විද්‍යා හා තාක්ෂණ

තාක්ෂණයෙන් ගිනි කණ නොවැටුන පැරාගේ ලෝකය

Off

ආසියාවේ ආශ්චර්යයේ මා ජීවත් වන මතුගම පැත්තේ මගේ ගමට අද දවසේ ම විදුලිය නැත. කොහොමත් සතියට දිනක් දෙකක්වත් උදේ සිට හිරු බැස යන තුරු ම විදුලිය නැත. එසේ විදුලිය නැති වන දින විදුලි බල මණ්ඩලයවත් නො දනී කියන්නේ අලුත්වැඩියා සඳහා බවයි.

ඊයේ සිට ටෙලිකොම් අනුතර්ජාල සබඳතාව හෝ දුරකථන ද ක්‍රියාත්මක වන්නේ නැත. අද දින දෙවන වරටත් දැන්වූ නමුත් හදන දිනයක් නො දනිමි. භූගත කේබල්වල වරදක් බව ඇමතුම් මධ්‍යස්ථානයට දැනුම් දී තිබේ.

මතුගම නගරයේ හතු පිපෙන්නා පැන නැඟුණු අන්තර්ජාල කැෆේ මේ වන විට වැසී ගොසින් ඉතිරි වී ඇත්තේ දෙකක් පමණි. පෞද්ගලික බස් නැවතුම්පල අසල පාතාලයේ පිහිටි කැෆේ එක බොහෝ විට ගේම් ගසන ළමයින්ගෙන් පිරිලා ය.

එතැනට යා යුත්තේ මුළු බස් නැවතුම්පොළේම මිනිසුන් මුත්‍රා කරන මුල්ලක් අසලිනි.මතුගම නගරයේ කොතැනකවත් පොදු වැසිකිළි කිසිවක් නැත.

පොදු වැසිකිලි ගැන නො තකන ප්‍රාෙද්ශීය සභාව පොදු අවකාශ ගැන සිතාවි ද? හැත්තෑව දශකයේ උද්‍යානයකට යෝජනා වී තිබුණු නගරය මැද පිහිටි මනහර කඳු ගැටය පන්සලක් විසින් අල්ලාගෙන තිබේ.

මේ පැත්තේ මහජන නියෝජිතයන්ට මේ පෙදෙසේ සුන්දරත්වය රැක ගනිමින් සංවර්ධනය කරන ආකාරය ගැන කිසිදු අදහසක් හෝ දැක්මක් කවදාවත් තිබුණේ නැත.

එහෙත්, මම මතුගමට ඇලුම් කරමි. ලක්ෂ ගණන් අටු ලිහිණියන් කොහෝදෝ සිට වළාකුළු සේ පැමිණ, නගරයේ විදුලි කම්බි මත ලැගුම් ගන්නා විට ඇසෙන, නෑසෙන කුරුළු තලබලය බලන්නට තව මඳ වේලාවක් නගරයේ සිටිය යුතු ය. ඔවුන් එන්නේ හයයි කාලට විතර ය. එතෙක් ප්ලේන්ටියක් බොන්නට කඩයකට ගොඩ වෙමි.

මාතෘකාව අපෙනි

උපුටා ගැනීම – http://www.w3lanka.com/

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල