දේශපාලන

VAT සෙල්ලම

Off

VAT එකට විරුද්දව බොහෝ වෙලෙන්දෝ පාරට බැස්සහ. ඉතිරිය නුදුරු අනාගතේ දී පාරට බහින්නට සූදානම් ය.

සිරීසේන හුටන් තුමා කඩ කාරයන් ට කියන්නේ බද්ද කඩ කාරයා ගෙන් නොව පාරිබෝගිකයා ගෙන් අය වන නිසා කඩ කාරයන් කලබල කිරීම අසාදාරනයි කියා ය.සාමාන්යයෙන් මරි මෝඩ කතා කියූවද මෙහි දී හුටන් තුමා කියනා කතාව ඇත්තය. ඒත් මුදලාලිලා හුටන්කතනය නොඇසූකන් ව ගේමට සැට් වෙලා ය. එයට හේතුව කුමක් ද?

දැවෙනා VAT බද්ද පිලිඹඳ ප්‍රශ්නය ස ර ස තුමා ට වැටහෙන්නේ මේ ලෙසටය!

ස රස තුමා ෆුඩ් සිටියට ගොස් බිස්කට් පැකැට්ටුවක් රුපියල් සීයකට එහි සඳහන් කර ඇති උපරිම සිල්ලර මිලට මිල දී ගත්තොත් දැනටත් එයින් රුපියල් එකොලහක් රජයට බද්ද ලෙස ලැබෙනවා. ෆුඩ් සිටියට හිමි වන්නේ නිශ්පාදකයා දෙනු ලබන සීයට දහයක් පමන වන ලාබයයි!

නිශ්පාදකයා ගේ මිල රුපියල් හැත්තෑ නවයයි. ලාබය රුපියල් දහයයි. ආන්ඩුවට ගෙවනා VAT බද්ද රුපියල් එකොලහයි ලෙසටයි!

එම බිස්කට් පැකැට්ටුවම ස ර ස තුමා ලඟ ඇති කඩයෙන් ගත් විට ගෙවන්නේත් රුපියල් සීයක් වන උපරිම සිල්ලර මිලයි! දැනට VAT බදු නොගෙවන කඩකාරයා රජයට හිමි විය යුතු ව තිබූ රුපියල් එකොලහ හිමීට තම සාක්කුවට දා ගන්නවා…
එහෙත් රවී තුමා ගේ බජට්ටුව අනුව දිනකට රුපියල් 33000 වෙලෙඳාමක් ඇති (ලාබය නොවේ ) පෙට්ටි කඩේටත් බද්ද ගෙවන්න ලියාපදින්චි වෙන්න වෙනවා.
මෙතුවක් කල් ආන්ඩුවට නොදී සාකුවේ ගල් කරගත් VAT බදු සඳහා පාරිබෝගිකයා ගෙන් අය කොල මුදල මෙතැන් සිට පෙට්ටි කඩේ මුදලාලිට රජයට දන් දීමට සිදු වනවා.

වඩාත් ම බියකරු කේස් එක නම් එපමනක් VAT බද්ද ගෙවනවා නම් පෙට්ටි මුදලාලියා විසින් ගෙවිය යුතු සත්ය ආදායම් බද්දත් අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද යන ගනිත සූත්‍රයෙන් දේසීය ආදායම් දෙපාර්තමේන්තුවට දැන ගැන්න ලැබෙනවා.

මෙතුවක් කල් හොරාට ගෙවූ අන්තිම් අඩු මුදලක් වූ ආදායම් බද්ද නියමාකාරයෙන් ගෙවීමට සිදු වීම නිසා පෙට්ටි මුදලාලියෝ සීයට හැත්තෑවකට පමන හාට් ඇටෑක් හැදෙන්න නියමිත බව රාජිත සවුක්ය තුමා ඇස්තමේන්තු කොර තිබෙනවා.

කතාව අවසාන කොරන්න පෙර ස ර ස තුමා නැසීගිය සුගතපාල ද සිල්වා මහත්තයා ගේ බල්ලෝ බත් කති පොතෙන් මෙන්න මේ අදහසක් දෙන වාක්යයක් උපුටා දක්වන්න කැමැත්යි… “බුලත් තට්ටුවක් තියාගෙන ඉන්නා බුලත් මුදලාලි හිතන්නේත් ඔහු දනපතියෙකු කියා ය. ඔහු හොඳ යූ ඇන් පී කාරයෙකි!!”

ඉතින් පින්වතුනි ඔබ දන්නා හඳුනන කඩ කාරයෝ පෙට්ටි කඩ කාරයෝ සහ වෙලෙන්දෝ සාමාන්යයෙන් කුමන පක්සෙකට චන්දේ දෙන කස්ටිය දැ‍යි හිතා බලන්න….
අසාද්ය සාලිලාට මුලා වෙලා යහපාලනේට චන්දේ දුන් මුස්ලිම් මිනිසුන් ගේ ප්‍රදාන ආදායම් මාර්ගය කුමක් දැයි විමසා බලන්න….

ඊට පසු මේ වනවිට කඩ වසා උද්ගෝසනේ කොරන්නේ යහපාලනේට කඩේ ගිය කඩ කාරයෝ ම නේදයි විමසන්න!

-http://mallepol.blogspot.co.uk/2016/07/vat.html

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල