සඳැස් / නිසඳැස්

මේ තරම් අසරණද මිනිසුන්

Off

මේ තරම් අසරණද මිනිසුන්
සිතන්නට වත් බැරි නිසා
මම ගියා රට පුරා ඇවිදින
ආසිරිගේ පූජාවක් සොයා…

මහරගම ලඟ ඔළු ගොඩක් මැද
දෙවියෝ වී බොරුවක් මවා
ගාන කපමින් බලයි ඔහු
පිරෙන ඉතිරෙන ගොන් රැල දිහා…

මිනිසුන් ගරා නුඹ සෙවූ
ගණන කොපමණ දැයි කියා
මා ඇසූවිට හිනැහුනා ඔහු
තවම ගණිනවා යයි කියා…

– ලලීන් විරාජ් නෝනිස්

(සියලු හිමිකම් රචකයා සතුය. උපුටා ගත්තේ ෆේස්බුක්)

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල