අධ්‍යාපනික

සෙවනැලි යාළුවා

Off
ෂැඩෝව් ඇමති මණ්ඩලය මේ කාලේ බහුලව කතා බහට ලක් වුවත් ,මීට කලින් මම ඔය ෂැඩෝව් තියරිය ගැන දැනන් හිටියා.
ඒ මෙහෙමයි ,
රජයේ කාර්යාල වලින් වැඩක් කර ගන්න ගිය අය දන්නව ඇති අදාළ විෂයය සම්බන්ධ  රා.කළ.සහකාර , ඉස්සර නම් ලිපිකරු හෝ ලිපිකාරිණිය නැත්තම් ආයතනේ ලොක්කටවත් බෑ ඒ ලිපි ගොනුව සම්බන්ධව මැදිහත් වෙලා අදාළ රාජකාරිය කරල දෙන්න.
කොටින්ම  ඔයා ගේන ලියුමට අදාළ ලිපිගොනුව භාරව ක්‍රියා කරන විෂය ලිපිකරු නැතිනම් වෙන කාටවත්ම ඔයාගේ ලිපිය අදාළ නෑ….
මෙන්න මේ විදිහට රාජකාරි පමා වෙනවට සහ මහජනයා රස්තියාදු වෙනේක නතර කරන්න , කාර්යාල වලට තමා ඔය ෂැඩෝව් එක මම දන්න තරමින් ඉස්සරෝම වැටුනේ…..
එතනදි වෙන්නේ එකම විෂයට එම විෂය භාර ලිපිකරුට අමතරව “ෂැඩෝව් ලිපිකරුවෙක් / සෙවනැලි නිළධාරියෙක් “ පත් කරනවා. එතකොට අදාළ නිළධාරියා නැති වුනත් ෂැඩෝව් ඔෆිසර් ගෙ වගකීම තමා ඒ රාජකාරිය සොයා බලා අදාළ කටයුතු කරනෙක.
දැන් ඔයාල හිතාවි දෙන්නම එක දවසෙ නැති වුනොත් මොකද වෙන්නේ කියලා.
දෙන්නටම එකම දවසක නිවාඩු අනුමත නොකරන්න ආයතන ප්‍රධානියා කටයුතු කරන්න ඕනි. ඔන්න ඒ දෙන්නම නැති නම් ඔයාට පුළුවන් ආයතන ප්‍රධානියාගෙන් ගිහින් කෙළින්ම මේ සම්බන්ධව විමසන්න.
දැන් මම කාර්යාල සේවයෙන් අයින් වෙලා ගුරු වෘත්තියට පිවිසිලා ටිකක් කල් වුනත් මට මගේ සෙවනැලි නිළධාරියා විදිහට හිටපු සහෝදරී මට සලකපු විදිහ මට හොඳට මතකයි………
මේ සෙවනැලි ගැන ආයෙ මට මතක් වුනේ පාර්ලිමෙන්තු සෙවනැලි ඇමති මණ්ඩලයක් පත් කරන කතාව කණින් කොණින් ඇහෙන්න ගත්තට පස්සේ. ඉතින් මං හිතුවා මගේ පාසලේ මම උගන්වන පන්තියටත් මේ “සෙවනැලි ක්‍රෙම් – සෙවනැල්ල “ අරන් යන්න.
පන්තියක උනත් පුංචි කල්ලි තියනවා කියලා ඉස්කෝලෙ ගිය කවුරුත් දන්න දෙයක්.මම උගන්වන පන්ති තුනේමත් එ් වගේ පුංචි පුංචි කල්ලි තියනවා.මේ කල්ලි වලදි ගොඩක් වෙලාවට වෙන්නේ වැඩ බැරි ළමයි එක කල්ලයකටත් , වැඩ පුළුවන් දක්ෂ ළමයි වෙනමත් කල්ලි වෙනේක.
මීට වඩා අපගමනය වෙච්චි කල්ලි නැතිවම නෙමෙයි .හරියට 12 බයෝ ක්ලාස් එකේ හිටි මං වැඩිපුර හිටියේ 12 – කලා පන්තියෙ වගේ වුනාට එවැනි කල්ලි ගැසීම් ඉතාම දුර්ලභයි….
ඉතින් මං කල්පනා කළා මේ කල්ලිවාදය වෙනස් කරන්න…විද්‍යා විෂය ට මම පටන් ගත්තා “ෂැඩෝව් ෆ්‍රෙන්ඩ්ස් “ ක්‍රමය.පාර්ලිමේන්තුවත් ෂැඩෝ වෙච්චි එකේ ඉස්කෝලෙ පන්තියකට ඒක ආහම මක් වෙනවැයි.හැබැයි ක්‍රෙම් ටිකක් වෙනස්…………..
ක්‍රෙම් මෙහෙමයි……………..
පන්තියෙ විද්‍යා විෂයට වැඩිම ලකුණු තියන ළමයා , පන්තියෙ අඩුම ලකුණු තියන ළමයගේ “සෙවනැගි යාළුවා “ වෙනවා. එතකොට ලකුණු අඩු යාළුවා ගැන වගකීම ගන්න වෙන්නේ අර වැඩි ලකුණු තියන සෙවැනැලි යාළුවට. එයා දැන ගන්න ඕනි තමන්ගේ යාළුවගේ විෂය දැනුමෙ අඩු ලුහුඩුකම් හොයලා බලල එයාට උදව් කරන්න. කොටින්ම තමන්ගේ සෙවනැල්ල වගේ බලාගන්න.
මේකෙ දී මම තමා යාළුවන් දෙන්නව හඳුන්වලා දෙන්නේ. මේ වාරේ දී මේ ක්‍රමයේ සාර්ථකත්වය මනින්න දැන් නම් කල් මදි. හැබැයි තුන්වන වාරයේ දී තමන්ගේ සෙවනැලි මිතුරාගේ දියුණුව අනුව හොඳම සෙවනැලි යාළුවට තෑග්ගක් මයෙ ගානේ……….
අදාළ නැති වුනත් මේ සටහනත් සෙවනැල්ලක් ගැන – ගෙදර ආපු වෙලේ ඉදන් , මගේ හෙවනැල්ල වගේ ඉන්න මගේ සුරතල් බල්ලාගේ නමත් “ෂැඩෝව් “
උපුටා ගත් බ්ලොග් අඩවිය
https://sodurusitha.blogspot.co.uk/

 

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල