නව ව්‍යවස්ථාව, විශේෂ

ව්‍යවස්ථා සංශෝධනයට යෝජනා – ප්‍රදීප් මංගල

1

රජය සතු බලතල වලින් ප්‍රමාණයක් නැවත ජනතාව වෙත පැවරීම
1. මේ යටතේ රජය විසින් කල යුතු මාර්ග දෙපස නඩත්තු කටයුතු, කැලි කසල හා අපද්‍රව්‍ය එකතු කිරීම, ග්‍රාමිය මට්ටමේ සිදුකරන කුඩා සංවර්ධන ව්‍යාපෘති (උදා – කුඩා ඇලවල් සකස් කිරීම, මාර්ග පිලිසකර කිරීම, ….) සහ ග්‍රාමියව සිදුකරනු ලබන සමාජ සේවා කටයුතු රජයේ ආයතන පද්දතියේ (උදා – ප්‍රාදේශිය ලේකම් කාර්යාල, ප්‍රාදේශිය සභා, අමාත්‍යාංශ හා දෙපර්තමේන්තු) අධික්ෂණය යටතේ සිදුකිරීමට හැකිවන පරිදි ග්‍රාමියව සංවර්ධන කමිටු හෝ සමිති සකස් කිරීම. වාර්ෂිකව අදාල සංවර්ධන කමිටුව මගින් සිදුකිරීමට බලාපොරොත්තුවන කාර්යයන් පිලිබදව එම ග්‍රාමීය ඒකකයේ ලියාපදිංචි පුද්ගලයින්ගේ වැඩි බහුතරයකගේ අනුමැතිය ලබා ගත යුතුය. මෙම කමිටුවට තම ඒකකයේ වියදම් වලින් කොටසක් කළමනාකරණය කර ගැනීම සදහා එම ඒකකයේ ජිවත්වන පුද්ගලයින්ගෙන් බදු මුදලක් හෝ ඒ බදු මුදල වෙනුවට යම් ශ්‍රමයක් හෝ ද්‍රව්‍යයක් ලබාගත හැකිවන පරිදි නීතී සකස් කිරීම. මෙම කමිටුවේ සාමාජිකයින් සදහා විශේෂ දිමනාවක් ලබා දීම අවශ්‍ය නැත. එහෙත් ඔවුන් සිදුකරන කාර්යයන් වෙනුවෙන් (උදා- යම් සංවර්ධන කටයුතක් අධික්ෂනය කිරිම, ව්‍යාපෘතියක් අධික්ෂණය කිරීම, ….) යම් දීමනාවක් ලබාදිය හැකිය.
2. ප්‍රාදේශිය සභා බල ප්‍රාදේශයක් කලාප කිහිපයකට වෙන්කර එම එක් එක් කලාපයකට එක් සාමාජිකයකු මෙම කමිටුවල නියෝජිතයින්ගෙන් එම කලාපයේ ජනතාවගේ චන්දයෙන් පත් කරවා ගැනීම. මෙයට අමතරව ප්‍රාදේශිය සභාව සදහා සමානුපාතික ක්‍රමය යටතේද නියෝජිතයින් ප්‍රමාණයක් පත් කරවා ගැනීම කල යුතුය. (දැනට යෝජිත පළාත් පාලන මැතිවරණ ක්‍රමයද මෙයට ආසන්න වන අතර එහිදි කලාපයක් සදහා එම කලාපයේ ඕනෑම අයෙකුට ඉදිරිපත්විය හැකිය – මා ඉදිරිපත්කර ඇති යෝජනාව අනුව පලාත් පාලන ආයතනයක නියෝජිතයකු විය හැක්කේ ස්වේච්ජා සමිතියක නිලධාරියකුට පමණි.)
3. සැම මැතිවරණ බල ප‍්‍රදේශයක්ම ආවරණය වන පරිදි එම බල ප්‍රදේශයේ ඇති සියලුම සංවර්ධන සමිතිවල නිලධාරින්ගේ චන්දයෙන් මැතිවරණ බල ප‍්‍රදේශය සදහා සංවර්ධන කමිටුවක් සකස් කිරීම. එම සංවර්ධන කමිටුව සහ මැතිවරණ බල ප‍්‍රදේශයේ පාලාත් පාලන, පළාත් සභා, පාර්ලිමේන්තු නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් එම ප‍්‍රදේශයේ මන්ත්‍රි ප්‍රතිපාදන වියදම් කිරිමේ සැලැස්මක් සකස් කිරිම. (මේ මගින් සෘජුවම මන්ත්‍රිවරුන් තමන්ට අවශ්‍ය සමිතිවලට පමණක් මන්ත්‍රි ප්‍රතිපාදන වලින් වියදම් කිරීම සීමා කිරීම) සහ අනෙකුත් සංවර්ධන කටයුතු කිරීමේදි මෙම කමිටුවෙහි නිරික්ෂණ ලබා ගැනීම.
4. සෑම මැතිවරණ බල ප‍්‍රදේශයකටම අවම වශයෙන් එක් අයකු වන පරිදි, පාර්ලිමේන්තුවට ග්‍රාමීය සංවර්ධන කමිටුවල නියෝජිතයින්ගෙ චන්දයෙන් නියෝජිතයකු පත්කරවා ගැනීම. මෙම නියෝජිතයින් සදහා පාර්ලිමේන්තු සැසියකට සහභාගිවීම වෙනුවෙන් වන දීමනාවක් පමණක් ගෙවනු ලබන අතර මොවුන්ට අමාත්‍ය තනතුරු හෝ පාර්ලිමේන්තුවේ තනතුරු දැරීමට නොහැකිය. මොවුන්ට ආණ්ඩුවට හෝ අමාත්‍යවරයෙකුට එරෙහි විශ්වාසභංග යෝජනා සදහා චන්දය ලබාදිය නොහැකිය. විශේෂ පනත්, අයවැය සහ මුදල් පනත් සදහා චන්දය ප්‍රකාශ කිරීමේදි මැතිවරණ බල ප‍්‍රදේශයේ සියලුම නියෝජිතයින්ගෙන් වැඩි කැමැත්ත අනුවද, අනෙක් පනත් සදහා චන්දය ප්‍රකාශ කිරීමේදි මැතිවරණ බල ප‍්‍රදේශ කමිටුවේ බහුතරයගේ කැමැත්තද අනුව චන්දය ප්‍රකාශ කල යුතුය.

නීතීය
දැනට රටතුල විවිධ ජාතින් අනුව සිවිල් නීතීය ක්‍රියාත්මකවන ආකාරය වෙනස්ය. ඒ අනුව උඩරැටියකුට සම්බන්ධයෙන් විවාහය සදහා වන නීතීය අනෙක් පුද්ගලයින්ට වඩා වෙනස්ය. දෙමළ පුද්ගලයකුට (යාපනේ ) දේපල සම්බන්ධව වන නීතීය සිංහලයකු සම්බන්ධයෙන් වන නීතීයට වඩා වෙනස්ය. මුස්ලිම් වරයෙකු සම්බන්ධව විවාහයේදි වෙනත් ආකාරයක නීතීයක් ක්‍රියාත්මකය.
එබැවින් මේ සියල්ල පිලිබදව සලකා සියලුම පුද්ගලයින්ට උපරිම වශයෙන් සමානවන පරිදි එක් සිවිල් නීතීයක් සකස් කිරීම සුදුසු බව යෝජනා කරමි. (උදා – මුස්ලිම් ජාතිකයකුට විවාහයන් එකකට වැඩි සංඛ්‍යාවක් කරගත හැකිනම් අනෙක් ජාතින්ටද එම අවස්ථාව ලබා දිය යුතුය, යාපනයේ වැසියකු දේපල විකිණිමේදි තමන්ගේ ඥතියකුට ප්‍රමුඛතාවය දිය යුතුනම්, අනෙක් ජාතින්ද තමන්ගේ දේපල විකිණිමේදි ඥතියකුට ප්‍රමුඛතාවය දිය යුතුය.(මම මේ නීතී ක්‍රමය පිලිබදව හොදින් නොදන්නා අතර යම් වෙනසක් ඇතිබව පමණක් දනිමි, එහෙත් රජය මගින් ජාති ආගම් අනුව මෙවැනි වෙනස් සැලකිම් ගැටුම් ඇතිවීමට එක් හේතුවක් විය හැකිය)

ප්‍රදීප් මංගල

Related Posts

1 Comment

  1. ප්‍රදීප් මංගල January 29, 2016 at 7:28 am - 

    පාර්ලිමේන්තුව සහ ජනාධිපතිවරයා පත්කරවා ගැනීම

    පාර්ලිමේන්තුව සහ ජනාධිපතිවරයා එකම දිනයක පවත්වන චන්දයෙන් පත්කරවාගත යුතුය. පාර්ලිමේන්තුව විසුරවා හැරිමත් සමගම ජනාධිපතිවරයාගේද ධුරකාලය අවසන්වනවා සේ සලකා මැතිවරණයන් පැවැත්විය යුතුවේ. ජනාධිපතිගේ ධුරකාලය නව ජනාධිපති දිවුරුම් දෙන දිනය දක්වා පමණක් ක්‍රියාත්මකවේ. ජනාධිපති අකර්මණ්ය වන අවස්ථාවකදී හෝ මිය යන අවස්ථාවකදී හෝ ඉල්ලා අස්වන අවස්ථාවකදී පාර්ලිමේන්තුව මගින් ඉදිරි කාලය සදහා ජනාධිපතිවරයෙකු පත්කර ගත යුතුය. ජනාධිපතිවරයා දෝෂභියෝගයක් මගින් 2/3 බහුතර චන්දයෙන් ඉවත්කල පසු ඒ වෙනුවට ඉදිරි කාලය සදහා වෙනත් පුද්ගලයකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් පත්කර ගත හැකිය. (ජනාධිපතිවරයාට එරෙහි දොෂාභියෝගයක් සදහා සහ නව ජනාධිපතිවරයෙකු පාර්ලිමේන්තුව මගින් පත් කිරීමේදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමතරව පාර්ලිමේන්තුව වෙනම පත්කරනු ලබන නියෝජිතයින්ටද චන්දය ලබාදිය හැකිය)

    පාර්ලිමේන්තුව
    දැනට ක්‍රියාත්මකවන ආකාරයටම සමානුපාතික චන්දයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 225ක් තොරාගනු ලැබේ. මෙයට අමතරව සැම මැතිවරණ බල ප්‍රදේශයකටම අවම එක් සමාජිකයකු වන පරිදි සාමාජිකයින් 100ක් පාර්ලිමේන්තුව සදහා වෙනම මණ්ඩලයකට පත් කරනු ලැබේ. මෙම නියෝජිතයින් 100 පත්කරවා ගැනීමට හැකිවන පරිදි ලංකාව මැතිවරණ බල ප්‍රදේශ 100කට හෝ ඊට ආසන්න සංඛයාවකට බෙදා ගැනීමට කටයුතු කල යුතුය. (දැනට ඇති මැතිවරණ බල ප්‍රදේශ 160 මේ අනුව වෙනස් කිරීමට සිදුවේ) තවද මෙම මණ්ඩලය සදහා පළාත් සභා නියෝජිතයින් 36 දෙනෙකු (එක් පළාතකින් 4 බැගින්)පළාත් සභාව මගින්ද සහ සිවිල් සංවිධාන නියෝජිතයින් හෝ වෘත්තියවේදින් 14 දෙනෙකු (මෙම 14 දෙනාගේ අවශ්‍යවන වෘත්තිය සුදුසුකම් වෙනම දැක්විය යුතුය)ජනාධිපතිවරයා විසින් පත්කල යුතුය. (මෙම 14 දෙනා එක් එක් වෘත්තින් අනුව විය යුතුය උදා – මාධ්‍යෙව්දියෙක්, නිතිඥයෙක්, වෛද්‍යවරයෙක්, ව්‍යාපාරිකයෙක් ආදී වෘත්තිකයින් ගෙන් විය යුතුය)

    ඒ අනුව සෘජු මහජන චන්දයෙන් නියෝජිතයින් 225කින් යුතු මහජන මන්ත්‍රී මණ්ඩලය සහ
    සෘජු මහජන චන්දයෙන් පත් නොවන යම් දේශපාලන පක්ෂයක නියෝජිතයින් නොවන සාමාජිකයින් 150 කගෙන් යුත් මණ්ඩලයක් ( ග්‍රාමීය සංවර්ධන සමිති හරහා 100ක්, පළාත් සභා නියෝජිතයින්ගෙන් 36ක්ද, වෘත්තියවේදින් 14ක්ද පරිදි වේ.)ලෙස මණ්ඩල 2ක් වේ.

    පළමු මණ්ඩලයේ මන්ත්‍රීවරුන්ට පමණක් අමාත්‍ය තනතුරු සහ පාර්ලිමේන්තුවේ තනතුරු දැරිය හැකිය.
    දෙවන මණ්ඩලයේ නියෝජිතයින්ට ආණ්ඩුවට හෝ ඇමතිවරයෙකුට විරුද්ධ විශ්වාසභංග යෝජනා සදහා චන්දය ප්‍රකාශ කිරීමට නොහැකිය. ඔවුන් ස්වාධිනව පාර්ලිමේන්තුවේ වෙනම අසුන් ගැන්විය යුතුය.
    පාර්ලිමේන්තුව විසුරවා හැරිම සමග දෙවන මණ්ඩලයේ ජනාධිපති පත්කල නියෝජිතයින් 14 දෙනාගේ පමණක් ධුර කාලය අවසන් වේ.

    ග්‍රාමීය නියෝජිතයකුගේ ධුර කාලය වසර 4ක් වන අතර ඔහුව ඉවත්කල හැක්කේ ග්‍රාමීය නියෝජිතයින්ගේ 2/3 බහුතර චන්දයෙන් පමණකි. තවද ඔහු විසින් පාර්ලිමේන්තුවේ විශේෂ පනතක් (උදා – ජනාධිපතිට විරුද්ධ විශ්වාසභංගය, නව ජනාධිපතිවරයෙකු පාර්ලිමේන්තුව මගින් පත්කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම …..) පිලිබදව චන්දය ලබාදීමේදි ඔහුගේ බල ප්‍රදේශයේ නියෝජිතයින්ගේ බහුතරයකගේ මතය අනුව අනිවාර්යයෙන්ම කටයුතු කල යුතුය. (මේ සදහා එවැනි අවස්ථාවකදී ග්‍රාමිය සංගම් නියෝජිතයින් ආසන්නතම දිනයකදි (හැකි සෑම විටම රජයේ නිවාඩු දිනයක)කැදවා ඔවුන්ගේ මතය ලබාගත යුතුය. එක් මතයක් නොමැති අවස්ථාවලදි රහස් චන්දයක් පවත්වා තිරණය ලබා ගත යුතුය.) වෙනත් පනතක් (උදා – අයවැය ලේඛනය,අණ පනත් ……) සම්බන්ධව එම බල ප්‍රදේශයේ විධායක කමිටුවේ අනුමැතිය අනුව කටයුතු කල යුතුය. පාර්ලිමේන්තු සැසියකට මෙම නියෝජිතයාට සහභාගි විය නොහැකි අවස්ථාවකදී හෝ මොහු ඉල්ලා අස්වු අවස්ථාවකදී හෝ මියගිය අවස්ථාවකදී විධායක කමිටුවේ වෙනත් සාමාජිකයකුට විධායක කමිටුවේ අනුමැතිය ඇතිව පාර්ලිමේන්තු සැසිය සදහා සහභාගිවිය හැකිය. විශේෂ පනත් සදහා ලබාගන්නා තිරණය ලිඛිතව කතානායකට දන්වා යැවිම මගින් පාර්ලිමේන්තුවේ චන්දය ප්‍රකාශකල හැකිය (නියෝජිතයා අකමැති තිරණයක් ලැබුනුවිට පාර්ලිමේන්තු සැසියට සහභාගිවීම මගහැරිය හැකි නිසා)

    පළාත් මගින් පත්කරනු ලබන නියෝජිතයින්ද විශේෂ පනත් සම්බන්ධයෙන් පළාත් සභාවේ අනුමැතිය ඇතිව පමණක් චන්දය ලබාදිය යුතුය.

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල