සංචාරක හා ඡායාරුප

දිවිමඟ වෙනස් කල දේශයන් දෙකක සොඳුරු මතකයන් සිහිගන්වන රූපරාමු …..

Off

මෙන්න මේ පොස්ට් දෙක නිසා මට හිතුනා මං ළග තිබුණු පරණ photo හොයලා බලන්න. ඉතින් ඒ බලද්දී එකින එක අතීත සිදුවිම් මතක් වෙද්දි මෙහෙම ලියන්න හිතුනා. මුලින්ම තායිලන්තය, මෙතක් ජිවිත් වූ කාලයට සාපේක්ෂව මගේ ජිවිතෙන් ඉතාම කෙටිකලක් ගතවුන නමුත් ජිවිතේට අමතක නොවෙන සිදුවීම් සිහිගන්වන තායිලන්තය , ලියන්න යන්නේ දිවිමඟේ තීරණාත්මක සංධිස්ථානයක් වු ඔබ ගැනයි මුලින්ම…
අපි හිටිය “සුකුම්විත්” කියන නගරය තමයි “Heart of the Bangkok” නමින් හඳුන්වන්නෙ. මට තව එක දෙයක් කියන්න හිතුන මං ලබපු අත්දැකීම් හරහා මට දැනුනු.. මේ රටවල් වල නිතී පද්ධතිය හරිම තදයි. මේ නිතී ඇතුලේ බොහෝම වටිනා දෙයක් ඉතාම වගකීමෙන් ආරක්ෂා වෙන හැටි මං දැක්කේ අත්දැකිමෙන්. ඒ තමයි මේ ලොකේ තියන හැමදෙයකටම හිමි නියම වටිනාකම ලබාදෙන “සාමකාමි සමානාත්මක නිදහස” . ඒ නිසාම පෙර නොවිඳි හරිම නිදහස් වින්දනීය බවක් කොන්ක්‍රිට් වනාන්තර මැද්දෙ උනත් ගෙවන්න පුලුවන් ඕනම යන්තමින් හෝ සොබාදහම එක්ක යාවෙන හිතකට. මම දකිනවා සංවර්ධිත රටවල් ගැන වපර ඇහින් බලන බොහෝ දෙනා තුල තියෙන ඉපදුනු දා ඉඳල ලංකාව වගෙ යැපුම් මානසිකත්වයක් ඇති රටකින් ස්වාධීන මානසිකත්වයක් ඇති රටකට මුහුණ දෙන්න තමන්ගෙම මනසෙ ඇති වෙන හුබස් බිය. හැබැයි ලොකෙ කොහෙත් හොඳ , නරක දෙකම තියන බව අමතක කරන්න හොඳත් නැහැ. තම නැණ පමනින්…….
මොන හේතුවක් නිසාද මන්දා යන ඕන තැනක් ගැන හුරුපුරුදු හැඟිමක්, හරියට කලින් ගිහින් තියනවා වගේ හැගීමකුත් එක්ක නුපුරුදු වටපිටාවට බොහොම ඉක්මනින් හැඩගැහිලා ඉපදුනු හැදුනු වැඩුනු මව් රට වගේම දැනෙන්න හේතුවක් නම් මට තාම හිතාගන්න බැහැ. තායිලන්තයේදි තමයි මං මුලින්ම ඉගෙන ගත්තේ මිනිස්සු එක්ක සන්නිවේදනයට බාසාව එතරම් වැදගත් නොවන බව. අද මං තෝර ගත්තේ එහි ගිය මුල්ම සහ අවසාන කාලයේ කාලයේ ඡයාරුප ටිකක් ..

ඉතිරිය කියවන්න:

http://nimnyakatanivi.blogspot.co.uk/2016/05/blog-post_73.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල