විද්‍යා හා තාක්ෂණ

ජනපති මැදුරේ ඔත්තුබැලූ “අතිං කයිට්”

Off

මං කලින් බ්ලොග් එකකදී කිව්වනේ මං නොම්මර එකේ සරුංගල් කාරය කියල…ඉතිං නාවික හමුදා පර්යේෂණ අංශෙ හිටපු මට ඕනඋනා…කොටින්ගේ ඒරියාඑකට උඩින් රෑට සරුංගලයක් රඳවලා තියලා ඔත්තු බලන්න. විශේෂයෙන්ම උන් ආටි ගහන්නෙ (කාලතුවක්කු ප්‍රහාර) කොහේ ඉඳන්ද කියන එක හොයා ගන්න. මේක UAV එකක් යවල එයාෆෝස් එකට කරන්න බැරි වැඩක්…ඒක එක දිගට අහසේ රඳවලා තියන්න බැරි නිසා. කොටිය ආටි හත අටක් එක දිගට ගහල…ආමි එක කලබල කරල…කාලතුවක්කුව පොළවයට බංකරේට දානව…මේක ආමිඑකට වගේම නේවි එකටත් මළ ඇනයක් !. මේ බංකර් කොළඅතු වලින් වැහුවම මළාට හොයන්න බෑ. ඉතිං මේ වැඩේ කරන්න…

(1) විශාල සරුංගලයක් ඕනේ… කැමරාව, ඒක රඳවගෙන හරවන ඇළුමිනියම් ක්රේඩ්ල් එක, බාහිර අතිරේක බැටරිය කේබල් එකේ බර උස්සන් යන්න පුළුවන් වෙන්න ඕනේ.

(2) සරුංගලය එහෙ මෙහෙ නොදුවා සෑහෙන තරම් දුරට එකතැන රැඳිල තියෙන්න ඕනේ

(3) රෑට පියවි ඇසට නොපෙනී තියෙන්න ඕනේ

දැන් මං කියන්නේ මේ ප්‍රොජෙක්ට් එකට බය නැතුව අතගහන්න හේතුවුන මගේ අතීත සරුංගල් අත්දැකීම්…
මං සවුත්තු දෙපාර්තමේන්තුවට හොරෙන්…සික් ගහල දෙපාරක් බෙල්ජියම් ගියා. මගේ බෙල්ජියම් ගජයා “වීම් එල්බර්ස්” ගෙ ගෙදර තමයි මං නැවතිලා හිටියෙ. ඉතිං ඌත් පොඩිකාලේ ඉඳන්ම…සරුංගල් පිස්ස… අපිට ඕන උනා වයර් එකකින් ලොකු සරුංගලයක් අහසට යවල…වයර්එක ඇන්ටෙනාඑකක් විදියට පාවිච්චිකරල ලෝකේ දුර රටවලට…HF ට්‍රාන්ස්මීටරෙන් කතා කරන්න. වීම්ගෙ යාළුවෙක් ඉන්නව ෆොටෝග්‍රෆර් කෙනෙක් මිනිහ කරන්නෙ අමුතුම සබ්ජෙක්ට් එකක්…කැමරාවක් ගැටගහපු ලොකු සරුංගල් අහසට යවල පොලවේ ෆොටෝ අරං ලොකු ගණන් වලට විකුණන එක… (kite aerial photography). ලොකු සල්ලිකාරයෝ ආසයි තමන්ගෙ ගේ අහසටපේන විදිය දකින්න. ඒ දවස් වල මිනිස්සු ළඟ ධ්‍රෝන් තිබුනෙ නෑ බං….ඉතිං මේ වැඩේට යාළුවා පාවිච්චි කලේ පැරා ෆොයිල් සහ… රොකකු (ජපන් සරුංගලයක්) කියන සරුංගල් වර්ග දෙක. මේවා හොඳට බර උස්සන්න පුළුවන් සරුංගල්. රොකකු සරුංගලේ අහසට යැව්වම…අහසට තියල ඇණ ගැහුව වගේ තමයි… හෙල්ලෙන් නැතුව එක තැන තියෙනව !.
ඉතිං මං බෙල්ජියමේදී හැදුව රොකකු එකක්…විම්ගෙ ගෙදර ළඟ තියෙනවා පාළු කුඹුරක් අපි එතෙන්ටගියා ට්‍රාන්ස් මීටරෙයි සරුංගලෙයි අරගෙන…ඒක වයර් එකකින් කිලෝමීටරයක් විතර අහසට යවල වයර් එකේ කෙලවර ඇල්ලුවා ට්‍රාන්ස්මීටරේට කනෙක්ට් කරන්න හිතාගෙන…මළ කෙළියයි කරන්ට් එක වැදුනා උඩවීසි වෙන්න. ඇඟිල්ලට ස්පාර්ක් එකක් පැන්නා…මට මතක් උනේ “බෙන්ජෙමින් ෆ්රෑන්ක්ලින්”… (අහල නැති උදවිය…අන්තර් ජාලය කියල එකක් තියෙනව ඒකෙ බලන්න)….සුළඟින් වයර් එකේ ඇතිවන ඝර්ෂණය නිසා…වයර්එකේ හැදෙනවා ස්ථිතික විද්‍යුතය. මුළු වයර් එකම ලොකු කන්ඩෙන්සරයක් වගේ චාජ් වෙනවා. මං… හීං සැරේ…විමාගෙ බෙල්ලෙ තැරෙව්වා වයර් එක…“හොත් ෆොදොර්ම”…ඌ ඕලන්ද බාෂාවෙන් දෙවියන්ට පින්දුන්නා. උඹ මාව මරන්නද යකෝ හදන්නෙ…(මේ දේ අත් හදා බලන්න මං ඔය පින්වතුන්ටත් ආරාධනා කරනවා…වහින්න කිට්ටු…අහසේ වලාකුළු තියෙන වෙලාවක මේක කලාම…උතුම්වූ අජරාමර…අමාමහ නිර්වා..වා..ආ..ආ…න සම්පත්තිය…පහසුවෙන්ම ලබාගන්න පුළුවන් !)…විමාටත් පුදුමයි මේ ෆකප් එක ගැන. ට්‍රාන්ස්මීටරේට අමුණන්න …වයර් එක අල්ලන්න බෑ දැන් ඉතිං මොකේ දැයි… දන් වළඳන්නේ…?. බයවෙන්න එපා ත්‍රස්තවාදී අයිඩියානන්දට වහාම ආවා උත්තරේ… කියපල්ලා පුලුවන්නං උඹලත් විද්‍යාව කරල තියෙනවනේ ? මං කිව්වම කියයි… අපෝ ඔහොමනං අපටත් කරන්නතිබුණ කියල….

වීම් උඹ ගාව තියෙනවද ටෙස්ටර් එකක්…ඔව් මෙසලාච්චුවේ තියෙනව අරං වරෙන්. ගිහිං ගෙනාව ටෙස්ටරෙයි, වයර් කෑල්ලකුයි, යකඩ කූරු කෑල්ලකුයි …වට්ද ෆක් යූ ආර් ගොයින් ටු ඩූ ? ඩෝන්ට් ඇටෑච් දිස් ෆකින් වයර් ටු මයි ට්‍රාන්සීවර්…ඉට් විල් බර්න් ද සර්කිට් බෝර්ඩ්….යූ ෆකින් ඉඩියට්…කීප් යුවර් බිග් මවුත් ෂට් ඇන්ඩ්…ජස්ට් වොච්…මං ඌට සුද්ද සිංහලෙන් කිව්ව !. ටෙස්ටරේ අත තියන කෙලවරට…වයර් කෑල්ල සම්බන්ධකරලා…අනිත් කෙලවර යකඩකූරට ගැට ගහලා… යකඩකූර පොළවට බස්සලා ටෙස්ටරේ අර්ත් කළා…කටර් අඬුවෙන් අල්ලලා ටෙස්ටරේ තලේට සරුංගලේ වයර්එක ඇමිණුවා…. ෂා… මාරයි…වයර් එක චාජ් වෙන කොට ටෙස්ටරේ පත්තු වෙනවා…ඩිඩ් යූ සී…ශ්‍රී ලන්කන් මැජික් ?…සුද්ද රබර් ඇහැ දාගෙන කට ඇරං බලං ඉන්නවා. දැන් පුංචි වයර් කෑල්ලකින් සරුංගලේ වයර් එක ට්‍රාන්ස්මීටරේට ඇමිණුවා…දැන් කරන්ට් වදින්නේ නැත!!!…නව් කැරී ඔන්…මං සුද්දට අණ දුන්නා…

CQ DX… CQ DX… CQ DX…Oskar November Six Tango Zulu (ON6TZ)…Calling CQ DX…& Standing By… Whiskey Nancy 9 Charlie Bravo…you are Five by Six…ඇමරිකාවෙන් උත්තර ආව…ඇමරිකන් කාරයා ඇහුවා…උඹේ ඇන්ටෙනා එක මොකක්ද? සරුංගලේකට ගැටගහපු වයර් එකක් !… මොකක් ?… බ්ලා… බ්ලා… බ්ලා… දිගටම යනවා තොරණේ විස්තරේ…!!. ඕං ඕකයි අතීත කතාව…

ඉතිං සරුංගල් ප්‍රොජෙක්ට් එක අනුමත උනා. නමුත් අපේ ගෘප් එකට වෙන්කරපු මුදල් ඉවරයි…පිටකොටුවට ගියා…මගේ සල්ලි වලින් කුඩරෙදී, ඇළුමේනියම් පයිප්ප මල්ටිබොන්ඩ්ගම් වගේ සරුංගලේට ඕනකරන අඩුම කුඩුම ඔක්කොම ගත්තා. එකදවසෙන් රොකකු සරුංගලේ හැදුවා…සල්ලි ආපු ගමන් කැමරාව ගෙනැත්…ඒක රඳවන්න ක්රේඩල් ඒකත් හැදුවා…හෙට හාබර් එකට යන චයිත්‍යපාරේ බීච් එකේ ඉඳගෙන උඩ යවලා කොළඹ ඔත්තුබලන්නයි ලෑස්තිය…

කොහේ යවන්නද…වර්ෂාහේ කර්තාහේ වාහේ…හිටු කියලා වහිනවා…බච්චා…අච්චා පටන්ග් නහී කර්තාහූ !… වැස්ස පෑව්ව ගමන් උස්සගෙන ගියා ලොකු සරුංගලේ බීච් එකට. මගේ සල්ලි වලින් හදපුනිසා… මේකට මම නම දැම්මෙ “අතිං කයිට්” කියල…ඉතිං ඉස්ටෝරුවෙන් කේබල් රෝලක් ගෙනැත් උඩ යැවුවා සරුංගලේ. කැමරාවත් ඔන් කරලා එල්ලුවා…ඔය යන්නේ බබා වගේ…ටික වෙලාවක් පරීක්ෂණ පියාසැරිය කරගෙන යනකොට…ආමි එකේ ඩිෆෙන්ඩරෙකින් හතරදෙනෙක් ඇවිත් බැස්සා…ඔයාල මොනවද මේ කරන්නේ…? අපි අපේ ප්‍රොජෙක්ට් එක ගැන කිව්වා…සරුංගලේ ජනාධිපති මන්දිරේ උඩින්ගියා අපි වෙඩි තියන්නත් හදලා නේවි කියලා ගහපු නිසා තිව්වේනෑ…ඕක වෙන තැනකට ගෙනිහින් කරන්න….අපි “අතිං කයිට්” එක අකුලගෙන ගිහිං…නේවි එක ඉන්න, කාක දූපතේ අපේ සරුංගල් ප්‍රොජෙක්ට් එක කරලා අවසන් කළා !.

## මේ සබ්ජෙක්ට් එක ගැනවැඩි විස්තර සඳහා kite aerial photography සර්ච් කරන්න ##

අයිතිය සහ අන්තර්ගතයේ වගකීම බ්ලොග් අඩවිය සතුය , උපුටාගත්තේ මෙතැනින්
http://4s7sw.blogspot.com/2016/08/blog-post.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල