සාහිත්‍ය කළා විචාර

පින්සිරිගේ කොලු අන්දරය රටේ ප්‍රශ්ණයක්ද? STORY OF A GAY

Off

රස්සාවයි පරස්තාවයි පටලවා නොගත යුතු යැයි කියමනක් සමාජයේ ප්‍රචලිතව පවතී. පුළුල්ව ගත් කල, ගෙදර දෝරේ ප්‍රශ්ණ ‍රැකියා ස්ථානයට නොයා යුතු බවත්, ‍එමෙන්ම රැකියා ස්ථානයේ ප්‍රශ්ණ ගෙදර ‍නොගෙනා යුතු බවත් එයින් ද්විකෝටිකව ගම්‍ය වේ.

කෙසේ උවත් තුන්වේලම අනාගෙන කෑම පුරුද්ද කර ගත් ශ්‍රි ලාංකිකයා, රස්සාවයි-පරස්තාවයි අනාගෙන ජීරණය කර ගැනීමේද සමතෙකි.

මංගල පින්සිරි සමරවීර……ස්ත්‍රීලෝලියෙකු නොවන ඔහු , ස්වකීය සමාන ලිංගිකයන් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වන්නෙකි.ග්‍රාම්‍ය වචනයෙන් කියතොත් කොළුකාරයෙකි.

පින්සිරි මහතාගේ සමලිංගිකත්වය, ඔහුගේ ‍රැකියාව වූ දේශපාලනය සමග අනාගත් බවක් එක එල්ලේ බැලු විට නොපෙනේ…කොටින්ම පින්සිරිගේ නායකයා වූ රනිල් මහතා මෙන් ඔහු තම ලිංගික සහකරුවන්, ස්වකීය දේශපාලන පක්ශයේ ආසන සංවිධායකයන් ලෙස පත් කල බවක් අප අසා නැත.

කෙසේ උවත් වඩා විමසිලිවත්ව බැලු විට පින්සිරි මහතාගේ දේශපාලනය ඔහු ගේ ලිංගික ජීවිතය හා එකිනෙක බැදී ඇති බව අපගේ අදහසයි. ඇත්ත වශයෙන්ම දේශපාලනය යනු ඔහුගේ ලිංගිකත්වයේ, ආත්මීය ප්‍රකාශනය කියතොත් එය නිවැරදිය.

අන් බොහෝ දේශපාලුවන් සේම මංගල පින්සිරි ද දේශපාලනයේ පොරක් වෙන්නේ ජනතාව ඇන්දවීමේනි. ඔහු ඒ සදහා ‍තෝරා ගන්නේ 88 භීෂණ සමයේ මියගිය දරුවන්ගේ මව්වරුන් දෑසින් කඩා හැළුනු කදුලු ගංගාවය.. මව්වරුන්ගේ කදුළු මතින් ශ්‍රි ලංකා නිදහස් පක්ශයේ පොරක් වූ ඔහු , ඉන් වසර කීපයකට පසු රාජ්‍ය බලයට පත් වූ පසු ඒ කදුලු වලට සාධාරණයක් ඉෂ්ඨ කල බවක් නම් පෙනෙන්නට තිබුනේ නැත.

චන්දය ඩැහැ ගැනීමේදී, ජනතාව ගොනාට ඇන්දවීමේදී, කපටි රජාගේ ඇදුම අදින, වංකත්වයේ කිරුළු පලදින මංගල පින්සිරි , වැඩ කිරීමේදී එතරම් වංක නොවන බවද අපි පිලිගනිමු. කොටින්ම 94 දී ටෙලිකොම් පෞද්ගලිකකරණයේදී ඔහු දැක්වූ අවංකභාවය හා ඉන් පසුව එම ක්ශේත්‍රයේ ඇති වූ විප්ලවීය වෙනස සම්භන්ධයෙන් අප තුල ඇත්තේ ඔහු ගැන පහන් හැගීමකි. එමෙන්ම යුද්ධය පැවති සමයේදී, අද මෙන් මහා පරිමාණ සංවර්ධන කටයුතු නොකෙරෙන කාල සීමාවකදී, මාතර ප්‍රදේශයට ඔහු ලබා දුන් සංවර්ධනය ද පැසසුම් කටයුතුය.

කෙසේ උවත් මඩ දේශපාලනය පිලිබදව පින්සිරි මහතාට ඇත්තේ අපකීර්තිමත් වාර්ථාවකි, ආචාර්‍ය උපාධියකි. ප්‍රේමදාස යුගයේ , ප්‍රේමදාසට එරෙහිව , තීරු පුවත් පත් මට්ටමින් පැවතුන මඩ හා කැලෑ පත්තර දේශපාලනය, ජනතාවගේ බදු මුදලින් නඩත්තු කෙරෙන වෘතීය මට්ටමට ගෙන එන්නේ පින්සිරි මහතා ජනමාධ්‍ය ඇමති දූරය දරණ කාල සීමවේදීය. එහිදී ඔහු ක්ශේත්‍රයට අදුන්වා දෙන මහින්ද අබේසුන්දරලා අද එම ක්ශේත්‍රය දිග් විජය කරමින් තමාගේ හැකියාවන් තම ගුරුවරයා වූ පින්සිරි මහතා එල්ලයේද ප්‍රගුණ කරමින් පවතී.

ප්‍රස්තූත කාරනය වූ මංගල පින්සිරි මහතාගේ ලිංගික චර්‍යාව හා දේශපාලනය සැලකීමේදී, ඔහු පවතින අධිපතිවාදී සංස්කෘතිමය ප්‍රවණ්තාවයට එක එල්ලේ අභියෝග කරන්නෙකි. මෙහිදී ඔහුගේ පලමු වෙඩි මුරය පත්තු වන්නේ ‘බෞද්ධ කොමිශන් සභාව’ ඉදිරිපත් කල වර්ථාව අරඹයා ය. බෞද්ධ කොමිශන් සභා වාර්තාවට අයිති වන්නේ ඉතිහාසයේ කුණු බක්කිය යැයි කියූ ඔහුගේ ප්‍රකාශය තුල ඔහු මෙරට අධිපතිවාදී සංස්කෘතියට එරෙහි ඔහුගේ අප්‍රසාදය එඩිතරව එලි දැක්වෙයි.එවක් පටන් ඔහු ඒ මතවාදය සමග නිරතුරුව ගට්ටනය වෙයි.

සංස්කෘතිමය රාමු එදිරියේ පින්සිරි මහතා එල්ල කෙරෙන දැඩි ප්‍රහාරය, නැතහොත් ඔහුගේ දේශපාලනය, ඔහුගේ ලිංගිකත්වය හා බැදී පවතින අවංක අරමුණක් බව අප ප්‍රකාශ කරන්නේ, සමලිංගිකත්වය ගැන මෙරට පවතින අධිපති මතවාදය සමග පින්සිරිට ඇති ආත්මීය ගට්ටනය හේතූවෙනි. කොල්ලෙකු සමග යහන්ගත වීමේ ආශාව, දේශපාලන මතවාදයේදී උඩු ගං බලා පිහීනිමක් ලෙස විකාශනය වෙන්නේ එකී කාරණය හරහාය. දේශපාලනය හරහා ඔහු ඉල්ලන්නේ සමාජයේ පොදු නිදහසටත් වඩා තමන්ගේ පෞද්ගලික නිදහස බව අප තේරුම් ගත යුතුය.

වර්තමානයේ, රජයේ හා සිරස මාධ්‍ය හරහා එලිදරව් කෙරෙන ඔහුගේ පෞද්ගලික ලිංගික ජීවිතයට අදාල කාරණා, මෙතෙක් ඕපා දූප ලෙස සමාජ ගත වී ඇති දේ පොලිස් පැමිණිලි , නඩු හබ හරහා ප්‍රසිද්ධ විය හැක. කෙසේ උවත් මෙම කාරණා මඩ ලෙස සැලකිය හැක්කේ ඒම කාරණා අසත්‍ය වීම හෝ සමලිංගත්වය ‘පහත්’ කටයුත්තක් ලෙස සලකන්නෙකුට පමනි. පින්සිරි මහතා සම්භන්ධයෙන් මේ කාරණා දෙකම තෘප්ත නොවන බැවින් වාර්තමාන කරුනු කාරණා හුදෙක් මඩ ලෙස බැහැර කල නොහැක්කකි.

සම්පූර්ණ චිත්‍රය පැහැදිලිය.සමලිංගිකත්වය ගැන ලාංකික අධිපති මතවාදය නැමැති පන්දුවෙන් පින්සිරි මහතාට බවුන්සරයක් එල්ල වී තිබේ. ඔහු එයට නොබියව හයේ පහරක් එල්ල කරන්නේ නම්, දේශපාලනය ගැන කුමන මතිමතාන්දරයක් තිබුනත්, පින්සිරිගේ අවංකත්වය නැමැති ජවය එම හයේ පහරේ අඩංගු ය. එම බවුන්සර් පන්දුව නිදැල්ලේ යෑමට ඉඩ දීම වනාහි, චන්දය දිනා ගැනීමේදී පින්සිරි දක්වන වංකත්වය ගැන තවත් එක නිදසුනක් පමනි.

උපුටා ගැනීම – http://maiyyagelokaya.blogspot.co.uk

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල