සඳැස් / නිසඳැස්

වහල්හිමි වෙත ලියමි

1

බිඳලිය නො හැක මේ බැමි
බිඳලිය නො යුතු මේ බැමි
මා මෙන් ම මා පියා
ඔහු මෙන් ම ඔහු පියා

———–
අප ඥාති සනුහර ම
මහත් වූ ගර්වයෙන් බැඳී සිටි මේ බැමි
බිඳලිය නො හැක නො යුතුය
කුරුල්ලෝ පියාඹති
සා මුවෝ පැන දුවති

——————-
නැත අරුම අපට එහි
උහු සිටිති අප තිබේ
ඇඟ මසින් ඇතුළු වී රුහිරු දහරා මවන
ඒ සොඳුරු කස පහර පරපුරක උරුමයයි
අභිමානයෙන් අප ව සේවයට කැඳවනා

—————-
හදවතට සුවය දෙන ඇරයුමයි
දෙපා බැඳි ලෝමුවා දම්වැලින් කියන්නේ
නොනැවතී ගලා යන බැඳීමක ශක්තියයි
බිඳී යා නො දී ගරු බුහුමනින් රැකිය යුතු
සදාතන බැඳීමක දම්වැලයි

———————
පරපුරෙන් පරපුරට බැඳි යදම් රකින්නට
දිවි දෙවෙනි කොට සටන් වදින්නට පිළිණ දෙමි
යදම් මුදනට ඔබට යම් දිනක සිතුනහොත්
ඔබට එරෙහිව වුව ද නැගෙන්නට පිළිණ දෙමි

Sirikumara

Related Posts

1 Comment

  1. කුරුටු ගෑ ගී පවුර February 12, 2016 at 3:30 am - 

    පද පේලි ටික අගෙයි

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල