ප්‍රහසන

වේවැල් කසාය, තොරතුරු දැනගැනීමේ පණත ක්‍රියාත්මක කිරීම සහ ජනපති පුත් කුමර අළුයම් ප්‍රහාරක වස්තුව

Off
ජනාදිපති තුමාගේ එකම පුත්‍ර රත්නය තම ආරක්සකයින්ද සමඟ අද දින අලුයම රාත්‍රි සමාජ සාලාවකට ප්‍රහාරයක් එල්ලකොට ඇති බව එෂැණ පුවක් වෙත වාර්තාවේ. මීට පෙරද එතුමා තමා ජනාදිපති පුත්‍රයා බව පවසමින් මෙලෙස හැසිරී ඇති බව රහසක් නොවේ.
මේ පිලිබඳව විසේස නිවේදනයක් නිකුත් කරන ජනාදිපති මාද්දිය ඒකකය පැවසූයේ තමාගේ පියා කවරෙක්ද යන්න අමතකවීම සඳහා විශේෂ අවුසදයක් පසුගිය සය මසක පමණ කාලය මුලුල්ලේ දිනපතා ජනාදිපති පුත්‍රයාගේ පස්චාත් බාගයට එන්නත් කල නමුත් පසුගිය දින කිහිපය තුල එම එන්නත ජනාදිපති මන්දිරයට නොලැබුනු බවයි.
පසුගිය මාර්තු මස පැවති රාජකීය-ශා. තෝමස් වාර්ෂික ක්‍රිකට් තරඟයෙන් අනතුරුව පැවති උත්සවයේදී අනාරාධිතව වේදිකාවට ගොඩවූ සිද්ධියෙන් පසු මෙතෙක් එතුමා එවන් හැසිරීමක් ප්‍රදර්ශනය නොකලේ “Ego inhibitor” නමින් හැඳින්වෙන එම එන්නතේ බලයෙන් බවද මාද්දිය ප්‍රකාසකයා තව දුරටත් පැහැදිලි කලේය.
යා පාලන රජයට අපහසුතාවයට පත්කිරීමේ චේතනාවෙන් මෙම එන්නත ජනාදිපති මන්දිරයට ලබාදීම වැළැක්වීමේ කුමන්ත්‍රණයක් සිදුවීද යන්න පිළිබඳව රහස් පොලීසිය මේ අතර පරීක්ෂණ ආරම්භ කොට ඇත. පසුගිය දිනවල රජයට විරුද්ධව කටයුතු කල සෞඛ්‍ය සේවයට සම්බන්ධ එක්තරා ප්‍රබල වෘත්තීය සමිතියක් කෙරේ රහස් පොලිස් අවධානය යොමු වී ඇති බවද සැළවේ.
එසේම දිනපතා එන්නත් භාවිතා නොකොට ස්ථිර වශයෙන්ම තමා කවුද? යන්න අමතක කරවීමට සුදුසු වෙනත් ප්‍රතිකර්මයක් පිලිබඳව සොයා බලනලෙස ජනාදිපතිතුමා තම කාර්ය මණ්ඩලයට නියෝග කොට ඇත. මේ සඳහා මේ දිනවල ප්‍රචාරයවන ඉතා ජනප්‍රිය ටෙලි නාට්‍යයක කුඩා දරුවකුට අතීතය අමතක කරවීම සඳහා යොදාගත් අද්භූත බලය ප්‍රයෝජනයට ගත හැකිදැයි කරුණු සොයා බලමින් පවතී.
එලෙසම ඉදිරි අනාගතයේදී ජනාදිපති පුත්‍රයා මෙලෙස හැසිරීමට නියමිත අවස්තාවන් පිලිබඳව නක්සස්තරානුකූලව සොයා බලා වාර්තාකිරීමේ වගකීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරියට පවරා ඇති බවද වාර්තා වේ. ජනාදිපතිතුමා තමන්ට විදේසගතවීමට අවසර දුන් බවට අසත්‍යයක් පවසා ආණ්ඩුකාරවරිය මුලාකොට විදේශ ගතවූ මධ්‍යම පළාත් මහ ඇමතිතුමා ප්‍රමුඛ පළාත්සභා මන්ත්‍රීන් කණ්ඩායම බෙල්ල මුලින්ම අල්ලා ගැනීමේ අභිප්‍රායෙන් මේ දිනවල කටුනායක ගුවන් තොටුපොලේ මගීන් පිටවන පර්යන්තය අසල රැකවල් ලා සිටින ගරු ආණ්ඩුකාරවරිය අදාල බෙල්ලෙන් අල්ලා ගැනීමේ කාර්යය ඉටුකරගත් වහාම මේ කාර්යයෙහි නිරත වනු ඇත.
මේ අතර ජනාදිපතිතුමා ඉතාම හැඟුම්බරව තම හිතවතුන් පිරිසකට ප්‍රකාස කලේ හිටපු ජනාදිපතිතුමා අරලිය ගහ මන්දිරයේ දැඩි ආරක්සිත බූගත බංකරයක් ඉදිකල හේතුව තමන්ට දැන් සක්සුදක්සේ පැහැදිලි බවය. තමන්ද තම නිලනිවසෙහි ආරක්සිත බංකරයක් ඉදිකිරීමට වහාම කටයුතු යොදන බවද එතුමා වැඩි දුරටත් පැවසීය.
මේ අතර පසුගියදා ලෝක ගුරු දිනය වෙනුවෙන් පැවති උත්සවයේදී ජනාදිපතිතුමා පැවසූ පාසල් යන සමයෙහිදී වරක් විදුහල්පති තුමා වේවැල කැඩෙනතෙක් තමන්ට පහරදුන් අවස්ථාව පිළිබඳ සිහිපත්කල මාද්දිය ප්‍රකාසකතුමා පැවසූයේ එදින වේවැල්පහර ලැබූ ජනාදිපතිතුමාට දින කීපයක් ගතවන තෙක් තම පියා කවුද යන්න පවා අමතකවූ බවකි. එබැවින් ජනාදිපති පුත්‍රයාටද එම වේවැල් කසාය ලබාදෙනු උදෙසා අදාල විදුහල්පති වරයා තවමත් ජීවත්ව සිටින්නේද යන්න පිළිබඳව වහාම සොයා බලන ලෙස ජනාදිපති තුමා විසේස පොලිස් විමර්සන අන්සයට නියෝග කල බවයි. එම විදුහල්පතිතුමා ජීවතුන් අතර නොසිටින්නේ නම් ඔහුගේ පුත්‍රයකු හෝ මුණුබුරකු හෝ ඒ පරම්පරාවෙන් පැවතෙන වෙනත් ඕනෑම අයකුහට “ජනපතිපුත් චරිතසෝදක” තනතුර ප්‍රදානය කොට දිනපතා ජනපතිපුත් පස්චාත් බාගයට වේවැල් කසාය දීමේ කාර්යය ඔහුට බාර කරනු ඇත.
එලෙසම තව දුරටත් කරුණු පැහැදිලිකල මාද්දිය ප්‍රකාසක තුමා ඉතාම හැඟුම්බරව මෙසේ ද පැවසීය.
“අනික දැන් අපිට ඔය නයිට් ක්ලබ් ප්‍රහාරය දිහා මෙහෙම බලන්නත් පුලුවන්නෙ. කොහොමද? දැන් ඔය ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ ජනාදිපති පුතා රෑ දෙකට ගිහිල්ල නයිට් ක්ලබ් එකට ඇතුල් වෙන්ට ගිහාම ඒකට ඉඩ නොදුන්නු නිසානෙ. ඉතිං කාගෙද වැරැද්ද? නයිට් කියන එකේ තේරුම මොකක්ද? නයිට් ක්ලබ් එකක් උනාම ඒම මුලු රෑම ඇරල තියන්න ඕනෙ. එච්චරයි”
“ඒ එක්කම ඔය වගෙ ප්‍රස්න ආයම සිද්ද නොවෙන්ට අපි මෙහෙම වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කරන්ට බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නෙ මෙහෙමයි. රජයේ ලියාපදිංචි සියලුම නයිට් ක්ලබ් රෑ හරි, පාන්දර, හරි එළිවෙලා හරි, කීයට හරි වහන්ට යද්දි ඊට කලින් ජනාදිපති මන්දිරේට කතා කරල සහසුද්දෙට දැනගන්ට ඕන ජනාදිපති පුත්‍රයා එනවද නැද්ද? මොකද? කොහොමද? කියල. එහෙම එන්නෙ නෑ කියල කිව්වොත් අන්න අවුලක් නෑ නයිට් ක්ලබ් එක වැහුවැහැකි. නැත්නම් බෑ”
“අපි බලාපොරොත්තු වෙනව ලබන මුදල් වර්සයෙ ඉඳල එහෙම කොන්දේසියක් බලපත්‍රයට ඇතුල් කරන්ට. එහෙම කලාම මේ වගෙ අනවශ්‍ය ප්‍රස්න මොකවත් ආයෙම එන එකක් නෑ. ඒ වගේම ජනාදිපති මාද්දිය අන්සෙ විසේස ඒකකයක් අපි පිහිටුවන්ට බලාපොරොත්තු වෙනව නයිට් ක්ලබ් වලට ඔය තොරතුරු දැනගන්ට “ජනපතිපුත් රාත්‍රි සමාජසාලා තොරතුරු අන්සය” කියල. මුලු රෑම ඒ අන්සය ක්‍රියාත්මකයි”
 
“ආ ..ඒ එක්කම තව එකක් කියන්ට ඕන. ජනාදිපති පුතා ගිහිල්ල නයිට් ක්ලබ් සිකුරිටි අන්සෙට “අඩෝ මම තමයි ජනාදිපතිගෙ පුතා” කියල තග දාපු එක ඇත්ත. ඒත් ඇත්තටම බැලුවොත් එතන මොකක්ද වෙලා තියෙන්නෙ? වෙන මොකවත් නෙවෙයි තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පණත එතුමා ක්‍රියාත්මක කරල. දැං මොකටද ඔය පණත විශේෂ පණතක් හැටියට සලකල සම්මත කර ගත්තෙ? පොදු ජනතාවට තොරතුරු දැනගන්ටනෙ. වෙන අහවල් දේකටද? එතකොට නයිට් ක්ලබ්වල සිකුරිටි කට්ටිය කියල කියන්නෙ පොදු ජනතාව නෙවෙයිද? එහෙම කොහොමද?එයාලත් පොදු ජනතාවට අයිතියි අනිවාර්යයෙන්ම. එතකොට ජනාදිපති පුතා කවුදැයි කියල නිච්චියටම අඳුනාගන්න එක පොදු ජනතාවට ඉතාම බලපාන, ඉතාම වැදගත් තොරතුරක් නෙවෙයිද?හුහ්, එහෙම නැතුව? ඒකත් අනිවාර්යයෙන්ම ඉතාම වැදගත් තොරතුරු ගණයට වැටෙනව”

“එහෙනං මොකද මෙතන වෙලා තියෙන්නෙ?…. වෙන මොකවත් නෙවෙයි පොදු ජනතාවට තොරතුරු දැනගැනීමට ඇති අනුල්ලංඝනීය අයිතිය, එහෙමත් නැත්තං පාර්ලිමේන්තුවෙ ඒකමතිකව සම්මත වුනු පතෙ සඳහන් වෙන අයිතිය තමයි ජනාදිපති පුතා මේ ඉරිදා මහ පාන්දර ගෙහුං හිට අර පට්ට හීතලේ නිදිත් මරාගෙන ක්‍රියාත්මක කරල තියෙන්නෙ. එච්චරයි. මේ කිසියම්ම දෙයක් නොදන්න කට්ටිය බොරුවට කෑගැහුවට ඔන්න ඕකයි ඇත්තටම එතන වෙලා තියෙන්නෙ. ඉතිං එහෙම බලනකොට මොනතරම් පොදු ජනයා ගැන හිතන කෙනෙක්ද එතුමා? අනාගත ජනාදිපති කමට උනත් කදිමට ගැලපෙනවනෙ. එහෙම නේද?”
සියළු අදහස් හා හිමිකම් බ්ලොග් කරු සතුය .

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල