සංගීතය

අමරදේව – නුතන සින්හල සුභාවිත සන්ගීතයේ අජාතසතෲ

3

සින්හල සහිත්යකලා ව්‍යාපාරය එහි ‘මහා ගන්ධර්වායාගේ’ නිසිකල්හි සමුගැනිමෙන් වුවත් ‘කඳුලු සුනාමියක්’ තනාගෙන කිමිදෙමින් සිටින්නේය. මෙබඳු සුනාමිවලින් කවදත් ගැලවෙන ජීවිතාරක්ශක පිහිනුම් ශූරයන් වන  දීප්ති කුමාර ගුනරත්න හා විදර්ශන කන්නන්ගර වැනි මිත්‍රයන් අපගේ පිහිටට එතැයි මග බලා සිට බැරිම සිට බැරිම තැන ජීවිතාරක්ශාව පතා මේ ව්‍යායාමය ඇරඹුවෙමු. ස්වාධීන හා නිර්මානාත්මක සුබාවිත සින්හල සන්ගීතයකට මුල්ම උත්සාහයන් දැරෙන්නේ අත්තනොමතික සින්හල ජාතිකවාදය කපාකොටා විනාශකල ලන්කා ජාතික ගීයේ නිර්මානකරුවා වන ආනන්ද සමරකෝන්ය. බෙන්ගාලි සන්ගීතයේ සෙවනැල්ල ඔහුගේ නිර්මාන සියල්ලේම අඩුවැඩි වශයෙන් වැටී තිබුනත් ඔහු සින්හල සන්ගීතය අනුකාරක හින්දුස්ථානියෙන් වෙන්කාලා පමනක් නොව සමකාලින සින්හල සන්ගීතයට අතිරමණීය නිර්මාන සමුදායකින් සන්ග්‍රහ කලේය. සින්හල රසිකයාට අද අමතක වී තිබුනත් ස්වීය ගී රචනා සන්ගීතවත් කර ගායනා කල මුල්ම ‘ගන්ධර්වයා’ ආනන්ද සමරකොනුන්ය. අවසානයේ මේ ශ්‍රේෂ්ඨ නිර්මානකරුවා තමාගේ නිර්මානයට දේශපාලන පක්ශයක නම ඇතුලත් කර විනාශ කරනු බලාසිටිනු නොහැකිව දිවිනසා ගත්තේය.

ඔහු හෙලිකල මග අනාගතයට ගෙනයාම බාර ගත්තේ ඔහුටත් නොදෙවෙන් නිර්මානකරුවා වූ සුනිල් ශාන්තය. සුනිලුන් ගේ මඟ හෙල ගීමඟ නමින් ප්‍රකට වූවත් එය ලාන්කික ලකුනක් සහිත නිර්මාණ පෙළහරක් වූයේය. සුනිල් ශාන්ත මියගියේ 1981 වසරේ වුවත් සුනිල් ශාන්ත නැමැති නිර්මානකරුවා සින්හල සන්ස්කෘතික දේශපාලනය ඝාතනය කරන්නේ ඊට වසර 19 ඉහතදී එනම් 1952 ඊනියා රත්නජන්කර් පරීක්ශනයෙන්ය. හින්දුස්ථානි සන්ගීතයේ භාත්කන්ඩ සිරගේ ස්වකැමැත්තෙන්ම කලක් සිරගතවී සිටියත් සුනිලුන් නිවහල් මනසක් තිබූ නිර්මානකරුවෙක් වුයේය. මේ  නිසා ඔහු ආන්ඩුව රත්නජන්කර් ගෙන්වා නිර්මානකරුවන් පරීක්ශා කිරීමට මුලුමනින්ම විරුද්ධ වූවා පමනක් නොව එවකට ඔහු රටේ “ප්‍රබුද්ධ – පීචන්” දෙපන්තියෙම ජනප්‍රියම සන්ගීතකරුවා මෙන්ම ගායකයා වී සිටියත් එතනින් ඔබ්බට ඔහුගේ නිර්මාන ජීවිතය ඝාතනය කෙරෙන බව දැනදැනම රත්නජන්කර් පරීක්ශනය වර්ජනය කලේය. එතන් පටන් සින්හල රසිකයාට සුනිල් ගී ආර අහිමි කෙරෙද්දි සුනිලුන්ට ස්වකීය නිර්මාන ජීවිතයේ උසස්ම යුගය විදුලිකාර්මිකයෙක් හැටියට ගෙවා දමන්නට බලකෙරුනේය.

ආනන්ද සමරකොන්ගේ මෙන්ම සුනිල් ශාන්තගේද වයලීනවාදකයාවු ඇලබට් පෙරේරා අමරදේව නමින් වෙස්වලාගෙන රත්නජන්කර් පරීක්ශනයෙන් එගොඩවී ‘ජාතියේ මහා ගාන්ධර්වයා’ වන්නට ගමන් අරඹන්නේ මෙතැනිනි.සුනිලුන් හා සමරකෝනුන් සින්හල සුභාවිත සන්ගීතයෙන් ගලවා ගලවා දමමින් තිබු හින්දුස්ථානි වල්ගය යලිත් සවිකරන්නේ මේ අමරදේවය. නමුත් එතනින් නතර වන්නට සින්හල ජතියෝත්තමවාදය අමරදේවට අවසර දුන්නේ නැත. සුනිලුන් හා සමරකොනුන් ස්වකීය නිර්මානවල අහලගන්හතකට වද්දා නොගත් සින්හල ජතියෝත්තමවාදය අමරදේවට කරගසාගෙන යාමට නියෝග කලේය.

‘මේ සින්හල අපගේ රටයි – අප ඉපදෙන මැරෙන රටයි’

ආදි සින්හලේ වීර මීමුතුන් ලෙයින් සාරවු උදාර වූ මාතෘභූමියයි’

‘පින්කෙත හෙල ලක් දෙරනේ යලි උපදින්නට හේතුවාසනා වේවා හේතු වාසනා’

අමරදේවට මේබඳු නිර්මාන වලට සන්ගීතයෙන් හා ගායනයෙන් හවුල් වීමට සිදුවූයේ මේ නිසාය. අමරදේව අතිදක්ශ නිරමානකරුවෙකු වූවත් සන්ස්කෘතික ජාතිකවාදයේ හා ජාතියෝත්තමවාදයේ වෙනස හඳුනා ගැනීමට නොහැකිවූවකු ලෙස අනාගත ලන්කාව මතුකලෙක කියාවා ගනු ඇත. නමුත් සමරකෝනුන් හා සුනිල් ශාන්තයන් ඇරඹු නුතන සින්හල සන්ගීතය යලි හින්දුස්ථානියට ගැටගසා ස්වකීය ගුරුපියවරුන් විනාශකල වරදට අමරදේවයෝ නුතන සින්හල සන්ගීතයේ අජාස්ත්ත හටියට අනාගතය හඳුනාගනු ඇත.

 

 

නන්දන වීරරත්න

-සියලු අඅදහස් හා හිමිකම් ලේඛකයා සතුය.

Related Posts

3 Comments

  1. Nalaka November 7, 2016 at 12:10 am - 

    මේ ලිපිය බයක් නැතිව ඇත්ත කියයි. මා කැමතියි මේ ටික එකතු කරන්න.
    ඇල්බට් පෙරේරා වයස 18-19 කොලුවෙක් හැටියට සුනිල් ශාන්තගේ පානදුරේ පන්තියට යනවා1946. එහිදි තරුන ඇල්බට්ගේ වයලීන වාදනය ගැන පැහැදුන සුනිල් ඔහුව චිත්‍රසේනට මුනගස්ස්වා චිත්‍රසේන කලා ආයතනයේ නවතින්න පහසුකම් සලසනව. ඒ ඉන්න ගමනුත් ඇල්බට් පෙරේරා සුනිල් ගෙන් සංගීතය හදාරනව. 1950-51 පමන තරුන ඇල්බට්ට සුනිල් ඔහුගේ හොඳම සංගීත පන්තිය වු පානදුරේ සංගීත පංතිය පවා බාර දෙනව. නමුත් ශ්‍රී ලංකාවේ මූසිල වන ඇල්බට්, අමරදේව නමින් තමන්ට අතදුන් සුනිල් ශාන්තට විරුද්ධවාදි කම් කල සරත්චන්ද්‍රට එකතුවී සුනිලුන්ට වලකපයි. සංගීතයෙන් විශිෂ්ඨයෙක් වු අමරදේවයන් තම පුද්ගලික දිවියේ මූසිලයෙක් බව දන්නේ ටික දෙනෙකි. ඒ ටික දෙනා ගෙනුත් ඒ ගැන කතා කරන්නේ කීපදෙනෙකි.

  2. අජිත් November 7, 2016 at 11:48 am - 

    මෙහම එකක් මම දැනගෙන හිටියේ නැහැ. මේක ඇත්ත කියල ඔයාට හොඳටම ෂුවර්ද?

  3. jagath November 7, 2016 at 7:06 pm - 

    It is so clear that this author called Nandana has not understood a bit of Amaradewa or his music tradition.So it is unpleasant to see his effort of trying to get attention just by being different from the reality. Amaradewa has never got addicted to Indian music. He always created his own music with subtle blend of that big tradition with our existing rhythms as well as other traditions. Without being a musician or properly understanding the process of creating/composing music, it is hard to find these differences. Please discuss with a musician how Amaradewa composed his music or performed his classical violin solos. Even in his instrumentals, he included his own creativity which was very unique to our own rhythm. He used pure Indian music only when he performed with his Guru Vishnu Gowin Jorg. Even Ananda samarakoon and Sunil Shantha created their music just by blending our tradition with their musical experiences. Samarkoon adopted Ravindra music and Sunil Shantha used his church music, western and subtle shades of Indian music in his creations. All these three were trying their best and we should respect all those efforts. Amaradewa lived and worked with both those musicians. However he had realized the limitations in those efforts and took his own way which had been so successful. If you listen to a violin solo of the great Sri lankan violinist, late B. Victor Perera, you will hear pure Indian music. Then if you listen to Amaradewa’s violin solo of the same Raga, you don’t see 100% Indian music there. You hear our falk songs, our Baila rhythms, may be our Naadagam sound. It is Amaradewa’s music! It is our music. If you need to write this kind of article, you should analize his music. You should listen to his instrumentals and his composed music and have a close look. Without studying these things properly, please don’t write garbage articles and disrespect a great musician. I am so sad to see this kind of mentality of people, trying to get highlighted just by writing something odd! Any how, this is the nature of the world but the people with wise eyes would understand. Truth can not be suppressed by uninformative or ignorant words.

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල