සඳැස් / නිසඳැස්

මිතුරු හවුල

Off

කාර්යාලයට හොර බිල් දමා පිල්ලි ගහන
ගණකාධිකාරි මහතාද
ඉස්පිරිතාලේ බෙහෙත් උස්සලා ෆාමසියට විකුනන
ඖෂධවේදියා ද
ළමයි ගන්න අත යට ගාන ඉල්ලන
ගරු විදුහල්පති තුමාද
කට්ටි පැනලා දිස්පෙන්සරියට එන
දොස්තර මහතාද
කොන්ත්‍රත් කරුවන්ගෙන් අනුමැතියට සල්ලි ගන්න
ඉංජිනේරු මහතාද
මිතුරු හවුලේදී රහ මෙර බොමින් ,
අර්ජුණ මහේන්ද්‍රන්ට අම්බානක බැන
හදුන්නෙත්තිගේ ගුණ ගයා
සතුටින් විසිර ගියහ………………………

අයිතිය සහ අන්තර්ගතයේ වගකීම බ්ලොග් අඩවිය සතුය , උපුටාගත්තේ මෙතැනින්

https://kavisiththma94tcc.blogspot.com/2016/11/blog-post_19.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල