සාහිත්‍ය කළා විචාර

ඇගෙ හිත ඇය වෙත ගිය දවසේ 18 +

Off

මේ පෝස්ට් එකට ඉන්ස්පිරේශන් එක නුවර කුමාරිගේ  පෝස්ට් එකක්. ඒක මම කථාකරන්න අදහස් කරන මාතෘකාවට පොඩ්ඩක් වෙනස්. එකේ කියවුනේ කුඩා කාලයෙදී තාවකාලිකව ඇතිවන සමලිංගික ආකර්ෂණයන් ගැන. හැමෝටම ඒවගේ අත්දැකීම් ඇති. බොහෝ දෙනෙකුට ඒවා පාසිං එපිසෝඩ්ස් විතරයි. ඒ වුණාට කුඩා ප්‍රතිශතයක් වැඩිහිටි වයසේදීත් සමලිංගික වෙනවා. මේ වගේ Sexual orientation එකෙන් ඔයගොල්ලනට වඩා වෙනස් වන අය ගැය ඔබගේ ආකල්පය කුමක්ද කියා සිතන්න සහ අවශ්‍යනම් නැවත සලකා බලන්න පෙලඹවීමක් තමයි මෙම පෝස්ට් එකේ අරමුණ.

බොහෝ බටහිර රටවල සමලිංගික අයට හැංගිලා ඉන්න ඕන නැහැ.  මොකද ඒක ලෙඩක් හෝ බිය විය යුතු හෝ සමාජයෙන් කොන් කල යුතු කොට්ඨාශයක් කියල හිතන අය ඒ රටවල අඩුයි. ගොඩක් නොදියුණු රටවල් වල සමාජ වල ගෝත්‍රික මනස් ඇති අයගේ ඊගෝ එක සතප්පවන්න  එල්ලෙන්න මොනව හරි වැල් ඕන නිසා ආගම, ජාතිය වගේ දේවල එල්ලෙනවා.  ඒ වගේම එවන් අය සමලිංගික සහ අනිකුත් වෙනස් ලිංගික හැසිරීම් ඇති අය කොන් කිරීමටත් ඔවුන්ගේ අයිතිවාසිකම් නැතිකරන්නත්  ඉක්මනින්ම ඉදිරිපත් වෙනවා. මෙවන් ක්‍රියා හීනමානයෙන් පෙලන අයට  “අනික් වුන්ට වඩා මම හොඳයි හෝ මම උසස්” කියන හැඟීමට  හොඳ තල්ලුවක් (boost) නැත්නම් සහයක් දෙනවා. ඇමෙරිකාව වගේ දියුණු යැයි අන් අය සිතන සමාජ වලත් සමහරුන් සමලිංගික විවාහ නීතිගත කිරීමට විරුද්ධව විශාල සටනක් ගෙනියනවා. තමන් හරි යැයි සිතන දේ අනෙක් අයත් හරියැයි සිතිය යුතු බව පිළිගන්නා ගෝත්‍රික ගතිය බොහෝ දෙනෙක් තුල අවාසනාවකට තවමත් තියෙනවා. මේ අතින් යුරෝපයේ රටවල් බොහෝ ඉදිරියෙන් .

සමාජයේ ජීවත් වීමට අවශ්‍ය කරණ ලිංගික අධ්‍යාපනය තවමත් ව්‍යුහගත විදිහකට ලබා නොදෙන නිසා වෙනස් ආකාරයේ ලිංගික හැසිරීම් ගැන සමාජයේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ. එම නොදැනීම නිසාම එවන් වෙනස් ආසාවන් ඇතිවන අය තමන් රෝගීන් යැයි සිතා මානසිකව පීඩා විඳිනවා. සමාජයෙන් හැංගී සිටිනවා. ඔවුන් මෙන් සිතන අය තව ලක්ෂ ගණනක් ලොව පුරා සිටිනා වග ඔවුනට වැටහෙන්නේ නැහැ. එම නිසා තමන්ගේ ආශාවන් හෙළි නොකර සඟවාගෙන සිටිනවා.

Heterosexuals සහ homosexuals ඇරුනම bi-sexual කට්ටියකුත් සිටිනවා. ඔවුන්ට විරුද්ධ ලිංගිකයින් මෙන්ම සමලිංගික අය සමඟත් ජීවත් විය හැකියි. මෙවන් අයට අවස්ථාව අනුව වෙනස්වීමට හැකි නිසා ප්‍රශ්ණ අඩුයි. මේවට Sexual deviations  කියා කියනවා. homosexuals සහ bi-sexual අයට අමතරව තමන්ගේ නිරුවත අනුන්ට පෙන්වීමට කැමති අය (Exhibitionism), අන් අයගේ නිරුවත රහසින් බැලීමෙන් ලිංගික සතුටක් ලබන අය (Voyeurism), සපත්තු, හම් වර්ග වැනි මනුශ්‍ය නොවන දේවලින් ලිංගික සතුටක් ලබන අය (Fetishism), තමන්ගේ අවයව අනික් අයගේ ඇඟේ අතුල්ලා එමගින් ලිංගික සතුටක් ලබන අය (බස් වලදී ඇඟවල් වල හේතුවීම) (Frotteurism), කුඩා ළමුන් සමඟ ලිංගික ඇසුර පැවත්වීමට කැමති අය (Pedophilia), මානසිකව සහ ශාරීරිකව වද වේදනා විදීමෙන් ලිංගිකව සතුටු වන අය (Sexual masochism), අන් අයට මානසිකව හෝ ශාරීරික වද වේදනා දීමෙන් ලිංගිකව සතුටුවන අය (Sexual sadism),   විරුද්ධ ලිංගිකයන්ගේ ඇඳුම් ඇඳීමෙන් සහ එලෙස හැසිරීමෙන් ලිංගික සතුටක් ලබන අය (Transvestic_fetishism), සතුන් සමඟ හැසිරීමෙන් ලිංගික සතුටක් ලබන අය ( Zoophilia), මෘත දේහ සමඟ හැසිරීමෙන් ලිංගික සතුටක් ලබන අය (Necrophilia) වශයෙන් විවිධ ආකාරයේ වෙනස් ලිංගික ආශා තියෙන පුද්ගලයින් අපි අතර සිටිනවා.සමහර රටවල තමන්ට homosexuals, BDSM, දේවල් වලට කැමති අයට ගැලපෙන අය සොයාගන්න එවන් අය සඳහා වෙන්වුන සමාජ ශාලා, වෙබ් අඩවි පවා තිබෙනවා.

මෙයින් Pedophilia වැනි deviations සමාජයට ඉතා අහිතකරයි. Frotteurisme, exhibitionist, voyeurism වැනි deviations සමාජයට කරදරයක්. අනික් අය ඔවුනගේ වෙනස් වීමට ගැලපෙන අය සමඟ පමණක් එසේ හැරෙනවා නම සමාජයට එයින් වන හානියක් නැහැ. උදාරණයකට අන් කෙනාට මානසිකව සහ ශාරීරිකව වද වේදනා දීමට කැමති (sadist) අයකුත් එලෙස මානසිකව සහ ශාරීරිකව වද වේදනා විඳීමට කැමති (masochist) අයකුගේත් ඇසුර හෝ විවාහය ඒ අයට ගැලපෙනවා. නමුත් masochist නොවන අයකු sadist අයකු සමඟ විවාහ වුවහොත් එක්කෙනෙක් මහත් අසීරුවට පත්වෙනවා.ඒ වගේම තමයි heterosexual කෙනෙකු homosexual කෙනෙක් සමඟ විවාහ වුණත්. වෙනත් රටවල ඇති එකිනෙකා දැන අඳුනගෙන කලින් එකට ජීවත්වී (living together) කෙරෙන විවාහ වලදී එසේ නොගැලපෙන දෙදෙනෙකු එක්වීමට ඉඩ නැහැ. එහෙත් විවාහයට පෙර ගැහැණියකගේ ‘පිරිසිඳු බව’ virtue එකක් ලෙස සලකන ආගම, කුලය, නිලය, වත්කම් පමණක් සසඳා කරන විවාහ වලදී මෙවන් වෙනස් කම් පමණක් නොව sexual incompatibility වැනි ප්‍රශ්ණද පැන නැඟීමට ඉඩ තිබෙනවා. මෙවැනි දේවල් ගැන එලිපිට කථා නොකිරීමෙන් සහ එක ලෙස සිතන අයට එක් වෙන්න අවස්ථාවල් නැති කිරීමෙන් වෙන තව හානියක් තමයි ඔවුන්ගෙන් සමහරක් ඔවුන්ගේ අශාවන් සන්තර්පනය කර ගත හැකි රැකියා සොයා ගැනීම සහ එවන් අය අසු නොවීම. සමහර සමලිංගිකයන් හමුදා. කැඩෙටිං ආදී තැන්වලත්, pedophilia සහ sadists අය ගුරු වෘත්තියත්, තව සමහර අය sadist අය පොලිසියත්,necrophilia අය අවමංගල්‍ය ආයතන හෝ රෝහල් වල ආදී වශයෙන්. මෙයින් සමහරක් සමාජයට ඉතා අහිතකර තත්ත්ව උදාකරනවා.

මා හිතන විදිහට ඉහත දැක්වූ sexual deviations අතරින් වඩාත්ම ප්‍රචලිත සමලිංගිකයින්. ඔවුන් ඔවුනට ගැලපෙන අනිකුත් සමලිංගිකයින් සමඟ සම්බන්ධතා පැවැත්වීම, ආදරය කිරීම, විවාහ වීම අනික් අයට කරදරයක් වන්නේ කොහොමද? මම විද්‍යාත්මක පැත්ත ගැන ලියන්න තරම් රිසර්ච් කරල නැහැ. ඒවුණාට මම හිතනවා ඒක කැමැත්තෙන් ලබාගන්න දෙයක් වත් කැමතිනම් වෙනස් කරන්න පුළුවන් දෙයක් වත් නෙමෙයි කියල. එතකොට කෙනෙක් සමලිංගික වෙන්නෙ එයාගෙ කැමැත්තෙන් නෙමෙයි නම් ඒ කෙනාව කොන්කරන එක, ඒ අයට නිග්‍රහ කරන එක හරිද?

මැද පෙරදිග සමහර සමාජ වල ඒ අයට දඬුවම් කිරීමටත් නීති සකසා තියෙනවා. දඬුවමක් දෙන්නෙ හිතා මතා කරන වැරැද්දකට. එමෙන්ම දඬුවමක් දෙන්න ඕන වෙනස් කරගන්න පුළුවන් හැසිරීමකට. මේ දෙකම බැරිනම් ඒක අසාධාරණ කොන් කිරීමක් හෝ වෙන් කොට සැලකීමක් (discrimination) නේද? දකුණු අප්‍රිකාවේ 1994 ට පෙර කළු මිනිසුන්ට වෙනස් කොට හා පහත් කොට සැලකීමක් තිබුණා. ඒකට කිව්වෙ apartheid කියලා. එතෙන්දිත් කළු මිනිසුන් වුවමණාවෙන් එලෙස ඉපදුනේ නැහැ. එමෙන්ම ඔවුන්ට අවශ්‍ය වුණත් ඔවුනට සුදු වෙන්නත් බැහැ. එවන් වෙනසක් ගැන අසාධාරණ ලෙස සලකන එකට විරුද්ධව මුළු ලෝකයම නැගී සිටියා. ඔබත් එලෙස එයට විරුද්ධ වෙන්න ඇති. එහෙම නම් ඇයි ඔබත් ලෝකයත් ඒ හා සමාන අවස්ථාවක හිරවී ඉන්න සමලිංගික අය වෙනුවෙන් වෙනස් විදිහකට හිතන්නේ?.

බටහිර සමාජයේ ඔවුන්ට තමන් ආදරය කරන කෙනා සමඟ ප්‍රසිද්ධියේ එහෙ මෙහෙ යන්න පුළුවන්. සමහර රටවල ඔවුන්ට විවාහ වෙන්නත් ළමයින් හදා ගැනීමට ගැනීම හෝ දායක (surrogate ) මාපියන් ක්‍රමයෙන් තමන්ගේම ළමයින් හදා ගන්නත් පුළුවන්. එමෙන්ම නීතියෙන් ඔවුන්ගේ දේපල අනිකුත් විවාහ වලදී වගේ එකෙකුගේ මරණයකදී අනෙකාට යාම ආදී සෑම ආරක්ශාවක්ම තියෙනවා.

සමලිංගිකයන් වශයෙන් ජීවත් වන අය සමාජයේ කොන්වීමට අමතරව තවත් බොහෝ දේවලින් පීඩා හෝ විඳිනවා. ආසියානු හෝ පසුගාමී සමාජවල ඔවුන් බොහෝවිට සිටින්නේ සමාජයෙන් හැංගිලයි. ඊටත් අමතර පවුල් වලින් හෝ සමාජයෙන් එන පීඩනය නිසා තමන් අකමැති ලිංගයේ කෙනෙකු හා විවාහ වීමට සිදුවන අය ගැන හිතා බලන්න.

ඔබට සමලිංගික සහෝදරයෙක්, සහෝදරියක්, දියණියක් හෝ පුතෙක් සිටින කෙනෙක් යැයි මොහොතකට සිතන්න.  ඔබ විරුද්ධ ලිංගයක අයට ආකර්ෂණය වෙන කෙනෙක් නම් ඔබට බලයෙන් සමලිංගික අයකු සමඟ එකට නිදා ගැනීමට, සංසර්ගයේ යෙදීමට සැලැස්වුවහොත් හෝ සිදුවුවහොත් ඔබ පත්වන ජුගුප්සාජනක තත්ත්වය  ගැන මොහොතකට හිතන්න. සමලිංගික අයෙක් සාමාන්‍ය විවාහයකට බලයෙන් තල්ලු කිරීමෙන් ඒ අයට මුහුණ පාන්න වෙනෙනෙත් ඒ හා සමාන දේකට නේද? එවිට ඔබගේ සහෝදරිය, ඔබගේම දියණිය එවන් තත්ත්වයකට පත් කරන්නේ ඔබම නේද යන්න කියා සිතා බලන්න.

ඔවුනට පාලනයක් නැති මෙවන් වෙනස්කම නිසා පවුලෙන් සමාජයෙන් හැංගෙන, කොන්වෙන කෙනෙක් දුටුවොත් ඒ අයට මානසික සහනයක් වෙන්න සමාජයට මුහුණ දෙන්න අවශ්‍ය ශක්තිය ලබා දෙන්න ඉදිරිපත් වෙන්න කියා මම ඔබෙන් ඉල්ලා සිටිනවා. එය තමයි ඔබට කල හැකි අවමය..

කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන ගහක මල් පිපිලා ගීතය සමලිංගික ආදරයක් ගැන ලියවුණු ගීතයක් බවට සමහර අය අතර මතයක් තිබෙනවා. සිංහල සාහිත්‍යයේ මෙම මාතෘකාව ගැන ලියවුණු මම නොදන්නා තවත් ගීත, කථා ආදිය තියෙන්න පුළුවන්. සමාජයේ අනිකුත් බොහෝ කාරණා වලදී මෙන් සමලිංගිකයන් අතරත් කාන්තාවන් වඩාත්ම පීඩාවට පත් වෙනවා යැයි මම විශ්වාස කරනවා. පිරිමින්ට ඔවුන්ගේ දෙමව්පියන්ගේ හෝ සමාජයේ බලකිරීම නොසලකා ඉන්න තිබෙන ශක්තිය සහ හැකියාව වැඩියි. මෙලෙස කොන්වන, හිරිහැර වලට, අපහසුතාවයන්ට පත්වන කාන්තාවන් වෙනුවෙන් කලකට පෙර මා රචනා කල ගීතයක් පහල තියෙනවා. මෙම ගීතය සංගීතඥයෙන් දෙදෙනෙකුට පෙන්නුවත් එය ගායනා කිරීමට ගායිකාවන් අකමැති වේවි යන උපකල්පනය නිසා එය තවම ගීතයක් වුණේ නැහැ. එවන් කරදර වලට පත්වන සමලිංගික කාන්තාවන් වෙනුවෙන් මෙම ගීතය පිදෙනවා.

ආදරවන්තයො අත්පටලාගෙන

ආදරවන්තයො අත්පටලාගෙන යන දෙස බලමින් සිනා සැලූ

ඇගෙ ආදරයෙක් සිහිවී වාගේ නෙතඟට කඳුලක් මෝදුවෙලා

නුහුරු නොතේරුණු හැඟුමන් පිබිදී ඇගෙ සිත ඇය වෙත ගිය දවසේ

සම්මතයක කොටු අතරේ මැදිවී කඳුලැලි සලනා කුමාරියෝ

ඇගෙ සිතෙ තෙරපෙන ආදර හැඟුමන් කියාගන්න බැරිවී සිරවී

සෙනෙහස හමුවූදා ඇය ඉන්නේ සම්මත හොරුගෙන් එය හංගා

මිනිසුන් විවිධයි ආදරෙ විවිධයි සම්මත නැති බව පිළිගන්නා

දිනයක් ලඟදී එනබව දන්නා බව ඇගෙ මදහස පවසන්නා. 

ආදරවන්තයො අත්පටලාගෙන යන දෙස බලමින් සිනා සැලූ

ඇගෙ ආදරයෙක් සිහිවී වාගේ නෙතඟට කඳුලක් මෝදුවෙලා

නුහුරු නොතේරුණු හැඟුමන් පිබිදී ඇගෙ සිත ඇය වෙත ගිය දවසේ

සම්මතයක කොටු අතරේ මැදිවී කඳුලැලි සලනා කුමාරියෝ


ගායනය : තවම නැත
සංගීතය : තවම නැත
පද රචනය : මම

 

http://lankanian.blogspot.co.uk/2016/04/blog-post_22.html

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල