දේශපාලන

අම්මට වූඩු තාත්තට ගෝයා!!! ට්‍රම්පච්චිත් එහෙනං ජනාදිපති වෙච්චි! Will miracles never cease?

Off
නමෝ විත්තියෙම්ම එක කාරනයක් නම් කියලා ඉන්ටම ඕනෑය. එනම් ට්‍රම්පච්චී කියන වචනයේ පේටන්ට් අයිතිය හිමිවන්නේ දහඅට සන්නිය ලියන අර ගොබිලාටය. පොල්වත්තද දෙල්වත්තද මොකක්ද ඒකාගේ නමය. මේ පහුගියදා ඒකා ට්‍රම්පච්චී උපහාර ගීතයක්ද ලිව්වේය. ඒක ගායනා කලයුත්තේ අපේ උඩුරැවුල්ධාරී සත්ගුනවත් අප්පච්චී ගැන ලියපු ගීතය අනුව බවද ඒ එක්කම කියා තිබ්බාය. ඒ කියනකල් මම ඔහොම “හුප්පච්චී හුප්පච්චි ඔබයි අපේ හුප්පච්චී” කියලා ගීතයක් ගැන අඳෝ සංසාරයක් දැනහිටියේ නැත්තේය.
උඩුරැවුලාට “අපේ හුප්පච්චී” කියලා බයියෝ කියන බව දැනහිටිය නමුත් මම හිතාගෙන හිටියේ අර එක පාරක් නොම්මර එකේ සට්ටබියෙක් වන ජැස්සං ගොයියා රූපවාහිනියේ මොකද්ද පක්කලි වැඩසටහනකට ඇවිත් ඇස් ලොඩි දොඹ ගෙඩි මෙන් නෙරවාන රැවුල් ගස් එහෙමත් කෙලිං කරගෙන “ජනමූලග්ගිනි නායක අපේ හුප්පච්චී” කියල විලාප තියපු නිසා එහෙම හැමෝම කියනවා කියලාය.
සන්නියාගෙ පෝස්ට් එකෙන් පසු සොයාලා බැලුවාම වැඩේ ඇත්තය. සුට්ටං කොලු පැටියෙකුයි කෙලි පැටික්කියෙකුගෙයි අතට මයික්කරපෝං දීලා උං දෙන්නා ලවා “අප්පච්චි අප්පච්චී ඔබයි අපේ අප්පච්චී” කියා සිංදුවක් කියවනවාය. අපේ උඩුරැවුල්කාර උතුමානෝත් ලබ්බ තිබ්බා වගේ ඒක අහගෙන ඉන්නවාය. හතර විලි ලැජ්ජාවේ පස්වෙනි එකය. මගේ ඉහේ උකුණෝ ද ලැජ්ජාවෙන් ආනන්දයට පත්ව බිමට පැන්නෙමි. හුප්පච්චී ගීතයේ මගේ වර්සන් එක මම මේ දවස්වල ලියනවාය. ලිව්ව ගමං ඔබ තමුන්නාන්සේලාට ගායනා කරලා ආහ්ලාද ජනක වන්නට, පහං සංවේගය උපදවාගන්නට පබිලිස් කොරන්නම්ය.
ඇමරිකාවෙ ජනාදිපති කියන්නෙ ලෝකෙ බලගතුම ලොක්කාය. විමල් මෝඩවන්ස උගුර ලේ රහ වෙනකල් බෑඟිරි ගැහුවත් ඒක එහෙමය. ඒකට කියන්නෙ යතාර්තය කියාය. යතාර්තයට අපි කැමති ද අකමැතිද කියන එක වෙනම කාරනයක්ය. යතාර්තය කියන එක ඉස්සෙල්ල පිලිගන්ට ඕනෑය. ඊටපස්සේ යතාර්තය වෙනස් කරන්ට ට්‍රයි කරනවානම් ට්‍රයි කල හැකිය. එහෙම යතාර්තය වෙනස් කල පසු තව දුරටත් අර කලින් තිබ්බ යතාර්තය යතාර්තය වෙන්නේ නැතිය. එතකොට යතාර්තය වෙන්නේ අර අපි වෙනස් කරපු එකය.
ඈස් ඇන් එග්සාම්පල් මෙහෙමය. ඔන්න අපේ හිතගිය ලලනාවක් ඉන්නවාය. මෙතන පරහ ඇවිල්ලා අපේ හිත ගියාට ඇයට වගේ වගක් නැත. අපිව තඹ පයිසෙකට, අළුක්කාල් හුළහකට ගණං ගන්නේද නැත.ඉතිං ඉස්සෙල්ලාම දෙයියනේ කියලා අන්න ඒ යතාර්තය පිළිඅරගෙන ඉන්ට ඕනෑය. දෙවනුව ඒ යතාර්තය අපි කැමති යතාර්තයට එනම් ලලනා තෝමෝද අපිට කැමතිවෙන යතාර්තයට පෙරලා ගැනීම ගැන කටයුතු කරන්නට පුලුවනිය. අන්න ඒ වාගේය.
ඉතිං යතාර්තය අනුව ලෝකෙට ලොක්කාවන ඇමරිකන් ජනාදිපති පදවියට ඊයේ පත්වුනේ අතිගරු ට්‍රම්පච්චීය. මේ ට්‍රම්පච්චී එසේ මෙසේ පොරක් එහෙම නෙවෙයිය. බබලත්තුං ගැන නොයෙක් අවලං කතා කියලා මුලු රටට විතරක් නෙවෙයි මුලු ලෝකෙටම නෝන්ඩි වෙච්චි කෝණංගියෙකි. එහෙව් පිස්සු විකාර කාරයකු බම්මන්නකු ඇමරිකන් ජනතාව තම නායකයා ලෙස තෝරාගෙන ඇත්තේය. ඇත්තටම මෙහෙම වුනේ ඇයිද කියලා පුලුල් පර්යේසනයක් කරලා බලන්ට වටින වැඩක්ය.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ලෝකය යනුවෙන් නම්කර ඇති
ඉහත කාටූනයට අනුව අමරිකාව යනු ඩොනල්ඩ් ට්‍රම්ප්ය.
දකුණු අමරිකානුවන් ස්ත්‍රී දූෂකයින් වන අතර
සෙසු ලෝකය ත්‍රස්තවාදීන්ය.
බබලතුන්ගේ දෙපරැන්ද අස්සේ අත දැමීම තමන් බොහෝසේ ප්‍රියකරන ක්‍රීඩාවකැයි පාරම්බෑ මානසික රෝගියකු අමරිකානු ජනතාව ඉදිරි අවුරුදු හතර සඳහා තමන්ගේ නායකයා ලෙස තෝරාගෙන ඇත්තේය. ඇමරිකන් කාරයින්ට පිස්සුද අපිට පිස්සුද කියා හරියට හිතාගන්ට අමාරු මෙන්න මේ වෙලාවටය. එක අතකට ටිකක් ඔලුව පාවිච්චි කරල කල්පනා කරල බැලුවම මෙහෙම වුනු එකේ පුදුම වෙන්ට දේකුත් නැත. අපේ මේ දහම් දිවයිනේ ද මීට අවුරුදු හතර පහකට කලින් සිදුවුනේද ඔය ටිකමය. ස්ත්‍රී දූසකයින්, මිනීමරුවන්, පගාමරුවන්ට උඩගෙඩි දුන්, ඔවුන්ට රැකවරන දුන්, ඔවුන් චන්ද අපේක්සකයින් වසයෙන් කිසිම හිරිකිතයක් නැතිව ඉදිරිපත් කල එක් තක්කඩියෙක් මැතිවරණ පිට මැතිවරණ ජය ගත්තේය.
ඒ නීල කාසයා ඒ සියළු හොර මැර මගඩි මැද ඡන්ද දිනීමට උපයෝගී කරගත්තේ කිසිම හිරිකිතයකින් තොරව ජාති වාදය සහ ආගම්වාදය ඇවිස්සීමය. බොදු බල සේනාවේ සහ රාවණ බලයේ සම්පූර්ණ සහයෝගය ඇතුව ඔහු ගෙන ගිය ව්‍යාපාරය පැරදවීමට මෙරට විචාර බුද්ධියෙන් යුතු ඔලුවක් කියා එකක් ඇති ජනයා පෙරමුණ ගත් නිසා යම්තමට අපි ගැලවුනේය. අමරිකාවෙ අද සිදුවී තිබෙන්නේ අන්න ඒදේමය. සාමාන්‍ය අමරිකානුවාගේ සිතෙහි පවතින බිය කුලුගන්වා ඉන් උපරිම ප්‍රයෝජන ගැනීමට පමන ට්‍රම්පච්චී සටකපට වූ නිසා ඔහු ජයගත්තේය.
ධවල මන්දිරේ සේවය කරන බබලතුන් තමන්ගේ දෙපරැන්ද ආරක්සා කරගැනීමට යකඩ මේල පළඳනාවන් ඉල්ලා සිටීමට අදහස් කර ඇත. කොහොමත් හිලරි නෝනා දින්නත් ධවල මන්දිරේ බබලතුන්ට ඒ ඉල්ලීම නම් කරන්නට වෙනවාය. නෝනා ජනාදිපති වුනොත් ඒ එක්ක ධවල මන්දිරේ පදිංචියට එන්නට සිටි නෝනාගේ වාහේ ඇස් වහක් කටවහක් එහෙම නැත ඒ අතිං ට්‍රම්පච්චීට දෙවෙනි නැත. ඒ වාහේ ජනාදිපතිවෙලා ඉන්දැද්දී ධවල මන්දිරේ බබලතුන් සමඟ සුරුට්ටු සෙල්ලං වලටද බොහෝ ප්‍රසිද්ද වුනාය.
එක අතකට අර කොන්ත නෝනාගෙ කොන්ඩෙද මොකද්ද එක කොන්ත නෝනට ඕන හැටියට කිව්වා වගේ ඇමරිකන් කාරයන්ට ඕන කෙනෙක් උන් පත්කරගත්තාවේ. බබලත්තුන්ගේ දෙපරැඳි අල්ලලා බලන ආසාවක් තියෙන එකෙක් වේවා, මෙක්සිකන් කාරයන් ඔක්කොම හොරු මංකොල්ල කාරයො කියන එකෙක් වේවා, සියලු සංක්‍රමනිකයින්ට ඇමරිකාවට ඇතුල්වීම තහනම් කලයුතුය කියන එකෙක් වේවා උංට ඕනෑ එකෙක් උං පත්කරගත්තාවේ. තමංගෙ මට්ටං තම්මැට්ටං කිව්වලු.
ඉහත රූපයෙහි ලොව සුපතල ඇස්ටරික්ස් චිත්‍රකථා මාලාවේ
චරිතයක් වන ඔබලික්ස් මෙසේ පවසයි ” මේ ඇමරිකානුවන්ට පිස්සු ”
එය එම චරිතය නිතර පවසන සුප්‍රසිද්ධ “These Romans are crazy ”
වැකියෙහි පුනරූපණයකි.
ඒත් එක ප්‍රශ්නයක් ඇත්තේය. එනම් ඇමරිකන් බයියන් ට්‍රම්පච්චී පත්කරගත්තු එකට මෙහේ ඉන්න අපේ බයියන් උෂාර් වීමට පුලුවනිය. “අම්මට වූඩු කොහොමද ඇමරිකාවෙ බයියො දුන්නු ගේම? අපිටත් ඔය වැඩේ මෙහෙත් කරගන්ට පුලුවන්නං ගොයියෝ බඩේ බත් තමයි. හුප්පච්චී ආයම බලේට ගේන්ට පුලුවන්නං කිරෙන් කා තෙලෙන් අතසෝදා තාමයි ආය ඉතිං මොනවයිං අඩුවක්ද? නැද්ද? මෂ්නේ පුඃ, අල වගේද ගෝවා”
එනිසාවෙන් මෙහේ ඉන්න සියලුම බයියන්ට කිවයුතු කාරනයක් ඇත. ඇමරිකාවෙ එහෙම උනත් මෙහේ එහෙම වෙන එකක් නැත්තේමය.
ප.ලි. – මෙවර අමරිකානුජනාධිපතිවරණයට ඉදිරිපත්වූ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාම ජනප්‍රියතාවයෙන් බොහෝ පහළ මට්ටමක සිටි බව සමීක්ෂණ වාර්තා පෙන්නුම් කලේය. බොහෝ අමරිකානුවන් තමන්ගෙන්ම මෙසේ අසන්නටද ඇත.
“How, in a nation of 300+ million people, do we end up with these horrible humans as the choices to lead us?” – Max Burger on Twitter
මෙවර අමරිකානු ජනාධිපතිවරණයෙහි තවත් විශේෂ ලක්ෂණයක් නම් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කලද හිලරි ක්ලින්ටන් බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලබා සිටීමය.
Hillary Clinton – 59,814,018 – 48%
Donald Trump – 59,611,678 – 47%
වසර දෙසිය තිහකට පමණ පෙර අමරිකානු ව්‍යවස්ථාව කෙටුම්පත් කල සමයේ බලපැවැත්වූ දේශපාලන සහ සමාජීය තත්වයන් සැළකිල්ලට ගෙන සම්පාදනය කල ජනාධිපතිවරයා තෝරාගන්නා ක්‍රමය වහාම වෙනස් කල යුතු කාලය එළඹ ඇතිබවට මීට වඩා වෙනත් සාක්ෂියක් කුමටද?
සියළු අදහස් හා හිමිකම් බ්ලොග්කරු සතුය.

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල