අධ්‍යාපනික

අත්තම්මාගේ අත් බෙහෙත් 9 – තලන බටු/එළබටු සහ තිබ්බටු

Off

නිවාඩු කාලයේදී රංචු ගැසී දවස පුරා ගෙවත්තේ වෙල් නියරේ සෙල්ලම් කල අපට බඩගින්නට කන්නට අදවාගේ සීනි -ඩයි දැමු විසිතුරු කෑම තිබුනේ නැත. අත්තම්මා ඒවාට කිව්වේ කඩචෝරු කියායි. ඒ වෙනුවට අපට කන්නට වත්ත පිටියේ ඕනෑ තරම් පලතුරු ගඩා ගෙඩි තිබුණි.

ඊටත් වඩා අප ආසා කලේ එවැනි දවසක හවසට අත්තම්මා අප වෙනුවෙන් හදන රසවත් කැවිලි වලටයි. ඉතිරි වූ බත් අව්වේ දමා වියලා සකස් කල අග්ගලා, සිනි උණු කර දැමු වියලි දෙල් බැදුම, ගෙදරදී බැද ගත් පොරි මල්, කොස් ඇට ලඩු හෝ තැම්බූ වැලි කොස් ඇට වැනි යමක් අප වෙනුවෙන් සැදීම ඇය මහත් සතුටින් කලාය.

රංචුවේ සිටි අපෙන් කෙනෙකුට යන්තම්වත් සෙම්ප්රතිශ්යාවක් තිබුනොත් කොස් ඇට ලඩු, වැලි කොස් ඇට ඒ සාමාජිකයාට ලැබෙන්නේ නැත. අත්තම්මා එසේ කරන්නේ අප කෙරෙහි ඇති අමනාපයකින් නොව කුඩා අපට කොස් ඇට නිසා රාත්රී කාලයේදී ඇතිවිය හැකි කැස්ස වලක්වා ගැනීමටයි.

කැස්සට කොස් ඇට නොදුන් ඇය පවුලේ සාමාජිකයකුට කැස්ස ඇතිවූ විට එය පහසු කිරීමටත්, ඉක්මන් සුව පිණිසත් බොහෝ අත් බෙහෙත් දැන සිටියාය. අද මා ඔබට කියන්නට යන්නේ අත්තම්මා කැස්ස සුව කිරීමට රසවත් ලෙස යොදාගත් බටු පවුලේ කුඩා සාමාජිකයන් දෙදෙනා වන තැලුම් බටු සහ තිබ්බටු ගැනයි.

ඉතිරිය කියවන්න :

https://aththammageathbeheth.blogspot.co.uk/2016/06/9.html

රේණුකා විමලරත්න

 

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල