ඉතිහාසය

දෛවයේ සරදම් – ලින්කන් සහ කෙනඩි

Off
 ලින්කන් ගැන කතා කිහිපයක්ම කිව්ව එකේ මේකත් කිව්වෙ නැත්තන් ලොකු අඩුවක් වෙනවා. ඒ තමා ඇමරිකාවේ තවත් ජනාධිපති කෙනෙක් වුන ජෝන්. එෆ්. කෙනඩි සහ ඒබ්‍රහම් ලින්කන් අතර තිබෙන පුදුම සහගත සමානකම්. මේ ලිපිය ඒ සමානකම් ගැනයි.

ලින්කන් කොන්ග්‍රසයට තේරී පත් වුනේ 1846
කෙනඩි කොන්ග්‍රසයට තේරී පත් වුනේ 1946

ලින්කන් ජනාධිපතිවරණය ජයගත්තේ 1860
කෙනඩි ජනාධිපතිවරණය ජයගත්තේ 1960
ලින්කන් ජනපතිවරයාගේ ලේකම් : කෙනඩි
කෙනඩි ජනපතිවරයාගේ ලේකම් : ලින්කන්
දෙදෙනාගේම ලේකම්වරු එම ගමන නොයන ලෙස කලින් අනතුරු ඇඟවූහ.
ලින්කන්ට පෙර ජනපති : Andrew Johnson
කෙනඩිට පෙර ජනපති : Lyndon Johnson
ලින්කන්ට පෙර සිටි ජනපති උපන්නේ : 1808
කෙනඩිට පෙර සිටි ජනපති උපන්නේ : 1908
ලින්කන් Marfan’s Syndrome නම් ජානමය රෝගයකින් පෙළුනේ ය.
කෙනඩි Addison’s Disease නම් ජානමය රෝගයකින් පෙළුනේ ය.
ලින්කන් ඝාතකයා උපන්නේ : 1839
කෙනඩි ඝාතකයා උපන්නේ : 1939
ලින්කන් ඝාතකයා- රඟහලේ සිට ගබඩාගාරයකට පැන ගිය පසු හසු විය
කෙනඩි ඝාතකයා-ගබඩාගාරයක සිට රඟහලකට පැන ගිය පසු හසු විය
ලින්කන්ට වෙඩි වැදුනේ : ෆෝඩ් රඟහලේදී
කෙනඩිට වෙඩි වැදුනේ : ෆෝඩ් රථයකදී
ලින්කන් සහ කෙනඩි යන දෙදෙනාටම ප්‍රතිකාර කර වෛද්‍යවරුන්ගේ නම් වල සමානකමක් ඇත. ලින්කන්ට ප්‍රතිකාර කලේ Charles Leale විසින් වන අතර කෙනඩිට ප්‍රතිකාර කලේ Charles Crenshaw ය.
ලින්කන් සහ කෙනඩි යන දෙදෙනාම මියගියේ “P.H.” යන මුලකුරු ඇති ස්ථානවල ය. ලින්කන් මියගියේ Petersen House හි වන අතර කෙනඩි මියගියේ Parkland Hospital හිදී ය.
Lincoln යන නමේ අකුරු ගණන 7
Kennedy යන නමේ අකුරු ගණන 7
ලින්කන් සහ කෙනඩි යන දෙදෙනාටම දරුවන් හතර දෙනෙක් සිටි අතර දෙදෙනාගෙම එක් පිරිමි දරුවෙක් තමන් ජනපති වී සිටි කාලයේදීම මිය ගියේ ය.
ලින්කන් සහ කෙනඩි ගේ දරුවන් අතරින් ඊළඟ ශතවර්ෂය තෙක් ජීවත් වූයේ දෙදෙනාගෙන්ම එක් දරුවෙක් පමණි.

දෙදෙනාගේම දරුවන් ධවල මන්දිරයේදී මිය ගියහ.
දෙදෙනාම ඝාතනය වූයේ සිකුරාදාවකය
දෙදෙනාටම වෙඩි තබා ඇත්තේ හිසටය,දෙදෙනාම එවෙලේ සිට ඇත්තේ තම බිරින්දෑවරු ඉදිරිපිට ය.
ඝාතකයන් දෙදෙනාගේම නම් 3කින් සමන්විතය, දෙදෙනාගේම නම්වල මුළු අකුරු 15කි.
ඝාතකයෝ දෙදෙනාම නඩු විභාගයට ප්‍රථම ඝාතනය විය.

සියළු හිමිකම් බ්ලොග්කරු  සතුය.

 

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල