විද්‍යා හා තාක්ෂණ, විශේෂ

නිකොලා ටෙස්ලා (The best underdog) – හැදින්වීම

Off

කව්ද මේ ටෙස්ලා!! (Nikola Tesla – The childhood)

දැනට ගණන් බලා ඇති හැටියට මේ විශ්වයේ වයස අඩුම වශයෙන් අවුරුදු බිලියන දා හතරක් වත් වෙන්ට ඕන. (බිලියන කියන දේ ගැන ගාණක් නැති අය මේක බලන්න.) ඉතිං ඔච්චර වෑසක විශ්වයේ සෞරග්‍රහ මණ්ඩලය කියන අපේ ඒරියා එකේ වයසත් අවුරුදු බිලියන හතරාහමාරක් වත් වෙනවා. ඒ කාලයත් එක්ක බැලුවම පෘථිවියේ ජීවය හට ගෙන දැනට අවුරුදු මිලියන කිහිපයක් වෙන්ටැති. එතකොට සත්තු, මිනිස්සු ජීවය හට ගැනීමට ඒ මිලියන ගාණෙනුත් කොටසක් වැය වෙන්ටැති. දැනට හොයාගෙන තියෙන ආදී මානවයාගේ ජීවත් වෙච්චි කාලය අවුරුදු මිලියන හයක් විතර වෙද්දී, නුතන මානවයා පාථිවිය මත ජීවත් වූ කාලය පිළිබඳ කාබන් නිර්ණ සාක්ෂිය අවුරුදු ලස්ස දෙකක් විතර වෙන කොට අපි දන්නා සියලු ශිෂ්ඨාචාරයන් හි වයස අවුරුදු හයදාහක් විතර වෙනවා.

ඒ අතරිනුත් නුතන ලෝකය පරිවර්තනය වීමට පටන් අරගෙන, ඒ කියන්නේ කාර්මීකරණය වන්නට පටන් ගෙන දැනට අවුරුදු දෙසිය පනහක් විතර වෙනවා. පේනවද එතකොට අපේ ජීවිත කාලයක් කියන්නේ මේ විශ්වයේ අල්පෙනෙත්ති තුඩකටවත් සමාන කරන්න බැහැයි කියන එක.

ඔය උඩ තියෙන පින්තුරේ බැලුවම හිතාගන්න පුලුවනි පාථිවිය ඇති වීම, ජීවය ආරම්භ වීම හා මානවයා පරිණාමය වීම පිළිබඳ කාළවකවානූ වල අසීමිත කම. එතකොට අපි දන්නා නුතන ඉතිහාසය, පෘථිවියේ වයසෙන් සොච්චමක් වෙද්දී, නුතන මිනිසාගේ අධිවර්ධනය ඒ කිව්වේ කාර්මීකරණය විම ආරම්භ වීම කොයි තරං සුළු කාලයක්ද කියලත් හඳුනාගන්න පුලුවන්.

ඔය විදියට මම මේ කතා කරන්න යන දේ ගැන පොඩි කළ එළි බැසීමක් කරන්න්ටයි හැදුවේ. අපි දන්නවා ඉතිහාසය ඉගෙන ගෙන තියෙන නිසා කාර්මික විප්ලවය එක්දාස් හත්සිය බර ගණන් වල, හරියටම කිව්වොත් 1750 වගේ කාලෙකදී බ්‍රිතානයෙන් ආරම්භ වූ බව. පර සුද්දාගෙන් පටන් ගත් මේ කාර්මික විප්ලවය යුරෝපය පුරාම පැතිරිලා යන අතරේ ඇමරිකාව තුලටත් ඇතුලු උනා. කාර්මිකරණය දැනට පවතින තත්වයට ඉක්මනින් එසවීමේ වැඩි ගෞරවය ඇමරිකානුවන්ට හිමි වෙන්න ඕන. ඒක නිසාම සියලු යුරෝපිය රටවල් වලින් ඇමරිකාවට සංක්‍රමණය වන්නන් ප්‍රමාණය ලක්ෂ ගණන් වෙන්නට ගත්තා. හරි අපි ඔය කාර්මික විප්ලවය වගේ දේවල් කිව්වට ඕවා මේ 2016 අවුරුද්දේ ගත කරන හුගාක් අයට තේරුම් ගන්න අමාරුයි. මොකද තාක්ෂණය හා බද්ධ වී සිටින දැන් කාලේ අයට 1600 – 1700 කාලේ ජිීවිත මොන වගේද කියල හිතට නගා ගන්න අමාරුයි.

අපි මෙහෙම හිතමු. කාර්මික විප්ලවය කියන දේ ආරම්භ වීමට කලින් යුරෝපයේ, ඇමරිකාවේ ජීවිත කොයි වගේ ගෙවෙන්න ඇද්ද? කාර්මික විප්ලවයට පෙර ඇමරිකානුවන් බහුතරය ජීවත් උනේ එක්කෝ ගොවිපොළවල්, ගම් හෝ කුඩා නගර වලයි. ඒ කාලේ ඇමරිකානුවන්ගෙත් ප්‍රධානම ජිවනෝපාය උනේ වගාවන්. වෙළදාම කියන දේත් බහුලව සිදු නොවුන ඒ කාලේ හුවමාරු ක්‍රමයන් තමා වැඩිපුරම තිබුනේ. සාමාන්‍යෙයන් ගොවියා තම වගාවන්ට අමතරව සපත්තු මැසීම, ලාඩං ගැසීම වගේ හස්ත කර්මාන්ත වල ප්‍රවීණත්වයක් ලබා සිටි අයයි. ගෙවිලියන් සබන් හදන්න, ඉටිපන්දම් හදන්න තමන්ගේ කාලය වැය කලා. මේ හැම දෙයක්ම තමන්ගේ අතින් තමන්ගෙම ගෙදරදි සිද්ධ කරන්න උනේ ඒ කාලේ දැං වගේ කර්මාන්ත ශාලා හෙම නොතිබුන නිසානේ. ඔය විදියට ගෙවල් වල හදාපු නොයෙකුත් භාණ්ඩ ආහාර සදහා හුවමාරු උන සරල ජීවන ක්‍රමයක් තමා ඔවුනටත් තිබුනේ. දන්නවා නේ ඒ කාලේ අපිත් එහෙම තමා. එහෙම ජිවත් වෙන අතරේ තමන්ගේ වගා පාලු, මාරාන්තික ලෙඩ රෝග, මන්දපෝෂණය වගේ දේවල් ඉතා පොදු දේවල් උනා. ඔන්න ඔය අතරෙදි 1700 වගේ කාලේ, වාෂ්ප එන්ජිම හොයාගැනීමත් එක්ක නොසිතු විරු විදියට බොහෝ දේ වෙනස් වන්ට උනා. වාෂ්ප එන්ජිම තව දුරටත් වර්ධනය කිරීමේදි, යන්ත්‍ර භාවිතා කොට භාණ්ඩ නිපදවීම සදහා කර්මාන්ත ඇතීවීමේ මුලික අඩිතාලම වැටුනා. ඔහොම වර්ධනය වෙමින් පැවති කාර්මිකරණය වසර 1850 වෙන කොට ඇමරිකාවට සංක්‍රමණය වීම නිසා අසාමාන්‍ය වර්ධනයක් වෙන්ට පටන් ගත්තා. බුද්ධිමතුන්, නව නිපැයුම්කරුවන් පදුරක් පදුරක් ගානේ මතු වෙන්නට ගත්තා. නොයෙකුත් තර්ක, මත, සංකල්ප, සිද්ධාන්ත, කල්පිත, යන්ත්‍ර ඕසෙට මතු වෙන්න උනා. මේ හේතුවෙන් අති විශාල කාර්මික සංවර්ධනයක් සදහා ඇමරිකාව තුලදි අඩිතාලම වැටුනා.

දැං අපි දන්නවා නේ විදුලි බුබුල හොයාගත්තේ කව්ද? තෝමස් එඩිසන් නෙව. කොච්චර විතර නව නිපැයුම් කරාද? අම්මෝ දාස් ගාණක්. ඔය ප්‍රශ්න වලට ඔය විදියටම උත්තර දෙන්න බහුතරයකට පුළුවන්. ඇත්ත.. තෝමස් එඩිසන් විසින් විදුලි බුබුල හොයාගැනීමත් එක්කයි බොහෝ විප්ලවයන් සිදු වෙන්නට උනේ. ඒ කිව්වේ විදුලිය කියන සිද්ධාන්තය ප්‍රාෙයා්ගිකව ප්‍රෙයෝජනයට ගැනීමේ අති වැදගත් අවස්ථාව විදුලි බුබුල තමා. ඒ අනුව බැලුවම ලෝකේ හැම රටකම පොත් වල කාර්මික විප්ලවය සදහන් කිරීමේදි අමතක නොකරන නමක් තියෙනවා නම් ඒ තෝමස් එඩිසන්. අපි දන්නේ තෝමස් අල්වා එඩිසන්.

හැබැයි අපිට, මුලු ලෝකෙටම අමතක වෙච්චි නැත්නං බලෙන් අමතක කරල දාපු, එහෙමත් නැත්නං උවමනාවෙන්ම පැත්තකට දාපු විද්‍යාඥයන් ඉන්නවද? හපොයි මොකද නැත්තේ. ඕන තරං ඉන්නවා. ඒ අතරිනුත් තවමත් ලෝකයේ බහුතරයක් දෙනා නොදන්න, ඒත් බහුතරයක් දෙනා ඔහු විසින් සොයාගත් දේ භාවිතා කරන වටපිටාවක ඔහු ගැන කතා කරන්න ඕනැයැයි මට හිතුනා. මේ අදහස ඇවිත් දැනට අවුරුද්දක් හෝ ඊට වැඩියි. ඒත් මමත් වැඩියෙන් දැනන් හිටියේ නැති නිසා ඔහු ගැන කියවන්න පටන් ගත්තා. මේ කාලය ඇතුලත අන්තර්ජාලයෙන් පෙරාගෙන කියවපු වැඩිම ලිපි ගානක කතා නායකයා වන්නේ ඔහුයි. ඉතිහාසයෙන් බලෙන් අතු ගා දැමු, අමතක කළ නොහැකි නිසාම ඉතිහාසය තුල ඉතා සුළු හැදින්වීමක් පමණක් අයිති වූ මේ මිනිසා සම්භාව්‍ය ඇමරිකානු පුරවැසියෙක්. තමන්ගේ රටේම පෙළ පොත් වලදි ඔහු ගැන සදහන් කොට තිබුනේ මෙපමණයි.

“The man who invented the 20th Century”

ඉතිං මම මේ තෙපර බබා කියන්න යන්නේ විසි වෙනි ශත වර්ෂය අතින් ඇදල අපට අරගෙන දුන්න ප්‍රධානම පුද්ගලයා වෙච්චි නිකොලා ටෙස්ලා (Nikola Tesla) පිළිබඳවයි. අපි, මුළු ලෝකයම අද දක්වා භාවිතා කරනු ලබන විදුලි පද්ධතියේ ආරම්භකයා ඔහුයි. ඔය උඩ තියෙන ෆැන් එක බලන්න. ගෙදරට වතුර අදින මෝටරේ බලන්න. මේ සියල්ලේ ආරම්භකයා ඔහුයි. තවත් බොහෝ දේ කියන්න තියෙනවා නමුත් අපි ඒවා පසුවට තබමු. යම් අදෘෂ්‍යමාන හේතුවක් හෝ හේතුන් කිහිපයක් නිසා ටෙස්ලා යන නාමය ලෝකයට විවෘත උනේ සාමාන්‍ය ජිවිතයේදි කව්රුවත් භාවිතා නොකරන චුම්බක ක්ෂේත පරිමාවන් මැනීම සදහා නම් කර ඇති සම්මත ඒකකය වන ටෙස්ලා විදියටයි. නමුත් කාර්මික විප්ලවයේ උපරිමය වන මේ අවසාන වසර එකසිය පනහ වගේ කාලය අතරින් අවුරුදු හැටක් පමණ ටෙස්ලාට අයිතියි. ඒ කිව්වේ ටෙස්ලා ඉපදුනේ 1856 දී. මිය ගියේ 1943 දී. මිය යන කොට ඔහුත් සමග වැලලී ගිය ටෙස්ලා ජීවය ලබන්නේ ඉතා මැත ඉතිහාසය තුලයි. ඒ ඉතිහාසය සොයා බලා තම නැණ නුවනින් විශිෂ්ටයා කව්රුන්දැයි සොයා බැලු මිනිසුන් නිසයි. ටෙස්ලා.. මං කිව්වට Tesla කියල ගූගල් කරන්න. ඔබට මම මේ කියන නිකොලා ටෙස්ලා පළමු තිරයෙන්ම හමු වේවිද??

 

http://deshakaya.blogspot.co.uk/2016/02/best-underdog.html

කව්ද මේ ටෙස්ලා!! (Nikola Tesla – The childhood)

http://deshakaya.blogspot.co.uk/2016/02/nikola-tesla-childhood.html

Related Posts

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල