දේශපාලන

අයවැයට අමුඩ ගහන්නේ මෙහෙමයි!

Off

අයවැයත් ආව. අයවැයෙන් ලැබුන සහන සහ අසහන කලමනාකරණය කරගැනීම මේ අවස්ථාවේ සෑහෙන්න වැදගත් කියල හිතෙනව. ඒ සඳහා මේ වගේ යෝජනා ටිකක් කරන්න කැමතියි.

ගමනාගමනය
අද කාලෙ හුඟ දෙනෙකුට‍ වාහන තියනව. අඩු ගානෙ බයික් එකක්වත් තියනව. අවම දඩය රුපියල් දෙදාස් පන්සීයට ඉස්සුව නිසා-ඇත්තටම තැපැල් කන්තෝරුවට ගන්න සීයට දහයත් එක්ක මේ ගාන දෙදාස් හත්සිය පනහක්-බොහොම ප්‍රවෙශමෙන් පාරෙ යන්න ඕන. කොටිම්ම ජීවිතේ බේරගන්නවට වැඩිය වැදගත් සුදු ඉර-ඩබල් ඉර-කහඉර බේරාගෙන පාරෙ යාම. වැරදිලා හරි දඩේකට අහුවුනොත් යාප්පුවෙන් බේරාගැනීම, දඩයක් වෙනුවට සන්තෝසමක් දීල ට්‍රැෆික් රාලහාමි සන්තෝස කිරීම වගේ දෙයක් කරන්න පුළුවන්. ගානෙ හැටියට අරක්කු බෝතලයක් දුන්නත් පාඩු නෑ. ඊට අමතරව කඩ්ඩ ටිකක් ඉගනගැනීමෙන් පුළුවන්, එංගලන්තෙ ඉඳල ලඟදි ආපු කෙනෙක් විදියට ඇක්ට් කරල ට්‍රැෆික් මහත්වරු බයකරගන්න.
අධිවේගී මාර්ගයේ ඕෆ්පීක් ටයිම් ගාස්තු අඩුවීමෙන් ප්‍රයෝජන ගන්න රෑ නවය-උදේ පහ අතර කාලයේ ගමන් ගියාම හරි.

අධ්‍යපනය සහ ණය
ඒ ලෙවෙල්වලින් කැම්පස් යන්න බැරි අයට ලක්ෂ අටක ලෝන් එකක් දෙන එක මේ අවස්තාවෙ හැටියට සෑහෙන්න වටිනව. ලක්ස අටක් කියන්නෙ කජු ඇටද කොස් ඇටද නේද? මේක ගන්න නං ඉසෙඩ් ඉස්කෝර් එක ටිකක් වැඩිපුර තියෙන්න විභාගෙ ෆේල්වෙන්න වෙනව. කැම්පස් ගියා කියලත් වගතුවක් නැති එකේ ගෙවල්වල ඉන්න ළමයි, විභාග පේල් කරගන්න දිරිගැන්වීම හොඳ දෙයක්.
ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට දෙන ණය මුදල ලබාගැනීමට මොකක්හරි පත්තර කඩමාල්ලක හරි රේඩියෝ චැනල් එකක හරි මාධ්‍යවේදියෙක් වුනා නං හරි.

ඉන්ටනෙට්
අන්තර්ජාල සම්බන්ධතා ගාස්තු වැඩිකිරීම නිසා ඉන්ටනෙට් යන්න බැරිවීමේ පාඩුව පියවගන්න ෆ්‍රී වයිෆයි කලාපෙකට සෙට්වුනා නං හරි. මෙගාබයිට්ම සීයක් කියන්නෙ කොච්චරද නේ? ඊට අමතරව අන්තර්ජාලයෙන් සල්ලිකාර නෝනලා මහත්වරු ටිකක් සෙට්කරගන්න පුළුවන් නං අපේ කොල්ලන්ට කෙල්ලන්ටත් ඩේටා ප්‍රශ්නය ලොකු අවුලක් නැතිවෙයි නේද?

ටැබ්
අන්තර්ජාල ගාස්තු වැඩිවුනාට පාසල් සිසුන්ට, ගුරුවරුන්ට ටැබ් දෙන්න ආණ්ඩුව තීරණය කරල තියනව. හොයල බැලුවම අලුතෙන් දෙන්න යන ටැබ්වල තියන තාක්ෂණය නිසා සමාගම්වලට බදු ගෙවන්න ඕන නෑ. සිම්එකක් නැතුව කෙලිංම ඉන්ටනෙට් යන්න පුළුවන්. ෆුල් ටච් ස්ක්‍රීන්. මෙන්න බලන්න බොරු නං….

 

විශ්‍රාමිකයන්
විශ්‍රාමිකයන්ට දෙන අග්‍රහාර රක්ෂණය ජීවිත කාලෙටම දෙන්න තීරණය කරල තියනව.(දැනට දෙන්නෙ හැත්තෑව වෙනකල් විතරයි) ඉතිං ඒක ගන්න අවුරුදු හැත්තෑවෙන් පස්සෙත් මැරෙන්නෙ නැතුව ඉන්න හිතාගත්තම හරි.

කුස්සිය සහ කෑම
මේකනෙ වැදගත්ම දේ. අඩුවෙච්ච දේවල් තමයි පරිප්පු, මුංඇට, සීනි, හාල්මැස්සො, ගෑස්, ලාම්පු තෙල් වගේ දේවල්. ඉතිං උදේ ආහාරය සඳහා මුං ඇටත්, දවල්ට පරිප්පු සහ හාල්මැස්සොත්, රෑට අලත් යොදාගැනීමෙන් සෑහෙන ඉතිරියක් කරගන්න පුළුවන්. තෙම්පරාදු කිරීමේ කටයුතුවලට පොල්තෙල්/එලවලුතෙල් වෙනු‍වට ලාම්පු තෙල් යොදාගැනීමත් මුදල් ඉතිරිකරගන්න හොඳ උපක්‍රමයතක්.

බැරිම තැන
ඔය කියපු එකකින්වත් පොකැට්ටුවෙ බර වැඩිවෙන්නෙ නැත්තා කරන්න තියෙන්නෙ මෙච්චරයි.
ටොයියන්ට : අනේ ඉතිං අපිම පත්කරපු ආණ්ඩුවනෙ. ඒ කරුමෙ ගෙවලම ඉවර කරන්න එපැයි
බයියනිට : අපි කිව්ව නේද ඕක වෙයි කියල ඇද්ද ඇද්ද ඇද්ද…….

මෙවර අයවැය ජනතා ආදර්ශ පාඨය : ළූණු බිකත් බඩට!

මෙහි පළවන්නේ බ්ලොග්කරුගේ අදහස් වන අතර සියලු හිමිකම් බ්ලොග්කරු සතුය.

http://raj1st.blogspot.co.uk/2016/11/blog-post_11.html

Related Posts

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල