විද්‍යා හා තාක්ෂණ

දරුවා‍ වෙනුවෙන් ඔබට ප්‍රශ්න පත්තරයක්

Off

ඔබේ දරුවා , පෙර පාසල් වයසේ හෝ ආසන්න වයසක නම් මේ ප්‍රශ්න ගැන ටිකක් විමසන්න. (විමසීමේදී , එම වයසේ අනෙක් බහුතර දරුවන්ගේ ප්‍රමාණයට සාපේකෂව පමණක් සසඳන්න) ඉන් වැඩි ප්‍රමාණයකට පිළිතුර “ඔව්” නම් කළබල නොවී , යම් ගැටළුවක් වේදැයි තව දුරටත් විමසිලිමත් වන්න.
1.දරුවා මුලින්ම කතා කරන්නට හුඟක් පමා වුනාද ?

2.තවමත් අකුරු සහ ශබ්ද තේරුම් ගැනීමට දුර්වලද ?

3.පොතක් කියවීමේදී , නිතර පටලැවෙනවාද ?

4.වචන පිට කරන්නට හුඟක් වෙලා ගන්නවාද ?

5.කියවන දේ දරුවාට තෙරෙන්නේ නැතිද ?

6.අක්ෂර වින්‍යාසය ගැන මතකයක් නැති සේද ?

7.පැන්සල අල්ලන්නේ , ලියන්නේ ආසාමාන්‍ය ලෙසද?

8.ලියන අකුරු වයසේ තරමට පිළිවෙලක් නැත්ද ?

9.අදහසක් ලියා ගන්නට , කියාගන්නට අපහසුද ?

10.ඉලක්කම් , ලකුණු, දිසාවන් ගැන අවබෝධය දුර්වලද ?

11.දරුවා දන්නා වචන ප්‍රමාණය සාපේෂව අඩුද?

12.“විහිළු“, “උපහාස“ “අවවාද“ නොවැටහේද ?

13.කතා කරත්දී නිතරම “මැදට පනින්නෙක්“ ?

14.දැන් කියා දුන් කතාවක් නැවත කියන්නට නොහැකිද?

15.පෙර පාසල නිතර මග හරිනවාද?

16.නිතර කේන්තිය/ දුක මුසුව ඉන්නවාද?

17.නිතර වැටීම් තුවාල වීම් ඇති කරගන්නෙක්ද ?

18.එකම සෙල්ලමකට පමණක් කැමැත්තෙන් සිටීද ?

19.අකුරු , ඉලක්කම් වල වල පැති මාරු කර ලියන්නෙක්ද ?

20.අඳින චිත්‍ර වයසේ තරමට වඩා දුර්වලද ? අපහැදිලිද ?

විශේෂ අධ්‍යාපන විබල්‍යතාව Special Learning Disabilities යනු ,
මුල් අවධියේදීම හඳුනාගෙන ඊට අදාල විශේෂිත අධ්‍යාපන ක්‍රමවේදයකට යොමු කිරීමෙන් ,
ලොවට වැඩක් ඇති යහපත් මිනිසෙක් බිහි කළ හැකි තත්ත්වයක් වුවත් ,
නිසි කළ එය මග හැරීම දරුවාගේ ඉදිරි ජීවිතයටම බිඳවීමක් වනු ඇත.

ප්‍රශ්න පත්තරේට උත්තර ලියලා , තවත් ප්‍රශ්න ඇත්නම් කියවන්න මේ ලිපි . ලිපි අංක 74 , 175 , 177 , 179

http://www.nursinglk.com/2011/12/74.html
http://www.nursinglk.com/2015/10/175.html
http://www.nursinglk.com/2015/11/177.html
http://www.nursinglk.com/2015/11/179.html

 

http://www.nursinglk.com/2016/04/blog-post_25.html

Related Posts

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල