ඉතිහාසය

මිහිපිට විශාලතම ධන ආකරයේ නීත්‍යානුකූල අයිතිය තිබියදී අතේ සතයක්වත් නැතිව මියගිය අසරණයා

33

කැලිෆෝනියාවේ ජෝන්. ඩබ්ලිව්. මාර්ෂල් නැමැති වඩු කාර්මිකයෙක් 1848 ජනවාරි 24 වන දින ‘ ඇමරිකා ‘ ගඟේ ඉවුර ආසන්නයේ ධාන්‍ය මෝලක් ඉදි කිරීමේ කටයුත්තක නියැලී සිටියේ ය. ඔහු කරමින් සිටි වැඩය මදකට නතර කර Sacramento නගරය පිහිටි පෙදෙසේ ඉහළ පෙදෙසෙන් කහ පැහැති ගලක් දැක එය අහුලා ගත්තේ ය. ඒ රත්තරන් දැයි ඔහුට සැක සිතුනේ ය. ඔහු මෙම ගල් කැබැල්ල කම්කරු බිරිඳකට දුන්නේ ය. ඇය මෙම ගල් කැබැල්ල සබන් ලයි සහ මේදය තැම්බෙමින් තිබුනු කේතලයට දැම්මා ය.
මෙම ගල් කැබැල්ල නිසැකයෙන්ම රන් කැබැල්ලක් බව තහවුරු විය. ඔහු තම හාම්පුතා වූ ජෝන්. ඒ. සටර් වෙත දිවගෙන ගියේ ය. සටර් එය දුටු පමණින්ම ඒ රත්තරන් යැයි හදුනාගත්තේ ය.

සටර් මෙම සොයාගැනීම රහසක් ලෙස තබාගන්නට ඉටා ගත්තේ ය. එහෙත් අවාසනාවකට එසේ කල නොහැකි විය. එක දවසක් ගෙවී යන්නට පෙර ගොවිපලේ සියලුම මිනිසුන් තම වැඩ අතහැර සටර්ගේ ගොවිපලට පැමින රත්තරන් සොයා පොලොව හාරන්නට විය.

සතියක් ගතවන්නට මත්තෙන් සම්පූර්ණ ගමම සටර්ගේ ගොවිපලේ විය. ගමේ සියලුම මිනිසුන් තම සතුන් අතහැර , වගාවන් අතහැර රත්තරන් කැනීමේ කටයුතු කලේ ය. මිනිසෙකුට දවසක් ඇතුලත පවුම් 200 සිට 1000 අතර මුදලක් උපයා ගැනීම අපහසු නොවීය. ඇමරිකා මහද්වීපය පුරා මෙම ආරංචිය සීග්‍රයෙන් පැතිර ගියේ ය. කම්කරුවන් තම රැකියාවන් අතහැරියේ ය. සොල්දාදුවන් තොග පිටින් රැකියාවෙන් ඉවත් විය. මේ සියලු දෙනා සටර්ගේ ගොවිපල වෙත පැමිණියේ. 1849 වසරේ නාවික යාත්‍රා හත්සීයකට අධික ප්‍රමාණයක් ෂැන් ෆ්‍රැන්සිස්කෝ මුහුදු බොක්කේ නැංගුරම් ලා තිබුනේ ය. එහි සිටි සියලු ජන සමූහයම ගියේ සටර්ගේ ගොවිපල වෙතය.
මේ සියලුම දෙනා සටර්ගේ ගොවිපල සෑම අතකින්ම ආක්‍රමණය කර තිබුනේ ය. තුවක්කුවේ නීතියට වඩා එහා නීතියක් නැතැයි ඔවුන් සිතුවේ ය. ඔවුන් සටර්ගේ ධාන්‍ය ගබඩා සමතලා කර පැල්පත් අටවා ගත්තේ ය. කිරි ලබා ගැනීමට ඇති කල එළදෙන්නු මසට ගත්තේ ය.

පුදුමයෙන් පුදුමයට කරුණක් නම් මෙම මිනිසුන් සටර්ගේ පෞද්ගලික දේපල මත නගර ඉදි කිරීමට තරම් නිර්භීත වීමයි. සැබෑ අයිතිකරුවා ජීවත්ව සිටියදී එහි වගේ වගක් නොමැතිව තම දේපල විකුණන විට සහ යලිත් විකුණන විට සටර් කෝපයෙන් පිපිරි පිපිරී අසරණව ඒ දෙස බලා සිටියේ ය.

1850 දී කැලිෆෝනියාව ඒකාබද්ධ රාජ්‍යයට සම්බන්ධ විය. කෙසේ වෙතත් ඉන්පසු සටර් විසින් ඉතිහාසයේ විශාලතම නඩුව ආරම්භ කලේ ය. සැන් ෆ්‍රැන්සිස්කෝ සහ ස්ක්රමෙන්ටෝ යන නගර තම පෞද්ගලික ඉඩම් මත ඉදි කර ඇති බව පවසා සිටියේ ය. එහි වාසය කරන පිටස්තරයින්ව වහාම එළවන ලෙස ඉහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

කැලිෆෝනියා ප්‍රාදේශීය රජය මගින් තමා ගොඩ නැගූ පෞද්ගලික මං මාවත්, පාලම්, ඇළ මාර්ගයන් පොදු භාවිතයට යොදවා ගැනීම නිසා පවුම් මිලියන 5ක වන්දියක් ඉල්ලා සිටියේ ය. එසේම තමන්ට සිදුවූ අනෙකුත් හානි වෙනුවෙන් පවුම් මිලියන 10ක ( වර්තමානය වන විට ඩොලර් බිලියන එක හමාරක පමණ මුදලකි. ) වන්දියක් ගෙවන ලෙස ඉල්ලා සිටියේ ය. එමෙන්ම තමන්ගේ දේපලෙන් ඉවත් කරගත් සෑම රන් අංශුවකින්ම ඉපැයූ සෑම පැන්සයෙන්ම තමන්ට හිමි උරුමය ලබා දෙන ලෙස ඉල්ලා සිටියේ ය.

සටර් මෙම සටන වසර හතරක කාලයක් සිදුකලේ ය. 1855 දී ඔහු ජය ගත්තේ ය. කැලිෆෝනියාවේ ඉහලම අධිකරණය විසින් තීන්දු කලේ සැන් ෆ්‍රැන්සිස්කෝ සහ ස්ක්රමෙන්ටෝ යන නගරත් තවත් ගම්මාන රැසකුත් සටර්ගේ පෞද්ගලික ඉඩම් මත ගොඩනැංවූ බවයි.

මෙම පුවත මෙම නගර දෙකේ ජනතාව ව කම්පනයට පත් කලේ ය. ඔවුන් තුවක්කු, කඩු ඔසවාගෙන පෙළපාලි ගියේ ය. ගිනි තැබුවේය. මංකොල්ල කෑවේ ය. ඔවුන් උසාවිය ගිනි තිබ්බේ ය. නඩු වාර්තා පිච්චුවේ ය. ඔවුන් නඩු තීන්දුව ලබාදුන් විනිසුරුවරයාව එල්ලා මරා දැමීමට උත්සහ කලහ. සටර්ගේ නිවෙස් වලට ඩයිනමයිට් දමා පිපිරුවේ ය. සටර්ගේ ගොවිපල දිමින් පිරි පාළු පිටියක් බවට පත් කලේය.

ඔවුන් සටර්ගේ එක් පුතෙකු ඝාතනය කලේ ය. තවත් පුත්‍රයෙකු සියදිවි නසාගන්නා තත්වය්ට පත් කලේ ය. තුන්වන පුත්‍රයා යුරෝපයට පැනයාමට උත්සහ කිරීමේදී මුහුදේ ගිලී මලේ ය. සටර්ගේ සිහිය විකල් විය.

සටර් වසර විස්සක් පමණ වොෂින්ටන් නගරයේ සැරිසරමින් තමාට සාදාරණයක් ඉටු කරවා ගැනීමට කොන්ග්‍රස් මණ්ඩලය නම්මවා ගැනීමට උත්සහ කලේ ය. වැරහැලි ඇඳගෙන සිටි මෙම මිනිසා සෙනට් මණ්ඩල සභිකයන් පසුපස්සේ ගියේ ය.

1880 වසන්ත සමයේදී ජෝන්. ඒ. සටර් වොෂින්ටනයේ කුඩා කාමරයක මිය ගියේ ය. මියයන විට මිහිපිට විශාලතම ධන ආකරයේ නීත්‍යානුකූල අයිතිය තිබියදී අතේ පැන්සයක්වත් නැතිව මොහු මිය ගියේ ය. මොහු මිය යන විට බාල වර්ගයේ මිනී පෙට්ටියක් ලබා ගැනීමට තරම්වත් මුදලක් ඉතිරිව තිබුනේ නැත.

 

අයිතිය සහ අන්තර්ගතයේ වගකීම බ්ලොග් අඩවිය සතුය , උපුටාගත්තේ මෙතැනින්

https://wasithaya.blogspot.com/2016/10/blog-post.html

Related Posts

33 Comments

  1. amarasiri priyankara perera jayasinghe arachchige October 18, 2016 at 6:27 am - 

    මිනිසා භෞතිකවාදය ගැන ලියන්නෙ කියන්නෙ වචන හැඩගන්වමින් බයාන්කාර විදියටයි.ඒවා අහන කියවන අය තුල සිතීමෙ ශක්තියක් දියුණු කරගැන්මට කම්මැලි කමක් පෙන්වයි.”භෞතිකවාදය”යනු තන්හාව රැස්කර ගත් ආත්මාර්තකාමී වාදයයි නොවේ නම් තවත් අප දාර්ශණික ඇසකින් නොබලන දාර්ශණික වාදීන් නොවෙද?සෑම කුඩා දරුවෙක්ම සිට මහල්ලා දක්වා දාර්ශණිකයෙක් බව අමතක නොකොට ඒ සිතීමේ ශක්තියක් වර්ධනය කරගැන්ම වර්තමානයෙ අවශ්‍යයතාවක්.
    ”ඔලුවක් නැති කඳක් මොටදැයි තියල්ලා”
    ”මොළයක් නැති හිස බිල්ලට දියල්ලා”

  2. Kaedon October 22, 2016 at 9:20 am - 

    Now I feel stpdui. That’s cleared it up for me

  3. Donyell October 22, 2016 at 10:59 pm - 

    That’s a clever answer to a tricky queotisn

  4. Ryne October 24, 2016 at 12:44 am - 

    9999q.com

  5. Mithila October 31, 2016 at 3:42 pm - 

    බොහොම ස්තූතියි ….

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල