කෙටි කථා

සර්ප පුනරුප්පත්තිය

Off

කුරුළු මලගම
මං කුරුල්ලෙක්.කළුවරෙන් ගල් ‍වෙච්ච පොලොවට රන් පාට වැස්සක් වගේ ඉර එලිය වැටෙනකොට මගේ පියාපත් වලට වඩා වේගෙන් හිත ඉගිලෙනවා…
ලස්සන දවසක්…ලස්සන දවසක් ..හිත මුර ගානවා
කුරුල්ලෙකුට කොයි තරම් නම් වැඩද? නිදං ඉන්න පුංචිම කැකුළු නුපුරුදු ඉර එලියට බයේ අඞද්දි නැලවිලි ගීත කියල නලවන්න ඕන…තාමත් ඇහැරෙන්න වේලාසන වැඩි බව හිතුවක්කාර වෙලා දඟලන පුංචි කැකුළු වලට ඒත්තු යන්නම කියා දෙන්න ඕන.
ඇහැරෙන්න ඕන- ඒත් ඇහැරෙන්න කම්මැලි මල් කිති කවල ඇහැරවන්න ඕන.තණ අග්ගිස්සෙ දිලිසෙන පුංචි පිණි කැට දොවල පුංචි පෙති දෙපෙති නොරිදෙන්න ඒවා මත තවරන්න ඕන.සුමුදු පෙති තලා නොගෙන හීං සීරුවේ ඇහැරෙන්න ඉවසීම දෙන්න ඕන.
මං හැමදාම යුහුයුළුව වැඩ කලා…සිංදු කියල කටහඞ ගොරෝසු වුනා..ඒත් කුරුළු ගීතයකට වඩා පිපෙන පුංචි මලක් කොච්චර වටිනවද?මං එහෙම හිතුව
කුරුළු ගීය ඇහෙන්නෙ ගයන වෙලාවට විතරයි.ඒත් පිපුන මලක් රුවට සුවඳට දවස් කීපයක්ම තියනව.මං තනියම හිතුව..
උඹල මහ කැලෑවක් මැද තනියෙං පිපිල ඉන්නව.හරිම සුවඳයි..ලස්සනයි..ඒත් කැලේ කටු අකුල් වලින් වැහිල..එලියෙ කාටවත් උඹලව දකින්න බැහැ…මට ඒ ගැන තිබුනෙ වචන වලින් කියල ඉවර කරන්න බැරි තරම් දුකක්…
ලස්සන මල් පිපිලා..එන්න ඇවිත් බලන්න…මං කැලේට පිපුන මල් ඔස්සේත් අංකුර ඔස්සේත් ලෝකයට හඞගාලා කිව්වා..
ඒ ගීත දිගේ ගොඩ වැදුන ලෝකයා මං තරමටම උඹලට ආදරය කරන්න ගත්තා..
කොච්චර ලස්සනද කුරුළු ජීවිතය.කොච්චර වටිනවද කුරුළු ජීවිතය…කොච්චර සතුටක්ද කුරුල්ලෙක් වෙන එක මං ‍ලෝකයට හඞ ගාල කිව්ව…මල් ගොඩක් මැද්දෙ ‍ගෙවෙන කුරුළු ජීවිතය…පාරාදීසියක් ….අන්තිමට මං තීරණය කලා…ම‍ගේ කූඩුව ඇතුලෙ එකම එක මලක් වත් පිපු‍නෙ නැතුවට මොකද…මගේ ජීවිතේම ගෙවෙන්නේ වෛවර්ණ මල් යායක….
ඒත් ඒ සර්පයෙක් මගේ කුරුළු හදවතට දෂ්ට කරන කල් විතරයි.සර්ප විෂ හදවතේ ශිරා විතරක් නෙමෙයි ධමනි ඔස්සේ ගලා යන කොට මං එක දෙයක් පසක් කර ගත්ත…
හිතට එකඟව කුරුල්ලෙක් වෙන එක කොයි තරම් මෝඩ වැඩක්ද?
නිකාං ඔහේ සිංදු කියන එක විතරක් කලා නං කොයි තරං නං හොඳද?
කුරුළු හදවතක් වුනත් සර්ප විෂ පැතිරුනාට පස්සෙ ඉස්සර වගේ පිවිතුරු නෑ…විෂ වලින් ඔත්පල උන හිත ඉස්සර වගේ කාර්යක්ෂමත් නෑ..
අන්තිමට මං තීරණයක් ගත්තා…මගේ ගීය මං ගයන්නං …උඔලගෙ විදියට උඹල පිපියල්ලා…තීරණය ගත්තෙ කුරුළු හදවතද නැත්තං සර්ප විෂද කියල මට හරියට නිනවුවක් නෑ…ඒත් මං තීරණටක් ගත්තා…
හෙටත් ඉර ඇහැරෙයි….ඒත් මං සිංදු කියනවාම විතරයි…පිණි දිය දොවා ගන්න එක… මුදුවට පිපෙන්න උගන්නන එක මගේ පත්වීම් ලිපියේ කොතනකවත් සඳහන් කරල නෑ
දවසක උඹ ලස්සනට පිපෙන එක විතරමයි මගේ හිතේ තිබුනෙ…මමත් එහෙන් මෙහෙන් අහුල ගත්ත පිණි කැටයත් දෙකක් උඹේ මුදු දෙපෙති මත තවරන්න මං දෙපාරක් නොහිතුවෙ ඒකයි.
මං උඹට විශේෂයක් කලාද ..මං තාමත් මගෙන් අහනව…සමහර විට උඹ මගේ හීන ලෝකෙ හිටපු පුංචි කට කාර දඟය හින්ද එහෙම උනාද දන්නෑ..
මං දැන ගත්තු හැම දෙයක්ම උඹලගෙ ලෝකෙ ලස්සන කරන්න යොදවන්නයි මට ඕන උනේ.
සමහර විට එහෙම සරසන්න කෙනෙක් මගේ ජීවිතේ නැති නිසා වෙන්න ඇති
ඒත් මගේ පුද්ගලික අහිමි වීම් වලට උඹල පලි නෑ…ඒක නිදහසට කාරණයක් නෙමෙයි
ඒත් ඒ අඩුව අද තරම් කවදාවත් මට දැනිලත් නෑ
මං උඹට දුන්න පිණි බිංදුවක් ගානෙ මට ස්තූති කරපු උ‍‍ඹේ කිනිත්ත ඒ පිණිම මට ආයුධයක් විදියට දික්කරේ කොහොමද කියල මං තාමත් කල්පනා කරනව
අනිත උඹ ටිකක් මල් වත්තෙ කරක් ගහල බැළුවනං දැන මං පිණි ඉස්ස එකම කැකුළ උඹ විතරක්ම නෙමෙයි කියලා.ජීව විද්‍යාත්මක නමට අමතරව මමම රෙජිස්ටර් කරපු එකම නම බූරු පැටියා විතරක්ම නොවන බව
ඉත්තෑ බබා…කම්මැලි කොල්ලා…මෝඩ කෙල්ල,අඞන බබා..යක් පැටවු…සිඟිති කතා…පිස්සු පූසා…දඟ මල්ල …අන්ඩ පාලස්… සේරම ඉන්නෙ ඔයි මල් වත්ත ඇතුලෙම තමයි
මටම අයිති මලක් නැති වීමේ අඩුව උඹලගෙන් පුරව ගන්න ගිහින් මං ආත්මාර්ථකාමී උනාද කියලා දැන් කල්පනා කරන කොට මට හිතෙනව.
මං මං ගැන දන්නව…උඹත් ජීවිතේ කොයි යම්ම හරි මොහොතක දැන ගනීවි
නැතත් ඒ ගැන දුකක් නෑ….නිදහසට කාරනා ඉදිරි පත් කරන්න ඕනත් නෑ..අතේ ඇඟිලි ගානට වඩා අඩු උනත් මාව අවබෝධකරගෙන විශ්වාස කරන යාළුවෝ මට තාමත් ඉතුරු වෙලා ඉන්නව.සේරටම වඩා මගේ ජීවිතේ වටිනාම වස්තුව හැම අහිමිවීමක්ම මැද්දේ කිසිදා අහිමි නොවන වටිනාම සම්පත තාමත් මං ලඟම ඉන්නව..පියාපත් වලින් මාව තුරුල් කරගෙන ආදර ගීයක් මුමුන මුමුනා කැඩෙන හිත හදන සාස්තරේ තාමත් එයාට මතක තියනව..ඒත් වසර තිහක් පුරා රැකපු ආත්මගෞරවය විතරක් පුපුරු ගහනව
සිංදු විතරක් කියන කුරුල්ලෙක් වීමේ වැදගත්කම මගේ ඇට මිදුළු වලටම කා වැදෙනව.රෑ වැටුන වලට දවල්ට පනින්න ඕන නෑ කියල හැඟිල යනව…ජීවිතේ තම තමංගෙ පොදි තම තමන්ට උස්සගෙන යන්ඩ වෙන බව මං දන්නව..
කුරුල්ලෙකු නොවී සර්පයෙකු වීම වාසි සහගත බව මට දැනෙනව…කුරුල්ලා සිංදු කියනව…ඒත් සර්පය ගොළුයි..සර්ප සින්දුවක් අහන බලාපොරොත්තුවක් කාටවත්ම නෑ…
කුරුල්ල එළි මහනේ ඉගිලෙන කොට හැමෝම ඇස් ඩොගිත්තාගෙන බලං ඉන්නව..ඒත් අඳුරු අහු මුළු වල බඩ ගාන සර්පයෝ කාගෙවත් ඇහැ නොගැටී ඉන්න දන්නව..
චූටි කුරුළු හොටක සීරීමකට වඩා විෂ සර්ප දළ පහරක් බලගතුයි කියල දන්නව…
කොච්චර ලේසිද සර්පයෙක් වෙන එක…දිරා යන රොඩු ගොඩක හැංගිලාම ඉන්න එක.අනතුරක් දුටු සැනින් මැරිල වැටෙන්නම දෂ්ට කරන එක…කොයි තරම්ම සහනයක්ද කුරුල්ලෙක් මරල සර්ප පුනරුප්පත්තියක් ලබන එක.

http://wkwijeratna.blogspot.co.uk/2016/06/blog-post_55.html

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල