කෙටි කථා

මේ හොදම දවස් ….ඔයාට අප්පිරිය නැත්තං

Off

‘ ඇයි කකුල් එහෙට මෙහෙට විසිකරන්නේ ….රිදෙනවද …..මං ටිකක් අතගාන්ඩද ‘‘

‘‘ නැ …..එපා ‘‘

‘‘ අද ඔලුවේ නෑවේ නැත්තේ ඇයි ….කෙස් ඉටි වගේ ‘‘

‘‘ උගුර කසනවා …සෙම වැඩි වෙලා ‘‘

‘‘ ඇයි එහාට යන්නේ ….ඔලුව කසන්ඩ එපාද ‘‘

‘‘ අතේ තෙල් ……මුනේ ගෑවෙනවා ‘‘

‘‘ මං අද  තෙල් ගෑවේ නැ‘‘

‘‘ ඒ මොකද …කැලැල් ටික ටික මැකෙන හන්දද ‘‘

‘‘ කැලැල් මැකුනට වැඩක් යැ …..අත් දෙක හරියයිද මගේ ….  ඉස්සර වගේ වැඩ කරන්ඩ ‘‘

‘‘ කාලයක් යයි ‘‘

‘‘ අර රංජන්ගේ වාගේ මගෙත් අත පය හැමදාම වකුටු වෙලා තියෙයිද ‘‘

‘‘ දෑන්ද ඔව්වා හිතෙන්නේ ….  අරකට හලාගත්ත වෙලාවේ  භුමිතෙල් කෑන් එක මගේ ඔලුවට හලන්ඩයි තිබ්බේ … උදේ ඉදං ගැස්සි ගැස්සී ටැට්ටරේ උඩ ඉදල සරුවාගෙම කෙඩෙත්තු  වෙලා ……කෝ කෝ අහකට යනවා …මට නිදිමතයි  ‘‘

‘‘ ඉහි ඉහි …හි …..‘‘

‘‘ මේ කනක් ඇහිල බුදිය ගන්ඩ ඔය $ත්ත වහගන්නවද ‘‘

‘‘ ඉහි …ඉහි ….මට බයින්ඩ එපා  දෙයියනේ ‘‘

‘‘ මේ …මේ …මේඅහනවා …  තමුසේ දැං කරන්ඩ ඕන හරිය මට කරල ඉවරයි ……  රත්තරං ටිකට කරපු  රස්සාත් ගැහිල ගිහිං  ආයෙත් ටැට්ටරේටම වැටුනා …..  ගමේ යන කයිකතන්දර එක්ක යන්ඩ ඇරල පස්සට හිනාවිලියි  , ආඩපාලි ඇනුං පද අහන එකයි  , මූණට අහන උන්ට උත්තර දීමයි මට දැං ඇති වෙලා …..මං මේ ගෙයි වසන්නේ අර දරු දෙන්නා හන්දා ……මාස හය හතක් නැතුව අද මේ ඇදට නැග්ගේ  %රි වාතේ ඉහට ගහල නෙමෙයි , මගේ ඇගට අමාරු හන්දා‘‘

‘‘ අනේ කෑගහන්න එපා ……මතු උපදින උපදින ආත්මේ බැලමෙහෙවර කරන්නං ….මට සමාවෙන්න  රත්තරනේ ‘‘

‘‘ මේ අහනවා …..මං තමුසෙට ආදරේ නැතුව නෙමෙයි , ඒකයි එලියට බැහැල නොගිහිං තවත් මෙතන ඉන්නේ ,  ……. ඒත් තමුසේ මට කරපු දේට මට සමාව දෙන්ඩ බැ ‘‘

‘‘ මං එහෙම කරේ නැ අයියේ  ….  එදා ඉදං හැමදාම ඔයා මට සාත්තු කරනකොට කොච්චර මං …කියන්ඩ හැදුවද …එත් බැරි උනා …. ජයන්ත අයියා අදක ඊයෙද මට ලෙංගතු  …….  ඔයා දන්නවද   ඉස්සර පොඩිකාලේ දවසක …ඉස්කෝලේ හෝඩියෙදි මට කක්කා ගිහිං ….. මං හැංගිලා ඉන්නකොට වැවට එක්කාගන ගිහිං කක්කා හෝදවලත්   තියනවා ,   හැමදාම අපි හිටියේ එකට ……  දවසක් අපේ අප්පච්චි …හොදටම රා බීලා   බැනල එලව ගත්තා   , ජයන්ත අයියව ….  යකෝ ඇවැස්ස කියලද තෝ හිතං ඉන්නේ …  තෝ ජාතක උනේ අපේ ගෑණිගේ අප්පොච්චිට කියල …..ජයන්ත අයියා      සේකර මාමගේ නෙමෙයිලු   . අපේ අම්මලැ සීයලු එයාගේ තාත්ත ‘‘

‘‘ යකෝ මාර වේසා පරම්පරාවකටනේ මං අලගුතිබ්බේ ‘‘

‘‘ මං වේසාකං කෙරුවේ නැ අයියේ …  මං එහෙම කරානං ඔයාලගේ අම්මල නැන්දල රෙදි නැන්ද එක්ක එළල අකුලං ගිය රෙද්ද රතු උනේ කොහොමද …. ඔයා වාගේම ජයන්ත අයියත් හැමදාම මා බලන්ඩ ආවා ,ඉස්පිරිතාලෙට , හැබැයි ඔයාට හොරෙන් ,    තවත් අලකලංචියක් වෙයි කියන බයට ‘‘

‘‘ ඒකත් දන්නෙත් දැන්නේ ‘‘

‘‘ ඇයි මේ අපාගත වෙන්ඩම හදන්නේ ….ඔයා දන්නවද    මට ඔයා ගැන කියුව දේ ඉස්සර ඉස්සෙල්ලම ….  ‘‘‘‘‘     අන්න ජයනාතයට තමුසෙව කසාද බදින්ඩ ඕනලු ….මං කියුවා  අම්මලාගෙං   …. අහන්ඩ කියල ….. ගිණිපුක්ගාය   තිබුනට ඌ හොද   ඒකා ……‘‘‘‘‘

‘‘ ඒ බයිලා දැං ඕන නැ ‘‘

‘‘ ඔයාට කහට එකක් හදලා දෙන්නද ‘‘

‘‘ එපා ‘‘

,. මගේ කුක්කු කැත වෙලා නේද ‘‘

‘‘ දන්නැ ‘‘

‘‘ මේ බලන්න   , කුක්කු පුඩුවක් නැ නේද …..  පව් චුටි   පුතා ,   මගේ කිරි බොන්ඩ කොච්චර පෙරේතද ‘‘

‘‘ ඇයි  ,  මොකද උනේ ‘‘

‘‘ තුවාල හොදටම හොද උනහම මං දුන්නා කිරි බොන්ඩ කියල ….. මගේ කොල්ලත් මාව අප්පිරියා කලා ..‘‘

‘‘ ඔය   … ඔය   ,.. ඔයා අල්ලන තැන කුක්කු පුඩුව ….  මිරිකල බලන්න   මට තාම කිරි එරෙනවා …..පේනවද ‘‘

‘‘  හම් ‘‘

‘‘ ඔයාටත් හිරිකිතයිද ‘‘

‘‘ නැ …නැ ‘‘

‘‘ නැත්තේ නැ ….. පල්ලෙහා …අගුරු   වෙලා   කැත වෙලා   කියල මම දන්නවා …..ඒ උනාට    මට තාම එතන දැනෙනවා ……ගොඩ කාලෙකට පස්සේ සනීප නැතිවෙලා හොදවෙලා ……මේ හොදම දවස් ….ඔයාට අප්පිරිය නැත්තං.

 

https://atampahura.blogspot.co.uk/2016/10/blog-post_19.html

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල