කෙටි කථා

සා. සේ – 240139

Off

සා. සේ – 240139

පහතින් ලියවෙන කථාව කිසිවෙකුගේ පැන්ටසිය කඩා බිද දැමීමට හෝ සිංහ ලේ කෝප කිරීමකට හේතු නොවේවා යයි පතමි,මාසික වේතනයකට රැකියාවක් කරන හා කල ත්‍රිවිද හමුදා සෙබළුන්හට දේශය රැකගත් රණවිරුවන් යයි ලේබල් ගසා ඔවුන්ගේ දුප්පත් කරමත නැගි සිංහලේ ගෝත්‍රිකයන්ගේ දේශපාලකයන්ට වෛර කරන අතර සැබෑ රණ විරුවන් සිටියා නම් සිටියේ දකුණේ නොව වෙනම රටක් වෙනුවෙන් සටන්කළ උතුරේ තරුණයන් අතර බව නොපැකිළව ලියා තබමි.
මේ සියල්ලක්ම මාගේ හුදු දහවල දුටු සිහිනයක් පමණි.
“බිත්තිවලටත් කන් ඇත”…. “එක උණ්ඩයට එක සතුරයි”………
මෙහෙම පාවෙවී ඉන්ඩ ගියහමත් එපා වෙනවා, හැබැයි එකෙත් පොඩි ගතියක් තියනවා, අම්ම ඉස්සර කියනවා වාගේ හැම නරක දෙයකම හොදකුත් හැංගිලා තියනවා. ඉස්සර වගේ වෙලාවට කැම කන්ඩ, නිදා ගන්ඩ තව ගොඩක් දේවල් ගැන හිතන්ඩවත් ඕනේ නෑ, මොකද මං අර TV එකේ කාටූන් එකක හිටියේ “කැස්පර්” THE FRIENDLY GHOST” වගේ සිත මිස කය නැති සත්වයෙක් ,නැත්නම් තවත් එක් ගන්දම්බයෙක්. ඔන්න ආයෙත් සැරෙන් සුළගක් එනවා, සුළගට බෝ කොළ සෙලවෙනකොට හරිම ලස්සනයි.
එදා හවස හයේ පෙරඩ් එකෙන් පස්සේ කැමට යන්ඩ දෙමළ පිගානයි කොප්පෙයි(බෙලෙක් පිගන්,කෝප්ප වලට අපි කිව්වේ එහෙම මොකද තොස කඩවල තිබ්බෙත් ඔව්නේ,මම ජාතිවාදියෙක් නෙවෙයි හමුදාවට බැදුණේ නංගිටයි මල්ලිටයි හොදට උගන්නන්ඩ ඕනේ නිසා, රට වෙනුවෙන් යුද්ද කරන්ඩ අව එකෙක්වත් ආමි එකේ හිටියේ නෑ, හැමෝටම ප්‍රශ්න තිබුණ, එදාවේල කන්ඩ නැති උන් හරියට ගෙයක් දොරක් නැති උන් තමයි අපිත් එක්ක හිටියේ,) අලි කකුල් බෑග් එකෙන් එළියට ගන්න කොටමයි,
“සිනියර්ල පස්දෙනෙක් ලැහැස්තිවෙයල්ල ඇම්බුෂ් යන්ඩ” ප්ලටුන් සායන් ඇවිත් කිව්ව.
බිලට් එකේ දොර ළග හිටපු එකා බිලට් එකේ කොනටම ඇහෙන්ඩ “බිලට් අප්” කියල කෑගහනවා ඇහුණා.
එතකොටම ප්ලැටුන් සායන්ගේ අම්ම හිටියනම් හචින් සීයක් විතර යයි, මොකද කන්ඩත් නැතුව ඇම්බුෂ් යනවා කියන්නේ වහ කෑවටත් අන්තයි, සමහරවිට එන්ඩ වෙන්නේ උදේ එළිය වැටුණහම, නැත්නම් හවස, උදේ ඉදං රෑ වෙනකල් පැටික් කරලා (පස් කොට්ට ගහල, ලී කපන් ඇවිත් බංකර් හදලා, අගල් කපල) රෑ ඩියුටි කරනවා මදිවට හාමතේ පලයල්ලකෝ ඇම්බුෂ්….
කෑම්ප් එකේ ලවුඩ්ස් පිකරෙන් සුපුරුදු සද්දේ ඇහෙනවා ඕන්……….
“එක සෙබළෙක් මියගියහොත් තව සියදහසක් උපදී, අපෙ එක විරු සෙබළෙක් හට දහසක් සතුරන් පරදී”
අම්මගේ රෙද්ද තමයි,,,එකෙක් මැරිලා බොඩිය අරන්ගියාම ඒ ගමේ එකෙක්වත් ආමි එකට එන්නේ නෑ…මැරෙන එකාට කොටි දෙන්නෙක්වත් මරුනනම් SF සර් එන්ඩ කළින්ම යුද්දේ ඉවරයි.
“ඩබල් ….. ඉක්මන් කරපල්ලා අද ටිකක් ඈතට යන්ඩ තියෙනවා” සායන් සද්දේ දානවා.
වැඩිපුර ඇමෝ ගනිල්ලා,JR (ග්‍රෙනේඩ්) දෙක ගානෙවත් ගනිල්ලා, බලපන් උබේ පූචස් එකේ හැටි ඕක ටිකක් ඇගට තද කරගනින්,පෙර්රා කෝ තොගෙ වතුර බෝතලේ? ආයෙත් සද්දේ දානවා.
“තියෙනවා සායන්” එකොළහේ කණුව වෙලා නැත්නම් සීරුවට ඇවිත් මං කියනවා, සායන්ගේ අම්මට අනිවා ලොකු හැචිමක් යන්ඩ ඇති.
පිගන් කෝප්ප බෑග් එකට ඔබපු අපි බැක් පැක් පුචස් වෙපන්,හෙල්මට් අරං සැගවී සිට පහර දීමකට යන්ඩ සුදානම් වෙනවා.
“බිලට් අප්” ළගම හිටපු එකෙක් කෑගහනවා කණ ඇතුළට උණ්ඩයක් ගියාවගේ සද්දෙකින්, ඒපාර මොකාද ඇවිත් තියෙන්නේ???
වඩේ කාරයෙක් (රාජ්‍ය ලාංජනේ අතේ බැදන් ඉන්න, සාජන් මේජර් කෙනෙක්) ඇවිත්,
“GWR පහකුයි SF පහළොවකුයි සුදානම්” සායන් ඇටෙන්සන් වෙලා කියනවා.
කෑම්ප් එකේ සීමාවෙන් ටිකක් ඈතට ඇවිත් කළුවරේ ඇස් අදුරට හුරු උණහම ගහක් හෙලඋනත් හිතෙන්නේ මොකෙක් හරි හැංගිලා ඉන්නවා වගේ. මිනිහෙකුට කවර් වෙන්ඩ පුළුවන් ගහක් , පදුරක් දැක්කම හිතෙන්නේ සේප්ටිය බර්ස්ට් එකට දාල පොකුරු උණ්ඩ වලින් ඒ පළාතම නැතිවෙලා යන්ඩ ෆයර් කරන්ඩ. ආසාවට නෙවෙයි බයට. මොකද කොටි එන්නෙත් හමුදා කාරයින්ව මරන්ඩ මිසක් මල් පොකුරු දීල පිළිගන්ඩ නෙවෙයි නේ.
“ කෝ තොගෙ කොලර් එකේ ලුමිනස් ලයිට් එක??
හුටා ඒක නැතිවෙලානෙ, ඇත්තටම ඒක බිලට් එකේදී කව්රු හරි උස්සලා.
“සායන් ඒක නැතිවෙලා” සීරුවෙන් හිටන් මං කියනවා.
“නැතිවෙලා ඒක කියන ලස්සන යකෝ මමද ඒවා පරිස්සම් කරලා දෙන්ඩ ඕනේ පල පස්සට ලොසා, හෙට කෑමෙන් පස්සේ රිපෝට් කරපං මං තොට අතුරුපස ලැස්ති කරලා තියන්නම්” සාජන් කණට ලංවෙලා කියවන් යනවා.මේ පනිස්මන්ට් පිට්ටනිය වටේ පොවඩ් රෝල් ගැසීමක් හරි ලිංගික අල්ලසක් වෙන්ඩත් බැරි නැ.
ඔළුවට දාන කැප් එකේ ඉදලා කකුල් වලට දාන බුට් දෙකට යනකල් හැම දෙයක්ම එකවගේ, වෙනසකට තියෙන්නේ යටට අදින ජෝකාගේ විතරයි. ඒකත් ආමි එකෙන්ම දුන්නනම් ජොකාත් හොරකං කරයි. සල්ලි වල ඉදල ටි ෂර්ට් එක දක්වා හැමදෙයක්ම හොරු ගන්නවා. බඩුවක් නැතිවෙලා පැමිණිලි කරොත් මහඋන් කරන්නේ බඩු හොයනවා නෙවෙයි ෆ්ලටුන්එකටම පනිස්මන්ට් දෙන එක. ඒක නිසා මොනවා නැති උනත් සද්දේ වහල ඉන්න එක තමයි ගොඩක් දෙනෙක් කෙරුවේ.උදේට හවසට සිනියර්ලා ඇවිත් “ප්‍රොබ්ලම් තියෙනවද” කියල අහන්නේ “නැ කෝපල්” කියන උත්තරේ බලා පොරොත්තුවෙන්ම තමයි.
දැන් හැමෝම අඩි කීපයක පරතරයක් තියාගෙන කමිස කොලර්වල පිටිපස්සේ ගහල තියන කලාමදිරියා බලාගෙන ගන අන්දකාරේ හිමින් ඉස්සරහට යනවා. තව කිලෝමීටරයක් විතර කැලේ ඇතුළට ගිහිං දකුණට හැරිලා ප්‍රදාන පාරට හැරෙන අඩි පාර ගාව තමයි ඇම්බුෂ් එක දාන්ඩ තියෙන්නේ, කළුවරයි සමහර තැන්වල තියෙන කටු වැලුයි නිසා ගමන බොහොම මන්දගාම්යි,ඉස්සරහට තියන අඩියක් අඩියක් ගානේ සතුරන් රජකරන පැත්තටයි යන්නේ, තියන පියවරක් පාසා පපුවේ ගැස්ම වැඩි වෙනවා, වෙපන් එකත් කිටිකිටියේ දෑතට හිරවෙනවා.
අඩිපාරට හැරෙන තැන ලොකු කොහොබ ගහක් තිබුණා, ඊට පස්සේ පොඩි ගොඩැල්ලක් වගේ එකක් පහුඋනත් මතකයි. එකපාරටම තුන් පැත්තකින් ආව වෙඩි වර්ෂාවකට අපිව අහුඋනා, අපිට එක ෂොට් එකක්වත් ෆයර් කරන්ඩ හම්බුනේ නෑ.මොකක්ද උනේ කියල හිතාගන්ඩත් කලින්ම විනාඩි දෙක තුනකදී කොටින්ගේ ඇම්බුෂ් එකකට අහුවෙලා හැමෝම රට ජාතිය වෙනුවෙන් ජීවිතය පුද කළා.
“ සාදු සාදු සාදු සා …දු ….”
තවත් පුජාවක් පටන් අරං, මම මාස ගානක් මේ බෝ ගහ වටේ කැරකි කැරකි ඉන්නවා, පිංවන්ත මව් කුසක් ලැබෙනකම්, දකුණු ඇලයෙන් හරි වම් ඇලයෙන් හරි අතුල්වෙන්ට, මේ මාස ගානටම මට හරියන මව් කුසක් ලැබුණේ නැ, ටෝයියෙක්ගේ හරි,ජෙප්පෙක්ගේ හරි කුසේකට රිංග ගත්තොත් සදා අනාතයි, බයියෙක්ගේ කුසේකට ගියොත් මහජන මුදල් කොල්ලකාපු හොරෙක් වෙලා තමයි ඉපදෙන්නේ. මේ කපුටු බෝධි වන්දනා කරන්ඩ කොලබ හතේ නෝනලා එන්නෙත් නෑ…
කවුදැ අර ඈතින් එනවා පෙන්නේ,එදා හමුදාවටයි කොටින්ටයි දෙපැත්තටම ඔත්තු දුන්න සෙල්වයි පවුලයි නේද? ගෑණිට ළමයෙක් හම්බෙන්ඩ වත්ද???….!

 

http://sinhalabloggala.blogspot.co.uk/2016/03/240139.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල