කෙටි කථා

සර්පයාගේ කොලම 14

Off

සර්පයා සහ සුප් එක
සර්පයා බොහෝ සලා වැටුම් මැද උකටලීව ගියේ සිය හුඹහේ දරණය ගසා නින්දත් නොනින්දත් අතරට වන්නේ සිහිනයක් දුටුවාහු වෙත්. ඒ සුපිනයෙහි වග කෙසේද යත්:

එකල්හි මුලූ වනයම එකම එක සුප් එකක්ව පැසෙමින් තිබුනේය.

ජාත්‍යන්තර පබිලිස් කෙනෙක් සුප් එක හැඳි ගාමින් උන් අතර ඔහුගේ සහායට එළවලූ කපන්නෝද, ඒවා සෝදන්නෝද. ලූණු ගම්මිරිස් අත තබා ගත්තෝද, ඒවා ඉසින්නෝද, සුප් එක රස බලන්නට රසපිරික්සකයන්ද, මෙනු පත අත තබා ගත් උපදේශකයෝද, සුප් හැලියේ උෂ්ණත්වය මනින්නෝද, කාල ගණකයෝද ආදී මෙකී නොකී හැටහුටහමාරක් පුඟුලන් උන්නාහු වෙත්.

සර්පයාද, සර්පයා හුන් කැලෑවද වූයේ සුප් හැලියේ පැසෙමින් වග දත යුතු. එමතුද නොව සර්පයාගේ මිතුරු කාරකාදීන්ද සුතනඹුන් ඈ සියල්ලෝද එහිම පැසෙමින් හුන් වගද තවදුරටත් දත යුතු.

සර්පයා සිහිනය තුළම, සුප්හැලියෙහි පැසෙමින්ම එහි අක්මුල් පාදා ගන්නට තැත් දරන්නේ මේ කවර නම් සුප් එකක්දෝහෝයි සිහි එලවා ගන්නට වෑයම් කරන්නේ. එසේ වෑයම් කරමින් සිටිද්දී සර්පයාගේ නරකෙස් ඇදෙන්නට පටන් ගත් ස`ද තමා සුප් එකක පැසෙමින් සිටින බව පමණක්ම වටහා ගන්නට සමත් වූයේ ඒ කවරදෝහෝයි වටහා ගනු නොහෙන බව දත්තේ, එහෙයින් ගැලවුමක් නොමැති වගද දත්තේ බයබීරාන්තව ගියේය. අඩසිය වසක් තමා දරන ලද සියලූ උට්ඨානයන් සැලියේ උෂ්ණත්වය වැඩිවන කල්හි, පැසෙන කාලය ඉකුත්ව යද්දී මෙන්ම කෝකියාගේ මෙනුවට අනුවම කරන ලද විසූකයන් බැව් වටහා ගෙන සර්පයා සිය අතීතය අවලෝකනය කරන්නට විය.

සුප් එකෙහි පැසෙමින් විප්ලවවාදියා විප්ලව කළාහුය. ඩාස්කැපිටාලයද සුප් එකේ පැසෙමින් තිබුනේය. එහි පැසෙමින් ඒ තැන තැන කියවන්නා වූ පුඟුලෝ කෝකියාට එරෙහිව සුප් එක තුළම උද්ඝෝෂණද, වර්ජනද, කැරළිද මෙහෙයූහ. එකල්හි කෝකියා සුප්හැලියේ ගින්දර වැඩි කරන්නේ, පැසෙන කාලය දිගු කරන්නේ, තව තවදු වතුර එක් කරන්න්, ලූණු ගම්මිරිස් ඈ අඩුම කුඩුම එක් කරන්නේ වෙත්. සුප් හැලිය තුළම පැසෙමින්ම ගණින්නාන්සේලා ලෝවැඩ සඟරාව කීහ.

‘ලිප ගිනි මොලවන තෙක් දිය සැලියේ
සැපතක් යැයි කකුළුව දිය කෙළියේ’
සුප් හැලිය තුළම පැසෙමින් පොලිස්කාරයෝ සුප් කෑලිවලට බැටන් ප‍්‍රහාර එල්ල කළහ.
‘අද අද එයි මරු පින් කර ගන්නේ
කෙලෙසද සෙට මරු නේති සිතන්නේ’
‘සාදුකින් පෙලෙන වුන් දැන් ඉතින් නැගිටියව්
අන්තිම සටනට සැරසියව්’
සුප් එකේ වූ ගම්මිරිස් ඇටයක් කීය.
‘ජාත්‍යන්තරය විජය ලකුණයි…..’
ඒ මැදින් තවත් සුප් කෑල්ලක් මොර දුන්නේය.
‘සති පූජා දරසෑයේ
සිරවී මොට්ටැක්කිලියේ
සාර සංඛ්‍ය කප් සියයක්
වධයට කැපවූ ළ`දුනේ
ඔබේ ලොවයි මේ බිහි වන්නේ’
සුප් එකේ නටමින් තිබූ ගෝවා මලක් කීය.
මේ සුප් හැලිය ලෝකය විය. එය මේ සංසාරය නම් වූ වනාන්තරය වීය.

සුප් හැලියේ සුප් කෑලි එකිනෙකාට රොස් පරොස් නගනුයේ අනෙකුන් ජාත්‍යන්තර කෝකියකුගේ සුප් හැලියක පැසෙනා සුප් කෑලි බව කියන්නේ, අනෙකුන්ද එසේම අනෙකුන්ට දොස් නගන්නේ වෙත්. මේ අතර සුප් කෑලි එකිනෙකා හා ගැටෙත්. ඒ දකින්නාවූ කෝකියා තව තවත් ලිපේ ගිනි වැඩිකරත්මැයි.

මේ අතරේ කෝකියා විටින් විට වෙස්මුහුණු පැළඳ ගන්නේ සුප් හැලියෙන් හැන්ද දමා ගන්නා සුප් කෑලිවලින්ම වෙස්මුහුණු තනා ගන්නේ වෙයි. එකට පැසුණු තමන්ගේම සුප් කෑල්ලක් දකින සැලියේ පැසෙන සුප් කෑලිද මහත්වූ ස්වඡන්දතාවෙන්ම එහි සන්සුන්ව පැසෙන්නට ගනිති. එහෙත් ඒ ශාන්තිකරභාවය වැඩි කල් නොපවතී. මේ අතරේ උපදේශකයෝ මේ සුප් හැලියට විවිධ පොත් අත් හරින්නේ වෙත්.

ලෙනින්ගේ ජාතික ප‍්‍රශ්නය ගැන පොතද, බුවාගේ සෙකන්ඞ් සෙක්ස්ද, ෆයරස්ටන්ගේ දයලෙක්තික් ඔෆ් සෙක්ස්ද, ලියොතාද්ගේ පෝස්ට් මොඩන් කන්ඩිෂන්ද වශයෙන් විවිධ පොත් විටින් විට මේ සුප් එකට අත හැරෙනු සර්පයා සුප් එකේ පැසෙමින්ම සිය අවලෝකනයේ හුඹහ තුළට වී බලා හුන්නේය. මේ අත හැරෙන පොත්වලට එරෙහිව හැලියේ නටන සුප් කෑලි තවත් පොත් ලියති. එක්කෝ ඒ පොත් තේරුම් කරන්නට පොත් ලියා සුප් හැලියෙන් ගොඩ එන්නට සිහින දකිති.

සුප් එක ඇතුළට ගිනි තබන ලද ටයර් තොගයක් වැටිණි. සුප් කෑලි බාබකිව් විණි. යක්ෂයා වෙනුවෙන් තනන සුප් එකක් සේ පුලූටු සුව`දින් සියල්ල හෝම් පලක් බවට පත් විය. මේ අතර ස්වයං නිර්ණය යැයි කියමින් තවත් සුප් කෑලි අහල වූ සුප් කෑලිද සුන්නද්¥ලි කරමින් තමන්ම පුපුරා ගියේය. මේ අතරේ ගෝවා මල්ද ඒ පස්සෙන් ගෝවා කොලද උන්ගේ සිරුරේ ස්වයං නිර්ණය පතා හැලියේ උඩට ආහ. කෝකියා විසින් අංග ජාතය කපා දමන ලද රණබාහුගේ සිරුර සුප් එක මත පාවෙන්නට විය. දුක්ගන්නා රාලගේ අංග ජාතය සුප් එකේ පාවෙමින් තිබෙනු එදා සිටම දුටු සුප් කැලිවලට ඒ අමුත්තක් නොවිණි. රණබාහු සුප් එක තුළ පූර්ණාගේ භගය මෞඛ ලෝලනය කරමින් සිටියේය.

පුරණානූරු කාව්‍යයෙන් පණ ලැබූ යුධ විරුවෝ ෙසෙන්ධවයන් පිට නැග නග්න කයින් අසිපත් සුරත දරා සටනට වැද නියමානූකූලව එක රොත්තට මැරී වැටුනාහුය. ක`දුමුදුන්වල ස`ගවා හුන් ස්ත‍්‍රීන්ද නපුංසකයන්ද සම්භෝගයෙහි යෙදී නපුංසකයන් බිහිවන්නට වන්නේය. නිය`ගලා මල්ද එරබදු මල් සමග හරි හරියට සුප් එක තුළ රසකාරකව තිබිණි. සාම සාකච්ඡුාවෙන් පසු ඇතුපිටින් බැස ධර්මකාමට අතුල් පහරක් දී ස්කූටරයක නැග ගිය පූර්ණා රණබාහු අල්වා දූෂණය කොට පොත්තා සමග සමසරාගිකත්වයේ ගැලෙන්නට වන.

පිංතාලියට මීටරයක් සවි කොට තිබිණි. පන්සලට ඇතුල් වන්නට ටිකට් පතක් මුද්‍රණය කෙරිණි. දිසාපාමොක් තොග කඩයක් දමා ගත්තේය. ජිවක මස් කඩයක් දැම්මේය. පන්සිළු තොරම්බල් ලෑල්ලක් දැම්මේය.

සුප් එක නටමින් තිබුණේය. එය නිර්මාංශාහාරී සුප් එකක් විය. එහෙත් එහි කපා දමන ලද අංගජාතද. බාබකිව් කළ තරුණෝද, කරවල කණ බාල මහලූ ගෑනු පිරිමින්ද, බෙරකාරයාගේ දුව රැගෙන ආ තරයා හා කෘෂයා නිධානය වෙනුවෙන් හැලූ ලේද ඇති පදම් තිබුනේය. පාප්වහන්සේ එයට ආසිරි පැන් ඉස තිබිණි.

එහෙත් මේ සුප් එක හැර කිසිවකුට අන් පැවැත්මක් සිතා ගන්නට බැරිය. සිහිනෙන් පෙන්නුම් කළත් සර්පයාද සිටින්නේ මේ සුප් එක ඇතුළේමය. පුදුමය නම් කෝකියා සිටින්නේද ඒ තුළමය . උපදේශකයෝද එහිම සිටිති.

සර්පයා කොසොල් රජුන් දුටු සිහිනයේ පරිද්දෙන් අන්ද මන්දව ගියාහු යළිදු දරණ ගසා ගත්තේය.
කේ.කේ.සමන් කුමාර

උපුටා ගැනීම – http://www.lankadaily.lk/

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල