කාලීන සංවාද, විශේෂ

දෙරණට මාධ්‍යකරණය කියා දීම – Technical defending better than legacy

Off

යුද්ධයකදී උනත් උපක්‍රමශීලී පසුබැසීම් කියා දෙයක් තියෙන්නේය. හැබයි ඒකට යුද්ධය ගැනත් හොඳ අවබෝධයක් තිබිය යුත්තේය. යුද්ධෙ කියන්නේ මැරෙනකන්ම ඉදිරියට යෑම කියා හිතනවා නම් ඒකට කියන්නේ ගොන් කමය. එහෙම යන උන් වගයක් ජපානයේ උන්නා කියා අසා තියෙනවාය. උන් සතුරාගෙන් මැරෙන්න කලින්, තමන්ගේම පිහියෙන් බඩ කපාගෙන මැරෙනවාය. උන්ට කියන්නේ හරාකිරි ඉස්කොඩ් එක කියලාය.

මෙහෙත් එහෙම සෙට් එකක් උන්නේය. උන්ට කිව්වේ කොටි කියලාය. උන් ආන්ඩුවේ හමුදාවලට අහුවෙන්න කලින් සයනයිට් කාලා මලේය. එහෙම මැරුණ උන් අද බැලුවාම අමු හරක්ය. මොකෝ උන්ට ලැබුන ලබ්බක් නැතිය. මොලේ තියෙන උන් සරෙන්ඩර් වෙලා ආන්ඩුව එක්ක එකතු උනේය. උන් ගොඩය. අඩු ගානේ හිරගෙදරක හරි ජීවත් වෙනවාය.

යුද්ධය නොදැන යුද්ධය කරනවා වාගේම, දෙරණේ උන් දෙරණ කරන්නේ ජනමාද්දේ ගැන මෙළෝ දෙයක් දැනගෙන නොවේ. එක්කෝ ජනමාද්දේ ගැන දැන ගත්තත් මහ පොළොවේ වෙන්නේ මොකක්ද දැනගෙන නොවේ. එහෙමත් නැත්නම් පසුගිය ආන්ඩුවෙන් මොනවා හෝ ලැබී ඒ වෙනුවෙන් උන් කියනා දෙයක් කරනවා වෙන්නත් පුළුවන්ය. දෙරණේ අයිතිකාරයන්ටත් මහින්ද රාජපක්ෂට වගේම , FCID එකෙන් ගේම් තියෙන එක කවුරුත් දන්නා කාරනාවක්ය. FCID එක විසුරුවා හරින්නෙයි කියනා හොරුන්ගේ රඹ ටෝක් වලට, නිව්ස් වල ප්‍රමුඛස්ථානය හිමිවෙන්නේ ඒ නිසාය.

සමාන්‍යයෙන් කලින් කීවාක් මෙන් තමන්ට වඩා බලවත් එකා තමන්ට කෙලින්න එන වෙලාවට මොළයක් තියෙනා උන් නම් කොරන්නේ නිහඬ වෙන එකය. එහෙම නැත්නම් ආන්ඩුව එක්ක ඩීල් එකක් දාගන්නා ක්‍රොමයක් හොයනා එකය. කොටින්ම කියනවා නම් මහින්දත් එක්ක අම්බානක හොරා කාලා මෛත්‍රී රනිල් එක්කත් ගේම් එක දෙන්න සෙට් වෙලා ඉන්න අයියලා කොරන දේ කිරීමය. මොකෝ ඔය මහ ළොකු ප්‍රජාතන්තරවාදේය, යහපාලනයය, අරකය මේකය කිව්වාට, ඔය ඔක්කෝටම කලින් මේක අම්මට සිරි ලංකාව නිසාය.

වත්මන් ආන්ඩුව පත් කර ඇත්තේ ජනතාවය. ඒ මෛත්‍රිපාල ජනාධිපති අවුරුදු හයකට සහ රනිල් අගමැතිකොම දරණ හවුල් ආන්ඩුව වසර පහකටය. මහින්ද ඇතුළු හොර මදාවියන් පිරිසට හා දෙරණට නොතේරෙන යතාර්තය මෙයයි. විධායක ජනපති කම අහෝසි කරනවා කීවාට, එය තවමත් අහෝසි කොට නොමැති බවයි. රනිල් කියන්නේ රටේ අගමැතිවරයා වන බවයි. මේ ගොන් මාධ්‍ය සිතාගෙන ඉන්නේ තවමත් ජනපති මහින්ද කියලාය.

අද උදෑසන පත්තර කියවන්න සංඛ අමරජිත් වෙනුවට ආවේ වෙන කෙල්ලෙක්ය. ඒ ගැන සැකයක් ඇති වූයේ ඊයේ අගමැති තුමා බදුල්ලේදි දුන් ටෝක් එක නිසාය. බුකිය බැලුවාම වැඩේ කොන්ෆර්ම්ය. සංඛයාගේ වැඩ තහනම් කොරලාය. දෙරණ පාලනාධිකාරිය විසින් එදිනම කළ යුතුව තිබූ දේ පසු වී හෝ ක්‍රීයාත්මක කිරීමට තීරණය කර ඇත. එයත් ඔවුනට වාසි වන ආකාරයට.

සංඛ නැමැති ජඩමාද්දිය වේදියා කලේ අමන ක්‍රියාවකි. එයට කීමට වෙනත් වැදගත් වචනයක් නැත. බුකියේ ඉන්නා තිරිසනුන්ගේ ගනයට වැටෙන එකෙක්, රටේ ප්‍රධාන ජනමාධ්‍යයක නිව්ස් කියන්නේ නම්, එම රටේ තත්වය එයින්ම මැන ගත හැක. ඒ යාකා කල පාහර වැඩේ, රනිල් වික්‍රමසිංහ මාද්දියවේදින් නම් කොට පාර්ලිමේන්තුවේ කල කතාව හෙලා දැක ප්‍රකාෂන නිකුත් කල මාධ්‍ය සංගම් හෝ රටේ එකඳු ප්‍රධාන පෙලේ මාද්දියවේදියෙක් හෙලා දැක්කේ නැත. ඒ ගැන කතා කලේ මේ ආන්ඩුව පිහිටුවීමට පෙරමුණ ගත් සිවිල් සංවිධාන වල අය පමණි.

සංඛ හිතුවේ ආන්ඩුවට වඩා මහින්දලා පවර්ෆුල් කියලාය. දෙරණ වාද පිටියේදි හරීන්ගෙන් හා අජිත් පෙරේරාගෙන් “මගේ ප්‍රතිපත්ති තීරණය කරන්නේ රනිල්ද…?” කියලා අහන්න තරමේ පොර ටෝක් එකක් චතුර කියන ළෝකයා (ළෝකයා සහ ළෝකයෝ කරන අත දරුවා) අහන්නේ ඒ නිසාය. මේ ටෝක් එක ඒ කාලේ දුන්නා නම්, චතුර නිකං H2O හෙවත් වතුර වගේ දියවෙලා යන්නම මක්කා හෝ වෙන්න තිබුනාය.

මුන් මාද්දිය නිදහස කියලා හිතන්නේ උන්ට හිතෙන ඕන දෙයක් කියන්න පුළුවන් කියලාය. මාද්දියවේදියා කියනා එකාටත් වගකීමක් මෙන්ම ආචාර ධර්‍ම කියා ජාතියක් තියෙනවා කියා මුන් දන්නේ නැතිය. අඩුම ගානේ අගමැති තුමාට අගමැති තුමා කියන්නවත් මුන් දන්නේ නැතිය. තුමා කෑල්ල නැතත් අඩු ගානේ අගමැති කියාවත් කියන්න දන්නේ නැතිය. ඌ අහන්නේ, “මගේ ප්‍රතිපත්ති තීරණය කරන්නේ රනිල්ද…?” කියාය.

එක්නැලිගොඩ ඝාතනයට සම්බන්ධ හමුදාවේ මිනිමරුවෝ අත් අඩංගුඅවට ගත් දිනයේ මේ පඟර නැට්ටා දෙරණ අරුණේ ජාතිවාදය අමු අමුවේම වැපුරුවේය. රණවිරුවන් ගැන පොරි හැලෙන ටෝක් දුන්නේය. ඒ අවස්ථාවේ පමණක් නොව ඕනෑම අවස්ථාවකදි දෙමළ ප්‍රජාවට එරෙහිව පහර දීමට කිසිසේත් පසුබට වූයේ නැත. මේ යකා ජනමාද්දියවේදියෙක් කියා තේරෙන්න ඇත්තේ රනිල් කිව්වාම පසුව වෙන්න පුළුවන්ය. ඇත්තටම මෙවන් නාලිකා වලට බලපත්‍ර ලබා දෙනවාද යන්න දෙසරයක් සිතා බලන එක කොහොමටත් හොඳය. මොකෝ ජාතිවාදය නිසා මේ රට බැට කෑවා හොඳටෝම ඇතිය.

එයින් නොනැවති නිදහස් උත්සවය කොටස් දෙකකින් පවත්වනවා යන්න කුමක්දැයි නොදැන එය සමච්චලයට ලක් කලේද් මොහුමය. මෑතකදි උතුරේ ජාතික කොඩිය එසවීමට අකමැත්ත ප්‍රකාශ කලා යැයි කියා ඇමතිවරියක් පතුරු ගැහුවේද මොහුමය.

මේ ටෝක් දීමෙන් මේ නොදරුවන් බලාපොරොත්තු වෙන්නේ බුකියේ පොරවල් වීමටය. මේ දොලදුක සංඛයාටද එන්න ඇත. පොරට පත්තර කියවන්න හම්බ වෙන්නේ සති අන්තයේ විතරය. මෑතක් වන තුරුම සමබර ලෙස පුවත් පත් කියවු සංඛයාට ලෙඩේ බෝවෙන්නේ චතුරගෙන්ය. ඔපෙර ගායිකාව බැලලියක් කරන්නේ ඒ අනුවය. පත්තර කියවීම උගේ වැඩ සටහනක් වන “පට්ට පට පට” කරන්නේ එහෙමය. නියම මාද්දිය ආයතනයක් නම් එදාම වැඩ තහනම් කළ යුතුය. මන්ද මේ බුකිය නොවේ. රටම නරඹන නාලිකාවක් හේතුවෙනි. ඉන් පසු සමාව ගත්තද කළ යුතුව තිබුනේ එය නොවේ. අඩුම තරමේ අවවාදාත්මක ළිපියක් හෝ නිකුත් කිරීමය. නමුත් නොකලේද එයමය.

සංඛට මහත්මයකු වීමට අවශ්‍ය නම් දැන් කල යුතුව ඇත්තේ කළ වරදට ප්‍රසිද්ධියේ සමාව ගෙන දැන්වත් ජනමාද්දියවේදිය යනු කුමක්දැයි ඉගෙන ගැනීමයි. එහි ඇති ආචාර ධර්ම මොනවාදැයි ඉගෙන ගැනීමයි. එසේ නැත්නම් කළ හැකි අනික් කාරනය නම් නැවත ආන්ඩු බලය කෙසේ හෝ ලබා ගැනීමට පේවී සිටින කම්බා හොරුන්ගෙන් හා නොම්මර එකේ මදාවියන්ගෙන් පිරි කන්ඩායම හා එකතුවීමයි. එහිදි හඩ්සන් සමරසිංහ වැනි මාද්දිය වේදීන්ගෙන් නියම ජනමාද්දිය වේදය ඉගෙන ගැනීමයි.

කෙසේ වෙතත් අද හවස දෙරණ ප්‍රවෘත්ති විකාශය බලද්දි නම් පුදුම දුකක් ඇති උනේය. රටේ ජනපති ඉන්දැද්දි මහින්ද ජනපතිගේ නිව්ස් මුලින්ම පෙන්නු දෙරණ, රටේ නායකයා වන ජනපති මෛත්‍රිපාලගේ නිවුසුත් පසුවට දමා, රනිල් මහත්තයාගේ නිව්ස් අයිටම් දෙකක්ම මුලින්ම පෙන්නු නිසාය. සම හරක්ට හොඳින් කිව්වාම තේරේන්නේ නැතිය. කන අතගාන්නම ඕනාය.

දැන් ඉතින් සංඛ ඉවත් කලාට ජඩමද්දියවේදීන්ගේ සංගම් පොරකාස නිකුත් කොරන්න ඕනා නැතිය. මොකෝ එයාගේ වැඩ තහනම් කරලා තියෙන්නේ රනිල් නෙමේය. දෙරණ ආයතනය නිසාය. රනිල් කරලා තියෙන්නේ ජනමාද්දියවේදින්ට ආචාර ධර්ම කියා දෙයක් තියෙනවා කියා කියා දීමත්, සංඛ්‍යාත වල අයිතිය ඇත්තේ
සංකලාටවත් චතුරලාටවත් නොව ආන්ඩුවට බව දැණුම්වත් කිරීමත් පමණය.

සංගම්වලින් එහෙම පොර ටෝක් දෙනවා නම්, ඒ ගමන්ම අර මහින්ද මහත්තයා මූදේ නාන පොටෝ එකක් බුකියේ දාපු එකකට, සේපාල් අමරසිංහයාගේ ගෙදර ජනේලයකට ගලකින් නෙලලා තියෙන එක ගැනත් ඒකේම සඳහන් කරනවා නම් බොහෝම හොඳය. මොකෝ බලේ නැතුවත් එයාලාගේ අය දෙන්නේ එහෙම ගේම් නිසාය.

http://maathalan.blogspot.co.uk/2016/02/tachnical-defending-better-than-legacy.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල