ප්‍රහසන

සමූපකාර වීරයා, ඒකාබද්ද විපස්සෙට නමක් සහ අයියෝ ලොක්කා

Off
හි.ජ. සහ කු.පා.ම. මහින්ද රාජපස්ස මහතා අතිවිසාල වැඩි චන්ද ප්‍රමානයකින් බත්තලංගුන්ඩුව සමූපකාරය ජය ගෙන ඇත. මීට පෙර කොට්ටුකච්චිය, එලුවන්කුලම, ඇටවීරගොල්ලෑව, අම්පෙගම යන සමූපකාරද එතුමා විසිට්ට ලෙස ජයග්ගරහනිය කල බව ඒකාබද්ද විපස්සයේ ප්‍රකාස යකෙක් පැවසීය. ලබන සතියේ පැවැත්වීමට නියමිත නල්ලදරන්කට්ටුව, ගවරම්මාන, බුල්නෑව, හරකාවැටුනුවැව, ගොමහන්දිය, තුම්පනේ සහ ගිලීමලේ යන සමූපකාර චන්ද වලින්ද එතුමා විසිට්ට ජයග්ගරහනියක් ලබනු ඇති බවට ප්‍රකාසක තුමා තම බලවත් විස්වාසය පලකලේය.
“අපි මේ සමුපාකාර චන්ද වලිං අපේ ඉදිරි ගමන නවත්තන්නෙ නෑ. මරනාදාර සමිති, අන්නියෝන්නිය උපකාර සමිති එතකොට මහිලා සමිති වගෙ එව්වගෙ චන්ද වලටත් අපි ඒකාබද්ද විපස්සෙ හැටියට ඉදිරිපත් වෙලා එව්වගෙ බලය අල්ලනව. ලබන සතිය වෙනකොට ලංකාව පුරහම තියෙන විසාකා කුලඟන සමිති, ශ්‍රී පුෂ්පදාන සමිති එතනිං ගිහාම සකසුරුවම් සහ නය දෙන සමිති, අමද්‍යප සමිති, සදාචාර වර්දන සමිති, පලදාවර්දන කමිටු, ඤාති සංගම්, ඒ එක්කම පොල් ත්‍රිකෝනයේ කිරි නිපදවන්නන්ගේ සමූපාකාර සමිතිය වගෙ එව්ව ඔක්කෝටම අපි නාම යෝජනා දෙනව”
“ඒ සියලුම සමිතිවල බලය ඇල්ලීමෙන් අපි මේ රටේ මෙතෙක් සිද්ද නොවුනු අමුතුම ගනයේ විප්ලවයක් කරල පෙන්නනව. ඒක තමයි අපේ පරමාර්තය. නිතර බන්දනාගාර ගතවන්නන්ගේ සුබසාදක සමිතියෙ නිලතල වලට අපිට අලුතෙන් ඉදිරිපත් වෙන්ට දෙයක් නෑ. කොහොමත් ඒකෙ සම්පූර්න නිලදාරි මන්ඩලයම රාජපස්සලම තමයි” ප්‍රකාසක තුමා තව දුරටත් කරුනු පැහැදිලි කලේය.
ඒකාබද්ද විපස්සය පිහිටුවන නව දේසපාලන පස්සයේ නම පිලිබඳව මාද්දිය වේදියෙකු ඇසූ ප්‍රස්නයකට ප්‍රකාසක තුමා මෙසේ පිලිතුරු දුන්නේය.
 
“නම් බර ගානක් ලැබිල තියනව. ඇත්තටම විදේස වල ඉන්න අපේ හිතවතුන් පවා නම් එවල තියනව. දැනට අපි නම් දහයක්  ෂෝට් ලිස්ට් කරල තියනව”
1. මරා එක්ක කරුම ගෙවීමේ පෙරමුණ
2. මහින්ද සහ ජාතික අපතයින්ගේ සන්ධානය
3. ශ්‍රී ලන්කා කරුමක්කාර පක්සය.
4. නීලකාස තක්කඩි පෙරමුන.
5. පට්ට හොරුන්ගේ සන්දානය.
6. අපේ හොරා අපට හොඳා පෙරමුන
7. සමස්ත ලංකා වහලුන්ගේ පක්සය
8. එක්සත් ලංකා ගෝත්‍රික සන්ධානය
9. හෙළ මස්තිෂ්ක පශ්චාත්බාග පෙරමුණ
10. ජාතික ද්විත්ව ගමන් බලපත්‍ර සහ මැණික් මළු පෙරමුණ
 
ටං…..ටිං….ටුං……………
 
මේ අතර ඒකාබද්ද විපස්සේ කැඳවුන්කරු ගරු මෝඩවන්ස තුමා (සීගිරි නොගිය නාමදාරී Cum මහල්ලා සහ මුහුද විසේසඥ) නිවේදනයක් නිකුත් කරමින් සකල ලන්කා වාසී ගෝත්‍රික වහලුන්හට තමං සමඟ එක්වන ලෙස ඉල්ලා සිටී.
සකල ශ්‍රී ලංකාවාසී සියලුම කරුමක්කාර ගෝත්‍රික වහළුනි එක්වව්!
අප අතර කිසිදු භේදයක් නැත. දොස්තර, ඉංජිනේරු,ගණකාධිකාරීන්,ආචාර්ය මහාචාර්යවරු මෙන්ම ගොවි කම්කරු සහ රස්තියාදුකාර පාදඩයෝද ද අප හා උරෙනුර ගැටී එක් වී සිටින්නෝය. එකම සුදුසුකම වන්නේ පසුගාමී ගෝත්‍රික අදහස් වලින් සපිරි, වැඩවසම්,අන්තවාදියෙකු වීම පමණකි.
එලෙසම ඔබ දුර්දාන්ත මරා යුගයේදී මහජන මුදල් රිසිසේ කොල්ලකන්නට රාජානුග්‍රහයෙන් වරම් ලැබූවෙක්නම් එයද අතිරේක සුදුසුකමක් වනු ඇත.
එසේ හෙයින් එන්න මා ප්‍රිය මිත්‍ර ගෝත්‍රිකයිනි, අන්තවාදියනි, නීල කාස තක්කඩියනි, පට්ට හොරුනි, අප එකා මෙන් නැඟී සිට මරා තක්කඩියා යලි බලයට පත් කොට මේ දිවයින විනාශ මුඛය කරා ගෙන යාම නතර කල තැන සිට නැවත අරඹමු!
ඔබට නැතිවීමට ඇත්තේ වැලිකඩ රජයේ බෝඩිමේ ඔබ සියලු දෙන නුදුරු අනාගතයේදී ගත කිරීමට නියමිත නිවාඩුව පමණකි.
 
ටං…..ටිං….ටුං……………
ඉංග්‍රීසි බාසාව පිළිබඳ ලොව පිළිගත් පාඨ ග්‍රන්ථයක් වන ඔක්ස්පර්ඩ් ශබ්ද කෝෂය තම නවතම සංස්කරණයෙන් අයියෝ යන වදන ඉංග්‍රීසි වදනක් ලෙස පිළිගෙන ඇත. ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයෙන් “Aiyoo” යන වදනට පහත සඳහන් අර්ථකථන දී ඇත.
 
Aiyo (also Aiyoo) EXCLAMATION – In southern India and Sri Lanka, expressing distress, regret, or grief; ‘Oh no!’, ‘Oh dear!’.
Ex – Aiyoo is when a sitting president takes advice of his astrologists and calls for an election 2 years before due date  and loses comprehensively.
Ex – Aiyoo is when an ex-president challenges the government to investigate corruption and abuse of power of his regime and the government does just that and put his kin & henchmen in jail, to whine that it is nothing but revenge.
Ex – Aiyoo is when an ex-president who has won 2 presidential elections celebrates winning a rural co-operative society election by shouting from the roof tops.
“Aiyoo” යනු බලයේ සිටින ජනාධිපතිවරයකු තම දෛවඥයින්ගේ උපදෙස් පරිදි තම කාල සීමාව නිම වීමට වසර දෙකකට පෙර ජනාධිපතිවරණයක් කැඳවා ඉන් අන්ත පරාජයක් ලැබීමයි.
“Aiyoo” යනු “කෝ අර කියපු හොර මැරකං ඇල්ලුවාද?” යනුවෙන් හිටපු ජනාධිපතිවරයකු රජයට අභියෝග කොට රජය ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වා ඔහුගේ ඤාතීන් සහ ගෝල බාලයින් සිරගත කල පසු “මෙන්න පළිගන්නවෝ ” යනුවෙන් විලාප තැබීමයි.
“Aiyoo” යනු දෙවරක් ජනාධිපතිවරණ ජයග්‍රහණය කල හිටපු ජනාධිපතිවරයකු දුර බැහැර ප්‍රත්‍යන්ත ගම් දනව්වක සමූපකාර ඡන්දයක් ජයග්‍රහණය කීරිම පිළිබඳ අමන්දානන්දයට පත්ව ප්‍රීතියෙන් ඔකඳවී ජයඝෝෂා නැඟීමයි.
-සියළු අදහස් හා හිමිකම් බ්ලොග්කරු සතුය.

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල