විචාර

සංස්කෘතික මිනිසා සොයා යෑම…..

Off

ඇය මට හමුවුනේ සොඳුරු සැඳැවක, සොඳුරු මිනිසුන් ගැහුනුන් ගෙන් පිරුන රූපවාහිනී පටිගත කිරීමකදී….දිනය මැයි මස තුන් වෙනිදා…ඇත්තටම ඊයේ….!

ස්වභාවිත ගීතයේ වියමනට දර දිය ඇද්දවුන්, 70 දශකයටත් එහා යන, එහෙමත් නැත්නම් සිංහල ස්වභාවිත ගීතයේ ස්වර්නමය යුගයේ බිහිවූ ඒ සොඳුරු මිනිසුන්ගේ අද දවස දීප්තිමත් කිරීමට නොපිරිහෙලා දර දිය අදින ඇය, ඇයගේ ගෝල බාලයන් සමගින්, රාජ්‍ය අනුග්‍රහයෙන් වසර 2010 සිට කරගෙන එන්නාවූ ඒ සධ් කාර්යයට ඈ කරන්නාවූ කැපවීම මා දෙඇසින් දුටුවෙමි…

ඇයගේ එකම අරමුණ, සංස්කෘතික මිනිසා සොයා යෑමයි….නිදා සිටි මාගේ ඇස් ඇරවන්නට ඈ සමත් උනා කිව්වොත් නිවැරදියි…අප හිටංගේ පත්තරෙන් රාජ්‍ය කිරීම, මාරාගේ ගැහිලි, අයවැය පරතරය අරක මේක පටලවාගෙන අපහට කිරීමට තියා සිතාගන්නවත් නොහැකි මිරිඟු පසුපස හඹා යද්දී,
ඈ සංස්කෘතික මිනිසා සොයමින් ඇවිදියි…

අප එක වසරේ සිටින සනුල බබාව ටියුෂන් ගෙනියන විට, උදේ පාන්දර පහට තව දරුවෙක්ව අරගෙන පහේ ශිෂ්‍යත්ව පන්තියට දුවන විට, ඉවසීමක් නැතුව කෘමිනාෂක ඉසමින් අපටම වස කවාගන්නා අතර,
ඈ සංස්කෘතික මිනිසා සොයමින් ඇවිදියි…

ඇය හඹායන්නේ, මේ තරඟ කරුවන් මග දමා යන ඔවුන්ගේ සතුට නම් වූමහා භාග්‍යසම්පන්න සම්පත නැවත ඔවුන් හටම ගෙන ගොස් බාරදීමටයි..

ඇය දකින්නේ අප නොව, අප සොයනා සතුටයි. ඇය හඳුනන්නේ අප සොයනා සතුට විනිවිද යන සත්‍යයයි…අප සතුට දකින අයුරේ ඇත්තාවූ නොමග ගිය සිතිවිලි ජාලයයි…

ඇය හඹා යන්නේ සංස්කෘතික මිනිසායි…

rupa daya punya and piyumi
රූපා, දයා, පුන්‍යා සහ පියුමි
රූප අයිතීන් ජාතික රූපවාහිනි සංස්ථාව සතුයි

ඇයගේ දැක්ම නම්, මෙ කුඩා දිවයිනේ සිටින්නේ මිනිසුන් දෙවර්ගයක් පමනක්ම යන්නයි..ඔවුන් දෙවර්ගය නම් කලා කෘතීන් බිහි කරන්නාවු සියලුම නිර්මාන ශිල්පීන් සහ එම කලාවන් විඳිනා ඔබ සහ මා යන්නයි..

ඇය හඹා යන්නේ ඒ සංස්කෘතික මිනිසායි…

ඇයගේ මේ ප්‍රයත්නයේ එක් පලයක් නම් ස්වභාවිත ගීතයේ වියමන ප්‍රසංගයයි..දැනැටමත් දිවයින පුරා විසිරී ඇති දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි ඇය සංස්කෘතික සභාවන් ද, දෙස් විදෙස් ජන්ප්‍රියත්වයට ආරූඩ වූ අග්‍රගන්‍ය කලා කරුවන් එම සංස්කෘථික සභා මගින් අංකුර කලාකරුවන් වෙත පනරය ලබාදීම උදෙසා මම ප්‍රසංගය වාහනයක් කර ගනිමින් භාරදූර කාර්‍යයක් ස්වෝත්සාහයෙන් කරගෙන යමින් සිටී…

එයට උර දිමට මෙන්ම සතුට සොයා යන ගමනේ දී කවදා හෝ හමුවෙන සංස්කෘථික මිනිසා අපට හඳුන්වා දීම ඇගේ ඒකායන ප්‍රාර්ථනයයි..

aya watakaragath owun
ඇය ඔවුන් සමග

ඇය සංස්කෘතික කටයුතු රාජ්ය අමාත්‍යාංශයේ, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා, අනුෂා ගෝකුල ප්‍රනාන්දු නම්වූ මිනිස් පැතුමන් ඇති දිරිය ගැහැනියයි….

ඇයට සවන් දෙන්න….ලබන සෙනසුරාදා සවස තුනට හැකි නම් රූපවාහිනී නාලිකාව වෙත දෙනුවන් දෙසවන් යොමු කරන්න, මන්ද යත් ඔබ තුල ඈ හඹා යන සංස්කෘථික මිනිසා සැඟවී සිටිනා බැවිනි…

පිදුම….ඒ සොඳුරු රාත්‍රිය පුරාවට මට නොපෙනී, නමුත් දැනී, තරප්පු පෙලක් යට සැඟවී මා හට සෙනෙහස දුන් ඔබට…

https://chef-archiect.blogspot.co.uk/2016/05/blog-post.html

රූප අයිතීන් ජාතික රූපවාහිනි සංස්ථාව සතුයි

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල