලිබද දැනුමක් සහිත නිලධාරින් පිරිසක් වීමය. දැනට අධ්‍යපන පරිපාලනයේ යෙදෙන නිලධාරින්ගේ බොහෝ අඩුපාඩු ඇත. (උදා – ගුරුවරුන්ට වැටුප් වර්ධකයක් හෝ උසස්වීමක් ලබා ගැනීමට බොහෝ ප්‍රමාදයන් සිදුවේ) ඒවා පරිපාලන හා කළමනාකරණ දුර්වලතාවයන්ය. අධ්‍යපනපති උපාධිධාරින් හෝ අධ්‍යපනය පිලිබද දර්ශනපති උපාධි ලැබුවන් පරිපාලනය කිරිමෙන් එවැනි ගැටලු වැලකිමට විශේෂ දායකත්වයක් ලැබෙන්නේ නැත.

    තවද මම දන්නා පරිදි අධ්‍යාපන පරිපාලන සේවයේ විශයන් අනුව වෙන වෙනම විශය පරිපාලනයට නිලධාරින් කොටසක් සිටියි. ඔවුන්ගේ කාර්යයන් පිලිබදව මම නොදනිමි. මම සිතන පරිදි විෂය මාලාවන් සකස් කිරීම, ප්‍රශ්න පත්‍ර සැකසීම හා විභාග පැවැත්වීම අධික්ෂණය කිරීම, එම විෂයට අදාල ගුරුවරුන්ට පුහුණු පාඨමාලා සැකසීම, පුහුණු කිරීම් අධික්ෂනය කිරීම මෙම විෂය අධ්‍යාපන පරිපාලකයින්ට අදාලවිය හැකිය. ඔවුන් විෂය දැනුමට අමතරව (උදා – ගණිතය පිලිබදව සිටින අධ්‍යාපන පරිපාලකයින්, ගණිතය පිලිබද විෂය දැනුමට අමතරව) අධයාපනපති උපාධියක් ලබා තිබීම හොදය.

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල