ඉතිහාසය

ජුගාශ්විලි ඉයෝසිෆ් විස්සාරියෝනෝවිච්. – ජෝසෆ් ස්තාලින් .

Off

පළමු කොටස
ජුගාශ්විලි ඉයෝසිෆ් විස්සාරියෝනෝවිච් 1879 දෙසැම්බර් 21 වන දින ත්ෆිලිසි පළාතේ ගෝරී නම් වූ නගරයේ උපත ලැබුවේය. ඔහුගේ පියා වස්සාරියොන් ඉවානවිච් ජෝර්ජියානුවෙකි. ඔහු සපතේරුවෙකි.මව යෙකැතරීනා ගියෝර්ගීයේවා ප්‍රවේණී ගොවි පවුලක කාන්තාවක් වූවාය.
1888 වර්ෂයේ ශරත් කාලයේදී ස්තාලින් ගෝරී අධ්‍යාත්මික පාසලට ඇතුලත් වූයේය. 1894 වර්ෂයේ එම පාසලේ අධ්‍යාපනය අවසන් කර, එම වර්ෂයේදීම ත්ෆිලිසි හී පිහිටි සත්‍යලබ්ධික අධ්‍යාත්මික දෙව්සත් හලට ඇතුලත් විය.
එම වකවානුවේදී රුසියාව තුල කාර්මීක ධනවාදය ව්‍යාප්ත වීමට අවශ්‍ය දිරිගැන්වීම සමාජය තුල ස්ථාවර වෙමින් පැවතිනි. එලෙසම කම්කරු ව්‍යාපාරය ද වර්ධනය වෙමින් පැවති අතර මාක්ස්වාදී දර්ශනය ස්ථාවර වන්නට විය. ලෙනින් විසින් සංවිධානය කරන ලද කම්කරු පන්තියේ විමුක්ති අරගලය සඳහා වූ සංගමය රට තුල සමාජ – ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය වර්ධනය වීමට හා ව්‍යාප්තවීමට රුකුලක් විය. කම්කරු ව්‍යාපාරයේ කැළඹීම කෆ්කාස් ( කොකේසියාව ) දක්වා විහිද ගියේය. එවිටත් කෆ්කාස් ප්‍රදේශය තුල ධනවාදය අරක්ගෙන තිබුනද සමාජ – යටත්විජිතවාදී ක්‍රියාකාරකම් ජනයා පීඩාවට පත්කලේය. කෆ්කාස් ප්‍රදේශය තුල ත්සාර් රජුගේ පිඩීත පාලනය ව්‍යාප්ත වී තිබුනි.
19 වන ශත වර්ෂයේ අවසාන කාර්තුවේදී ධනවාදය ඉතා ඉක්මනින් කෆ්කාස් පුරා ව්‍යාප්ත විය. එමගින් කම්කරුවන් හා ගොවියන් දැඩි ලෙස සූරාකෑමට ලක් වූ අතර ආකර කර්මාන්තය හා ඛනිජ තෙල් කර්මාන්තය දියුණු විය. එම කර්මාන්ත සඳහා විදේශිය ප්‍රාග්ධන ආයෝජකයින් මුල් තැන හොබවන ලදී. කාර්මීක ධනවාදයේ වර්ධනය කම්කරු ව්‍යාපාරයේ ඉදිරි ගමන් මග හෙළි කලේය. 1900 වර්ෂය ආරම්භයේදී කෆ්කාසය තුල කම්කරු විප්ලවය රුසියානු මාක්ස්වාදීන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. මේ වකවානුව තුලදී කෆ්කාසය තුල මාක්ස්වාදය ප්‍රචලිත කිරීම සඳහා ප්‍රචාරණ කටයුතු ආරම්භ වූයේය. ත්ෆිලිසි නුවර සත්‍යලබ්ධික දෙව්සත්හල තරුණයින් තුල නිදහස් මතවාදී අදහස් ප්‍රචලිත කිරීමට උත්සුක වූයේය. ඒ සඳහා තරුණ රහස් කණ්ඩායම් මූලිකත්වය හොබවන ලදී. මේ ව්‍යාපාරය තරුණ ස්තාලින් තුල විප්ලවීය මානසිකත්වය ගොඩනැගුවේය.


“ විප්ලවීය ව්‍යාපාරයට මා ඇතුලත් වූයේ වයස අවුරුදු 15 දීය. එකල මම කෆ්කාස් හී රුසියානු මාක්ස්වාදී රහස්‍ය කණ්ඩායම් සමග සම්බන්ධකම් පැවැත්වූයෙමි. එම කණ්ඩායම් මා කෙරෙහි විශාල බලපෑමක් කල අතර ඔවුන්ගේ රහස් සාහිත්‍ය රචනා කෙරෙහි දැඩි ඇල්මක් මා තුල ඇතිවිය.“ යනුවෙන් ස්තාලින් ජර්මාණු සාහිතයකරුවෙකු වූ එමීලි ලුද්වීග් සමග 1938 දී පැවති සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇත.
1896 – 1897 වර්ෂ තුලදී ස්තාලින් දෙව්සත් හලේ සමාජවාදී කණ්ඩායමේ ප්‍රධානත්වය දැරවේය. 1898 වර්ෂයේදී ඔහු නිළ වශයෙන් ත්ෆිලිසියානු රුසියානු සමාජ – ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂයේ සාමාජිකත්වය ලබාගත්තේය. ඔහු පළමු ජෝර්ජියානු සමාජ – ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානයේ සාමාජිකයෙකු ලෙස පත්වූයේය. ඉන් අනතුරුව මාක්ස්වාදී මතවාදය ප්‍රචලිත කිරීම සඳහා ඉතා වැදගත් පියවර කීපයක් 1893 සිට 1898 කාලය තුල තැබුවේය.
ස්තාලින් ඉතා කැපවීමෙන් නව දැනුම උකහා ගත්තේය. ඔහු “ ප්‍රාග්ධනය “ , “ කමියුනිස්ට් පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනය“ හා වෙනත් කෘති මාක්ස්ගේ හා එන්ගල්ස්ගේ අධ්‍යනය කලේය. එලෙසම ලෙනින්ගේ කෘතිද ඉතාමත් ප්‍රියතාවයෙන් පරිශිලනය කලේය. එම කෘති පරිශිලනය කිරීමෙන් පසුව ලෙනින්ව දැකීමට ඔහු තුල දැඩි ආශාවක් ඇති වූ බව 1937 වර්ෂයේ දී “ මලදායා ග්වාර්දියා “ ( තරුණ ආරක්ෂකයා ) සඟරාවට පවසා ඇත.
ස්තාලින් මාක්ස්වාදය ගැඹුරින් හැදෑරූ අතර, දර්ශනය, දේශපාලන ආර්ථික විද්‍යාව, ඉතිහාසය, ස්වභාවික විද්‍යාවන් විශේෂයෙන් අධ්‍යනය කල විෂයන් වේ. මෙම කාලය තුලදී ස්තාලින් කම්කරු පංතිය තුල ප්‍රචාරාත්මක කාර්යයක නිරත වූයේය. ඔහු ත්සාර් පාලන ක්‍රමය විසින් තහනම් කල කම්කරු රැස්වීම් වලට සහභාගිවූ අතර, වැඩ වර්ජන සංවිධානය කලේය. එය ඔහුගේ ප්‍රායෝගික විප්ලවීය මූලික පාසැල විය.
“ මට මතකයි, 1898 වර්ෂයේදී දුම්රිය මාර්ග කම්කරුවන්ගේ එකතුව තුලින් තම විප්ලවීය අරගලය සඳහා බව්තිස්ම ලැබු බව.“ යනුවෙන් ස්තාලින් සඳහන් කලේය.
ස්තාලින් ත්ෆිලිසි හී සමාජ – ප්‍රජාතන්ත්‍රවාදි සංවිධානයේ ක්‍රියාකාරි හා කැපිපෙනෙන සාමාජිකයෙකු වූයේය. ඔහු එම සංවිධානයේ ප්‍රධානියා විය.


1900 වර්ෂයේ දෙසැම්බර් මස සිට ලෙනින් විසින් “ ඊස්ක්‍රා “ ප්‍රවත්පත නිකුත් කරන ලදී. ඔහු එ් තුලින් මාක්ස්වාදී පක්ෂයේ නිර්මාතෘවරයා විනිවිද දුටුවේය. ලෙනින්ගේ විප්ලවීය ක්‍රියාමාර්ග ඔහු හඳුනාගත්තේ “ ඊස්ක්‍රා“ නිකුත් වූ පසුවයි.
1900 හා 1901 වර්ෂවලදී ඇතිවූ ආර්ථික අවපාතය හේතු කර ගෙන රුසියානු කම්කරු ව්‍යාපාරයේ බලපෑම මත රට තුල කැළඹිම් වර්ධනය විය. 1901 වර්ෂයේ අප්‍රේල් 22 වන දින ත්ෆිල්සි නගරය මධ්‍යයේ මැයි පළමු වන දින රැළිය සංවිධානය කරන ලදී. ස්තාලින් එම රැළියේ ප්‍රධාන සංවිධායක වූයේය. ලෙනින් විසින් එම රැළිය කෆ්කාසයේ ඓතිහාසික සංසිද්ධියක් ලෙස තම ඊස්ක්‍රා පුවත්පතේ වාර්තා කලේය. එය සමස්ත කෆ්කාස් ජනයා තුල විප්ලවීය මතවාදයන් අවදිකිරීමට සමත්විය. 1901 සැප්තැම්බර් මස සිට ස්තාලින්ගේ හා කෙත්ස්හෝවෙලිගේ මූලිකත්වයෙන් “බ්‍රද්සෝලා“ ( අරගලය ) නම් වූ පළමු සමාජ – ප්‍රජාතන්ත්‍රවාදී පුවත්පත නිකුත් වූයේය. එය ලෙනින්ගේ “ ඊස්ක්‍රා“ ( ගිනි පුපුර ) ගත් මග පසුපස ගමන් කල අතර එය මාක්ස්වාදී මතය ප්‍රචාරයෙන් දෙවැනිවූයේ “ ඊස්ක්‍රාවට“ පමණි.
“ ජෝර්ජියානු සමාජ – ප්‍රජාතන්ත්‍රවාදී පුවත්පත නිරායාසයෙන් කම්කරු ව්‍යාපාරය හා ඇඳුනු ප්‍රශ්ණ සඳහා පැහැදිලි පිළිතුරු ලබා දිය යුත්තේය.“ යනුවෙන් ලියා තබන ලදී.
එම පුවත්පතේ දෙවන මුද්‍රණයේදී ඉතා වැදගත් ලිපියක් “ රුසියානු සමාජ – ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හා එහි ආසන්තම කාර්යය“ නමින් ප්‍රසිද්ධ කරනලදී. එම ලිපියෙන් ඔහු විද්‍යාත්මක සමාජවාදී න්‍යාය හා රහස් කම්කරු බලවේග අතර සම්භන්ධතාවයේ වැදගත්කම පහදා දෙනලදී.
මෙවන් ප්‍රගතිශිලි ක්‍රියාමාර්ග පදනම් කරගනිමින් ස්තාලින් 1902 අප්‍රේල් මස 05 වන දින සිරභාරයට ගන්නා ලදී. සිරගත කලත් ඔහු තම විප්ලවීය කටයුතු සමග පැවති සම්බන්ධතාවය අත් නොහළේය. ස්තාලින් ලෙනින්ගේ මතවාදයත් සමග නොසැළි සිටියේය. 1903 වර්ෂයේ සිසිරයේදී වසර 3 කට නැගෙනහිර සයිබීරියාවට පිටුවහල් කලේය. ඒ නැගෙනහිර සයිබීරියාවේ ඉර්කුත්ස් පළාතටය. එම වර්ෂයේදීම ඔහුට ලෙනින්ගෙන් ලිපියක් ලැබුනේය. එය ඔහුගේ විප්ලවීය ඉදිරි ගමනට විශාල රුකුලක් වූ බව, ඔහුගේ ග්‍රන්ථ එකතුවේ 6 වන වේළුමේ 52 හා 53 පිටු වල සටහන් කර ඇත. 1904 වර්ෂයේ ජනවාරි 5 වන දින ඔහු සිරගෙදරින් පලා යන්නේය.
රුසියානු සමාජ – ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂයේ දෙවන සම්මේලනය පැවැත්විනි. එයින් පසු ලෙනින් විසින් සංවිධානය කරන ලද ප්‍රචන්ඩ අරගලය බොල්ෂෙව්ක්වරුන් විසින් මෙන්ෂෙවික්වරුන්ට එරෙහිව පුපුරා හැරියේය.
ස්තාලින්ගේ මග පෙන්වීම යටතේ 1904 වර්ෂයේ දෙසැම්බරයේ ඉතාවිශාල වැඩ වර්ජනයක් බකු ප්‍රදේශයේ කම්කරුවන්ගේ සහභාගිත්වයෙන් ආරම්භ කල අතර එය 13 වනදා සිට 31 පැවතිනි. එම වැඩ වර්ජනය කෆ්කාස් ප්‍රදේශය තුල විප්ලවීය පිබිදීමක ආරම්භය විය. ලෙනින්ගේ මගපෙන්වීම යටතේ ස්තාලින් විසින් සංවිධානය කරන ලද කෆ්කාස් අරගලයේ ප්‍රධානම අවිය වුයේ පක්ෂය විසින් නිකුත් කරන ලද ශාස්ත්‍රීය ග්‍රන්ථ වේ. මෙම ප්‍රකාශන නිකුත් කිරීම සඳහා සංවිධානාත්මක මූලිකත්වය හෙබවූයේ ස්තාලින් විසිනි.
ස්තාලින් රුසියානු සමාජ – ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂයේ 4 වන මහ සම්මේලනයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් විය. එය 1906 අප්‍රේල් මස ස්ටොක්හෝම් නගරයේ පැවැත්විනි. මෙම සම්මේලනය අවසන් වූ විගසම ස්තාලින් විසින් “ වත්මන් තත්ත්වය හා එක්සත් සම්මේලනය කම්කරු පංතියේ “ යන හිසින් යුතුව පොත් පිංචක් ප්‍රසිද්ධ කරන ලදී. එමගින් බොල්ෂෙවික්වරුන්ගේ විප්ලවීය මගට පදනම ලන්නට විය.
ප්‍රථම රුසියානු විප්ලවය පරාජයෙන් අවසන්විය. “ ප්‍රාව්දා“ ( සත්‍ය ) පුවත් පත නිකුත් කිරීමට බොල්ෂෙවික් මධ්‍යම කාරක සභාව තීරණය කලේය. 1912 වර්ෂයේදී එහි ප්‍රථම මුද්‍රණය නිකුත් විය. මෙම පුවත්පත 1917 වර්ෂයේ විප්ලවයේ ජයග්‍රහණය සඳහා පදනම් ලෑ බව ස්තාලින් ලියා තබන ලදී.
නැවත වරක්ද 1912 වර්ෂයේ අප්‍රේල් 22 වන දින ස්තාලින් අත්අඩංගුවට ගත් අතර නරීම් පළාත වෙත වසර තුනකට පිටුවහල් කරන ලදී. නැවත 1912 සැප්තැම්බර් 01වන දින ඔහු සිරගෙදරින් පලා ගියේය. විදෙස් ගතව ස්තාලින් විසින් “ මාක්ස්වාදය හා ජාතික ප්‍රශ්ණ “ පිළිබඳව අදහස් පලකිරීමට ආරම්භ කලේය. එයට ලෙනින් විසින් ඉහල ඇගයීමක් ලබා දෙන ලදී. 1913 වර්ෂයේ පෙබරවාරී 23 දින ස්තාලින් නැවත වරක් සිරගත කරන ලද අතර නැවත වරක් ඉන් පලා ගියේය.
1917 වර්ෂයේ අප්‍රේල් 3 වන දින ලෙනින් රුසියාවට පෙරළා පැමිණියේය. පසුව ස්තාලින් ලෙනින් සමග උරෙන් උර ගැටි විප්ලවයේ ජයග්‍රහණය සඳහා කටයුතු කලේය. ඔවුන් ජනතා අරගලයට නායකත්වය ලබා දුන්නේය. ඔක්තෝම්බර් විප්ලවය ලොව පද්ධති දෙකකට වෙන් කලේය. එය ධනවාදී හා සමාජවාදී යනුවෙනි. නැවුම් සෝවියට් දේශයේ ජාතික ගැටළු විසදීම සඳහා සෝවියට් ජනරජ ස්ථාපනය කලේය. ලෙනින් හා ස්තාලින් සෝවියට් දේශයේ මහ මොළකරුවන් හා සංවිධායකයින් වූවෝය.

සටහන – ෆීලික්ස් ප්‍රනාන්දු.

http://rusiyanuparivartana.blogspot.co.uk/2016/07/blog-post_12.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල