දේශපාලන

තුරුම්පු ජයග්‍රහණය කිරීම – Naughty America Won

Off
යන්න උන්නේ අම්මට සිරි ලංකාවේ ජනාධිපති ගැනය, එහෙත් ලියන්නට වෙලා තියෙන්නේ ඇමරිකාවේ අළුත් අතිගරු ජනාධිපති උතුමානෝ ගැනය. මාතලන්ද සතුටු වන්නේ හිලරි ක්ලින්ටන් දිණුවානම්ය. එහෙත් හෙරලි නෝනාට වඩා විශාල ජයග්‍රහණයක් ට්‍රම්පට් ලොක්කාට ලැබෙනා බව ඇමරිකාණු රූපවාහිනී හා වෙබ් අඩවි කියවන විට බොහෝම පැහැදිලි විය. එබැවින් මාතලන් කී අනාවැකිය අද ඇත්ත වෙලා තියෙනවාය.

මාතලන් ඕවා කියන්නේ හඳහන් බලලා නම් නෙමේය. විවිධ දත්තයන් හා මිනිසුන්ගේ සිතුම් පැතුම් හඳුනන නිසාවෙන්මය. අද මුළු ලෝකයම ඔල්මොරොන්දම් වී ගියද මාතලන්ට එසේ වන්නට අවශ්‍ය නැත්තේ, මේ බව කලින්ම දන්නා නිසාය. මාතලන් පුදුම වන්නේ හෙරලි නෝනා දිණුවානම්ය.

මාතලන්ට, බයි මිතුරන් මෙන්ම ටොයි මිතුරන්ද, මේ දෙකටම අයත් නොවනා මාතලන් වන් මිතුරු මිතුරියන්ද බොහෝය. මෙයින් බයි මිතුරන් ට්‍රම්පට් ලොක්කාගේ ජයග්‍රහණය ඉත සිතින් ප්‍රාර්ථනා කලද, ඔහු ජයග්‍රහණය කරතැයි කිසි ලෙසකින් වත් සිතුවේ නැත. ඒ තබා මාතලන්ගේ ඇමරිකාවේ සිටිනා මිතුරන්ද කීවේ හෙරලි නෝනාට ගේමක් නැතයි කියලාය.

එහෙත් ඊශ්‍රායලයේ සිටියදි, යුදෙව් ඇමරිකාණුවන් මෙන්ම අනෙකුත් ඇමරිකාණුවන්ද ආස්සරේ කොට ඇති මාතලන් හොඳින්ම දන්නා දෙය නම්, ඇමරිකන් කාරයෝ අපේ බයියන්ටත් වඩා නොම්මර එකේම බයියන් බවය. අපේ ගොන් බයියන් මෙන් නොව ඔවුන්ට එසේ සිතීමටද ඕනෑ තරම් හේතු ඇති බවද අප දන්නවාය.

හෙරලි නෝනා පැරදීමට ප්‍රධානම හේතුව, ඇෆ් බී අයි ලොක්කා විසින් අවසාන මොහොතේ, නැවත වරක් ඊ මේල් හුටපටය ඇද්ද බවට ඉන්ටර්නැෂනල් ටැලිවිසොන් චැනල් වල ටයි කෝට් ඇඳ ගත් නෝනා මහත්තුරු එකසිය ගානට ටෝක්ස් දෙනවාය. එයාලා එහෙම කියන්නේ මෙච්චර කාලයක් කඩේ ගියපු එකේ ලැජ්ජාව වසා ගන්නටය. එයාලා හෙරලි නෝනාට කඩේ ගියේ ඔය ටයි කෝට් ගලවලා දමලාය. කොටින්ම අද දිනයේත් ට්‍රම්පට් ලොක්කා ඉදිරියෙන් ඉන්දැද්දීත්, මේ නෝනා මහත්තුරු කීවේ, පැන්සිල්වේනියාවේ එක ආවාම හෙරලි කන්න පුළුවන් කියලාය. සී ඇන් ඇන් එකේ උන්ට තිබුනේ එකම එක ප්‍රාන්තයකි. ඒ ෆ්ලොරිඩාවයි. අන්තීමට හෙරලි නෝනා එකෙනුත් කුජීතම වෙලා ගියේය.

මෙහෙම උනේ ඇයි..?

ප්‍රධානම දේ හෙරලි නෝනාට කියන්නට දෙයක් නැති වීමයි. හෙරලි නෝනා නියෝජනය කළේ වසර 8 ඔබාමාගේ අසාර්ථක පාලන යුගයයි. එපමණක් නොව, තවත් අසාර්ථක පාලකයකු වූ බිල් අයියා ඇයගේ වල්ලබයා වීමද තවත් එක් වීක් පොයින්ට් එකකි. ඒ කාළයේ කතා කිරීමට ඇත්තේ මොනිකා ලෙවන්ස්කි ලොලි පොප් කාපු එක පමණක්මය. එහිදි ඔහු ජනතාව ඉදිරියේ බොරු කීවේය. පසුව හොටු පෙර පෙරා බොරු කිව් බවද පිලි ගත්තේය.

ඩොනල්ඩ් ට්‍රම්ප් කලේ තවත් බොරු කාරියක හා අසාර්ථක විදේශ ලේඛම්වරියක වූ හෙරලි නෝනාට කෙලින්ම ගහනා එකය. මේ ස්ලෝගන් එක ඔක්කෝම ස්ලෝගන් වලට වඩා නැගලාම ගියේය. ඔහු ඇය සැමවිටම හැඳින් වූයේ පච හිලරි ලෙසය. (Crooked Hillary)

ඔය කවුරුන් මක්කා කීවද හෙරලිට වඩාත් අවාසි සහගත වූයේ, අවසාන මොහොතේ තම දරුවා ඇමරිකාව වෙනුවෙන් කැප කළ “කැප්ටන් ඛාන්” නම් මුස්ලිම් ජාතිකයා තම රැස්වීමකට කැඳවීමයි. ජාතිවාදයට ඇමරිකාව ලංකාව කියා කිසි වෙනසක් නැත. කැප්ටන් ඛාන් තම බිරිඳ සමඟ පැමිණි මුල් අවස්ථාවේ එය ලෝකයෙම අවදානයට ලක් වූවද, ටික දිනකින් ඒ උණුසුම මැකී ගියේය.

එහෙත් හෙරලි නෝනා,  අවසාන මොහොතේ ඔහු තම චන්ද ව්‍යාපාරයට එකතු කර ගැනීම සියතින්ම ගෙල සිඳ ගැනීමක්ම විය.   එමෙන්ම පක්ෂයේ අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා බර්නි සෑන්ඩර්ස් හා තරඟ කළ කාලයේද, හෙරලි නෝනා පට්ට ෆේල් එකක් බව ලෝකයාම දැන ගත්තේය. ඇත්තටම ට්‍රම්පට්ට වඩා බර්නී සෑන්ඩර්ස් හිලරි කුඩු කළේය.

මේ වෙන විට ට්‍රම්ප් ලොක්කා ජාතිය හා ආගම විකුණා අවසානය. ට්‍රම්ප් කියනා විදියට ඇමරිකාවේ අයිති කාරයෝ ඔවුන්ය. එක අතකින් එසේ කීම සාධාරණය. ඇමරිකාව ගොඩ නැගුවෝ ඔවුන්ය. එය, අම්මට සිරි ලංකාව ඉස්සර මොකාගේ උනත්, දැන් හින්ගල බවුද්දයන්ගේය කියනවා හා සමානමය. මොන බයිලා ගැහුවත් ඕනෑම පුද්ගලයෙක් පට්ට ජාතීවාදිය. සම හරක් ජාතිවාදින් මෙලෙස හැඳින්වීමට අකමැති නිසා, දැන් එයට කියන්නේ ජාතිකවාදී බව කියාය.

මිනිසා තුල සහජයෙන්ම ඇති මේ තිරිසන් ගතිය මර්දනය කොට තිබෙන්නේ දරුණු නීතී රීතී තුලින්ය. ආගම් වලට මේ දේ කළ නොහැකි බව අද ලෝකයේ සෑම දෙසින්ම ඔප්පු වී ඇති කරුණකි. එහෙත් ලෝකය දැන් ගමන් කරමින් සිටින්නේ එකා මෙන් ජීවත් වීමට නොව වෙන් වෙන්ව ජීවත් වීමටය. ලෝකයේම තත්වය දරුණු අතට ගමන් කරමින් සිටී. මිනිසත් කම් වෙනුවෙන් තිබූ නීතී රීති බල්ලාටම යමින් පවති. කඩා දැමූ බර්ලින් තාප්ප වෙනුවට, අළුතින් අළුත් තාප්ප ඉඳිවෙමින් පවති. ඇමරිකාවේ ට්‍රම්ප් ගන්නේ මේ වාසියයි. ඇත්තටම මේ නියම ඇමරිකාණූ ජාතිකයායි.

ලෝකයේම් මානුෂික අයිතීන් වලට පයින් ගසමින්, තමන් මහා මානුෂික මිනිසුන් ලෙස සළු පිළි පොරවාගෙන ඇමරිකාණූවා කළ ගරු රඟපෑම අවසාන කලේ ඩොන්ල්ඩ් ට්‍රම්පට් මහතාය.

ට්‍රම්පු ලොක්කා ගැහුවේ ඒ තුරුම්පුවයි. උන්නැහේ කීවේ මැක්සිකෝ බෝඩරයේ තාප්පයක් ගහනවා කියලාය. ලතින් ජාතිකයන් මෙන්ම මුස්ලිම් ජාතිකයන්ද ඔහුට අරහංම විය. ඔහු වටා කළු ජාතිකයින් සිටියේද නැත. එපමණක් නොව ඔහු කාන්තාවන් පූසාගෙන් අල්ලා තමන් ළඟට ඇදගන්නාවා යැයි කියමින් කාන්තාවන්ටද නිග්‍රහ කළේය. එනයි ඔහු කාන්තාවන් පයිසෙකට නොගන්න බවද ඔප්පු කලේය. ඇත්තම කතාව නම් කොහොමත් කාන්තාවන් යනු ට්‍රම්පට්ට සෙල්ලම් බඩු වැනි දේ බව ඔප්පු කොට අවසානය.

කාන්තාවන්ට මෙන්ම, සුළු ජාතින්ට කළ හැකි සෑම නිග්‍රහයක්ම කළේය. කොටින්ම ඔවුන් තම රටවලට යවනා බවද කීවේය. එමෙන්ම මෙතක් කලක් සික්ඛා පදයක් මෙන් ආරක්ෂා කළ විදේශ ප්‍රතිපත්තිය මෙන්ම ක්‍රමයට (American System) පලු යන්න ගැහුවේය. එසේ ගැහුවා පමණක් නොව ඇමරිකාවේ පරම සතුරා වන රුසියාව හා රුසියාවේ පුටින් ලොක්කා හොඳම මිතුරා බවට පත් කර ගත්තේය.

මේවා ලෝකයේම දේශපාලනය හොල්මන්ද බේරේ කොරනා ප්‍රකාෂයන්ම විය. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් ලොක්කා කිව්වේ, මේ වගේ එකෙක්ට ඡන්දය දෙන්න එපා කියලාය. අද ඇමරිකාවේ උන් උන්නැහේගේ කලිසම ගලවා ඔලුවේම ඔතලා දැම්මේය.

ට්‍රමපට් ලොක්කා මිචිගන්වල පැවති අවසාන රැලියේ කළ කතාව, ඕනෑම ඇමරිකානුවකුගේ මයිස් ඉස්මයිල් කරන කතාවක්ම විය. ඔහු කතා කලේ සමාන්‍ය ජනතාවටය. ඇමරිකාණුවන් විසින් වසා දමා වෙනත් රටවල ආරම්බ කළ කර්මාන්ත නැවත් තම රටට ගෙනෙනා බව ඔහු කීවේය. එමෙන්ම වෙනත් රටවල සිට ගෙනෙනා නිශ්පාදන වලට 35% බද්දක් කෙලින්ම ගසනා බවද ඔහු කීවේය. තවත් නොයෙකුත් පොරොන්දු මැද, චන්දය ප්‍රකාෂ කරන දින තෙක් කතා කල ඔහු තම ඔරලෝසුවේ වෙලාව බලමින් කිව්වේ, ඇමරිකාවේ නිදහස් දිනය අදයි කියාය.

ට්‍රම්ප් එසේ රියල් ඇමරිකන් කාරයාගේ බොක්ක කිති කවද්දි හෙරලි නෝනා කලේ ජොන් බොන් ජෝවීයා හා ලේඩී ගාගා එක්ක බයිලා නටනා එකය. එපමනක් නොව තමන් ජනාධිපතිනිය යැයි සිතු මේ උද්දච්ච ගැහැණිය නිදි වරාගෙන තමන් පිලිගන්නට උන් තම ප්‍රදේශයේ ජනතාවට එක වච්නයක් හෝ කතා නොකර ගෙදර ගියේය. (තමන්ට ඡන්දය දුන් අයට ස්තූතී කිරිමටවත් ඇය අවසානයේ ආවේ නැතිය.)
කෙසේ හෝ බ්‍රෙක්සිට් වලින් පටන් ගත් ජාතිවාදය ලෝකයේ දියුණු රටවල් ආක්‍රමණය කරමින් සිටී. ඇන්ජේලා මර්කෙල් නෝනාද දැන් ජරමනියේ උන්ට පෙන්නන්නට බැරිය. මින් පෙර නගර සභාවකට තියා මරණාධාර සමිතියකටවත් ඉල්ලලා නැති, නියෝජනය කල රිපබ්ලිකන් පක්ෂයේ උන්ගේ සහාවයත් නොලද ට්‍රම්පට් ලොක්කා, අවසානයේ තනියම තම ජය කණුව කරාම ගියේය.
ඇමරිකවේ මෙන්ම ලෝකයේ ගමනද, ජනවාරි මාසයෙන් පසු බොහෝ සෙයින් වෙනස් වීමට ඉඩ තිබේ. ඇමරිකාවේ සිස්ටම් එක වෙනස් කරන්න යාම සෙල්ලම් දෙයක් නොවේ. කෙනඩිට අත් වූ ඉරණම ගැන ට්‍රම්පට් ලොක්කාට මතක ඇතයි සිතමි.
මෙයින් අපේ මෝඩ බයියන් උද්දාමයට පත් වීම නම් පස්ස් පැත්තෙන් හිනා යන කරුණක්ය. මන්ද ට්‍රම්පට් ගොයියා කරනවා යැයි කියපු දේ කලොත් හෙම, අපේ රටට යන්නට වෙන්නේ හොම්බෙන්ම නිසාය. අපේ හරක් නොදන්නවා උනාට, ලංකාවේ භාන්ඩ හා සේවා නිශ්පාදන වලින් 40% කට වඩා යන්නේ ඇමරිකාවට නිසාය.

 

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල