දේශපාලන

දඩ උපහාර ගීතය

Off

(මෙම ගීතය අසංක ප්‍රියමන්ත මහතාගේ  “සඳ නාවත් කමක් නැතී රත්තරන් පුතී ” ගීතයේ තාලයට ගායනා කළ හැක )

====

දඩ ගැහුවට කමක් නැතී අනී රවි පුතී
හිරේ දැම්මත් කමක් නැතී අනී රවි පුතී
රිය අනතුරු අඩුවේ නං කමක් නෑනී අනී
ඒත් යකෝ ඔය නීතිය එක වගීද රටී…

බයිසිකලී යන එකාව අල්ලා කොනකටී
උගේ අතී හැම සතීම හූරන පොලිසිය
ලොකු එකෙක්ව අහු උනොතින් බීලා හිටියද
යන්න සර් ඔන්න කියා සැලුට් ගහයි අදී..

දඩ ගැහුවට….

වෙන රටකදි ඇල්ලුවාම අගමැතිවුව මග
දඬුවම් දෙයි එක වගේම ඌටද පොලිසිය…
රවී පුතී දඩ ගහපන් ඇති වෙනකන් තොට
මේ නීතිය හැම එකාට එක වෙන දවසට…

දඩ ගැහුවට…

#අකලංකාරය
-චමල් අකලංක පොල්වත්තගේ

 

සියලු හිමිකම් බ්ලොග්කරු සතුය.

https://18sanniya.blogspot.co.uk/2016/11/blog-post_22.html

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල