විවිධාංග

ඤන් ඤඋන් ආතා සහ ඇයගේ දියණියන් දෙදෙනා

Off

මට 1983-1984 කාලයේදී සිදු වූ සිදුවීම් මාලාවක් මතක් වුනා . එවකට මම අරලගංවිල මහා විද්‍යාලයේ අට -නවය වසර වල ශිෂ්‍යයෙක්.

ඒ කතාව මතක් වීමට මූලික හේතුව අපේ තාත්තා මෑතකදී මට එවන ලද චායාරූප කිහිපයක් .

ඒවායින් පෙන්නුම් කරන්නේ මන්ද මානසික අක්ක නගෝ දෙදෙනෙක් අබලන් වූ නිවසක් ඉදිරිපස සිටිනා දර්ශනයක්

 

මේ චායාරුප වල ඉන්නේ අපේ අම්මාගේ ගම වූ කිරඹ ඔය  ප්‍රදේශයේ  දැනට වාසය කරන වැඩිහිටි කාන්තාවක්  දෙදෙනේක් .

ඔවුන්ගේ  අම්මා , තාත්තා සහ  අය්යා  යන තිදෙනාම දැන් ජිවතුන් අතර නැහැ.

එම නිසා අවිවාහක කාන්තාවන් වූ මේ දෙන්නා දැන් මේ ගෙදර ජිවත් වන්නේ තනියමයි.

මේ දෙදෙනාගේ  මව අප කුඩා කල හැඳින් වුයේ “ඤන්   ඤඋන්”  ආතා  යන නමින්.

ඤන්   ඤඋන්   හඬින්  ( නහයෙන් කතා කරමින්) මිනිසුන් අමතන නිසා කිරඹ ඔයේ අය ඇයට මේ නම පටබැඳ තිබුණා.

එතරම් උස නැති  එමෙන්ම කෙට්ටු ශරීරයකට හිමිකම් කී ඇය  අපේ ගෙවල් වල එන්නේ  කුඩා පන් මල්ලක්

කිහිල්ලේ රුවාගෙනයි.

චිත්තයද  තරමක් කොටට හැඳ සිටින ඤන්   ඤඋන්   ආතා වැනි චරිත බොහෝ ටෙලිනාට්‍ය වල දකින්නට ලැබෙනවා.

ඔවුන් ගේ  පියා “හුලං ” මුත්තා . එයා  කෙට්ටුම කෙට්ටු මනුස්සයෙක්.

හුලඟකට වුනත් ගහගෙන යන්න තරම්  සැහැල්ලු මිනිහෙක් නිසා එයාට ගම්මු හුලං  කියලා කිව්වා.

හුලං මුත්තා මිය ඇදිලා ගොඩක් කල්. හැබැයි ඤන්   ඤඋන් නැතිවුනේ මේ ළඟදී කියලයි ආරංචි.

එයාගේ තුන්මාසේ දානේ දෙන්න යද්දී වැස්ස එනකොට වහලෙට උඩින් ඉටිරෙදි දාලා තමයි දානේ දීලා තියෙන්නේ.

“බිඩි විමලේ” නමින් හැඳින් වුන විමලරත්න මාමා තමයි ඔවුන්ගේ අය්යා.

ඔහු බිඩි  බිම නිසා ඇතිවූ හදවත් රෝගයට  බියවී සියදිවි නසාගත්තා.

චමින්දලා අප්පච්චිගේ  කඩේ  ලෑලි බන්කුවට වී   ගංගා බිඩි කිහිපයක් සාක්කුවේ රුවාගෙන  බිඩි බොන විමලේ මාමා එකල  සුලභ දර්ශනයක්.

කිරඹඔය ගමේ බොහෝ දෙනෙක් ගේ වගේම  මේ දෙදෙනගේද නම් අවසන් වන්නේ “රාජපක්ෂ” යන පෙළපත් නාමයෙන් .

අපේ අම්මා මෙන්ම   කුඩා කල සිට මේ දක්වාම  පැවතෙන කල්‍යාණ මිත්‍ර සම්පත්තියකට  උරුම කම් කියන
චමින්ද   ගේත් නම් අවසන් කෙරෙන්නේ  “රාජපක්ෂ” කෑල්ලකින්.

පසුගිය දිනක අපේ ප්‍රජා සත්කාර වැඩ ගැන කතා කල චමින්ද   ඤන්   ඤඋන්  ආතා ගේ  දියණියන් දෙදෙනා ජිවත් වන  මේ නිවසේ වහලය අබලන් වී ඇති බවත් ඒ නිසා  ඒ වෙනුවෙන් අප දෙදෙනා මැදිහත් විය යුතු බවත් සඳහන් කළා.

“ඒක නෙවෙයි මචං… අපේ අර ගෙවල් දෙකේ කපරාරු වට යි  ජනෙල් වලටයි කියලා ඩොලර් 1100 ක්  දුන්නා අපේ ඉස්කෝලේ යාළුවෙක්”

“මිනිහා මෙහෙ ඉන්න  GP කෙනෙක් ”

මම චමින්ද එක්ක කිව්වේ අපේ  අපේ ප්‍රජා සත්කාර වැඩ වලට මෑතකදී  ලැබුණු ලොකු ආධාරයක් ගැනයි.

“මචං කිටී.. ඕකෙන් ටිකක් දාපන්කෝ බං අර  විමලේ මාමලා ගෙදර වහලේ හරි ගස්සලා දෙන්න..”

“එහෙම බැහැනේ බං, …….  කාලිංගයා යි  සෙව්වන්දියි  මේ සල්ලි දුන්නේ අර ගෙවල් දෙකට  ..අපි  මේකට වෙනම සල්ලි හොයමු ”

“උඹලා අක්කටත් කියපන් ගානක් දෙන්න කියලා ”

මම නැවතත්  වහලේ ගණුදෙනුව චමින්දගේ ඇඟේ ගසමින් පැවසුවෙමි.

“උඹලා චාමර මල්ලිගේ  අකවුන්ට් එකට සල්ලි දාමු . අපි ඉස්සෙල්ලාම  අර කලුලා ගෙදර වැඩේ පටන් ගත්තෙත් එහෙමම මනේ ”

“මම අපේ තාත්තා සෙට් කරලා දෙන්නම්  මල්දෙණිය පැත්තෙන් වැඩේට බහින්න . කිරඹ ඔයෙන් උඹලා මල්ලියි  හෙළ ගෙදර අමරේ මාමයි ගමු.”

මම වැඩේ කෙරෙනා හැටි  චමින්දට පැහැදිලි කළෙමි.

සාකච්චාව අවසන් කල මා අප සිටිනා රටේම පදිංචි චමින්දගේ අක්කා  නිම්නා අක්කාට  දුරකථන ඇමතුමක් ගත්තෙමි.

“හරි මල්ලී මම ඩොලර් 150 ක්  දාන්නම්” .

පළමු ලන්සුව නිම්නා අක්කාගෙනි.

අනතුරුව  ගමේ පන්සලේ හාමුදුරුවෝ රුපියල් 2000ක් සහ  චමින්ද ගේ සහභාගිත්වයත් ඇතුව  අර මුදල  දැන් රුපියල් 27000ක්  වී තිබේ.

තාත්තා සහ අමරේ මාමා එකතුවී   වහළයට සෙවිලි ගැනීමට සහ අනෙකුත් දේවල් වලට යන වියදම් සලකා බලා ඇස්තමේන්තුවක්  සකස් කර ඇත.

ඒ අනුව මේ සඳහා වැය වන්නේ  රුපියල් 80000- 90000 ක් අතර ප්‍රමාණයකි.


ලැබෙන ආධාර රැස් කෙරෙන්නේ චාමර මල්ලිගේ  BOC අකවුන්ට් එකේය.

චාමර මල්ලිගේ ගිණුමේ විස්තර පහළින් :

ගිණුමේ නම :   RMK Rajapaksha 

ගිණුම් අංකය:  0002123472

බැංකුව සහ ශාඛාව:  ලංකා බැංකුව  , බණ්ඩාරවෙල 

කරුණා කර ඔබට දිය හැකි ආධාරයක් මේ ගිණුමට යොමු කරන්න. ඒ  අතර ඒ බව මට මුහුණු පොතෙන් හෝ මෙම බ්ලොගය තුලින් දැනුම් දෙන්න.

කිරඹ ඔය- මල්දෙණිය දෙගම් වාසින් ශ්‍රමධානයක් මගින් මේ වැඩේ කරන්නට සුදානම් . අපි හැකි ඉකමනින් මුදල් එකතු කර දෙමු.

ඤන්   ඤඋන්  ආතා අපේ කුඩා කාලයට සම්බන්ධ වූ හැටි ඊළඟ පොස්ට් එකෙන්..

ඔබ සැමට  ජය!!!

http://helmalu.blogspot.co.uk/2016/04/blog-post_21.html

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල