කාලීන සංවාද

නිහඬ උසාවිය රාවයට බයද? රාවය අධිකරණයට බයද?

Off

උඩ තියෙන ෆිල්ම් එක තුන්වතාවක් බැලුවා මම. විවිධ අවස්ථාවල කළ ප්‍රදර්ශණයන් හොයාගෙන ගිහින් බැලුවේ. ඉදිරියටත් කිහිප වතාවක්ම බලන්නයි ඉන්නේ.

මේක විතරක් නෙවෙයි.. නෝ ෆයර් සෝන්, ඕල් ද ප්‍රසිඩන්ට්ස් මෙන්, සිටිසන්ෆෝ, ස්පොට්ලයිට් වගේ මම නිතර බලන ෆිල්ම් සෙට් එකක් තියෙනවා….


මේ ෆිල්ම් එක බලන හැම වතාවකම මගේ රෝම කූප ඇතුලෙන්ම එනවා හැඟීමක්. ඒ ෆිල්ම් සමහර ඒවා වාර්තා චිත්‍රපටි. නැත්නම් සැබෑ සිදුවීම් ඇසුරින් හදපු චිත්‍රපටි.

ඒ ෆිල්ම් බලද්දී එන ෆීලින් එක මාව මේ රැකියාව ඇතුලේ තියාගෙන ඉන්න හේතුවෙනවා. තවත් උනන්දුවෙන් වැඩ කරන්න හිතෙන්නේ ඒක දකිද්දී…

සයිලන්ස් ඉන් ද කෝට්ස් බලද්දී එන්නේ සෑහෙන ආත්මීය බැඳීමක් එක්ක හැඟීමක්….

ඒවා කෙසේ වෙතත් දැන් ෆිල්ම් එක පෙන්වන්න එපා කියලා තාවකාලිකව අතුරු තහනම් නියෝගයක් දීලා තියෙන්නේ.

දැන් බොහෝ දෙනෙක් ෆිල්ම් එක ගැනත් එයට පසුබිම් වූ රාවයේ හෙළිදරව් ගැනත් (සමහරු ස්වර්ණවාහිණියේ හෙළිදරව් ගැනත්) කතාකරනවා.

ඒක හොඳයි…. මොකද එහෙම තහනමක් දුන්නාම හොරෙන් හරි කට්ටිය ෆිල්ම් එක බලනවා. දැන් සිනමාව කියන්නේ තහනම් කරලා හංගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ෆිල්ම් එකක් තියා මිනිහෙක්ගේ අදහස් වුණත් එහෙම හංගන්න බැහැ. මිනිහෙක්වවත් හංගන්න බැහැ. ඇත්තටම ලෙනින් රත්නායක මේ වෙලාවේ මෝඩ පියවරයක් ගත්තේ.

ලෙනින් රත්නායක මිලියන හයසීයක වන්දියක් ඉල්ලලා ප්‍රසන්න විතානගේට එන්තරාවාසි යවලා තිබුනේ මාස ගාණකට කලින්. ඒත් ප්‍රසන්න උත්තර දීලා තිබුණා ෆිල්ම් එකේ තියෙන හැම කරුණක්ම සත්‍ය බව අධිකරණය ඉදිරියේ ඔප්පු කරන්න පුළුවන් කියලා. ඒ වගේම නඩු පැවරුවොත් ඒකට වන්දි ඉල්ලනවා කියලා ප්‍රසන්න දැනුම් දීලා තිබුණා.

ඒකෙන් ඒ වෙලාවේ ලෙනින් ලොක්කා කටවහගන්න තරම් බයවෙලා තිබුණා….. ඒ වෙලාවේ හිතන්න ඇති නඩු දාලා ෆිල්ම් එක ප්‍රසිද්ධ කරන්න ඕන නැහැ කියලා. දැන් ෆිල්ම් හෝල් එකක පෙන්වද්දී පොර බයවෙන්න ඇති. පොර දන්නෙ නැද්ද දන්නෑනේ රීගල් එකේ දවසකට එක දර්ශනවාරයක් පෙන්වන්න විතරයි ෆිල්ම් එක දාලා තිබුනේ කියලා.

ටික දවසක් බලලා යම් පිරිසක් අතරේ විතරක් කතාබහට ලක්වෙන්න තිබුණු ෆිල්ම් එකක් සමස්ථ සමාජයේම කතාබහට ලක්වෙන තත්වයට ආවා.

ලෙනින් රත්නායක කාන්තාවන් දෙන්නෙක් තමන්ගේ බලය අනිසි ලෙස පාවිච්චි කරලා ලිංගික සංසර්ගයට පොළඹවාගත්තා. ඒක දැනගත් මුල් අවස්ථාවේ ඉඳන්ම රාවය දිගින් දිගටම ඒකට විරුද්ධව සටන් කළා. 1999 ඉඳන් මේ වෙනකන් රාවය මේකට විරුද්ධව සටන් කලා. ඒත් අද වෙනකන් ලෙනින් රත්නායක රාවයට නඩු පවරලා නැහැ.

හැබැයි ප්‍රසන්නගේ ෆිල්ම් එකටත් මේ සිදුවීම ගැනම ස්වර්ණවාහිනියේ 2012 දී ගිය වාර්තා වැඩසටහනකටත් ලෙනින් රත්නායක නඩු පවරලා තියෙනවා.

රාවයට නඩු පැවරුවේ නැත්තේ මිනිස්සු අතරට යන්නෙ නැහැ කියලා හිතපු නිසාද? නැත්නම් රාවයට බය වුණ නිසාද?

මේ සිදුවීමේ අනිත් කොටස ලෙනින් රත්නායකට නඩු නොපවරා බේරගත්ත සරත් නන්ද සිල්වා කියන හිටපු නීතිපතිවරයාව චන්ද්‍රිකා බණ්ඩාරණායක විසින් අගවිනිසුරු ලෙස පත්කිරීම. ඒ සිදුවීම එක්ක එක් කාන්තාවකට වුණ අසාධාරණයකින් පටන්ගත්ත සිදුවීමක් සමස්ථ අධිකරණයේ නායකයාට එරෙහිව ගෙනියන සටනක් බවට පත්වුණා. නිතැතින්ම එය සමස්ථ අධිකරණය එක්ක කරන සටනක් බවට පත්වෙන්න ඇති.

ඒවා කොහොම වුණත් සරත් නන්ද සිල්වාත් ලෙනින් රත්නායකත් උපද්‍රවයක් නැතිව විශ්‍රාම යනතුරු සේවය කළා………….. . . . . . .

රාවය අනෙක් රාජ්‍ය ආයතන ගැනත් අධිකරණය ගැනත් ඇහැගහගෙන ඉන්න පත්තරයක්…

මේ චිත්‍රපටිය ගැන නෙවෙයි රාවය ගැන කියන්නයි සටහන ලියුවේ…. මම මේ චිත්‍රපටිය ගැන කතාවෙන් වෙන තැනකට ගිහින් පොඩි කාරණයක් විතරක් ලියා තියන්නං….

වික්ටර් අයිවන්, උවිඳු කුරුකුලසූරිය, ආනන්ද ජයසේකර වගේ අය ඒ කාලයේත් ජනරංජන, සංජීව, ලසන්ත වැනි අය මේ කාලයේත් පුද්ගලයන් විදියට මැදිහත් වෙමින් රාවයේ මාධ්‍ය වේදීන් කණ්ඩායමක් විදියට නිතර අධිකරණය දිහා ඇහැගහගෙන හිටියා.

තිළිණ ගමගේ සිද්ධිය

අධිකරණයෙන් දෙන තීන්දු වගේම අධිකරණ විනිසුරුවරුන්ගේ ක්‍රියාකලාපයන් රාවයෙන් ප්‍රශ්ණ කළ අවස්ථා බොහෝයි. තිළිණ ගමගේ, කණිෂ්ක විජේරත්න, ශිරාන් ගුණරත්න වැනි අයව වර්ථමානයේත් උපාලි අබේරත්න, ලෙනින් රත්නායක, සරත් නන්ද සිල්වා වැනි අය එවන් ප්‍රශ්ණ කිරීම් සහිත ගමනක කොටස් විතරයි.

කෙනෙක් කියනවා අධිකරණය තියෙන්නේ මිනිස්සු වෙනුවෙන් නෙවෙයි, අධිකරණයෙන් වැඩක් නැහැ. අධිකරණය ඵලවිරහිත බව පෙන්වන වාර්තා තමයි මේ… කියලයි.

ඇත්තටම රාවයට අධිකරණය අවිශ්වාසද?

නැහැ, අපට අධිකරණය විශ්වාසයි. අපි අධිකරණය විශ්වාස කරනවා. නීතිය විශ්වාස කරනවා. ඒ විශ්වාසය නිසාම තමයි ඒ දිහා ඇහැ ගහගෙන ඉන්නේ. එහි පාරිශුද්ධභාවය පිළිබඳව වධ වෙන්නේ. රාවය අධිකරණය එක්ක හැප්පෙනවා නෙවෙයි. අධිකරණයේ නම කැත කරන බහිරවයන්ට එරෙහිවයි අපි සටන් කරන්නේ. ඒ නිසා උසාවිය නිහඬයි කියන චිත්‍රපටයට පාදක වුණ රාවය වාර්තා උසාවියේ නිහඬ තැන් පෙන්වමින් ඒවා හඬනංවන්න ගත්ත උත්සාහයක්. ඒක නොනිමි අරගලයක්.

අපට තියෙන්නේ අධිකරණය ගැන අවිශ්වාසයෙන් යුතු එළඹීමක් නෙවෙයි.

අධිකරණය විතරක් නෙවෙයි සමස්ථ රාජ්‍යයයේ ආයතන වලට අපේ විවේචන එන්නේ ඒවා යහපත්ව පාලනය කරන තැනකට ගෙන ඒමේ අරමුණින්…..

එහෙම නැත්නම් ඒ ආයතන පද්ධතිය පෙරළලා සමාජවාදයක් ගේන්න වගේ අරමුණකින් නෙවෙයි. රාවය කවදාවත් ඒ වගේ පත්තරයක් වෙලා තිබුණෙත් නැහැ. ඉදිරියේ වෙන්නෙත් නැහැ. මට හෝ කාට හෝ විවේචන තිබුණත් නැතත් මොනවා කිව්වත් රාවය පටන්ගත්තේත් දැන් පවතින්නේත් මේ ක්‍රමයේ තියෙන ගඳගහන දුර්වල තැන් නිරීක්ෂණය කරමින් ඒවා වඩාත් යහපත් තැනකට ගෙන ඒම වෙනුවෙන්.

මේක ආණ්ඩු විරෝධි පත්තරයක් නෙවෙයි… ආණ්ඩු හදන පත්තරයකුත් නෙවෙයි….. දේශපාලන පක්ෂයක් වගේ දේශපාලන අදහස් තියෙන තැනකුත් නෙවෙයි….

දැන් රාවයට අවුරුදු තිහයි. තව අවුරුදු ගාණක් රාවය පවතීවි.

ලොකු වෙනස්කම් වලට රාවය මැදිහත් වේවි….

 

– සියළුම අදහස් හා හිමිකම් බ්ලොග්කරු සතුය.

http://uduwaage.blogspot.co.uk/2016/10/blog-post_7.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල