විචාර

ඇය” වන්නට කැමති ඔහු සහ “ඔහු” වන්නට කැමති ඇය

Off

“ඇය- ඇත්තටම මට දැනගන්න ඕන හැම දෙයක්ම තියෙන කෙනෙක්ට තියෙන හීන මොන වගේද කියල’..??

ඇය- කියන්න….??

ඔහු- මට මගේ අම්ම වගේ වෙන්න ඕන…

ඇය- මොකද්ද කිව්වෙ..??

ඔහු- මට…. මගේ… අම්ම වගේ වෙන්න ඕන..!! ”

ඒක ටිකක් අමුතු කතාවක් වගේ නේද… මුලින්ම ඒ වගේ කතාවක් අහන ඕනම කෙනෙක්ට හිතෙන්න පුළුවන් එක්කො මුට පිස්සු .., නැත්තං මූ තනිකරම පිරිමි නැකතින් ඉපදු ගෑණියෙක් තමා කියල… ඇත්තටම ඔයා කවදහරි ඒ වගේ කතාවක් කාගෙන් හරි අහල තියේද.. නැත්තං ඒ වගේ තත්වෙකට ඔයාට මුහුන දෙන්න වුනොත් ඔයාට මොන වගේ දැනෙයිද..?? මේ සටහන කියවන එක නවත්තල ඇත්තටම ඒ ගැන ටිකක් හිතල ඉම්මුද…

හරි ඒ ඇති.. දැං ඔබට හිතෙන්න පුළුවන් ඇත්තටම මේ මොන විකාරයක් ද කියල.. ඇත්තටම අපහැදීමකින් බැළුවොත් විකාරයක් වගේ තමා.. ඒත් ඇත්තටම මේ තියෙන්නෙ මොකද්ද කියන කුතුහලයකින් බැලුවොත් ඔබට පොඩි පැහැදීමක් ඇති වෙන්න බැරි කමක් නෑ… ඇය කියා ඔහු කබීර්… ඔවුන් දෙන්න ඉන්නෙ දිල්ලියෙ.. ඇත්තටම කීවොත් සෙලෝලයිඩ් සිනමාව ඇතුලෙ… කාන්තාවක් වගේ වෙන්න කැමති පිරිමියෙකුයි.., ජීවිතේ ගැහැණියකට තියෙන සාමාන්‍ය තහංචි බිඳ ගෙන ඉස්සරහටම යන්න කැමති කෙල්ලෙකුයි අතර සිද්ධ වෙන දේවල් ගැන කියවෙන සාමාන්‍ය ඒත් අමුතු සිනමාපටයක් තුලින් තමයි ඔවුන් අපිට හමුවෙන්නෙ…

(චිත්‍රපටය ගැන වත් එහි කතාව ගැනවත් වැඩි යමක් ඔබට කියන්න මම උත්සාහ කරන්නෙ නැහැ. ඒ වගේම කියන්න ඕන ඔබ සම්භාව්‍ය සිනමා පට ඇම්මකින් පෙලෙන කෙනෙක් නං මේ සටහන නොකියෙව්වට පාඩුවකුත් නැහැ. මන්ද මෙය සාමාන්‍ය වාණිජ සිනමාපටය ක් නිසා.. නමුත් වෙනසක් සොයන කහටකින් තොරව යමක් අගයන්න පුළුවන් කෙනෙක් නම් මේ සටහන නොකියෙව්වත් චිත්‍රපටය බැලුවට වරදක් නැහැ. )
කියා ට කබීර් හමුවෙන්නෙ ගුවන්යානයකදී.. චන්දිගර් සිට දිල්ලියට පැමිණෙන විට. ඔහු අම්ම මතක් වෙලා අඬන ගමන්. ඇය සිය ව්‍යාපාරික කටයුත්තකට සිත යොමා ඉන්න ගමන්. සුපුරුදු පරිදි ලස්සන ගැහැණු ළමය දැක්කම කතා කරන්නෙ පිරිමි ළමය කියලද ඔබ හිතන්නෙ.. නෑ.. ඇය තමයි ඉක්මන් වෙන්නෙ.. කවුද මේ ගැහැණු ළමයෙක් වගේ අඬන පිරිමි ළමය කියල බලන ඇය ඔහු හා කතාවට වැටෙනව.. පිරිමි ළමයි ගැන කිසි පැහැදීමක් නැති ඇය ඔහු හා කතාවෙන් ඔහු ගැන පැහැදෙනව. මේ අමුතු පුද්ගලය ගැන කැමැත්තක් ඇති වෙනව. ඊට පස්සෙ ඇගේ ඇරයුමෙන් ඈත් සමගම බාර් එකකට යන ඔහු දෙන්නත් එක්කම විස්කි වඩියක් තොල ගාන ගමන් තමන්ගෙ අමුතු කතාව කියන්න පටන් ගන්නව. මුල ඉඳන්ම ඔහු ගෙ අමුතු දැක්මෙන් අපව මවිතයට පත් කරන්න ඔහු සාමාන්‍ය උත්සාහයක් ගන්නව.

“ඔහු- තාත්ත වගේ වෙන එකේ ප්‍රශ්නයක් නැත්තං අම්ම වගේ වෙන එක ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද..?? දෙන්නම අපිව ඉපැද්දුවනේ…
ඇය- මිට කලිං කිසිම පිරිමියෙක් ගේ කටින් අහල නෑ එයාට එයාගෙ අම්ම වගේ වෙන්න ඕන කියල
ඔහු- රාජීව් ඉන්දිරා වගේ උණේ නැත්ද රාහුල්ට සෝනියා වගේ වෙන්න ඕන වුණේ නැද්ද..?
ඇය- කවුද ඔයාගේ අම්ම එයා මොන රටේ අගමැතිද..?
ඔහු- ඇය කලාකාරියක්…!
ඇය- සින්දු කීවද පිළිම ඇඹුවද නැටුවද…??
ඔහු- ගෘහණියක්…!! ”

දැන් නම් ටිකක් කුතුහලයක් ඇති වෙනව නේද..??

මේ වගේ අමුතු කතාවක් අපට කියන්නෙ ආර් බල්කි කියන ඉන්දීය අධ්‍යක්ෂක වරයා. චිත්‍රපටය KI & KA (ඇය සහ ඔහු) නමින් තරගත වන මෙම චිත්‍රපටය IMDB අගය 5.7 ක් තරම් ප්‍රමාණයක් හිමි කර ගත්තත් කතාවෙ රසය හෝ සිනමාත්මක භාවිතාවේ එතරම් අඩු පාඩුවක් කියන්නට නොහැකි තරම්… අමෙරිකානු ඩොලර් මිලියන තුනක වියදමක් යොදා නිශ්පාදනය කළ මෙම චිත්‍රපටය එහි සමස්ථ ආදායම ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 15 ක ආදායමක් එනම් ඉන්දිය රුපියල් බිලියන 1.02 ක් උපයාගන්න සමත් වෙනව. මෙහි කියා ලෙසින් විශිෂ්ට රංගනයක නියැලෙන කරීනා කපූර් සැබැවින්ම සිනමාවේ තේමාවේ කියැවෙනා ලෙසම අර්ජුන් කපූර්ගේ රඟපෑම අභිබවා යන්නට සමත් වෙනව. ඒ වගේමයි කියාගේ මව ලෙසින් රංගනයේ නිරත වන ස්වරූප් සම්පත් සහ කබීර් ගේ පියා ලෙසින් රංගනයේ නිරත වන රජිත් කපූර් ගේ රඟපෑමත් එක්තරා අන්දමක ප්‍රශස්ත මට්ටමකින් පවතිනව.

චිත්‍රපටය පටන් ගන්නෙ සාමාන්‍ය හින්දි සිනමා පටයක් පටන් ගන්න විදියටම තමා. නැටුම් ගැයුම් සපිරි විවාහ මංගල්‍යයකින්. නමුත් ඇත්තටම සිනමා පටය පටන් ගන්නෙ ඉහත කි සිදුවීමෙන් බව ඔබට නොහිතුණොත් එහි පුදුමයක් නැහැ. සිනමා පටයේ සාමාන්‍ය සිනමා භාවිතාව ගැන කතා කරනවා නම් එහි යම් යම් දෝෂ නැතුවා නොවෙයි. නමුත් සාමාන්‍යෙයන් පිට පැන කතාව කියන්නට බල්කි විසින් ගත් උත්සාහය පැසසිය යුත්තක්. ගුවන් යානයේදී ඇය ඉදිරිගාමී වි ඔහු හා සංවාදයට මුල පුරන්නා සේම මුලින්ම ඇයව හඳුන්වා දිමට යොමු කරන්නට අධ්‍යක්ෂක වරයාට හැකි වුවා නම් සහ සුපුරුදු පරිදි පිරිමියා විසින් ගෙනෙන විවාහ යෝජනාව කාන්තාව විසින් පිරිමියාට ඉදිරිපත් කළා නම් හොද බව සිතෙයි.

ඒ හැරෙන්නට සාමාන්‍ය පවුල් සංස්ථාවක සිදුවන ගැටුම් ඉන් එහා මානයකට ගෙන යන්න ඔහු විසින් දරණ ලද උත්සාහයත් අර්ජුන් කපූර්ට නැතහොත් කබීර් හට නියම කාන්තා ගතිකත්වයක් දෙන්නට ගත් උත්සාහයත් යම් කිසි කූට ප්‍රාප්තියකට ගෙන එන්න ඔහු යම් උත්සාහයක් දරල තිබෙනව. එසේම කාන්තාව තුළ මෙන්ම පිරිමියා තුළද ඇතිවන ඊර්ෂ්‍යාව අනෙකා අබිබවා යාමේදී ඇති වන ගැටුම් මනා සිනාමාත්මක භාවිතාවකින් ඉදිරිපත් කොට තිබෙන අයුරු පැසසිය යුතුයි. කතාවේ අවසානයට ළං වන විට ඇය තුළ ඔහු කෙරේ ඇති වන ඊර්ෂ්‍යාවත් ඒ හරහා මෙම ආදර්ශවත් කුටුම්භය බිඳවැටෙන්නට ඇති ඉඩත් කතාවේ වෙනසක් ගැන ඉඟි කලත් සාමාන්‍ය පරිදි සුඛාන්තයකින් කෙළවර කරන්නට ඔහු උත්සාහ ගෙන තිබීම පෙන්වන්නේ සාමාන්‍ය හින්දි චිත්‍රපටයක අවසානයකට එහා ගිය කුටුම්භයක පැවතිය යුතු නම්‍යශීලිත්වය බව මගේ අදහසයි..

https://awanhala.blogspot.co.uk/2016/06/blog-post_8.html

 

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල