‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල 2015

Off

2015 වසරේ හොඳම බ්ලොග්කරු/ කාරිය

1. බස්සිගේ නවාතැන – යශෝධා සම්මානි ප්‍රේමරත්න

2. යාං හෑල්ල – රංජිත් සුරංග මහතා

3. නිදහස් සිතුවිලි – රවී වීරසිංහ මහතා

විචාරක- අසමි දකිමි සොයමි (කුසලතා සම්මාන)

කුරුටු ගෑ ගී පවුර- තුෂාර විතාරණ මහතා (කුසලතා සම්මාන)

 

2015 වසරේ හොඳම විද්‍යා හා තාක්ෂණ බ්ලොග් පෝස්ටුව

1. තාරකා පරිණාමනය – (මන්දාකිණියෙන් ඔබ්බට බ්ලොග් අඩවිය) – අශාන් රවිඳු යුගන්ත

2. අනාගතේ බොඳ කරනා ඩී හතරේ වැරදිකාරයෝ – (සොඳුරු සුව අසපුව බ්ලොග් අඩවිය) – මහේෂ් නිශාන්ත

(කැනඩාවේ සිට සුභ පැතුම් එක්කලා. පැමිණිය නොහැකියි. සම්මානය තවම මා ළඟ.)

3. විදුලි බිල අඩුකරන LED විදුලි පහන් පරිපථ- (ටෙක් සයුර බ්ලොග් අඩවිය) – රොහාන් ධනංජය

බොහෝ දුර බැහැර සිට මවත් සමඟම සම්මාන උළෙලට සහභාගී වූ රොහාන් ට විශේෂ ස්තුතිය. ඔහු තවම උසස් පෙළ ලියන තරුණයෙක්

ඇවිද්ද පය හි wi-fi ඔබේ සෞඛ්‍යයට හිතකරද යන ලිපිය පරිවර්තනයක් බැවින් තරඟයෙන් ඉවත් කරන ලෙස රචකයා විසින් කාරුණිකව ඉල්ලා සිටියා.

2015 වසරේ හොඳම ගෘහස්ත කාරණා බ්ලොග් පෝස්ටුව

1. වෙඩිං කතා – (හිරු නැති හෝරාව) – කෞශි ආරියබන්දු

2. එළුපැටියාගේ කතාව – කුඩා දරුවන් සිටින දෙමව්පියන් වෙනුවෙනි – (ඇවිද්ද පය) – දිල්රුක් කන්නංගර

3. දියවැඩියාව පරදවන්නට නම් – (ප්‍රභාෂ්වර බ්ලොග් අඩවිය)

සම්භාන්දතාවයක් ගොඩ නගා ගැනීමට ගත් උත්සාහයන්ට කිසිදු ප්‍රතිචාරයක් දැක්වුයේ නෑ.

 

2015 වසරේ හොඳම කෙටි නවකතා

1. කවදාද ඒ වැහි වහින්නේ නොදනිම් කොටස් 1 -18 දක්වා (නුවර කුමාරි බ්ලොග් අඩවිය) – උපේක්ෂා ධර්මතිලක

උපේක්ෂා පැමිණ සිටියේ නැත. ඒ වෙනුවෙන් තරුරසි විසින් අදාළ සම්මානය ලබා ගන්නා ලදී.

2. එකෝමත් එක කාලෙක (සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත බ්ලොග් අඩවිය)

3. කැලයේ උපන් මල් වත්තක මතක සුවඳ පොද කොටස් 1-12 (කැලේට පිපුන මල් බ්ලොග් අඩවිය) – වත්සලා විජේරත්න

 

2015 වසරේ ප්‍රහසන

1. සෝභමාන ගුවන් ඇටෙන්ඩොං – (දුමි ගේ කට කහන කතා බ්ලොග් අඩවිය) – දුෂාන් කරවිට

දුමි පැමිණ සිටියේ නැත. ඩුබායි හි සිට සුභ පැතුම් ඒවා තිබිණ.

2. වඳුරා – (කුරුටු ගෑ ගී පවුර බ්ලොග් අඩවිය)

කුරුටු පවුලෙන් අඩකට වැඩිය ඇවිත් හිටියා.. තුෂාර, අසංක කාංචනා ඇතළු ඔබ සැමගේ කැපවීම ප්‍රශංසනීයයි

3. සුරක්ෂිතතා පූර්ව උපක්‍රම, කැනරි කුරුල්ලන්, අවිච්චියන් සහ මනීෂා කොයිරාල- (නිදහස් සිතුවිලි බ්ලොග් අඩවිය) – රවී වීරසිංහ

රවී අයියා මැද පෙරදිග සිට සුභ පැතුවා. තෑග්ග ගන්තේ රන්දිකා රණවීර නිදහස් සිතුවිලි සම කතෘ.

 

2015 වසරේ හොඳම අතීත කාමය

1. අපේ දිව්‍ය භෝජන අංක 1 සහ 2- (මගේ කතාවබ්ලොග් අඩවිය) – ඉන්ද්‍රනාත තේනුවර

තේනුවර සර් පැමිණ සිටියේ නැත.. වෙනිවැල් ප්‍රියන්තට සම්මානය ගන්න කියනවා කියුවාත් ඔහු එනකොටද ප්‍රමාද වී තිබුණි. සම්මානය තවම මා ළඟ.

2. මෙතෙක් කතාව සහ අද එතැන් සිට – (මගේ ඩෙනිම-හෙන්රි බ්ලොග් වෝකර් බ්ලොග් අඩවිය) – හෙන්රි ජයවර්ධන

ඩුඩ් එන්න හැකියාවක් තිබුනේද නැත. සුභ පැතුම් එක්කලා. තෑග්ග තවම මා ළඟ

3. සල්පිල සහ මල්වට්ටි වෙන්දේසිය – (සොඳුරු අතීතයෙන් බිඳක් බ්ලොග් අඩවිය) – කවිඳු ජයසිංහ

කවිඳු ඕස්ට්‍රේලියාවේ සිට සුභ පැතුම් එක්කලා. ත්‍යාගය ලබා ගැනීම සඳහා මිතුරු ඉංජිනේරුවෙකු ඒවා තිබුනා. ඔබේ කැපවීමට ස්තුතියි.

(නිර්දේශ අතර තිබු හැලපකඩේ ලිපි මාලාව තරඟයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටියා)

 

2015 වසරේ හොඳම කෙටිකතා (3 ස්ථාන 2කි.)

1. ගං වතුර…- (විදානේ ගේ **දානේ… බ්ලොග් අඩවිය) – චාමර විදානපතිරණ

2. ඇයද මවකි – (වර්ණ බ්ලොග් අඩවිය) – දිනේෂ් උමගිලිය

3. සමාජ සේවය පිණිසයි – (වැව් ඉස්මත්ත බ්ලොග් අඩවිය) – නුවන් හේමචන්ද්‍ර

අසීරු පුහුණුවක් අතරතුර ඊටත් වඩා අපහසුවෙන් නිවාඩු අනුමත කරවාගෙන ත්‍රිකුණාමලයේ සිට මෙම අවස්ථාවට එක්වූ වැවා ට විශේෂ ස්තුතියක් දිය යුතුමයි.

3. අහන් ඉන්න අහගෙන ඉන්න- (හංසි swan බ්ලොග් අඩවිය) – හංසි සෙනාරා

සඳ වියමන් හි සුන්දරී කෙටි කතාව තරඟයෙන් ඉවත් කරන ලෙස රචිකාවිය විසින් කාරුණිකව ඉල්ලා සිටියා.

 

2015 වසරේ හොඳම කවි/ නිසඳැස

1. සඳ ආයිත් නොනැගෙන බැව්.. (අවන්හල බ්ලොග් අඩවිය) – මහේෂ් රත්නායක

2. රහසක් හෙම කීවාද හිරු රැස් – (තරුරසී බ්ලොග් අඩවිය) – තරංගනී රෙශිකා

3. යෙහෙළියක නම් සිටිය යුතුම ය – (The Sahan Blog) – සහන් පද්මසංඛ

(දමිත් කේතක- නොදන්නා මඟුල් බ්ලොග් අඩවිය- සුභ පැතුම් එක්කලා. සම්මාන සඳහා නම් කිරීමනොකරන ලෙස කාරුණිකව ඉල්ලීමක් කරා.)

 

2015 වසරේ හොඳම හයිකු/කෙටි කවි

(මේ සඳහා නිර්දේශ වූ කිසිදු බ්ලොග් කරුවෙකු/ කාරියක සම්මාන උළෙලට සහභාගිවීම ප්‍රතික්ෂේප කල නිසා එම අංශයේ සම්මාන ප්‍රධානය නොකර සිටි බව කරුණාවෙන් සලකන්න)

1. පිළිස්සුනු රාත්‍රියේ අඩයම – (හිතනලන්තය බ්ලොග් අඩවිය) – කාංචනා අමිලානි

2. සිතුවම – (තනි තරුව බ්ලොග් අඩවිය)

3. සොඳුරු සැඳෑවක -(සඳුමල් බ්ලොග් අඩවිය) – මනොෂ් සඳරුවන්

 

2015 වසරේ හොඳම විද්‍යා ප්‍රබන්ධ

1. දමනය – බස්සිගේ නවාතැන ඉවාන් පව්ලුශා පුංචි කැකුළු මල් මන්දාකිණියෙන් ඔබ්බට සමූහ රචනයකි.

තුෂානි, බස්සි හා අෂාන් එකතුව සම්මානය ලබා ගත්තා.

2. Patient X [ X රෝගියා – විද්‍යා ප්‍රබන්ධය, 1 කොටස] – (විද්‍යා ගවේෂණ බ්ලොග් අඩවිය)

සම්භාන්දතාවයක් ගොඩ නගා ගැනීමට ගත් උත්සාහයන්ට කිසිදු ප්‍රතිචාරයක් දැක්වුයේ නෑ.

 

2015 වසරේ හොඳම සංගීතය

1. මචං අර ඇන්තනී සුරේන්ද්‍ර ගහපු භාණ්ඩෙ මොකද්ද? – (මනාගේ පින්තාරුව) – මනෝජ් පෙරේරා

2. කොළඹදී කම් පලක් නැතත් සෙනගක් මරා දාලා- (හද ගී පොත) – තිස්ස දොඩංගොඩ (තිස්ස හමුවීම විශේෂ සතුටක්)

3. ලෝකය නමැති ගමේ.. ප්‍රේමකීර්ති- ෆ්‍රෙඩි සිල්වා ගී එකතුව – (සින්දු ඇනෝ බ්ලොග් අඩවිය)

සිංදු ඇනෝ පැමිණ සිටියේ නැත.

(නිර්දේශ අතර තිබු දෘෂ්ටි රසය ඉවාන් පවුලුෂා ගේ ලිපිය තරඟයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටියා)

 

2015 වසරේ හොඳම සංචාරක

1. වෙහෙරගල ලුණුගම්වෙහෙර 02 – අලුත් කුරුල්ලෙක්, කණේ හිලා සමග ගංජා හේන්- (මතකයේ රන්දුනු තැන්) – කැලුම් ජයසුරිය

2. විනාශකයාගේ නිම්නතර දිටි පාරාදීස – (ඔමා ගේ හීන- අපුර්වී බ්ලොග් අඩවිය)

ඔමා තමන්ගේ නිවාඩුව මේ දිනවලට තබාගෙන ඊශ්‍රායලයේ සිට පැමිණ සිටීම වෙසෙසින්ම අගය කරනවා.

3. වෙසක් සඳ සමග තිරුකේතීෂ්වරම් – (ලෝකයේ කොනක) – සින්දුපා සෙනෙවිරත්න

සිදූ මන්නාරම රෝහලේ රාජකාරි එදිනට නිසා එන්න වෙන්නේ නෑ කියුවා.. සුභ පැතුම් එක්කලා.

 

2015 වසරේ හොඳම ඉතිහාසය

1. දේව විශ්වාසය හා අලුත්නුවර ඇත්තෝ 6 – (දෙයියන්ගේ රටේ) – MPP ගුණසිංහ

ගුණසිංහ මහතා ඇමෙරිකාවේ සිට සුභ පැතුවා සම්මානය ගන්න නියෝජිතයා ලෙස පුතා යසිත නවීන් ගුණසිංහ පැමිණියා.

2. පළමු රහතුන් වැඩසිටි සොඳුරු වන අරණ — රිටිගල – දසත සැරිසර -ශානිකා පවනි හේවගේ

3. මෙන්න ඩ්‍රැක්‍යුලා – Dracula the Historical Figure, 1, 2, 3 – ඩ්රැකී ගේ අඩවිය

 

2015 වසරේ හොඳම පරිවර්තන

1. The story of my marriage – (නිදහස් සිතුවිලි) – රවී වීරසිංහ

සම්මානේ ගන්තේ රන්දිකා

2. බොරු නේද ඔය කියන්නේ? -(මට හිතෙන හැටි- හෙන්රි ද බ්ලොග්වෝකර්) – හෙන්රි ජයවර්ධන

තෑග්ග තවම මා ළඟ.

3. ඌරන් බලාගත් රාජ කුමාරයා -(පරිවර්තන බ්ලොග් අඩවිය) – නිලූක කදුරුගමුව

නිලුක පිට රට සිට සුභ පැතුම් එක්කරා. තෑග්ග තවම මා ළඟ

 

2015 වසරේ හොඳම ඡායාරුප

1. උතුරේ සංචාරයක් – (විචාරක- අසමි දකිමි සොයමි බ්ලොග් අඩවිය)

2. පොටෝකාරයා වටින්නෙම නැද්ද..?- (කැමරාවෙන් එහා ලෝකය) – යෂ්‍යන්ත ශ්‍රීනාත්

අනිත් හැම තැනටම එන කැමරාවා ඊයේ ඇවිත් හිටියේ නෑ.

3. The Earth is Art, The Photographer is only a Witness part 2. (ඔමාගේ හීන-අපුර්වී බ්ලොග් අඩවිය) – අපුර්වී ඔමායා

 

2015 වසරේ හොඳම 18 ප්ලස

1. සුවපත් කිරීම- (මධු මාධවී බ්ලොග් අඩවිය)

(මදාවියට තවම හරියට සනීප නැති නිසා එන්න උනේ නෑ. සම්මානෙත් අරන් යන්න ඕනි ඌව බලන්න.)

2. අනේ දෙයියනේ……!!!- (කුරුටු ගෑ ගී පවුර බ්ලොග් අඩවිය)

3. ලඹේ හොඳයිද මිස්? – (ගස් ලබ්බ බ්ලොග් අඩවිය)

(ගස් ලබ්බ ටත් තවම හරියට සනීප නැති නිසා එන්න උනේ නෑ. ඌවත් බලන්න යන්න වෙනවා..)

 

2015 වසරේ හොඳම කාලින සංවාද

1. ඇමෙරිකානු බොරතෙල් තහනම ඉවතට – (ඉකොනොමැට්ටා බ්ලොග් අඩවිය)

(ඇමෙරිකාවේ සිට සුභ පැතුම් එක්කලා. පැමිණෙන්න නොහැකි නිසා.. සම්මානය තවම මා ළඟ)

2. විස්ස එලියට දැමීම සහ විජ්ජානුකූල Passing the 20 ​​- (පින්ච් පොයින්ට් බ්ලොග් අඩවිය)

(රටින් පිට ඉන්න නිසා එන්න වෙන්නේ නැති බව කියා සුභ පැතුවා.)

3. අපට අද රෙදි ඇඳිය හැකිද? (ලෝක ළමා දිනය වෙනුවෙනි) – (විභීෂණ බ්ලොග් අඩවිය)

 

2015 වසරේ හොඳම දේශපාලන

1. නිතිය ඉදිරියේ හැමෝම සමානය; සමහරු වැඩිපුර සමානය- (w3lanka) – අජිත් පැරකුම් ජයසිංහ

2. අයවැය 2016- (රාජ් ගේ නවාතැන බ්ලොග් අඩවිය)

( රාජ් පැමිණ සිටියේ නෑ)

3. රෙද්ද පල්ලෙන් බේරෙන විජයග්‍රහණ සැමරුම් – (සජ්ජාගේ පඩන්ගුව බ්ලොග් අඩවිය) – සජිත් නලින්ද රණසිංහ

 

සිංහල බ්ලොග් අවකාශයේ ප්‍රගමනය වෙනුවෙන් දැක්වූ දායකත්වය අගයනු වස් බ්ලොග්රචකයෙකුට හෝ පාඨකයෙකුට ජිවිතයේ එක් වරක් පමණක් ලැබිය හැකි නෙලුම්යාය විශේෂ සම්මාන ද්විත්වය -2015

රසික හරිශ්චන්ද්‍ර සුරියආරච්චි – (රසිකලොජි බ්ලොග් අඩවිය)

ඕස්ට්‍රේලියාවේ සිට නිවාඩු ලබා මෙරටට පැමිණ සිය මව හා සහෝදරයා සමඟ මේ අවස්ථාවට එක්වූ රසික සුරියආරච්චි ට නෙලුම්යාය බ්ලොග් සම්මාන උළෙලේ සංවිධායක කමිටුවේ විශේෂ ප්‍රණාමය..

නාලක ගුනවර්දන – (සිව්මංසල කොලු ගැටයා බ්ලොග් අඩවිය)

 

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල