සාහිත්‍ය කළා විචාර

ගුරුගිතයට වඩා ලොකුයි ලාංකීය පසුගමිත්වය..

Off

කාලෙකට පස්සේ ලාංකීය සිනමාවත් එක්ක සෙට් වෙන්න සිද්ද උනා. තේරෙන්න පටන් ගන්න කලේ ඉදන් වෙස්ට් එකේ ෆිල්ම් බලලා ලාංකීය සිනමාවේ ෆිල්ම් එකක් බැලුවහම. කරකවලා අත අරිය වගේ,ලාංකීය සිනමාවේ අවසානය වෙනකම් බලපු ෆිල්ම් ගත්තොත් අතේ ඇගිලි ගානට ගනම් කරන්න පුළුවන්.

මොකක්දේ හේතුවක් හින්ද ගුරු ගීතය ෆිල්ම් එක සෙට් වෙන්නේ නැතුව යනවා. පොඩි කලේ ඉදන් මට ලාංකීය සිනමාව එච්චර සෙට් උනේ නැහැ.ඒකට හේතුව අපේ ෆිල්ම් වල දුර්වල පිටපත්, අධ්‍යක්‍ෂණ සහ තාක්‍ෂණික කාරණා. පසුතල සංගීතය වගේ විනෝදාස්වාදයට අවශ්‍ය විචිත්‍රවත් බව, වර්ණවත් බව වගේම ආස්වාදනීය බව වගේ කාරණා අතින් ගත්තහම සිංහල සිනමාව ඒ වගේ දේවල් වලට හැමදාම ෆේල්. එක එහෙම වෙන්න හේතුවක් තියෙනවා. එක අපිට නොපෙනෙන මානයක තියෙන්නේ, කලාවට දනවාදය සෙට් උනාම එකට ඉන්පුට් කරන කැපිටල් එකත් එක්ක තමයි අවුට් පුට් එක තීරණය වෙන්න්. කොහොම උනත් උපාලි ගම්ලත්ගේ ගුරු ගීතය ගත්තහම මට එක ඔවෙර් රෝල් ෆේල් .එක එහෙම වෙන්න තාක්ෂණික කරනා වලට වැඩ එහායින් දෙයක් තියෙනවා.මම චිත්‍රපට විචාරකයෙක් නෙවි. කොහොමත් මට එක දිරවන්නැති වැඩක්. එත්, උපාලි ගම්ලත්ගේ ගුරුගිතය ෆිල්ම් එකත් එක්ක මට එක ගැන ලියන්න පෙලබවෙනවා මොකක්දෝ කාරණයක් හින්දා. නමුත් චින්ගීස් ගේ පොත කියවලා උපාලිගේ ෆිල්ම් එක බැලුවහම, මට දැනෙන්නේ උපාලි කොච්චර උත්සහ කරත් රුසියාවට, නේපාලයට ඉන්දියට්ව ගිහිල්ලා ෆිල්ම් එක රෙකෝර්ඩ් කරත්, ලාංකීය දනවදයත් එක්ක එකට ඇලිලා තියෙන ලාංකීය පසුගමිත්වය. ෆිල්ම් එක පුරාවට අඩුවක් නැතුව දිවෙනවා.
කොන දිසා ෆිල්ම් එක බලලා බුකියේ දාපු පොස්ට් එකක් දැක්කා..

“(ගුරු ගීතය) එම විශිෂ්ට සිනමාපටයේ තාක්ෂණික කරුණු වලටවඩා මගේ සිත ඇදීගියේ ඉන් මතුකරන දේශපාලනය පිලිඹදවයි.පොතක තිබුනඅජීවී කථාවකට ජිවය ලබාදෙමින් එය සිනමාපටයක් වශයෙන්ලාංකීය ජනසමාජයට සමීප කරමින් සමාජ ප්‍රගතිය උදෙසා ගම්ලත් ඇතුළු පිරිස සිදුකළ මෙහෙවර නොමද පැසසුමට ලක්විය යුතුය”
-දිසා-

දිසගේ ඒ මුළු පොස්ට් එක කියෙව්වහම මට තේරෙන්නේ, අපේ සිතීමේ කලාවේ ලොකු අවුලක් තියෙනවා. මේ අවුල හැම තැනම තියෙනවා, සමහරක් අය මේ අවුල පෙනුනත් එක නොදක්කවගේ ඉන්නවා. අපි කොයිතරම් ලොකු පොත්පත් කියෙව්වත්, අපි ලොකුවට ආර්ට් ගැන, දේශපාලනය ගැන, දර්ශනය ගැන ලොරි ටෝක් දුන්නත් අපේ කන්ඩිෂන් වීම තම තියෙන්නේ එකම තැන. මේකට හොදම උදාහරණය. මේ ආර්ටිකල් එක කියවගෙන යනකොට පාඨකයාට හිත්හේ මම දිසට එරෙහිව යුද්ධයක් ප්‍රකශ කලා වගේ දෙයක්නේ. එක එහෙම වෙන්නේ අපි වාදයක් කියල තේරුම් ගන්නේ අනිකාව තේරුම් ගන්න, අනිකාගේ අදහස් අතර අන්තර් සම්බන්දයක් හදාගන්න, ඒ අදහස් අතර සන්සර්ගයක් හදාගන්න වගේ දෙයක් නෙවි. ගොඩක් අයට මේක තේරෙන්නේ ලව් වෙනුවට යුද්ධය ඉල්ලනවා වගේ වැඩක්. එකනේ අපිට හැම වාදයකදීම සෙක්ස් මිස් වෙන්නේ. එකනේ අපි තම දයලේක්කිත්යේ හෙගෙල්ටත් එහනින් ඉන්නේ.

ගොඩක් වෙලාවට පොතක් කියවලා අපි අයිඩියලිස්ට් කරපු ස්ටෝරි එකයි , ඒ පොතෙන් හදපු ෆිල්ම් එකේ ස්ටෝරි එකයි එකිනෙකට සෙට් වෙන්නේ නැති උනාම එක එක අවසාන තීරණයකට එනවා. නමුත් දිසා කියනවා “මුල් නිර්මාණයට උපරිමඅයුරින් සාධාරණය ඉටුකිරීම අති විශිෂ්ඨය”. මට නැගෙන තව ප්‍රශ්නයක් ඒ වගේ ජජ්මන්ට් එකකට මිනිස්සුන්ට එන්න හේතුවෙන්නේ මොනවගේ දේවල්ද..? දිසා කියනදේ මහා ලොකු උප්සෙට් එකක් පෙන්නේ නැහැ. එක එක්තරා විදියක දියාරු සමාජ-සංකෘතික-දේශපාලන ප්‍රතිචාරයක්. ෆිල්ම් එක කැලි වලට කඩලා වෙනස් විෂයන්, වෙනස් කොන්සේප්ට්, වෙනස් දේශපාලනයනයකට සංවාදයන්ට පෙළබ වීමක් දිසගේ කතාව ඇතුලේ නැහැ. දිසගේ කතාව හරියට බුකියේ පොස්ට් එකකට ලයික් එකක් දල යනවා වගේ වැඩක්.
ලෝකේ හැමදේකටම ඒ දේ හැදෙන විවුහයක් තියෙනවා. විද්‍යාව,ඉතිහාසය ,සමාජය ඔය මොන දේ ගත්තත් විවුහයක් තියෙනවනේ, සිනමා කලාවේත් විවුහයක් තියෙනවා. ඒ විවුහය ගොඩක් දේවල් වලින් තේරුම් ගන්න පුළුවන්, දර්ශනයෙන්, දේශපාලනයෙන් ඒ වගේ දේවල් වලින්. දැන් චින්ගීස් ගේ ගුරුගිතය ගත්තහම ඒ පොතෙ කොන්සේප්ට් එකෙන් හදන ෆිල්ම් එකයි. ඒ පොත පිට පතක් කරගෙන හදන ෆිල්ම් එකෙයි ලොකු වෙනසක් තියෙනවා.
මට ගුරු ගීතය ෆිල්ම් එක බැලුවහම තේරෙන්නේ. කන්සෙප්ට් එක කෙසේ වෙතත්, චින්ගීස් ගේ “first teacher” සිංහලයට පරිවර්තනය වෙච්ච පොත පිටුවක් නැර කොපි රයිට් කිරීමක්. මට හිතෙන්නේ එක පොතට සදාරණයක් ඉටු කිරීමක් වගේ දෙයක් නෙවි.

චිංගීස් අයිත්මාතව්ගේ දුයිෂෙන් නවකතාව දැදිගම වී රුද්‍රිගු විසින් “ගුරු ගීතය” ලෙස රිච්නස් එක අඩුවක් නැතුව සිංහලයට පරිවර්තනය කරලා තියෙනවා. මේ පොත බොහෝ කාලයක් තිස්සේ ගුරුවරුන් සහ ගෝළයන් විසින් එකසේ කියවන පොතක්. ඒ වගේම වාමාංශික දේශපාලනයේත් මේ පොත ඉතින් ලොකු වැඩක්,

රුසියන් විප්ලවයේ ආරම්භක කාලයේදී යුද හමුදාවේ යන්තම් අකුරු ලියන්නට හා කියවන්නට හැකිවූවන් පවා යොදා ගනිමින් අධ්‍යාපන විප්ලවයක් කළ අයුරු වගේ තැනක තමයි පොත කන්ඩිෂන් වෙන්නේ. සාර් විසින් කිසි ගේමක් නැතුව සූරා කෑ රුසියාව වගේ විශාල රටකට අධ්‍යාපනය ලබාදෙන එක සෝවියට් ආණ්ඩුවට කොතරම් අපහසු වුණාද යන්න මේ පොතෙන් මැනවින් පැහැදිලි වෙනවා.

මේ පොත සෝවියට් සමුහආණ්ඩුව විසින් හුදෙක් ප්‍රචාරත්මක කෘතියක් ලෙස එලියට ආවත් ඒක අපේ රටේ බොහෝ දෙනාගෙ ආත්මය බවට පත්වී තිබෙන්නේ අපේ රටේ දුයිෂෙන් වැනි මිනිස්සු හොයන නිසා වෙන්න ඇති. එක නිසා තමයි වමන්ශිකයන් උනත් කිසි ජජ්මන්ට් එකක් නැතුව දුයිෂෙන් ලාංකීය පොලවට, ලාංකීය සමාජයට, දේශපාලනයට ගලප්පන්න ට්‍රය් කරන්නේ. ඒත් අල්තිනායි ගැන පොතේ අවසානය තෙක්ම කතාවෙන දේ කියන්නේ මට දැනෙන්නේ එක සීරියස් කන්ඩිෂන් එකක්. ආශාව,ප්‍රේමය, තාරුණ්‍යය නොදියුණු සමාජයත් එක්ක ගැටීමක් මුණගැසෙන තැන අභියෝග කරන කතාවක්. ඒක ආත්මීය ගමනක්. අල්තිනායිගෙ සිතේ දුයිෂෙන් ගැනත්, දුයිෂෙන්ගේ සිතේ අල්තිනායි ගැනත් ගුරු ගෝල සබඳතාවට එහා ගියපු ප්‍රේමයක සේයාවක් සමහර තැන්වලදී පෙනුණත් ඒක මතුවෙන්න නොදී යටපත් කිරීමට අයිත්මතෙව් සමත්වෙලා තියෙනවා.

ගුරුගිතයෙන් උපාලි කරන්න උත්සහ කරන්නේ සමාජ දේශපාලන වැඩක් නමුත් දිසට අනුව එක මානවවාදී. කොහොම උනත්, උපාලි උත්සහ කරන්නේ ලංකාවෙන් එලියට ගිහිල්ල ෆිල්ම් එක කරන්න. එක හේතුවෙන්නේ, අපි පොත කියවලා හදාගන්න ෆැන්ටසිය යථාර්ථයක් විදියට එලියට ගන්න. උපාලි ඉන්ටවිව් එකකදී කියපු කතාවක් මතක් උනා “සීතල දරා ගන්න බැරුව ප්‍රධාන නිළිය සිහි නැති වුණා. බොහෝ දෙනෙක්ගේ නියපොතු ගැලවුණා.” මෙච්චර දේවල් සිද්ද වෙලත්, උපාලි උත්සහ කරන්නේ උපාලිගේ සිහිනය යථාර්තයක් විදියට රූපරාමු තුලින් එලියට ගන්න නමුත්
ඒ උපාලිගේ සිහිනය ෆිල්ම් එකේදී කඩාගෙන වැටෙනවා. අපි කොච්චර උත්තාහ කරත් ලංකාවෙන් ගැලවිලා දෙයක් කරන. ඒ හැම පොඉන්ට් එකකදීම අපේ දේකුත් එතනට එකතු වෙනවා. අපි දකින්නෙ අපිට පේන දේ. ඒක හැමෝටම පේන දේ නෙමෙයි. ඒ අර දනවදයත් එක්ක ඇලිලා තියෙන පසුගමිත්වය මතුවෙන්න ගන්නවා. එතකොට උපාලිගේ මුළු අබ්යාසයම ෆේල්. උපාලි රුප රාමු ඇතුලෙන් ඒ නොදියුණු රුසියන් සමුහාණ්ඩුව වගේම සොබධර්මය පෙන්නන්න උත්සහා කරත්, ගුරුගීතය පොතේ තියෙන ලව් එක කොන්සේප්ට් එකක් විදියට ගලප්පගන්න උපාලිට බැරිවෙනවා.

උපාලි කතාකරන්න උත්සහ කරන ලව් එක ලාංකීය සමාජයේ ලව් එකත් එක්ක සමපාත වෙන්න ගන්නවා. එක එහෙම වෙන්නේ උපාලිගේ ෆැන්ටසිය සහ යථාර්තය එනිනෙකට සෙට් වෙන නිසා. එතකොට ලාංකීය සමාජයත් එක්ක එකට තියෙන පසුගමිත්වය ඉස්සරහට එනවා. ලාංකීය පිරිමියා සහ ගැහැණිය අතර තිබෙන අන්බැලන්ස් එක නිසා අර බොලද බෝරින් ලව් එක ෆිල්ම් එක පුර දිවෙන්න ගන්නවා. එතකොට යථාර්තය බොළදයි, එක බෝරින් ලව්, කිසි කිසිදෙයක් නැති හිස්තැනක් ඇතුලේ ලංකාවේ අල්තිනයිගේ ඇඩිල්ලක් මතුවෙන්න ගන්නවා. එක මට සුජීව ප්‍රසන්න ආරච්චිගේ පොතක් කියවනවා ගේ දැනෙන්න ගන්නවා.

අවුරුදු 6 කට පෙර කියවපු කවියක් මතක් උනා මට මතක නැහැ කවුද ලිව්වේ කියලා

කැට් වෝක් එකකින් ඇය එනවිට
මා සිතුවේ මෙලොව ඉන්නා
රැඩිකල් ම ගැහැණිය ඇයයි
නමුත් ලගට ආ විට නොවැ දැනුනේ,
මේ ඉන්නේ තවමත් සම්ප්‍රදායික පිරිමියා බව

මට ෆිල්ම් එකක බැක් ග්‍රවුන්ඩ් මියුසික් කියන්නේ හරිම සීරියස්. ඒ කියන්නේ ඒ මුසික් වලින් මගේ අගේ මයිල් කෙලින්වෙන ගාණට මට සෙට් වෙන්න ඕන. හමොනි, රිදම්, බියුටි වගේ ඒවා හරිම සීරියස් වෙන්න ඕන. නමුත් උපාලිගේ ෆිල්ම් එකේ, පසු වාදන සංගීතයට වගේ පාවිච්චි කරන්නේ අල්තිනයිගේ බොරින් අදෝනාව. ඒ වගේ තැන්වල උපාලිගේ කන්ඩිෂන් වීම තියෙන්නේ හරිම ලාබාල තැනක. උදාහරණයක් විදියට අන්බැලන්ස් මුසික් අස්සේ, කන පැලෙන ගානට පියනෝ පාරක් යනවා. ඒ වගේ දේවල් මට දිරවන්නේ නැතුව ගිය.

මේ වගේ තේරුමක් නැති කලාප වල බොළඳ හරඹ කරමින් යන එක ඇතුලෙ ටික වෙලාවකින් මට දැණුනෙ ලොකු අවුලක්. ඒ විප්ලවීය පියවරක් තියන්න ඕන දේට බොලද පාරෙන් වැඩේ ගොඩ දන්නා හදන උත්සහයක්. කොහොම උනත්, ෆිල්ම් එක ඉවර වෙන්න ඕන තැන පසුකරගෙන ඔහේ ඉදිරියට ඇවිදගෙන යනවා. ඒ අතරේ ජෙහාන් ඇවිල්ලා අලුත් අදර කතාවකට සෙට් වෙන්න උත්සහයක් දෙනවා. ජෙහාන් කියන්න යන අලුත් අදර කතාවේ අලුත් දෙයක් පෙන තෙක් මානයක නැහැ කියල මට තේරෙන්න සුළු මොහොතක් ගත උනේ. ඒ අලුත් ආදරය ජෙහාන් ඉස්සරහ අඬගෙන ජෙහාන් දිහා බලාගෙන ඉන්නවා.

ගුරුගීතය ගැන ලියපු උන් හොයාගන්න හරි අමාරුයි. මොකද බලපු උන් අඩු නිසා.. එක නිසා මට අයෙත් දිසගේ හැල්ලක් එක්ක පැටලෙන්න වෙන්නේ… දිසා මෙහෙම කියනවා

“(ගුරුගිතය)හැම කෙනෙකුම නැරඹිය යුතුයැයි මා හිතන විශිෂ්ඨ ගණයේ නිර්මාණයක්.විප්ලව වාදියෙකුගේ ආද්යාත්මය දුයිෂෙන් තුලින් අපුරුවට ප්‍රති නිර්මාණය කෙරෙනවා.සැබෑ විප්ලවවාදියෙකු තුල ප්‍රධාන ලක්ෂණ තුනක් දකින්න පුළුවන් (1)පවතින සමාජ ක්‍රමය වෙනස්කිරීම වෙනුවෙන් (ජනතාවගේ විමුක්තිය වෙනුවෙන්)ඇති තරම් කැපකිරීම් කරන්න (අවශ්‍ය නම් ජීවිතය වුවද කැපකරන්න)සුදානම් පුද්ගලයෙක් වීම.(2)ඊට සුදුසු දැනුමක් එනම් නව සමාජයක් ගොඩනැගීමට අවැසි දැනුමෙන් සන්නද්ධ පුද්ගලයෙකු වීම (3) ඊට සුදුසු විනයක්(විප්ලවයට අවශ්‍ය විප්ලවීය විනය) සහිත පුද්ගලයකු වීම.මේ ගුණාංග දුයිෂෙන් තුල තිබෙනවා.ඔහු ඇත්තටම අල්තීනට ආදරයකලා.එහෙත් ඔහුගේ පුද්ගලික කැමැත්තට,පුද්ගලික ආශාවට,පුද්ගලික හැඟීමට කිසිදු ඉඩක් නොදී පොදු උවමනාව වෙනුවෙන් නොසැලී දිගටම පෙනී සිටියා”
-දිසා-

මේ කාරණය අභියෝගාත්මකයි. දිසා කියන දේ ගැන මම ගොඩක් හිතුව. දිසගේ කථාවෙයි උපාලිගේ ෆිල්ම් එකෙ ඉන්න ලාංකීය පසුගාමී විප්ලවාදියයි අතරේ ලොකු වෙනසක් මට පෙන්න නැහැ. දිසා කියනව විප්ලවවාදියෙකු තුල ප්‍රධාන ලක්ෂණ තුනක් දකින්න පුළුවන් ඒ කරුණු 3 ටම එක පොදු වචනයකින් පැහැදිලි කරනවානම් ඒ කියන්නේ සුබ්ජෙක්ටිව් එන්රෝල්මෙන්ට් එක, එක සරලව තේරුම් ගන්න පුළුවන්, ඒ ලාංකීය පසුගාමී විප්ලවදියගේ ආත්මය. ලංකාවේදී විප්ලවවාදියෙක් වෙන්න තියෙන එකම සුදුසු කම එක. එක තමයි මිම්ම වෙන්නේ.

ඒ වගේ විප්ලවාදියෙක් පොලිටිකල් වීම ඇතුලෙ වෙන්න පුළුවන් නරකම දේ තමයි තමන්ගෙ පුද්ගලික තීරණ වලට එකගව වැඩ කිරීම. වාස්තවික යථාර්තය, සමාජ දේශපාලන තත්ව එක්ක තාර්කික ගැටුමක් ඇතිකරගෙන ඒ අදාල කරන වාස්තවික කන්ඩිෂන් එක පොසිෂන් වෙන තැන වෙනස් කරන්න එක. ඔය දිසා කියන කරන තුනෙන් කරන්න බැහැ. එතැනදී වෙන්න පුළුවන් එකම කරණය පසුගමිත්වයත් එක්ක දුපත් ලක්ෂනත් එකතුවෙලා, ඒ විප්ලවදියා කල්ට් එකකවගේ තැනක පොසිෂන් වීමක්. මේක සරලව දුයිෂෙන් ගෙන් තේරුම් ගන්න පුළුවන්. දුයිෂෙන් ඒ පිටිසර ගමට යනවිට දුයිෂෙන් ට තියෙන එකම ආසාව උගන්වන්න. දුයිශේන්ට කිසි ඒ සමාජය ගැන, ඒ මිනිස්සු මොනවගේ කන්ඩිෂන් එකකද ඉන්නේ, ඒ මිනිසුන්ගේ කැපාසිටි එක මොනවගේද කියාදෙ ගැන තාර්කික ගැටුමක් නැහැ. එකෙන් වෙන්නේ අදුරේ දේවල් ඇත පත ගෑමක්..
බ්රූස්ලි කියන කතාවක්,
“ඉතිහාසය පුරාවටම සටන් කල එත් අපිට දකින්න තියෙන්නෙ අනුකරණය සහ අනුව යාම කියන කාරණය විතරයි මේක ගුරුවරුන්ට වගේම ගෝලයන්ටත් පොදුයි”

මට හිතෙන්නේ මේ කතාව අපේ විප්ලවවදින්ටත් හොදටම සෙට් වෙනවා. අවරුදු 92 පරණ දුයිෂෙන් වගේ මිනිහෙක් නෙවි අපිට ඕන. අපිට ඕන එයිට වැඩ දියුණු මිනිසෙක්. එයිට වැඩ දියුණු විප්ලවවාදියෙක්.

සෝවියට් සමුහාණ්ඩු කලේ Konchalovsky ගුරුගිතය පොතෙන් හදපු ෆිල්ම් එකක් යුටුබ් එකේ තිබිල හම්බ උනා. වියෙන ෆිල්ම් ෆෙස්ටිවල් එකේදී මේ ෆිල්ම් එකට 1 ප්‍රයිස් එක හම්බ උන අවුරුදු 10 විතර කලින් මගේ මතකේ හැටියට. ගොඩක් දෙන කියන්නේ Konchalovsky අටිස්ටික් ෆ්රිඩම් එක ඒ කලේ නොතිබුන නිසා රියලිස්ටික් ගොඩක් අඩුයි කියල. එක එහෙම වෙන්න හේතුව සෝවියට් කලේ සෙන්ස්සශිප් එක ගොඩක් දරුණු නිසා.මොන උනත් එකහමාරක් වෙන් කරගෙන මේ ලින්ක් එකේ ෆිල්ම් එකත් බලන්න.. එතකොට පසුගමිත්වය කියන කෑල්ල සෙට් වේවි..

https://www.youtube.com/playlist?list=PL614192A99F2BDFCF

මම කියන්නේ අපි අයෙත් අලුතෙන් හිතන්න පටන් ගමු.. අවුල තියෙන්නේ හිතන තැන

-No More මාක්ස්-

 

http://nomoremarx.blogspot.co.uk/2016/05/blog-post_25.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල