කාලීන සංවාද, විශේෂ

අලුත් කුණුහරුප -01; යහපාලනය

Off

යහපාලනය කියන්නේ ලෝක දේශපාලන ය ඇතුලේ දශක ගානක් හෝ ශතක ගානක් කියවෙච්ච නමුත් සිරි ඉල්ලන්කාවේ දේශපාලන ඩික්ෂනරියට මීට අවුරුදු දෙහෙකටවිතර කලින් එක්කාසු වෙච්ච හරි අපූරු වචනය ක් බව හැමෝම දන්නා කියන කාරණාවක් ය.

සිරි ඉල්ලන්කාව තුල අඩුම කාලයක් තුල වැඩිම වෙනසකට භාජනය වෙච්ච වචනයක් ඇත්නම් ඒ අන් කිසිවක් නොව යහපාලනය කියනා වචනය ය.
එක වෙන්නේ මෙන්න මෙහෙමය.

මේ යහපාලනය කියන වචනය රටේ කලටිපොල් දික්ෂනරියට ඇතුලේ වෙන්නේ මරාගේ කළුවර දශකයේ අග භාගයේදී හෙවත් රට කෑලි කපන්න පුළුවන් කට්ට කළුවරේ හසරක් නැතුව පාදඩ වැදී රාජ්‍ය වල අනුග්‍රහයෙන් වැනී වැනී ලෝකයේ අඳුරු මුල්ලකට තල්ලු වෙන කාලයේදී ය.

අපේ මාදුළුවාවේ සෝභිත හාන්දුරුවෝ මේ අරුම පුදුම වචනේ කරලියට ගෙනල්ලා දික්ෂනරිය්ට ඇතුල් කරලා ඒ වෙනුවෙන් කෑ ගහන්න කරන්න පටන් ගන්නකොට කොට මුලින් අපිට එක හරියට තේරුමක් අඳුනගන්න බැරි පට්ට විහිලු වචනයක් විය. ඒ තරමට ම ආතල් එකක් ඒකාලේ තිබුනේ ය. ඒ වෙන මක්කා හින්දාවත් නොව “යහපාලනය” කියනා වචනේ ඉංගිරිස් පරිවර්තනේ වන “Good Governance” කියනා වචනේ ගූගල් දෙයියා ගේ අනුග්‍රහයෙන් තේරුම් ගන්න බලනකොට හම්බුවෙච්ච අරුම පුදුම මෙලෝ සම්මජ්ජාතියක මේ රටේ නම් සිද්ධ නොවෙච්චි දේවල් පෙනෙන්න පටන් ගත්තු නිසා ය.

ඒ එදා අපි වැටී හිටි අඳුරේ තරම ය.

එත් කාලයක් යනකොට යහපාලනය කියන්නේ මේ රට ඇතුලේ පරක්කු වෙලා හරි යතාර්ථයක් වෙන්න ඕනා සංකල්පයක් කියලා අපිට තේරුම් ගියේය. එත් ඒ කාලේ හිටපු අපේ අප්පච්චි ට සහ සහ එයාට කලින් හිටපු අම්මණ්ඩි ට පින්සිද්ධ වෙන්න ඒ අරුම පුදුම වචනය මහපොළොවේ යථාර්තයක් වෙන්නේ නැති බවට ඉර හඳටත් වඩා ෂුවර් ඇන්ඩ් ෂොට් වෙච්චි සුන්දර හීන යක් විය.

අපේ සිරිසේන උන්නැහේට අර අරුම පුදුම අපූරු ආප්පේ කැවුණේ ඔන්න ඔහොම අපි සුන්දර හීන ලෝකෙක බඩ පිනුම් ගහන කාලයකදී ය. මරාගේ බත් බැලයන්ගේ , ගොට්ටන්ගේ හැර රටේ අනිත් සේරම ජනතාවගේ හීන අස්සේ තිබ්බ යහපාලනය කියන සුන්දර වචනය , එදා මරණ වරෙන්තුව අතට අරන් මරාගේ පඩංගුවෙන් දොට්ට බැස්ස සිරිසේන උන්නැහේ තමුන්ගේ දේශපාලන ප්‍රතිපත්තිය විදියට ප්‍රකාශ කළේය.

සිරිසේන උන්නැහේ විතරක් නොව වික්‍රමසිංහ උන්නැහෙත් තමුන්ගේ ප්‍රතිපත්තිය යහපාලනය යයි කියලා කියපුවාම අර හැබෑ නොවෙන හීන් කුලකය ඇතුලේ තිබ්බ ඒ සුන්දර වචනේ , හැබෑ කරගන්න බැරිකමකුත් නැහැ කියන අලුත් කුලකයට මාරුවුණේ හීන් සීරුවේ පුංචි බලාපොරොත්තුවක් රටේ හැම මනුස්සයෙකුගේම හිතේ ඇතිකරමින්ය.

එතනින් එහාට වෙච්ච දේ ලියන්න අවශ්‍ය නැත.
“යහපාලනය” හැමෝගෙම “හැබෑ කරගතයුතුම හීනයක් ” බවට පත්වුනේය,
ඊට පස්සේ ඒක : හැබෑ කරගන්න පුළුවන් හීනයක් “බවට පත් වුනේය.

2015 ජනවාරි 8 වෙනිදා, කුප්ප මරාගේ “පරලොව දිනන මග” පරද්දන්න “යහපාලන” ප්‍රතිපත්තියට හැකි විය.
සිරිසේන උන්නැහෙත් වික්‍රමසිංහ උන්නැහෙත් රට භාර ගත්තෝය. ටික දවසකට දුක වේදනාව රටට අමතක විය.

එත් එක දෙයක් සිද්ධ වුනේ නැත.

ඒ කියන්නේ “විහිලු” කුලකයෙන් “හැබෑ නොවෙන හීන ” කුලකයටත් එයින් පස්සේ “හැබෑ කරගන්න බැරිකමකුත් නැති” කුලකයටත්, පස්සේ ” හැබෑ කරගත යුතුම ” කුලකයටත් , එයිනුත් පස්සේ ” හැබෑ කරගන්න පුළුවන් ” කුලකයටත් මාරුවෙවී ආපු “යහපාලනය ” කියන වචනය ” හැබෑ කරගත්තු හීන” කුලකයට වැටුනේ නැත.

ඒ වෙනුවට වුනේ හරි අමුතු අමුතු විජ්ජුම්බර සද්ධ විය.

මරාගේ කුප්ප පඩංගු ව ඇහැක් කරලා හිටං අටෝ ගත්තු ආණ්ඩුවේ එක එක කෙරුමෝ කීප දෙනෙක් ආපහු වතාවක් මරා සරණ ගච්චාමී ගාථාව මතුරන්ට පටන් ගත්තේය.
සමහරු මරාට අතක් තියන්න දෙන්නේ නැතැයි කියා චන්ඩි ටෝක් ද දිය. එකියපු එකෙක් බැරිම තැන ගෙදරද ගියේය.
ඒ අස්සේ සිරිසේන උන්නැහේ ත් මරාගේ රෙද්ද අස්සේ ඉඳන් අහවල් දෙක ලොවපු පිංගුත්තර රැලක් තමුන්ගේ රෙද්ද අස්සට දා ගත්තේ රජකම් කලත් උපන් ගොන්කම මනාව් ප්‍රදර්ශනය කරන්නට ද කොහෙදය.

මරාගේ හොරකම් විකුණගෙන කාලා උඩට ආපු අය හොර මරා සහ සනුහරේ ට මහා උළුගෙයි බත් කවන්නේ නැතිව ආපහු පාරක් සුළුවෙන් හරි රට කන්න චෑන්ස් එකද අරන් දුන්නේය.

යහපාලනය කියන වචනේ නියම අර්ථය ඇතුලේ ඔය කියන ලබ්බ වල නැත්තේය.
ඒ වෙනුවට එකේ තියෙන්නේ නීතිය හරියට ක්‍රියාත්මක වීම, හැමට සමානව සැලකීම, හැමෝගෙම අදහස් වලට සවන් දීම වගේ දේවල් ය.

එත් ඒ නමින්මෙහෙ වෙන්නේ තනි අමු අනිත් පැත්ත ය.

නීතිය එක පවුලකට සහ රැලකට එක විදියකටත් අනිත් එවුන්ට තවත් විදියක් ය.
හැමට සමානව සැලකීම කොහොම වෙතත් උන්ගේ එවුන්ට එක ජාතියක සමාන කමකුත් , අනිත් එවුන්ට තව ජාතියක සමාන කමකුත් ය,.
හැමෝගෙම අදහස් වලට සවන් දීම නම් ඕනෑවටත් වැඩියි වගෙය.
ඇත්තම කිව්වොත් සවන් දෙනවා විතරය.
ආණ්ඩුවට ඕනා විදියට මෙලෝ මංගල්ලයක් කරන්නේ නැත.

19 කියල අටමගලක් ගෙනාවේය. එකට සංශෝධන සිද්ධ වුනේ ආණ්ඩුවට ඕනා විදියට නොව විපක්ෂේ හොර නඩේට ඕන විදියට ය.
ETCA ගෙන්නලැස්ති විය. මිනීමරු ඩොක්කු රල රෙද්ද උස්සන් පුක පෙන්නන්න ගියායින් උන්ගේ පුකේ ගඳ සුවඳ බලන්න ද කොහෙද ETCA අතුරුදහන් විය .
අයවැයක් ගෙනාවේය. “ගරු කතානායකතුමනේ” කෑල්ල ඇරෙන්න ඉරි කොමා තිත් පවා හොරුන්ට ඕනා විදියට වෙනස් විය.
දැන් වලිය SAITM එකක් අල්ලාගෙනය.
අපි කොච්චර කිව්වත් ආණ්ඩුව ඉක්මනටම මිනීමරු ඩොක්කුන්ගේ පුකවල් සිපාචාර කරනු ඇත. වෙච්ච දේවල් එක්ක මෑත ඉතිහාසය බලනකොට සාමන්‍ය අපිට කියන්න පුළුවන් හොඳම අනාවැකිය ඕකය.

ඔය කිව්වේ ටිකක් පමණය.
ලියනවා නම් තව ගමකට ඇත .

යහපාලනය කියන වචනය එදා ලස්සන සුන්දර වචනයක් වුනත් මෙදා ප්‍රසිද්ධියේ කියන්න බැරි කුනුහබ්බයක් වී ඇත්තේ මෙන්න මේ කුප්ප වැඩ නිසාය.

අද යහපාලනය කියන වචනය මිනිස්සුන්ට මතක ය, ඒකාබද්ද හොරු සන්ධානේ ටත් මතකය, එත් එක ගෙනාපු දෙමුහුන් ආණ්ඩුවට අමතක වෙලා ය.

ඒ වෙනුවට යහපාලනෙන් ගොඩ ගිය ගොඩක් දෙනෙක් ආපහු අර අම්මණ්ඩි ගේත් ,අප්පච්චි ගේත් කළුවර දශක වල කරගෙන ආපුවා දිගටම කන්ටිනියු කරන්න පට අරන් ය.

හොරු වීරයෝ වෙලා ය.
වීරයෝ ගලක රීලා වගේ ය.

අර සමහර ෆිලුම් වල තියෙන්නා වගේ හොරා වීරයා වෙලා වීරයා බලු වෙලා ය.
” කෝ අපි ව අල්ලුවාද” කියලා දැන් ලජ්ජා නැතුව හොරුම අහන්නේය.

එතකොට යහපාලන ඔස්තාර් ලා ධූරිම්භූත් ය.උන්ගේ ලජ්ජා නහර ගැන ප්‍රශ්න සැක සංකා මතුවන්නේ ඒ නිසා ය,

යහපාලනය කුහරුපයක් වී ඇත්තේ ඔන්න ඔහොමය.

එහෙනම් අදට ඔය ඇති වගෙය.

—————————————-

2ndයන්න කලින් තවත් දෙයක් කියන්න ට ඇත.

හරියටම මීට අවුරුදු දෙකකට කලින් ඒ කියන්නේ 2014 අගෝස්තු 1 වෙනිදාදෙවැනි විභීෂණ ගේ “විභීෂණ අඩවිය” හා හා පුරා නොකියා “ආයුබෝවේවා” කියාගෙන ආරම්භ විය.

මහලොකුවට විස්තර කියන්න අවශ්‍ය නැත්තේ ඒ සේරම 1 වෙනි උපන්දිනේදී කියාපු නිසා ය,

අවුරුදු දෙකක් තිස්සේ විභීෂණ අඩවියට ඇවිත් කමෙන්ට් කරමින්, දොස් කියමින්, විහිලු කරමින් සිටි සහ අදටත් සිටින මගේ අඩවියේ මිතුරු ඔබ සැමදෙනා ට “ස්තුතියි” කියා කියන්නට මේක මම අවස්තාවක් කරගන්න කැමතිය.

ඉතින් මේ හිටියා වගේ ඉස්සරහටත් විභීෂණ අඩවියත් එක්ක බොක්කෙන්ම සිටීවි කියා දෙවැනි විභීෂණ බලාපොරොත්තු වන්නේය.

https://vibheeshana2.blogspot.com/2016/08/01.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල